"දෙයියනේ කෝ..."
ඉහලට ගත් හුස්ම පහළට හෙලා ගත නොහැකිව මුදල් පසුම්බිය කණපිට ගසමින් මා උදේ පසුම්බියට දැමූ රුපියක් දෙදහස සොයන්නට විණි. මාසයේ අග හෙයින්ද, මාසයේ මුල සිටම සහභාගි වන්නට සිදුවූ මගුල් ගෙවල් හා වෙනත් වියදම් නිසාද අත ඉතුරු වූ අවසාන රුපියල් දෙදහසත් පසුම්බියෙන් අතුරුදන් වී තිබිණ.
උදෑසන ටෙලර් මැෂිමෙන් ගත් රුපියල් දෙදාහ පසුම්බියට දැමූ වග හොඳටෝම මතකය. ගිණුම හූරා ලබා ගත් අවසාන මුදල හෙයිනුත්, මාසය අවසන් වීමට තව සතියක් පමණ ඇති හෙයිනුත් මේ රුපියල් දෙදහස මට විසිදහසකට වඩා වටින්නේය. එහෙත් අවාසනාවට මා අත සතු වී තිබූ අවසාන මුදලද අතුරුදන්ව ඇත.
"හිඟන්නගෙ පාත්තරේටමයි හෙනහුරත් පාත් වෙන්නෙ."
හිතට දැණුනු අසරණකම දෑස කඳුළින් තෙත් කිරීමට සමත් විය.
"සල්ලි පර්ස් එකේ දා ගත්තට පස්සෙ කෙලින්ම ආවෙ ඔෆිස් එකට. ඇවිත් බෑග් එක මේසෙ උඩින් තියලා මම පැය ගාණක් මීටින් එකේ හිටියෙ. එතකොට ඒ වෙලාවෙ කවුරු හරි පර්ස් එකෙන් සල්ලි ගත්තද?"
හිතට එන සිතුවිලි වල කෙළවරක් නොමැත.
අත් බෑගයේ සාක්කු සියල්ලම පිරික්සා බැලුවේ අමතක වීමකින් හෝ ඒවාට දමා ඇත්දැයි සැකයෙනි. බෑගයේ සියළු භාණ්ඩ මේසය මත වපුරා පිරික්සද්දී මා ළඟට ආවේ කාර්යාලයේ පිරිසිදු කටයුතු කරන සුමනාය.
"ඇයි මිස් මොනා හරි නැති වෙලාද? කලබලෙන් වගේ හොයන නිසා ඇහුවෙ."
කවදත් නිවුණු ගැහැණියක් වූ සුමනාගේ කටහඬේ සැඟවුණු බියක් මට දැනුනේ ඇයි? උත්තරයක් දෙන්නට මදක් ප්‍රමාද වූ මම කිසිවක් නැතැයි හිස දෙපසට වැනීමි. ඈ මා අසලින් ඉවත්ව ගියත් මගේ හිත විපිලිසරව පැවතිණි.
"කවදාවත් මගෙ ළඟට ඇවිත් කතා කරන්නැති ගෑණි අද මම මොකද කරන්නෙ කියල බලන්නම තමා ඔය ආවෙ. වෙන මොකද්ද හිතේ හොරේනෙ."
"ඔය ගෑණිට මම කොච්චර උදව් කරල තියෙනවද. ළමයට අසනීපයි කියලා එක පාරක් මගෙන් රුපියල් තුන්සීයකුත් ඉල්ල ගත්තා. කොච්චර පරක්කු වෙලාද ආපහු දුන්නෙ. ඒත් මම වචනයක්වත් කිව්වද. එයාට වටිනවද මගෙන්ම සල්ලි හොරකම් කරන්න."
හිතේ කෝපය නිසා මා වෙව්ලයි. ඒත් සැකයක් තිබුණද මට එය ඔප්පු කරගත නොහැකිය.
සිතුවිලි වල කිමිදෙමින් සිටි හෙයින් කාර්යාලයේ පියන් වැඩය කරන විමලදාස මාගේ මේසය ළඟට එන තෙක්ම නොදැක්කෙමි. සුපුරුදු ලෙස මා සිනහවෙන්නට සුදානම් වෙද්දීම නොසිතූ ලෙස ඔහු අහක බලාගෙන වහ වහා මා පියමං කර ගියේය.
