අලුත් අවුරුද්දෙ මගෙ පලවෙනි පෝස්ට් එක. අලුත් අවුරුද්ද උනත් පරණ පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නෙ. නත්තල් පහු උනාට කමක් නෑ. නත්තල් එනකල්ම ඉන්න ඕනෙ නෑනෙ නත්තල් කේක් කන්න. කෝ ඔය දියවැඩියාකාරයො ටික පැත්තකට උනා නම්.
ඉස්සෙල්ලාම අවශ්‍ය ද්‍රව්‍ය බලමු.
1. බටර් 250gයි.
2. සීනි කුඩු 400gයි. Soft Sugar කියලා කියන්නෙ ඕවට තමා. ඒවා හොයාගන්න බැරි උනොත් සීනි ග්‍රයින්ඩරෙන් කුඩු කරගෙන ගත්තත් කමක් නෑ.
3. බිත්තර 4යි.
4. රුලං 200gයි.
5. රට ඉඳි 250gයි.
6. බ්ලැක් කරන්ට්ස් 50gයි.
7. වියලි මිදි 150gයි.
8. කජු 150gයි.
9. ඉඟුරු දෝසි 125gයි.
10. පුහුල් දෝසි 400gයි.
11. චව් චව් 250gයි.
12. කැන්ඩිට් පීල්ස් 125gයි.
13. මික්ස් පීල් 50gයි.
14. සිට්රස් පීල් 50gයි.
15. චෙරි 200gයි.
මේවා නම් ඔය කේක් බඩු විකුණන කඩවල් වලින් නැත්තන් සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.
16. ගෝල්ඩන් සිරප් ම්ලි ලීටර් 100යි.
17. ජෑම් මේස හැඳි හතරක් පහක් විතර.
18. බේකිං පවුඩර් තේ හැඳි 1/2යි.
19. වැනිලා ආමන්ඩ් එසෙන්ස් ටිකක්
20. මී පැණි මිලි ලීටර් 100යි.
21. තව බ්‍රැන්ඩි හරි අරක්කු හරි මිලි ලීටර් 100කුත් ඕනෙ.
ඔය අපේ (අ)මද්‍යප මහත්තුරු ටිකට කොරන්න තියෙන්නෙ ඔය බඩු ටික නෝනලට ගෙනත් දීලා ඉතුරු වෙන බ්‍රැන්ඩි කොටෙත් එක්ක පැත්තකට වෙලා ඉන්න එක තමා.
ඉස්සෙලාම පළතුරු ටික සිහින් කැබලි වලට කපාගන්න. ඔන්න පින්තූර ටික.
ඒකට එසෙන්ස් වර්ග, ගෝල්ඩන් සිරප්, මී පැණි, ජෑම් එකතු කරන්න.
අවසානයට බ්‍රැන්ඩි ටිකත් එකතු කර ගන්න.
දැන් හොඳින් මිග්‍ර කරගන්න.
ඔය මිශ්‍රණය පේන්නෙ මෙහෙමයි.
මේක භාජනයකට දාලා ලන්ච් ෂීට් එකකින් වහලා දවස් තුනක් තියන්න. හැබැයි කූඹින්ගෙන් බේරගන්න එක ඔයාලගෙ වැඩක්. කූඹි හිටු කියලා දුවගෙන එන්නෙ.
දවස් තුනක් ගියාට පස්සෙ කරන්න තියෙන්න ටික මේ.
ඉස්සෙල්ලාම රුලං ටික කබලෙ බැද ගෙන නිවෙන්න තියන්න.
බටර් එක්ක සීනි මිශ්‍ර කරලා හොඳින් ගසා ගන්න. ඒකට බිත්තර කහ මද එක්කරමින් ගසන්න. මේකටම රුලං ටිකත් දාගන්න. මේකට අර පළතුරු මිශ්‍රණය එකතු කරගන්න. බේකිං පවුඩර් ටිකත් දාන්න. අන්තිමට බිත්තර සුදු මදය ටික ටික එකතු කරගන්න.
