කලින් දාපු පෝස්ට් එක බැලුවා නේද? නොබලපු කට්ටිය ඉන්නවා නම් වහාම මෙතනින් ගිහින් බලලා එන්න. නැත්තන් තේරුණේ නෑ කිව්වොත් බලාගමු හරිය.
ඉතින් ඔයින් මෙයින් අපි අලුත් බෝඩිමට යන්න තීරණය කරා. බෝඩිං ගාස්තු නම් සෑහෙන්න වැඩියි. ඒත් කමක් නෑ හොඳ තැනක් හම්බුනානෙ කියල අපි හිත හදාගත්තා. හිටපු බෝඩිමේ අක්කටත් කියලා (අයියා නැති වෙලාවක් බලලා) අපි බඩු අස් කරන්න ගත්තා අලුත් බෝඩිමට එන්න.
මීට කලින් බෝඩිමේ ඉඳන් ගෙනාපු බඩු තොගය පැටවු ගහලද මන්දා දෙගුණයක් වෙලා.
පරණ ටියුට්, ඔලුවට ගැහුවොත් මැරෙන සයිස් තඩි පොත්, කොට්ට, මෙට්ට, ෆෑන්, රූපලාවන්‍ය බඩු, ඇඳුම් බෑග්, තේ හදන බඩු විතරක් නෙමෙයි ටෙඩි බෙයාලා පවා ඉන්නවා. (හෝව් හෝව්.. පද හදන්න පටන් ගන්න එපා. ඔය ටෙඩි බෙයාලා අරුන් මුන් මගෙ නම් නෙමෙයි. අනිත් උන් දෙන්නගෙ. බ්ලොග් එක කියවන උන් පල්ලා මගෙ නම් නෙමෙයි හරිය.)
ත්‍රීවීල් දෙකකින් තුන් පාරකට බඩු අදින්න උනා බඩු ගොඩේ හැටියට කොහොමහරි. ඒ මදිවට ඒ බඩු ටික අලුත් බෝඩිමේ බානකොට ඒ ගෙදර මිනිස්සු ඉහලට ගත්තු හුස්ම පහලට හෙලන්නැතුව බිරන්තට්ටු වෙලා බලාගෙන ඉන්නවා මෙච්චර බඩු ගොඩක් එක කාමරේකට දාන්න පුලුවන්ද කියලා.
හෙහ්. ඒ මිනිස්සු දන්නවයැ අපේ කම්ප්‍රෙස් තියරිය. කෙලින්ම පොදිය පිටින් ඇඳවල් යටට මේස යටට තල්ලු කලාම ඔය එන්නෙ ඉඩ.
කොහොම හරි සෑහෙන මෙහෙයුමකින් පස්සෙ බෝඩිම මනුෂ්‍ය වාසයට උචිත විදිහට හදාගත්තා.
දැන් තමා නිදහසේ හුස්මක් වත් ගන්න ඉඩක් ලැබුණෙ.
මේ කාමරේ ප්‍රධාන දොරට අමතරව බැල්කනියට යන්න පැති දෙකකින්ම අර බිමටම තියෙන ලොකු ජනේල තියෙනවා. මම ඒ එක පැත්තක ජනේලයක් ඇරලා බැල්කනියට ආවා.
සුලං කපොල්ලක තැනූ කැදැල්ලක් වගේ. මඳ සුළං මගෙ කෙහෙරැළි එක්ක දඟ කරනවා.
බැහැගෙන යන ඉරේ ලා රත ඇස් වලට පාට දානවා. පරිසරය හරිම සුන්දරයි.
මම වමේ සිට දකුණට හෙමි හෙමින් හිස හරවනවා. පොල් ගස්, අඹ ගස්, ලයිට් කණු, තාප්පය, ඊට උඩින් පේන කාමරයක්, ඇස් දුසිමක්.... හුටා.... පිරිමි ඇස් දුසිමක්.....
මොකක්. හත්දෙයියනේ මේකෙ අල්ලපු ගෙදර පිරිමි බෝඩිමක්.