"මේ මිනිහට මොකද වෙලා තියෙන්නෙ. මිනිහා මට මූණ දෙන්නෙ නැත්තෙ එකත් එකටම විමලදාස තමා සල්ලි ගන්න ඇත්තෙ. මිනිහට මට මූණ දෙන්න ලැජ්ජ ඇති. අසමජ්ජාතී මිනිස්සු."
සුමනා නොව මුදල් සොරකම් කරන්නට ඇත්තේ විමලදාසම බව යටි සිත තර්ක කරයි. වෙනදාට ෆයිල් ගොන්නක් රැගෙන එහෙ මෙහෙ යන අතර මා දකින විට "කොහොමද මිසී" යැයි හිස නවා සිනාසෙන මොහු අද හොර බැල්මෙන් මා දෙස බලමින් මා මග හරිමින් වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම මුදල් සොරා මොහුම යැයි මගේ සිතට ඒත්තු ගන්වමිනි.
"හොර විමලදාසයා. ඕකා සල්ලි හොරකම් කරලා අහුවෙයි කියලා බයේ ඉන්නෙ. ඉන්න විදිහෙන්ම තේරෙනවා ඒක."
මගේ සිතට නිවනක් නැත.
එක වරම කාර්යාලය තුළට පිවිසුණ පිරිසක් නිසා මගේ දැහැන බිඳිණ.
ඒ සතියකට වතාවත් කාර්යාලයේ තබා ඇති ජල පෙරණ වලට අලුත් ජල බඳුන් තමා හිස් ජල බඳුන් රැගෙන යාමට එන ආයතනයේ පිරිසකි. මොවුන් කාර්යාලයේ හිස් ජල බඳුන් රැගෙන යන්නේ දැන් නම්, කලින් පැමිණ අලුත් ජල බඳුන් තබා යන්නට සැක නැත.
වෙනදා පැමිණෙන සුපුරුදු මුහුණු වලට අමතරව දැක නොමැති මුහුණක් මා සිත තිගැස්සීය. මගේ මේසය පසු කර යන ගමන් ඔහු මගේ අත් බෑගය දෙස බැලුවේ ඇයි?
"වෙන කවුරුවත් නෙමෙයි මූ තමා හොරා. ඔෆිස් එකේ කවුරුත් මීටින් එකට ගිය වෙලාවෙ මූ තමා මගෙ සල්ලි ගන්න ඇත්තෙ. නැත්තන් මගෙ බෑග් එක දිහා බැලුවෙ මොකද"
සිත නැවතත් නොසන්සුන්ව ඇත. ඒ පුද්ගලයා වහ වහා කාර්යාලයෙන් පිටවීමට උත්සාහ දරන්නේ මුදල් සොරා ඔහුම වන්නට ඇති නිසාවෙනි. මිනිසුන් ගැන මගේ සිතේ ඇති වූ කළකිරීම උච්චතම අවස්ථාවට පැමිණ ඇත.
"මේ ගැන කා එක්ක හරි කතා කරන්න ඕනෙ."
හිතට එකවර නැගි අදහස අනුව එහා මේසයේ ජයන්ති සමඟ කතා කරන්නට මට සිතක් පහළ විය. ඒ සමඟම වෙනදා නැති අමුත්තක් අද තිබෙනවා නේදැයි මසිතට තදින් දැණිනි.
"වෙනදට තොරතෝංචියක් නැතුව කියවන ජයන්ති මොකද අද සද්ද නැත්තෙ. එයා අද මීටින් එකට ආවෙත් නෑ."
සිත හරහා එකවර විදුලි කෙටීමක් සිදු විය.
"දෙයියනේ ජයන්තිද සල්ලි ගත්තෙ. මම කවදාවත් හිතුවෙ නෑ එයා ඔහොම කෙනෙක් කියලා."
ජයන්ති පෙර දිනයක මා සමඟ පැවසූ සිද්ධි දාමයන් සිතුවම් පටයක් මෙන් මා ඉදිරියේ දිග හැරෙන්නට විය.
