Pages

Sunday, October 23, 2011

නා කපන වැස්සෙ නාට්ටි බැලූ හැටි දෙයියොත් දන්නෙ නෑ


ගිය සිකුරාදා කැම්පස් එකේ 'දෙයියොත් දන්නෙ නෑ' වේදිකා නාට්‍යය වේදිකා ගත උනා. මටත් බලෙන් ඇඟේ ගහපු ටිකට් එකක පිහිටෙන් ඒක බලන්න අවස්ථාවක් හම්බ උනා.

නාට්‍යය ගැන කියන්න කලින් ඒක බලන්න කාපු කට්ට ගැනත් කියල ඉන්නම්. 6.30 ෂෝ එක බලන්න සෙට් උනේ මගේ බෝඩිමේ උන් දෙන්නා එක්ක. හවස් වෙද්දි හොඳටම වහින්න වගේ තිබ්බෙ.
ඒත් ඉතින් දැන් ටිකටුත් ගත්තු එකේ වැස්සට බයේ බෝඩිමට යන්න හිතුනෙ නෑ.

හවස 6 විතර වෙද්දි නාට්‍යය පෙන්නන හෝල් එක ගාව එලියෙ ටිකක් දිග පෝලිමක් හැදිලා. ඉතින් අපිත් ගිහින් පෝලිමට එකතු උනා. දැන් නම් වහින්න ඔන්න මෙන්න. අපේ උන් කන් කෙඳිරි ගානවා අද වැස්සෙ නාන්න වෙයිද දන්නෙ නෑ කියලා.

ඒ අස්සෙ වැහි කළුවර කපාගෙන යන්න අකුණු ගහනවා. ඒකත් මහ සද්දෙන්. පෝලිමේ ඉන්න එකා දෙන්නා මාරු වෙලා යනවා.
අපේ සෙට් එකේ එකියක් හොඳටම බයයි අකුණු වලට. මේකි ටිකක් උසයිත් එක්ක. අකුණු ගැහුවොත් උස උන්ටනෙ ඉස්සෙල්ලාම වදින්නෙ කියලා මේකි නැවීගෙන ඉන්නවා. මම කිව්වා නෑ බං හෙණ ගහනකොට මූණ බලලයි වදින්නෙ කියලා. ඒ පාර කුඩෙන් මූණ වහගෙන.

ඔහොම ටික වෙලාවක් අකුණු ගගහ ඉඳලා පටන් ගත්තෙ නැතෑ මොර සූරන වැස්සක්. පෝලිමේ අය කුඩ ඉහලගෙන ඉන්නතැන් වලටම වෙලා ඉන්නවා. එකෙක්වත් හෙලවෙන්නෙ නෑ. අපි ගියොත් අපිටත් හිටපු තැන් නැතිවෙන නිසා අපිත් එතනම හිටියා.

දෙපැත්තෙන් එන හිරිකඩ වලට අමතරව අනුන්ගෙ කුඩ වලින් බේරෙන වතුරෙනුත් හොඳටම තෙමිලා. ඒත් කමක් නෑ තව ටිකකින් ඇතුලට ගනියිනෙ කියලා කාගෙන හිටියා.

ඔහොම ඉන්නකොට තමා සංවිධායක මණ්ඩලේ කෙනෙක් කෑ ගගහ යනව ඇහුණෙ 200, 300, 500 ටිකට් එහා පැත්තෙ දොර ගාව තියන පෝලිමට එන්න කියලා. බොලේ බලපුවාම අපි අරන් තියෙන්නෙ 200 ටිකට්. ඒ මදිවට මේ පෝලිමේ ගහලත් තියෙනවා 50, 100 ටිකට් කියලා.

කාට කියන්නද මේ දුක ඉතින්. අපිත් මොක්කුද වගේ දුවගෙන ඇවිත් හිටගත්තා මිසක් මොකෙක්ගෙන් වත් ඇහුවෙත් නෑනෙ. ඒ මදිවට හොඳම වැඩේ තමයි 200 පෝලිම තියෙන්නෙ පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නැති තැනක. මෝඩකමට මක් කොරන්නද. හොඳට නාගත්තා.


නාට්‍යය ගැන නම් කියලා වැඩක් නෑ මල් හතයි. මේකෙ අධ්‍යක්ෂක සරත් කුලාංග මහත්මයා. තාත්වික සම්ප්‍රදායෙන් මිදුණු අලුත් නාට්‍යක්. මුල සිට අග දක්වාම ඉතාම රසවත් ප්‍රහසනයක් කියන්න පුලුවන්. පටන් ගන්නකල්ම අපේ උන්ගෙ ජාතික ගීය වාදනය වෙවී තිබුණත් (හූ කීම) පටන්ගත්තට පස්සෙ මීක් ශබ්දයක් වත් නෑ.