කේක් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් තැටි වලට දාලා පෝරණුවක පුලුස්සා ගන්න.
මේ තියෙන්නෙ අන්තිම ප්‍රතිපලය. වෙඩින් කේක් රසම තමා එන්නෙ.
පෝරණුවෙ ෆැරන්හයිට් 175ක උෂ්ණත්වයක විනාඩි 45ක් කේක් එක පුලුස්සා ගන්න.
ඉතින් වෙලාවක හදලා බලන්න. ටිකක් මහන්සි වෙන්න නම් වෙනවා. ඒත් ඒ මහන්සිය අපතෙ යන්නෙ නම් නෑ.
ප.ලි. වයින් එක නම් කියලා වැඩක් නැත. බඩජාරී කමට ඉඩ නොදී වයින් රස විඳින හැටි උගත්තෙමි.
ඉස්සෙල්ලාම අවශ්‍ය ද්‍රව්‍ය බලමු.
1. බටර් 250gයි.
2. සීනි කුඩු 400gයි. Soft Sugar කියලා කියන්නෙ ඕවට තමා. ඒවා හොයාගන්න බැරි උනොත් සීනි ග්‍රයින්ඩරෙන් කුඩු කරගෙන ගත්තත් කමක් නෑ.
3. බිත්තර 4යි.
4. රුලං 200gයි.
5. රට ඉඳි 250gයි.
6. බ්ලැක් කරන්ට්ස් 50gයි.
7. වියලි මිදි 150gයි.
8. කජු 150gයි.
9. ඉඟුරු දෝසි 125gයි.
10. පුහුල් දෝසි 400gයි.
11. චව් චව් 250gයි.
12. කැන්ඩිට් පීල්ස් 125gයි.
13. මික්ස් පීල් 50gයි.
14. සිට්රස් පීල් 50gයි.
15. චෙරි 200gයි.
මේවා නම් ඔය කේක් බඩු විකුණන කඩවල් වලින් නැත්තන් සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.
16. ගෝල්ඩන් සිරප් ම්ලි ලීටර් 100යි.
17. ජෑම් මේස හැඳි හතරක් පහක් විතර.
18. බේකිං පවුඩර් තේ හැඳි 1/2යි.
19. වැනිලා ආමන්ඩ් එසෙන්ස් ටිකක්
20. මී පැණි මිලි ලීටර් 100යි.
21. තව බ්‍රැන්ඩි හරි අරක්කු හරි මිලි ලීටර් 100කුත් ඕනෙ.
ඔය අපේ (අ)මද්‍යප මහත්තුරු ටිකට කොරන්න තියෙන්නෙ ඔය බඩු ටික නෝනලට ගෙනත් දීලා ඉතුරු වෙන බ්‍රැන්ඩි කොටෙත් එක්ක පැත්තකට වෙලා ඉන්න එක තමා.
ඉස්සෙලාම පළතුරු ටික සිහින් කැබලි වලට කපාගන්න. ඔන්න පින්තූර ටික.
ඒකට එසෙන්ස් වර්ග, ගෝල්ඩන් සිරප්, මී පැණි, ජෑම් එකතු කරන්න.
අවසානයට බ්‍රැන්ඩි ටිකත් එකතු කර ගන්න.
දැන් හොඳින් මිග්‍ර කරගන්න.
ඔය මිශ්‍රණය පේන්නෙ මෙහෙමයි.
මේක භාජනයකට දාලා ලන්ච් ෂීට් එකකින් වහලා දවස් තුනක් තියන්න. හැබැයි කූඹින්ගෙන් බේරගන්න එක ඔයාලගෙ වැඩක්. කූඹි හිටු කියලා දුවගෙන එන්නෙ.
දවස් තුනක් ගියාට පස්සෙ කරන්න තියෙන්න ටික මේ.
ඉස්සෙල්ලාම රුලං ටික කබලෙ බැද ගෙන නිවෙන්න තියන්න.