"ගෙදර හරියට ප්‍රශ්න. වතුර බිල්, ටෙලිෆෝන් බිල් එකතු වෙලා. මහත්තයා බොන එකමයි කරන්නෙ. ගෙදරට සත පහක් දෙන්නෙ නෑ."
සිතේ ඇති වූ කළකිරීම දෙගුණ තෙගුණ වන්නට විය.
"ෂිහ්. ජයන්ති මගෙන් හොරකම් කරන්නෙ නැතුව සල්ලි ඉල්ලුවා නම් මම කවදාවත් නොදී ඉන්නවද. මම එයාගෙන් කොහොමද මේක අහන්නෙ. මටම ලැජ්ජයි."
ඇගේ අසරණකම මට නොදැනුනා නොවේ. ඒත් මුදල් සොරකම් නොකර ඈ අතමාරුවට මුදල් ඉල්ලුවා නම් නැවත නොගන්නටම මම ඈට මුදල් දෙන්නෙමි.
සිත තුළ රජ කළ බලාපොරොත්තු කඩ වීම සහ කළකිරීම නිසා එදින පුරාවට මා අතින් රාජකාරිමය කිසිදු වැඩක් සිදු නොවිණි. කිසිවෙකු සමඟ කතා කරන්නටද සිතක් නොතිබිණි. කොටින්ම දකින දකින පුද්ගලයාගෙන් මා දුටුවේ මගේ රුපියල් දෙදහස සොරා ගත් සොරාගේ මුහුණය. උදේ සිට තිබූ හෝන්දුමාන්දු භාවය මා විඩාවට පත් කරවීය.
නිවසට පැමිණි විගස ඇඟපත සෝදාගැනීමට මා උනන්දු වූයේ එබැවිණි.
එදින හැඳගෙන ගිය ඇඳුම් දියේ දමා ඇඳුම් වල සබන් ගාන්නට පටන් ගත්තා පමණි. කලිසම් සාක්කුවේ ගුලියක් මෙන් හසු වූයේ කුමක්දැයි මා විපරම් කළෙමි.
සාක්කුවට අත දමා දියෙන් පෙඟුණු ඒ ගුලිය එළියට ගනිද්දී සිතේ ඇති වූ හිස් හැඟීම වදනින් විස්තර කළ නොහැක.
උදෑසන ටෙලර් යන්ත්‍රයෙන් ගත් රුපියල් දෙදහස ජලයෙන් පෙඟී ගුලියක් වී මගේ අල්ල උඩ සිට මදෙස බලා සිටියි.
මිනිසුන් ගැන හිත තුළ තෙරපෙමින් තිබූ කළකිරීම වෙනුවට මට මා ගැනම මගේ නොසැලකිලිමත් හිත ගැනම මහත් වූ කළකිරීමක් දැනෙන්නට විය.
දෑස කඳුළින් තෙත් වූයේ සුමනා, විමලදාස, නාඳුනන කම්කරුවා හෝ ජයන්ති නිසා දැයි මා නොදනිමි. එහෙත් හිතේ කොණක වත් නැතිවී තිබී හම්බ වූ රුපියල් දෙදහස ගැන නම් ප්‍රීතියක් නොඉපදුණු වග නම් සහතිකය.

ඒ මේක ඇත්තට වුන එකක්ද බං....
ReplyDeleteහැබැයි සිරා... සාමාන්‍යයෙන් ඔහොම දෙයක් වුනාම අපිට හිතෙන දේවල් නේද??
ඇත්තටම උන එකක්. හැබැයි ඇත්ත චරිත ඇත්ත නම් ගම් නෙමෙයි.
Deleteඔෆිස් එකේ හන්දා හිතින් බැණ බැණ හිටියා. ගෙදරදිනම් කෙලින්ම බණිනවා නේද?
ReplyDelete"ඔයා තාමයි ඕක අරං කොහේ හරි දාන්න ඇත්තේ!" ගෙදරදි ඔය සිද්ධිය කොච්චරනම් වෙනවද
නැත්තන්. ඒ වෙලාවට ගෙදර ඉන්න මනුස්සයා ඉවරයි
Deleteඔක හැමොටම වෙන දෙයක්
ReplyDeleteබලාගෙන යද්දි මම විතරක් නෙමෙයි වගේ නේ
Deleteහෙහ් හෙ... සිරාවට ලියල තියෙනව..