විජය නන්දසිරි මහත්මයා රඟපාන නාට්‍ය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද. ඔහු පමණක් නෙවෙයි මෙහි රඟ පෑ සරත් කුලාංග, තුෂාරි ගුණරත්න, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාල වැනි රංගන ශිල්පීනුත් තමන්ගේ චරිත වලට උපරිම සාධාරණයක් කරලා තිබුණා.


මුළු නාට්‍යය පුරාවටම ඔබට සිනාවෙන් මිදෙන්නට නම් ඉඩක් නෑ. කාලෙකට කලින් බලපු "බල්ලොත් එක්ක බෑ" නාට්‍යත් ඔය වගේ තමයි.

මට නම් වේදිකා නාට්‍යයක් බලනවා තරම් ආශ්වාදයක් ටෙලි නාට්‍යයකින් ලැබෙන්නෙ නෑ. ඉතින් නාට්‍යය බැලුවට පස්සෙ බලන්න කලින් විඳපු දුක කොහෙන් ගියාද දන්නෙ නෑ.

ස්ත්‍රීත්වය ගැන කතා කරන මේ සොඳුරු වේදිකා නාට්‍යය ඉඩක් ලැබුණොත් ඔබත් බලන්න.

55 comments:

  1. ලේ දුන්නට මොලේ දෙන්න ‍බෑ කියනවනෙ...

    ReplyDelete
  2. ශික්, වේදිකා නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ.... රඟපාන අය ගැන කීවහම හිතාගන්න පුලුවන්... කවදා ආයේ වේදිකා නාට්‍යයක් බලන්නද ඉතින් ???
    වැස්සේ නාගෙන හරි බැලුවට පාඩු නෑනේ.... :D

    ReplyDelete
  3. කොහේද බං තිබුනේ..ජිම් එකේද?

    ReplyDelete
  4. ඕල්ඩ් ජිම් එකේ තමයි තිබුනේ

    මමත් මාර කට්ටක් කාල ඕක බැලුවේ.
    බලෙන් ඇඟේ ගහපු 100 ටිකට් එකක් මං ගාවත් තිබුණා
    ඒත් යන්න කම්මැලි කමට වෙන කොල්ලෙකුට දුන්න ඒක
    පස්සෙ බැලින්නම් අපේ අයිය කෙනෙක් ඉන්නවා මේකෙ වාදන මණ්ඩලයට
    මිනිහ කෝල් කරලා එන්න කිව්වම නොගිහින් කෝමද
    සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව 200 ටිකට් එකක් අරන් ගිහින් බැලුවේ
    හැබැයි සිරා නාට්‍යය. මුදලි තුමාගේ ගෝලයා පවා ආයේ මදි නොකියන්න රඟපානවා සංගීතයත් නියමයි.

    ReplyDelete
  5. මමත් කාලෙකින් වේදිකා නාට්ටියක් බලල නෑ.. ආපහු බලන්න ඔනේ...

    ReplyDelete
  6. මෙව්ව ලියල නිකන් අපේ ඇඟේ ලේ කෝප නොකර ඉඳහන් ළමයො.
    අපිට කොයිද ලේන් පූසො:D

    ReplyDelete
  7. වේදිකා නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ...කැම්පස් එකේ ඉද්දි නම් තියෙන හැම එකම බලනවනෙ..... තෙමිල උනත් බලපු දේ හොඳනම් එච්චරයි...

    ReplyDelete
  8. ලොකු දෙයක් ඔහොමවත් නා ගත්ත එක ......
    අනිවා ඕක බලන්න යන්න ඕන .......

    ReplyDelete
  9. ශිහ්.. අපිනම් වේදිකා නාට්‍යක් බලපු කාලයක් මතක නෑ. කොහේ නැතත් වල සතිය මිස් වෙලාම දැන් කොච්චර කල් ද? ඒ අතින් ඔයාල වාසනාවන්තයි පිණිබිඳු. අනික මෙහෙ ඉන්න අපිට වැස්සේ තෙමෙනවා කියන්නේ ඊටවඩා මොනවාද?

    ReplyDelete
  10. @ සාතන් - හෙහ් හෙහ් අන්න දවසේ කියමන

    ReplyDelete
  11. @ ගොඩයා - මට නම් කාලෙකට බලපු හොඳම නාට්‍යක්.

    ReplyDelete
  12. @ නිසුපා - ජිම් එකේ තමා තිබ්බෙ. අර 200 පෝලිම තිබ්බෙ කැන්ටින් එක පැත්තෙ තිබ්බ එන්ට්‍රන්ස් එකේ. හයියෝ කාපු කට්ට නම්...