ඒකෙ උන් කන්න වගේ බලන් ඉන්නවා. මම ඒ අස්සෙ සැඳෑ සුව විඳිනවා. යන එන පාරක් හොයාගන්න බෑ කලබල උන පාරට. ආවෙ කොහෙන්ද කියල මතක නෑ. මම යන්තම් ජනේලෙ හොයාගෙන කාමරේට පැන ගත්තා.
කාලා වරෙන්කො ඉතින්. ඉඳලා ඉඳලා හොයාගත්තා බෝඩිමක් නිදහසේ ඉන්න කියලා. අපිට මෙහෙම වෙලා මදි.
මොනා කරන්නද. වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ පැත්තෙ ජනේලය ස්ථීරවම වහලා දාලා කර්ටන් එකකුත් දැම්මා. හහ්. අපිට උන්ගෙ පැත්තෙ බැල්කනිය විතරයැ තියෙන්නෙ. එහා පැත්තෙත් අර වගේම ජනේලයක් තියෙනවනෙ බැල්කනියට.
ඒ පැත්තට වෙලා අපි දැන් සැඳෑ සුවය විඳිනවා. වෙලාවට ඒ පැත්තෙ ගෙවල් තිබුණට බෝඩිං නෑ. අර පැත්ත ඕනෙ නෑ. මේ පැත්තෙ නිදහසේ ඉන්න බැරුවයැ.
කුරුළු පැටවුන්ගෙ කිචි බිචි නාදය සවන් පත් සිසාරා යනවා. ලේන්නු ටිං ටිං කියාගෙන අඹ ගෙඩියකට පොර අල්ලනවා. පුංචි සමනලයො ඈතට ඈතට පියාඹගෙන පියාඹගෙන.....
"කවුද ඩෝ මට පාට් එක දාන්නෙ. දැනගනිව් මම තොපි !@#$%^*!@#....... "
අපොයි සුද්ද සිංහලෙන් එහාගෙදර මනුස්සයෙක් බීලා කෑ ගහනවා. සිංහලයේ සුපිරිම යෙදුම් දාලා බනිනවා. ඒ ගෙදර ගෑණු ටික විලාප තියනවා. අපි වහාම කාමරේ ඇතුලට පැනගත්තා.
ඔන්න ඔහොමයි අලුත්ම බෝඩිමේ අලුත්ම තත්වෙ. උතුරින් හැඩි දෙමළු දකුණින් ගොලු මුහුද වගේ අපි අතපය අකුලගෙන එලියට බහින්න බැරුව කාමරේට කොටු වෙලා ඉන්නවා.
කම්මලේ බල්ලගෙ තියරිය අලුතින්ම ලියවෙනවදෝ කියලත් හිතෙනවා. ටික කාලයක් මෙහෙම ඉඳලා බැරිම තැනක් ආවොත් ආයෙත් බෝඩිං වන්දනාව පටන් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
History repeats Over and Over again....

අප්පටසිරි ඉදලා ඉදලා ගියපු බෝඩිමත් අවුල් ජාලාවක් නේ. කොළඹ හැටි ඔහොම්මම වෙන්න ඇති නේ. ඒකනේ හැම බෝඩිමම ඔහොම වෙන්නේ.
ReplyDeleteමේ ඇත්තටම පිණිබිඳු ඔයා ලඟ ටෙඩි බෙයාර්ලා නෑනේ ? ඉන්නවා නම් බ්ලොග් කියවන අපි පව් නේ. මොකද ඔයා දිවෘවේ අපි පල්ලා කියලා නේ. :)
එක කාමරයකට අච්චර බඩු ගොඩක් පිරෙව්වට පස්සේ කොහොමද හුස්මක් කටක් ගන්න ඉඩක් ලැබෙන්නේ ?
හැක් හැක් මරු පොට් එකනේ... දෙපැත්තෙන් වැලි කොට්ට තියලා මැශීන් ගන් නැත්තං වතුර විදින තුවක්කුවක්වත් අරං හදිස්සි ප්‍රහාරයකට ලෑසිතිවෙලා ඉන්න... තත්වෙ හැටියට එකපාරට ගල්මුල් එන්නත් බැරි නෑ :P
ReplyDeleteඅපොයි...