ReplyDeleteතැන්කූ වේවා සහෝ..
Deleteනියමයී අනේ. ඇත්තම කියනවනම් සුපිරි.
ReplyDelete( සැ.යු.අපොයි හැබැයී මෙයාගෙන් වැරදිලාවත් රු 100 ක්වත් ඉල්ල ගන්න එහෙම නම් එපා කවුරුත්. ඉදලා ඉවරයී. :D)
ඔව් ඈ.. මගෙන් එහෙම සල්ලි ඉල්ලන්න එපා..
Deleteරුපියල් සීයක් ඉල්ල ගන්න බැරිවේද? ඉක්මනටම දෙන්නම්. :)
Deleteමෙවුව අත්දැකීම්. :D කොහාමහරි පිණිබිඳු උඹ නේද හොරා :D
ReplyDeleteඅම්මපා මමනෙ හොරා..
Deleteහැබෑවටම අපි කීදෙනෙක් ඇති තරම් සාධක නැතිව මිනිස්සු සැක කරනවද නේද.... මට මේක ආයෙ මං ගැනම හිතන්න තරම් දෙයක් උනා.
ReplyDeleteඇත්තටම අයියෙ ඔය වගේ දෙයක් උනාම අපි බලන බලන කෙනා සැක විදිහටමයි හිතෙන්නෙ.
Deleteසිරා කතාව..මට නම් ඕක අනන්තවත් වෙනවා ඒ කියන්නෙ තියපු තැන අමතක වෙනව..
ReplyDeleteමටත් එහෙම තමා. කොහොමද මම බැන්න නම් එහෙම කලින්ම
Deleteකලබල උණාම අර මොකක්ද කටෙත් අත දාගන්න බැරිලුනේ! :/
ReplyDeleteඒකනෙ කියන්නෙ
DeleteAra editortath une okamane.
ReplyDeleteමොන?
Deleteඅපේ එකෙක් කන්නාඩිය ඇස් දෙකට දාගන කෝ මගේ කන්නාඩිය කියලා හෙව්වා. මේකත් ඒ වගේ වැඩක් තමා. එල එල එල
ReplyDeleteඒ වගේ දෙයක් තමා
DeleteAra english paththare editortath une oke anika.
ReplyDeleteහෙහ් හෙහ්
Deleteකලබල උනාම කොරොස් කටෙත් අත දා ගන්න බැරිලු.....හදිස්සිය හදිස්සිය...මමත් ඔය වගේ හැමදාම නෝට්ටු හෝදනවා...ඇයි ෆෝන් එක....කී පාරක් ඔය වගේ හෝදන්න ඇතිද :P
ReplyDeleteඅයියෝ කියල වැඩක් නෑ දිල්
Deleteඔච්චර ෆෝන්/ නෝට්ටු හෝදන වෙලාවේ ටිකක් නාගත්තනං මොකද වෙන්නේ දිල්..?
Deleteඅපොයි ජයන්ති මැඩම් දැක්කොත් නම්.. :D :D
ReplyDeleteහපොයි තවත් අපේ කෙනෙක්. යන්තම් කවුද කියල හොයා ගත්තා.
Deleteමාසෙ අන්තිම දවස් වල නම් රුපියල් විස්සත් දෙදාහක් විතර වටිනවා තමා..
ReplyDeleteමාසෙ මුල රුපියල් දාහ කියන්නෙ නතිං
Deleteසැකෙන් බලනකොට ගොඩක් දේවල් පේන්නේ වැරදිය ට...........
ReplyDeleteඒකනෙ මටත් උනේ
Deleteඕකට තමා අක්කේ ඉවසන්න කියන්නේ....2000 ලොකු ගාණක් තමයි...ඒත් පොඩ්ඩක් කුලප්පු වෙන්නෑතුව ශේප් එකේ බැළුවනම් හොයාගන්න තිබ්බනේ......හි හි
ReplyDeleteකලබලේ තමා සේරටම මුල
Deleteහිතේ තියෙන දුකට හැම කෙනෙක් ගැනම වැරදියට හිතෙනවා.ඔයාට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි.මටත් එහෙම දේවල් වෙලා තියෙනවා.
