කප්පරක් දුක හිත දරාගෙන
මහ මෙරක් බර හිස තබාගෙන
සප්ත මහ සාගරේ ගැඹුරට
කඳුළු බිඳු වැල් නෙත රඳාගෙන..
අනන්තය ඉම තෙක් පැතිර ගිය
සෙනෙහසින් හද ගැබ තෙමාගෙන
විඩාබර වූ මියෙන ලෝකය
සදා පණ දෙන ජීවනාලිය..
සදාකාලිකවම මෙලොව තුළ
අසීමිත ආදරයෙ උල්පත
ගොතා නිම කළ නොහැකි ගුණ කඳ
මවුනි, ඔබෙ පා වඳින්නෙමි මම..
මගේ ලොව ගණඳුර නසන්නට
පුරාසඳ වන සදා කල්හිම
ඔබෙ නමට සුපිපෙන කුසුම් ගෙන
බැතින් පා යුග වඳින්නෙමි මම..
මහ මෙරක් බර හිස තබාගෙන
සප්ත මහ සාගරේ ගැඹුරට
කඳුළු බිඳු වැල් නෙත රඳාගෙන..
අනන්තය ඉම තෙක් පැතිර ගිය
සෙනෙහසින් හද ගැබ තෙමාගෙන
විඩාබර වූ මියෙන ලෝකය
සදා පණ දෙන ජීවනාලිය..
සදාකාලිකවම මෙලොව තුළ
අසීමිත ආදරයෙ උල්පත
ගොතා නිම කළ නොහැකි ගුණ කඳ
මවුනි, ඔබෙ පා වඳින්නෙමි මම..
මගේ ලොව ගණඳුර නසන්නට
පුරාසඳ වන සදා කල්හිම
ඔබෙ නමට සුපිපෙන කුසුම් ගෙන
බැතින් පා යුග වඳින්නෙමි මම..
මොකෝ පිණි.... හිටපු ගමං....අම්මගෙ ගුණ ගායනා කරන්න හිතුනෙ?....හෙහ්, හෙහ්,
ReplyDeleteලස්සනයි නංගි....
විශේෂ හේතුවක් නෑ අයියෙ. නිකන් හිතුනා ලියන්න. ස්තූතියි කාලෙකින් මේ පැත්තෙ
Deleteලස්සන කවි පංතියක් !
ReplyDeleteරවි අයියට හිතුන දේම මටත් හිතුනා. මොකෝ එකපාරටම මවු ගුණ මතක් උනේ ?
නිකමට හිතට ආවෙ බං.
Deleteලිව්ව හේතුව මොකක් උනත් පැදි පෙළ නම් ලස්සනට ලියැවිලා.... ඒත් ඉතින් එක හේතුවක්යැ මව් ගුණ වනන්න.... නේද....
ReplyDeleteඒකනෙ. ස්තූතියි
Deleteහැමදා උදේ ඔබේ දෑතින් බැඳෙනා රස බර මගේ බත,
ReplyDeleteරසවින්දෙමි, මා පාසැල් සමයේ සිට...
ඒ රස ලබන්නට පින්මඳ වූ දිනෙක ..
හැබැහින් දැනුනි ඔබ මා ලඟ නැති වෙනස.....
අම්ම හදන පොල් සම්බෝලෙ රස දැනුත් දැනෙනවා.
Deleteලස්සනයි අක්කේ.. මවු ගුණ ගැන කොච්චර ලිවුවත් මදි අක්කේ...
ReplyDeleteස්තූතියි දිනේශ්
Deleteකොච්චර ගැයුවත් එපා වෙන්නේ නැහැ නේද .
ReplyDeleteමැරෙනකල් එපා වෙන්නෙ නෑ අක්කෙ.
Deleteමොකද අප්පේ මේ හදිසියෙ අම්ම මතක් උනේ ???? අම්මගෙ උපන් දිනේවත් ලගද ???
ReplyDeleteනෑ අයියෙ එහෙම විශේෂයක් නෑ. නිකමට හිතිච්ච දෙයක්
Deleteඅක්කේ මල් හතයි....අම්මා ගැන කියන්න අපිට වචන නෑ......
ReplyDeleteමකුළුවා.. කාලෙකින් නේ.
Deleteලස්සනයි අක්කේ ..
ReplyDeleteස්තූතියි සඳරූ..
Deleteඅම්මලගේ ගුණ කියලා නිම කරන්න බෑ....
ReplyDeleteගොතා නිමකළ නොහැකි ගුණ කඳ
Deleteආමගේ සෙනේ උල්පත ගලනවා වගේ
ReplyDeleteඅප්පගේ සෙනේ දිවිරකිනා හුස්ම වගේ
ඒක නම් හැමදාටම ඇත්ත
Deleteමරේ මරු...තාත්ත ගැනත් වෙලාවක ලියන්න අක්කෙ...
ReplyDeleteතාත්තා ගැන ලියපු කවියක් තියෙනවා. වෙලාවක දාන්නම්.
Deleteකියන්න වචන නෑ... ජයවේවා අක්කේ!!!
ReplyDeleteස්තූතියි..
Deleteඅම්මෙක් දරුවන්ට කොච්චර ආදරේද කියල පේනව, ඔබී දරුවන්ට ආදරේ තරම දැක්කම.
ReplyDelete"පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදි..."
ReplyDelete