ReplyDeleteදුකත් හිතෙනවා...
කොටස් දෙකම කියෙව්වෙ අදනෙ... ඔය තියෙන්නෙ කිරිගහට මෝල් ගහෙන් ගැහුව වගේ... මොන බයිලෙ ගැහුවත් ටික දවසක් යද්දි පළවෙනි බැල්කනිය පැත්ත සනීපයි කියයිද දන්නෙ නෑ...
ReplyDeleteහික් හික් මරු සීන් එක තමා උනේ නේද???හරියට ගහෙන් වැටිච්ච ගොනාට මිනිහ ඇන්නා වගේ වැඩක් :ඩී
ReplyDelete@ මධුරංග - නෑ බොල නෑ. මා ගාව ටෙඩි බෙයාලා නෑ. කට්ටියගෙ කටවල් ගැන දන්න හන්දයි මම මුලින්ම කිව්වෙ. බඩු ඔක්කොම ටික ඇඳවල් යටට තල්ලු කරලා දැම්මම ඉඩ එනවා හලෝ..
ReplyDelete@ කිඩෝ - අම්මෝ ඒක නම් ඇත්ත. ලෑස්ති පිට ඉන්නෙ අපි.
ReplyDelete@ MaRLaN - ආ.. බලමුකෝ මෙයාලා තව ටික දවසකින් බෝඩිං හොයන්න දුක්විඳිනකොට....
ReplyDelete@ සාතන් - අනේ අම්මේ මට නම් ඒපා ඒ පැත්ත. එකෙක් නම් ඉවසතහැකි. දුසිම් බාගයක් විතර ඒකෙ ඉන්නවා.
ReplyDelete@ පිස්සු පුසා - නෑ නෑ.. ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක්.
ReplyDeleteමට නම් හිතෙන්නේ ඔතන මාර පොට් එකෙක් කියලයි .. බොහොම රසවත් කතා ගොඩක් අපිට අහන්න ලැබෙයි වගේ..
ReplyDeleteමෙහෙමනේ අක්කේ.....කොහේ ගියත් අන්තිමට ගැලපෙන තැනටමනේ කඩන් වැටෙන්නේ :)
ReplyDeleteඉස්කොලෙන් ශුද්ධ සිංහල ඉගැන්නුවේ නැති නිසා ඉගන ගන්නත් එක්ක ඒපැත්තෙ පොඩි රවුමක් දාල එන්න... :D
ReplyDeleteමොන්ටිසෝරි යන කාලේ කොන්සට් එකට හිටියේ නැති නිසා අනිත් පැතතේ රවුමක් දාන්න... :D
එලකිරි පොට් එකක් නේ හොයාගෙන තියෙන්නේ...
ReplyDeleteබය වෙන්න දෙයක් නෑ ගෙවල් වටේටම ඉන්නේ චන්ඩිනේ..... (අපරාදේ බෝඩිම ඉවරයි)
ReplyDeleteෂුවර් එකටම බෝඩිමේ අය ඔයාගෙන් රණ්ඩු වෙනවද අහන්න ඇත්තේ එකත් එකටම දැනටමත් කට්ටියක් එක බාරගෙන හින්ද වෙන්න ඇති,
ReplyDeleteමෙට්ට, ෆෑන්? ඒවත් අරන්ගියාද ඇ?
ReplyDeleteමරු මරු තව සුපිරි බෝඩින් කතා ඉස්සරහට හෙහෙ:)
ReplyDeleteඅපෝ... බෝඩිං නම් එපා වෙලා තියෙන්නෙ.අපේ බෝඩිමට අල්ලපු ගෙදර තමයි බෝඩිමේ ඇන්ටි ඉන්නෙ.බෝඩිම ගත්තු මුල් දවස් වල හැමතිස්සෙම බෝඩිමට රිංගන්න ගත්තා.. අපි ඉතිං මේ කරදරේ ඉවසන්න බැරිම තැන නිඝන්ඨ ශ්‍රාවකයො වුනා.. ඊට පස්සෙ ඇන්ටි ආවෙ එක දවසයි....