ReplyDeleteඔලුව විකාර වෙනවා ඒ වෙලාවට එන අදහස් වලට්
Deleteසැකය.. සැකය.. කමක් නෑ අන්තිමේ කා එක්කවත් ප්‍රශ්ණයක් ඇති කරගන්නේ නැතුවම සල්ලි හම්බුනානේ.. ඒ මදෑ.. ලියපු ගානට වඩා කී දෙනෙක් සැක කලාද දන්නේ නෑ???
ReplyDeleteදකින හැමෝම ළඟ සැක කරන්න කාරණා තිබ්බා.
Deleteඅපරාදේ ඔයාට එක එක්කනා ගෙන් අහගෙන අහගෙන යන්න තිබ්බේ කවුද ගත්තේ කියන කම්....:)
ReplyDeleteඔව් ආයෙ ඒ පැත්තෙ නොයන්නම එහෙම කරන්න තිබ්බා.
Deleteඔබ තුමී කතාවක් අහලා තියෙනවද 'තමන් මිටියක් වූ කල්හි තමාට සියළුම දේ පෙනෙන්නේ ඇණ ලෙසය.' කියලා.
ReplyDeleteමට හිතුනෙත් ඔහොමයි. තමන්ගේ සල්ලි නැති උනා කියලා දැනෙනකොට අපිට පේන හැම එකාම හොරෙක් වගේ පේන්නේ. අපි ඉතින් පෘතග්ජන මිනිස්සු නේ. නේද පිණි ???
ඒ කතාව නම් මරු බං
Deleteලාභ අලාභ.. මට නං දැන් මොකක් නැතිවුණත් හිත හදාගන්න පුළුවං.
ReplyDeleteඑහෙනම් කොච්චර ලොකු දෙයක්ද
Deleteමටත් ඔය වගේ දේවල් වෙලා ඇති අනන්නතවත්....
ReplyDeleteඅන්තිමට අපි ඔක්කොම එකම බෝට්ටුවේ
Deleteවෙලාවට ඒ කාලේ මේකි ලඟ පාත වැඩිය ගැවසුනේ නැත්තේ... එහෙනම් අනිවා ඔය කතාවේ අපිත් ඉන්නව ....
ReplyDeleteමොනාහරි නැති උනා නම් ආයෙ ඉතින් වජිර අයියා තමා. ඔය සෙට් එකේ අනිත් කට්ටිය ගැන කියන්න ඕනෙ නෑනෙ. හී හී.
Deleteමටත් ඔහොම වෙලා තියෙනවා. පස්සේ ලැජ්ජාවේ බෑ
ReplyDeleteවෙලාවට කාගෙන් වත් අහන්න ගියේ නෑ මං
Deleteවතාවක් මගෙ දුනු පිහියක් නැතිඋනා. මම ඒකට සැක කලේ මගෙ නෑදෑවෙන මල්ලි කෙනෙක්ව. මම උගෙ ගෙදරට ගිහිල්ල පිහිය ඉල්ලුවාම ඌ අඬ අඬ කිවුව ගත්තෙ නෑ කියල. අන්තිමට මාස තුනකට විතර පස්සෙ පිහිය ලැබුන මගෙ පොත් රාක්කෙ පිටිපස්සෙ වැටිල තිබිල.
ReplyDeleteඑදායිං පස්සෙ මගෙ මොනම දෙයක් නැති උනත්, මම කට වහගෙන පාඩුව විඳ දරාගන්නව මිසක් මොනම හේතුවකටවත් වෙන කාවවත් සැක කරන්න යන්නෙ නෑ
ඔව් අයියෙ. අන්තිමට දේවල් නැති උනා වගේ නෙමෙයි මිනිස්සුන්ගෙ හිත් බිඳෙනකොට
Deleteඑක එක්කෙනාව සැකකලාට කමක් නැහැ, ඒ අයගෙන් අහන්න කලින් සල්ලි ලැබුනානේ...
ReplyDeleteආපහු මේ වගේ දේවල් නොවෙන්න පාඩමක් ඉගෙන ගත්තනම් ඒ ඇති
අම්මේ ආයෙ මදි නොකියන්න පාඩමක් ඉගෙන ගත්තා
Deleteඔය කලිසං වල සාක්කුත් තියෙනවද.....