බටර් එක්ක සීනි මිශ්‍ර කරලා හොඳින් ගසා ගන්න. ඒකට බිත්තර කහ මද එක්කරමින් ගසන්න. මේකටම රුලං ටිකත් දාගන්න. මේකට අර පළතුරු මිශ්‍රණය එකතු කරගන්න. බේකිං පවුඩර් ටිකත් දාන්න. අන්තිමට බිත්තර සුදු මදය ටික ටික එකතු කරගන්න.
කේක් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් තැටි වලට දාලා පෝරණුවක පුලුස්සා ගන්න.
මේ තියෙන්නෙ අන්තිම ප්‍රතිපලය. වෙඩින් කේක් රසම තමා එන්නෙ.
පෝරණුවෙ ෆැරන්හයිට් 175ක උෂ්ණත්වයක විනාඩි 45ක් කේක් එක පුලුස්සා ගන්න.
ඉතින් වෙලාවක හදලා බලන්න. ටිකක් මහන්සි වෙන්න නම් වෙනවා. ඒත් ඒ මහන්සිය අපතෙ යන්නෙ නම් නෑ.
ප.ලි. වයින් එක නම් කියලා වැඩක් නැත. බඩජාරී කමට ඉඩ නොදී වයින් රස විඳින හැටි උගත්තෙමි.
ඉතුරු බ්‍රැන්ඩි ටිකට මොකෝ කරන්නෙ..
ReplyDeleteමගේ අම්මට නම් නත්තල් කේක් හදන්න පුළුවන්. මොකද අම්මා වැඩ කරන ගෙදර පොඩි දුව බැදලා ඉන්නේ ක්‍රිස්තියන් කෙනෙක්. ඒක නිසා හැම නත්තලකටම කේක් හදනවා. මේ පාර මට අම්මා හදපු කේක් වල රස බලන්න තාම යන්න බැරි වුනා. එහේ නම් අවුරුද්දට පැණි වළළු හදනවා. මම ඒවට නම් හරිම පෙරේතයී.
ReplyDeleteපහුවෙලා කියලා දුන්නට මොකද මේවා පරන වෙන තරමටලු නේ රස.
මං මේ යූල් ලොග් බලන්න ආවෙ! මෙව්වත් නරක නැත.
ReplyDeleteඅනේ කේක් හදන්න මෙතරම් බඩු ගොඩක් ඕනද?...කඩන්න බැරි මිදි තිත්තයි කිව්වලු :)
ReplyDeleteමිලිලීටර් 100ක් ඕන වැඩේට බෝතලයක්ම ගත්තෙ ඇයි?
ReplyDeleteහ්ම්ම්....
ReplyDeleteඅපේ අම්මිත් හැදුවා නත්තල් වලට... හම්මියෝ දවස් දෙකෙන් කේක් එක මිසින්.
ඔව්වත් එක්කම හරියන දේ තමයි වයින්... එකත් හදන හැටි දාමු. මොකද ගෙදර හදන වයින් තරම් කඩෙන් ගන්න එව්වා රස නෑ වගේ නිසා...
@ වැම්පයර්
මොකද කියන්නේ... දෙමුද ගේම ඉතුරු බ්‍රැන්ඩි ටිකට. හිකිස්
;)
නත්තල් කේක් වෙඩිං කේක් වගේ..පැණි රස වැඩි නිසා දිල් නම් කන්න කැමති නෑ ....ඒත් හදලා නම් තියෙනවා
ReplyDeleteඈහ්.... බං කෝ උෂ්ණත්වයයි,වෙලාවයි.ඒකත් කියපන්කෝ.
ReplyDeleteහරි හරි ඔය වයින් කතාවත් කියලා දාපන් වැඩිය හිතන්නෙ නැතුව.
දෙමුද ගේම ඉතුරු බ්‍රැන්ඩි ටිකට???