ReplyDeleteහලේ.. මරේ මරු බෝඩිමක් වගේනේ ඉඳලා ඉඳලා ලැබිලා තියෙන්නේ.. :p
ReplyDeleteපලවෙනි එක කිවෙවුවම හිතුවේ අය අක්කලාට වන්දනාවේ යන්න වෙන්නේ නැතිවෙයි කියලා :-)
ReplyDeleteමෙවන් විපත් කිසිම බෝඩිම් වාසියෙකුට නොවේවා..!
ReplyDeleteඇයි බං අක්කේ කැම්පස් එකේම බෝඩිං වෙන්නේ නැත්තේ ඒක ලාබයිනේ. මමත් එක පාරක් බෝඩිං වුණා ඒ උසස් පෙල කරන දවස් වල
ReplyDeleteමම හිටි බෝඩිමේ කෙල්ලෝ හතර දෙනෙකුයි කොල්ලෝ දෙන්නෙකුයි හිටියා ..ඔයා ඉතින් මම ගැන දන්නවානේ නේද ? මම ආයේ කියන්න ඕන නෑ නේ . මම නම් ආසායි බෝඩිං ජීවිතේට .
මම හිටපු බෝඩිමක් (කටුබැද්දේ) ගාවත් ඔය වගේ පොරක් හිටියා.
ReplyDeleteහැබැයි මිනිහ චන්ඩියෙක්. පොඩි දේශපාලන සීන් එකකුත් තිබුනා.
මිනිහ හැමදාම ගොලේයෝ ටිකකුත් තියාගෙන බිබී එක එකට බයිනවා.
"උගේ අම්මට ***න" කියල තම වාක්‍යක් පටන් ගන්නේ. ගෝලයොත් සප් එක දෙනවා.
දවසක් උගේ පුතාටත්(පොඩි එකෙක් ) "දුවපිය ***ගේ කොල්ල" කියල බැන්න. :/
දවසක් මිනිහගේ වාහනයක් හප්පලද කොහෙද...
හැබැයි එදා මිනිහ විතරයි.ගෝලයෝ සද්දේ නෑ. බලද්දී හමුදාව ලොක්කෙක් තමා හප්පලා තියෙන්නේ (මේ 2007 නැත්නම් 2008 අවුරුද්දේ ). D
පිරිමි බෝඩිම පැත්ත බලන්නේ නැත්තේ අක්කන්ඩිට පිරිමි අරහන්ද??? ලොල්ය...
ReplyDeleteටික දවසක් ඉදල බලල බැරිම උනොත් ආයෙත් වන්දනාවේ යන්න. හැබැයි මතක ඇතුව මේ සැරේ පාරේ නෙමේ කානු දිහා වැඩි අවදානයකින් යන්න....
හෆොයි, අර ඉස්සරහ බැල්කනියේ හිටපු කොල්ලෝ ටික හිතනව ඇති, "හුටා....දැන් ඉතින් නිදහසේ ඉඳලා ඉවරයි...." කියලා.
ReplyDeleteමේ පැත්තේ බැල්කනියෙ පැත්තෙ ගෙදර ඉන්න මිනිහ කණ පැලෙන්න බීල තියෙන හේතුවත් ඒකමලු. මීට පස්සෙ එළියට බැහල උඩ බලපු ගමන් සසර කල කිරෙන සීන් එකක්නේ පේන්න තියෙන්නෙ...!
අනේ යන්න නංගි බොරු නොකියා... කර්ට්න් දාලා ඒවා අස්සෙන් බලන එක නේද දැන් තුන්දෙනාගේ රාජකාරීය..මට ආරංචියි අර කොල්ලෝ ටිකට ඉන්න හැටියක් නැහැ කියලා මේ දවස්වල කෙල්ලෝ තුන්දෙනෙක්ගේ කරදරේ හින්දා..