ReplyDeleteනැත්තං. තියෙනව නේන්නං.
Deleteඔය සැකය කියන ක්ලේශය ප්‍රහීණ වෙන්න නම් ඉතින් සෝවාන් වෙන්නම වෙනවා !!
ReplyDeleteකාටත් ඔය ටික තමා.
Deleteඔන්න මම වැකේෂන් ගිහින් එද්දී අතේ තියාගත්තා සල්ලි වගයක් අන්තිමට මාරු කරගන්න කටාර් රියාල් වලට. ඕක කොහොමහරි එන දවසේ උදේ තිබ්බේ නෑ. මං ඉතින් ඕක හොයල හොයල අතෑරල දැම්ම. එත් සැලකිය යුතු ලොකු ගානක් නිසා මගේ නෝනා මගේ අම්මා එක්ක එකතුවෙලා ඕක අයෙත් හොයල තිබුන මම අවට පස්සේ. ඉතින් ඒ හම්බ උනෙත් නැති හින්ද දෙන්න එක්ක පේනෙකුත් බලල එහෙම ඇවිත් මට කිව්වේ ඒ සල්ලි වතුරකින් එහා දැන් තියනවා කියල පේන කාරය කිව්වා කියල.. කොහොමත් මං අවාම මගේ බෑග් වලත් ඕක හෙව්වා. එත් තිබුනේ නෑ. මං ඒක අම්මට කිව්වේ ඒ පේන කතාව කිව්වට පස්සේ. කොහොමින් හරි මං ඇවිත් මාස ගානක් ගතවෙලා හරියටම මාස හයකට පස්සේ දවසක මම නිතරම අතේ ගෙනියන බෑග් එකත් එල්ලගන අපේ ස්ටාෆ් බස් එකට නැංගා හවස ගෙදර යන්න. එදා මට ඒ බෑග් එකේ අමුතු තද දෙයක් තියනවා අතට දැනුන. හරි හතරැස් ගොඩක් ගනකම. ඉතින් මම ඒක මොකක්ද කියල අදාල බලද්දී දෙයියනේ ඒ අර නැතිවෙච්ච සල්ලි.. ඉතින් මං ඒ මොහොතේම අම්මට කතා කරලා මේ සිද්ධිය කිව්වා.. ඔන්න අපේ නොසැලකිල්ල.. ප ලි.. අර පේන කාරයටනම් සිරාවටම පේනවද කොහෙද..
ReplyDeleteනොසැලකිල්ල හින්දා තමා අපි අනිත් අයව සැක කරන්නෙ. මොනා උනත් සල්ලි ටික හම්බ වෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද
Deleteතැන්කූ තැන්කූ
ReplyDeleteමම පොඩි කාලේ දවසක් ඔහොම හෙන චෝදනාවක් ආවා ටෝච් එහෙක බැටරි මාරු කිරීමක් සම්බන්ධව... ඇත්ත මං ඒ දවස්වල ඔය ටෝච් ඔරලෝසු එහෙම දුටු තැන ගලවනවා..ඒත් ඒ බැටරි මාරු කරලා දැමීමේ කේස් එකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ.ඒත් තාත්තා ඒකට අල්ලගත්තේ මාව..කොච්චර අඩලා කිව්වත් එයා නෙවෙයි පිළීගත්තේ..අන්තිමේදී මහ රෑම මම ගෙදරින් යන්න ගියා තනියම..එතකොට මට වයස අවුරුදු 10/11ක් විතර ඇති..සමහර විට ඊටත් අඩුයි වගේ..ගෙදර ඉඳන් කිලෝ මීටර් එක හමාරක් විතර දුරින් තියෙන ගමේ මහ විද්‍යාලේට කලුවරේම ගිහින් ඩෙස් එකක් උඩ නිදාගත්තා අඩ අඩම..කොහොම හරි පැය දෙකක් විතර හොයලා අපේ අය ආවා එතනට..මං හොදටම නිදාගෙන ඉද්දි ඇහැරවගෙන එක්ක ආවා..පස්සේ දවසක මල්ලිම කිව්වා එයා ඒක කලේ කියලා...තාත්තට උත්තර නැහැ.