    ReplyDelete
  13. @ Asanka Udara - ඔයත් මෙහෙද. මේකෙ රඟපාන චරිත සීමිත ගානක් උනාට එයාලගෙ රඟපෑම නම් කියල වැඩක් නෑ.

    ReplyDelete
  14. @ cjgayan - වෙලාවක් තිබ්බොත් බලන්න. මම දැක්කා සරසවි බුක් ශොප් එකෙත් ටිකට්ස් විකුණන්න තියෙනවා එල්ෆිනිස්ටන් එකේද කොහෙද පෙන්නන්නෙ.

    ReplyDelete
  15. @ ඉන්දික උපශාන්ත - හෙහ් හෙහ් මොනා කරන්නද අයියා මේක බලලා පෝස්ට් එකක් නොදැම්මොත් මට වහින වෙලාවෙ හෙණයක් ගහයි අප්පා.

    ReplyDelete
  16. @ දිල් - තෙමුණට පාඩු නෑ දිල් මේක බලන්න නම්.

    ReplyDelete
  17. @ පන්සල් හංදිය - අනිවාර්යයෙන්ම වෙලාවක් හම්බ උනොත් බලන්න අයියෙ.

    ReplyDelete
  18. @ ක්සැන්ඩර් | Xander - ආයෙ චාන්ස් එකක් ආවොත් නාට්‍යක් බලන්න මිස් කරගන්න එපා.

    ReplyDelete
  19. අපිට කොහෙද ඉතිං නාට්ටියක් බලන්න පිනක්

    ReplyDelete
  20. එහෙම හරි නා ගත්තනෙව නඟා. ඒ මදෑ....

    ReplyDelete
  21. ඔව් ඔව්
    මමත් මොරටුවේ තමයි. මම CS කරන්නෙ. තව ටික දවසයි ඉන්නේ හැබැයි කැම්පස් එකේ.

    ReplyDelete
  22. @ ඕනයා - ඉන්නකල් බලපු නාඩගං මදෑ බං අයියෙ.

    ReplyDelete
  23. @ nawammawatha - ඔව් අය්යණ්ඩි උඹලට වගේම තමා ඉතින් අහම්බෙන් වැස්සක තෙමුණොත් මිසක්කා වෙන නෑමක් නෑ නෙව.

    ReplyDelete
  24. @ Asanka Udara - ඇත්තද.. සතුටුයි සතුටුයි අඳුරගන්න ලැබිච්ච එකට.

    ReplyDelete
  25. මම වේදිකා නාට්‍යක් බලපු කාලයක් මතක නෑ.. කමක් නෑ ඒ පිහිටෙන් හටි හොදට නා ගත්තනේ... :)

    ReplyDelete
  26. එලද ඉල ඇදුනද ?

    ReplyDelete
  27. මට මැවි මැවි පේනවා මේ කට්ටිය වැස්සේ කුඩ හෙවිල්ලගෙන කට්ට කනවා !!! මොනා කරන්නද කාටවත් මොලේ ඇබින්දක් තිබ්බේ නෑනේ. හික්ස් :)

    ReplyDelete
  28. වේදිකා නාට්‍යක් බැලුවෙ නැහැ ළඟකදි.. අපේ එවුන්ගෙ ඒවා ඇරෙන්න

    ReplyDelete
  29. ආයෙ තියෙන තැනකට සෙට් වෙන්න ඕනේ....

    ඇනුඅල් බාත් එකනේ... බැහැයි නොකියා නාන්න ඇති.

    ReplyDelete
  30. @ Dinesh - මෙච්චර නාට්‍යය ගැන කියලා තියෙනවා. මුන්ට ඔලුවට යන්නෙම නාපු එක. අනෙ අම්මපා.

    ReplyDelete
  31. @ තරිඳු - හිනා වෙලා පණ ගියා.

    ReplyDelete
  32. @ මධුරංග - පෝලිමේ මුල ගහල තියෙන නෝටිස් එක බලන්න අමතක උනානෙ අප්පා.

    ReplyDelete
  33. @ නෙරංජි | Neranji - මේක බලන්න චාන්ස් එකක් හම්බුනොත් අත අරින්න එපා.

    ReplyDelete
  34. @ Prasanna - එල්ෆිනිස්ටන් එකේ පෙන්නන කතාවක් තිබුණා. ඉවරද දන්නෙ නෑ. සරසවි බුක් ශොප් එකේ ටිකට් විකුණන්න තිබ්බා.

    ReplyDelete
  35. මේ පෝස්ට් එක දැක්කම මට මාර සතුටුයි අප්පා!!!ඔයා හොදට නාලනේ. නැත්නම් ආයේ ඇදගෙන ගිහින්වත් නාවන්නයෑ. දෙයියන්ට පිං!!!!