ReplyDeleteපව් කොල්ලෝ ටික..:D
අනේ පාව්.....අල්ලපු බෝඩිමේ කොල්ලො ටික.....
ReplyDeleteඅපොයි වසලා හමාරයි නේ අක්කේ..මදැයි
ReplyDeleteමමත් කියෙව්ව ඕං... හරිය...
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - ඒක නම් මාර පොට් එකක් තමා. කවදාවත් මෙහෙම තැනක් හම්බෙලා නෑ. බලමුකො ඉස්සරහට.
ReplyDelete@ රත්ගමයා - ආ.. ඒකනේ මල්ලී... බලමුකො උඹලා බෝඩිං හොයද්දී....
ReplyDelete@ සෝරෝ - සී ද බ්‍රයිට් සයිඩ් නේද?
ReplyDelete@ Raj - මොන එළ කිරිද. අපිට එපා වෙලා තියෙන්නෙ.
ReplyDelete@ prasanna86k - අපි වගේ උන් ටිකක් බෝඩිමකට ආපුවාම ඒ ගෙදරට ශ්‍රියා කාන්තාව වැඩියා වගේ තමා ඉතින්.
ReplyDelete@ ගලායන ජීවිතය - මේකනෙ වැඩේ නදී.. මට පළවෙනි බෝඩිමේ තිබ්බ මෙට්ටෙ හරිම අමාරුයි. තව ටික කාලයක් හිටියානම් වෙනම කොන්දක් ගේන්න වෙනවා. ඊට පස්සෙ අපේ තාත්තා මට සැප මෙට්ටයක් ගෙනත් දුන්නා. බෝඩිං මාරු කරන කරන පාරට ඉතින් ඔය මෙට්ටෙත් මාත් එක්ක යනවා. ෆෑන් එක නම් ගෙනාවෙ හය වෙනි බෝඩිමේදි. ඒකෙ හරිම රස්නෙයි අප්පා.
ReplyDelete@ ගලායන ජීවිතය - බලමුකො ඉස්සරහට
ReplyDelete@ harshana1985 - ඇන්ටිට නූල් බඳින්නත් උනාද. හයියෝ පව් වැඩේ..
ReplyDelete@ ප්‍රාර්ථනා - කියලා වැඩක් නෑ අප්පා ඒ හරිය නම්..
ReplyDelete@ බීටා - අපිත් හිතුවෙ එහෙම වෙයි කියලා තමා. කවුද දන්නෙ මෙහෙම දෙයක් වෙයි කියලා.
ReplyDelete@ චතුවා (ළමයා) - අයියෝ අපි තරම් බෝඩිං නිසා දුක් විඳලා නැතුව ඇති මොකෙක්වත්.
ReplyDelete@ හිස් අහස - ආ.. මේකා එහෙනම් මේකයි මේ බෝඩිං ජීවිතේට ආසයි කියන්නෙ ඈ.. හැමතැනම එහෙම නෑ බොල. අනේ අර බෝඩිමේ හිටපු කෙල්ලො ටික යහතින් හිටියද?
ReplyDelete@ Anonymous - අප්පා එහෙනම් මම ඉන්නෙ ඒ මනුස්සයගෙ ගෙදරට අල්ලපු ගෙදරද දන්නෙ නෑ...
ReplyDelete@ ADK කොලුවා - ආයෙ බෝඩිං හෙවිල්ල ඉස්සෙල්ලාම පටන් ගන්නෙත් කාණුවෙන්ම තමා.
ReplyDelete@ දුමී - එහා ගෙදර මිනිහා කෙසේ වෙතත් ඒ කොල්ලො ටිකට නම් හෙණ ගහල වගේ ඉන්නවා. මොකද මන්දා. අනේ අපි නම් නෑ ඕවට.
ReplyDelete@ මාරයාගේ හෝරාව - හී.. මළා... අයියට අහු උනා නේද රහස. හික්ස්.
ReplyDelete@ Observer - ඔව් අප්පා උන් ටික නම් පව් තමා. අන්දෝ සංසාරයක් නැතුව ඉන්නවා.