ReplyDeleteඑදා ඒ සිදුවීම මට පුදුම වේදනාවක් උනා... ඒ හින්දා අදටත් කෙනෙකුට ඔහොම කියන්න කලින් මං දහ පාරක් හිතනවා..අනිත් කේස් වලදි වගේ නෙවෙයි...
අනික් දේ තමා මං වැඩ කරන හැම තැනකදීම අනිත් උන්ට උන්ගේ බඩු මුට්ටු එළිපහළියේ දාලා යන්න දෙන්නේ නැහැ..තමන්ට අයිති ලොකර් එකක් තියෙනං අනිවා එකේ දාලා වහලා යතුර අරං නොගියොත්මං අම්බ කුණුහරපෙන් බයින එකනං බයිනවා.. මොකද උන්ගේ මොනවා හරි මගුලක් නැති උනොත් අහල පහල ඉන්න අපි සේරම සැක කාරයෝ වෙනවා. ඒ මදිවට ඌ අපිව සැක කරයි කියලා හිතලා අපිත් හිත් නරක් කර ගන්නවා... ඔය මගුල් හින්දා තමයි මං ඔය වැඩේදී උපරිම තදින් ඉන්නේ..
අද කතාවනං ලියලා තියෙනවා ලස්සනටම...
අපි අවට කෙනෙක්ගෙ දෙයක් නැති උනාම අපිටත් හිතට අවුල් තමා. ඇයි එයා අපිව සැක කරනවද දන්නෑ කියන හැඟීම හිතට දැනෙනවනෙ.
Deleteමයෙ නම් ඔහොම හම්බ වුන අවස්ථා වලට වඩා හම්බ නොවුන අවස්ථා වැඩියි. ඒත් මට නම් කවමදාවත් නැති වුන මුදලක් ගැන ඔයා ඔය බැලුව විදියෙ ඇහැකින් මට නම් කවමදාවත් බලන්නත් බෑ, බලලත් නෑ. මට ඔහොම වෙලාවට හිතෙන්නෙ ලැබුන කෙනෙක් ඒකෙන් සතුටු වෙයි නෙ කියල විතරයි.
ReplyDeleteඔව් ඒකත් හිත හදාගන්න හොඳ ක්‍රමයක් තමා
Deleteමට කොහොම හරි මිස් වෙලා මේ පෝස්ට් එක. මං හිතන්නෙ මේ වගේ දේවල් හුඟාක් දෙනෙකුට සිද්ධ වෙලා ඇති. එක වතාවක් ඔබීගේ මුද්දක් නැති වෙලා කොයි තරම් හෙව්වත් හමු වුනේ නෑ. ගෙවල් මාරු කරන වෙලාවෙ ඇඳක් යට තිබිල හමුවුනා අහම්බෙන්. එතකොට මුද්ද නැති වෙලා මාස තුනක් විතර. හැබැයි අපට සැක කරන්න කව්රුත් හිටියෙ නෑ.
ReplyDeleteමොනා උනත් නැති වෙච්ච දේ හම්බ උනානෙ.
Deleteශිහ්....
ReplyDeleteමාසෙ අන්තිමගැනනම් කතාකරල වැඩක් නැහැ....
ආ.... කතාවත් මරු...
ඔය වගේම තමා. දවසක් අපේ ආච්චිගෙ මුද්දක් නැති වෙලා කියල. ඒ දවස්වල ගෙදරට ආපු ඔක්කොම මතක් කර කර බනිනවා...
ReplyDeleteහැමදාම වගේ ගෙදරට ඇවිල්ලා කතා කර කර ඉඳල යන කෙනෙක් තමයි ආච්චිගෙ ප්‍රධාන සැකේ. මොකද ඒක නැති වුනාට පස්සේ කාලෙකින් ඒ පැත්තේ ආවේ නෑ කියල. ඉතිං බනිනවා පලු යන්න..
දවසක් එයාගෙ අල්මාරියෙම ලාච්චුවේ එක ඔතල තිබිලා මට හම්බවුනා... එයාම එක අරන් තියල පස්සේ මතක නෑ.