    ReplyDelete
  36. කාලෙකට පස්සෙ එහෙනං ඇනිමල් සොරි ඇනුවල් බාත් එක දා ගත්ත නාට්‍යට පිං සිද්ධ වෙන්න....හික්z

    ReplyDelete
  37. @ malmi - දෙයියොන්ට දුක හිතිලා වෙන්න ඇති හයියෙන්ම වැස්සෙ.

    ReplyDelete
  38. @ Observer - ආයෙ ඉතින් නාට්‍යක්ම එනකල් ඉන්න වෙනවා නාගන්න.

    ReplyDelete
  39. වේදිකා නාට්‍යයක් බලනවා තරම් ආශ්වාදයක් ටෙලි නාට්‍යයකින් ලැබෙන්නෙ නෑ.

    සහතික ඇත්ත..... හැබැයි ලොකු පිනක් නාට්ටි කාරයො කරගෙන තියෙන්නේ මේ වතුර අජීරන ළමයින්ව නාවල.. හික් හික්

    ReplyDelete
  40. මම වේදිකා නාට්‍යක් බලලම නෑ :(

    ReplyDelete
  41. කොහොම හරි නා ගත්තනං එච්චරයි...

    ReplyDelete
  42. හලේ අක්කත් ආවද? අපිත් 200 පෝලිමෙන් තමයි ඇතුලට ගියේ. (ගත්තේ නම් 100 ටිකට්. අපි ඉතින් අර VIP ඩයල්ස් නිසා 200 පැත්තෙන් ගත්තේ.:P)නාට්‍යය නම් එලම කිරි. පොඩි අවුලකට තිබුනේ ඇතුලේ පෝරණුවක් වගේ දාඩිය දාපු එක.

    ReplyDelete
  43. @සීතල අයියා :
    වෙලාවක යන් මලේ. මම් වියදම් කරන්නම්. කොහෙද මම් කම්පස් ඉන්න දවස්වල චතුවා(ළමයා) මල්ලිට නාට්ටියක් බලන්න එන්න කියලා කෝල් කලා. ඒත් මූ ආවේ නෑනෙ.

    මම් ඉතින් ඒ ටිකට් එක වෙන එකෙක්ට දුන්නා

    ReplyDelete
  44. මං හිතුව තෙමි තෙමී නාට්‍ය බලපු කතාවක් වත් ද කියල...

    ReplyDelete
  45. අපරාදේ..., කිවුව නම් මමත් එනවා..... :D

    ReplyDelete
  46. @ පිස්සා පලාමල්ල - හික්ස්. පින් දෙන්න ඕනෙ ඇත්තටම.

    ReplyDelete
  47. @ සීතල අයියා - අයියෝ ආයෙ චාන්ස් එකක් ආවොත් කොහොම හරි බලන්න.

    ReplyDelete
  48. @ මාරයාගේ හෝරාව - අනේ යන්ඩ අයියා. හිතුවද අපිත් බොලාලා වගේ නාන්නෙ අවුරුද්දට වතාවයි කියලා.

    ReplyDelete
  49. @ Kasun - ඔයාට කියන්න මල්ලි මට කලින් හිටපු කොල්ලො සෙට් එකේද දන්නෙ නෑ ඔයා හිටියෙ. උන් ඇතුලට යද්දි 100 ටිකට් කියල යන්න දෙන්න බෑ කිව්වා. ඔයාත් එතන හිටියද දන්නෙ නෑ.

    ReplyDelete
  50. @ මධුරංග - ඔය ඉන්නෙ ස්පොන්සර්ස්ලා..

    ReplyDelete
  51. @ ටී.බී. හේරත් - නාට්‍ය බලන්න කලින් තෙමිච්ච කතාවක්.

    ReplyDelete
  52. @ සෝරෝ - උඹත් මේ කිට්ටුවද ඉන්නෙ.

    ReplyDelete
  53. ජීවිතේට කැම්පස් එකේ නාට්‍යයක් සල්ලි දීල බලල නැහැ.. ගජේටමයි බැලුවේ....

    ReplyDelete
  54. ඔන්න ඔන්න ඉතින් අපි ගැන එහෙමද හිතාගෙන ඉන්නේ? ඔය නාට්‍යය කලේ අපේ පැරලල් TCP උන්. උන් අපේ ෆිට් එක, උන් තමයි අපිට 200 පැත්තෙන් එන්න කිව්වේ.

    ReplyDelete
  55. බල්ලෝත් එක්ක බැහැ නියම නාට්‍යයක්. ඒකේ සුපිරිම කෑල්ල ඇමතිතුමායි ලේකම් තුමයි හාමුදුරුවරු වගේ ප්‍රේක්ෂකාගාරයෙන් එද්දී මිනිස්සු සීට් දෙන්න යන එක :))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...