ReplyDelete@ නිම්ශා - අයියෝ කියලා වැඩක් නෑ නගේ..
ReplyDelete@ ටී.බී. හේරත් - තැන්කූ වේවා කියෙව්වට...
ReplyDelete@ ක්සැන්ඩර් | Xander - හලේ ඔයාව මග ඇරුණනේ.. තැන්කූ වේවා මේ පැත්තෙ ආවට. ඉස්සෙලාම පාර නේද මෙහෙ ආවෙ. සාදරෙන් පිලිගන්නවා.
ReplyDeleteතව සතියකින් දෙකකින් විතර් අර වහල දාපු ජනේල ඇරියෙ නැත්නං මං මේ කන කපාගන්නව. මී ඇස්දෙක පල්ලා !
ReplyDeleteමම එකියක්ව සෙට් කරගත්තා .. අන්තිමේදී මම බෝඩිම දාලා ගමේ ආවා . ඉගනීම ඉවරයි ..!
ReplyDelete@ nawammawatha - යන්ඩ යන්ඩ. අපි හොඳ ගුණගරුක ගෑණු ළමයි. අපි කවදාවත් ඔය ජනේලෙ අරින්නෙ නෑ. කර්ටන් එක අස්සෙන් බැලුවොත් මිසක්. හික්ස්.
ReplyDelete@ හිස් අහස - අනේ ඉතින් බලපංකො අපරාදෙ ඒකවත් දිගටම සෙට් කරගෙන හිටියා නම් අද මෙහෙම අඳෝනා කියන්න වෙනවද. ආ... අභීත අයියගෙ බ්ලොග් එකෙන් අපිට හොට් හොට් නිවුස් එකක් ආවනෙ ඔයා ගැන. සුභපැතුම් ඈ...
ReplyDeleteදැං ඔය කර්ටන් එකේ විදපු හිල් වලට අයිතිකාරයො ඉන්නවද . . . ???
ReplyDeleteමට මතක් වෙන්නෙම මට්ටක්කුලියෙ HNDE එක පිටිපස්සෙ අපි හිටපු නංගි අක්කගෙ බෝඩිම . . . . ලෑලි වලින් වෙන්කරල තිබුන කාමර තිබුනෙ . . . අපි හිටපු කාමරේට අල්ලපු කාමරේ හිටියෙ කෙල්ලො සෙට් එකක් . . . . උං අපිට හොරෙං අපේ කාමරේට එබෙනව . . . අපි උංට හොරෙං උංගෙ කාමරේට එබෙනව . . . . හොඳම ආතල් එක තමයි මේ සෙල්ලං දෙකම එක වෙලාවට වෙද්දි . . . . උං උංගෙ කාමරෙං එලියට දුවනව . . . අපි අපේ කාමරෙං එලියට දුවනව . . .සෙල්ලං ගොඩයි
මම මේ පිණිබිඳු අක්කගෙ බ්ලොග් එක බලන පලවෙනි පාර (ගොඩක් අය අක්ක කියල තිබ්බ නිසා මමත් හිතුව අක්කෙක් වෙන්න ඇති කියල. වැරදිනම් කියන්න හොදේ? මම 87 ). ලියන දේවල් හිතට අල්ලලා ගියපු නිසා ඔන්න Follower කෙනෙකුත් උනා.බෝඩිං ජීවිතේ කියන්නෙත් පුදුමාකාර එකක්. කෙනෙක්ගේ ජීවිතෙට ඒ වගේ කොටසකුත් තියෙන්නම ඕනේ මම හිතන විදියට නම්! මමත් කැම්පස් ගිය මුල් කාලෙ හිටියේ බෝඩිමක. පස්සෙ හෙමිහිට ඒකෙ කථා ටිකකුත් දාන්න ඕනෙ..
ReplyDeleteඅර එහා බෝඩිමේ කොල්ලො ටික දැන් කානු පල්ලෙ බැහැගෙන බෝඩිං හොයනවද දන්නෙ නෑ හි හි..
අනේ දෙය්යනේ. :(
ReplyDelete