ReplyDeleteඕකට ඔච්චර මහන්සි වෙන්න ඕනෙද..... කන ජාති ටික කාල........ බොන ජාති බීල උඩ පැන්නා නම් හරි............
ReplyDeleteඅර බෝතලේ විතරයි මං නම් දැක්කේ... මොනාද ඒ????
ReplyDeleteවෙඩින් කේක් හදන්න බඩු ගෙනල්ල සහ ඒ අක්කට උදව් වෙලා මට නම් ඔය ජාතියේ කේක් මතක් කරන කොටත් මහන්සියි . හැබැයි කන්න නම් ආසයි . කෝ ඉතින් ඔය සමහර ජාති හොයාගන්න තියෙයිද මන්දා මෙහෙ . බලමුකෝ සොයල . රෙසිපියට ස්තුතියි . පුළුස්ස ගන්න කොටස පැහැදිලි මදි නගේ. ඔය වගේ කේක් ටිකක් වෙනස් නේද
ReplyDeleteකෝ කෝක් ඇන් අයිස්??
ReplyDeleteඅපරාදේ මෙයාලා බ්‍රැන්ඩි නාස්ති කරනවා...ඔයිට වඩා කොච්චර ලේසිද ළමයා ඔය පලතුරු ටික තසිමකට දාගෙන බ්‍රැන්ඩි එකත් ඇරලා ලගින් තියාගෙන ළගින් වාඩි උනානං...ඕනනං තව නිවිච්ච උනු වතුර ටිකක් තිබුනනං ඇති.. පිටි ඕනත් නැහැ රුළං ඒනත් නැහැ...
ReplyDeleteමොනවා උනත් වැඩේනං හොඳට ඇවිත් තියෙනවා..කොළඹ එනගමන් කෑල්ලක් ඔතං වර...
@ වැම්පයර් - බ්‍රැන්ඩි ටික තාත්තගෙ භාරයට පත් කර ගත්තා.
ReplyDelete@ බට්ටි - පරණ වෙන තරමට තමා රස. ඒත් කාටද අප්පා ඔය හැටි කාලයක් බලාගෙන ඉන්න පුලුවන්. බාපු ගමන් දෙනව බැටේ.
ReplyDelete@ ඉන්දික උපශාන්ත - ඒකනෙ කියන්නෙ
ReplyDelete@ Shani - ඔය දාන ඒවා හන්දා තමා ඔහොම රසට එන්නෙ.
ReplyDeleteඅඩේ කිවුවා වගේම හදාලා නොවැ... මදැයි හැමදාම මතක් කරන්න කියල හිතාගෙන හිටියා....
ReplyDelete@ රාජ් - ඒක අපෙ තාත්තගෙ කුමන්ත්‍රණයක්. ඉතුරු බ්‍රැන්ඩි ටික අයිති කරගන්න.
ReplyDelete@ නෝටියා | Naughty's Impression - මම කේක් එක්ක තමා වයින් බිව්වෙ. ඒත් ගෙදර හදන වයින් නම් දන්නෙ නෑ. ඒකෙ රෙසිපි එක හොයාගන්න ඕනෙ.
ReplyDelete@ දිල් - මම නම් ඔය පැණි රස හින්දමයි ආස.
ReplyDelete@ නිසුපා - අඩේ ඔන්න මම වැරැද්ද හැදුවා. මට ඒක දාන්න අමතක උනානෙ. වයින් ගැන කියනවා නම් දවස් නවයක් ගෙදර හිටියා වයින් බෝතලේ අඩියටම හිඳුනා. එච්චරයි කතාව.
ReplyDelete@ ඊ මේල් කවිකාරි - අනේ අක්කා ඒවා නම් එපා. මගෙ උගුර පිච්චිලා යන එක විතරයි දැනෙන්නෙ. මොන රහකට මුන් ඕවා බොනවද මන්දා.
ReplyDelete@ saundiris - ඔව් ඉතින් කොහොමත් බොන ජාති ටික බිව්වම උඩ පැනෙනවා තමා.
ReplyDelete@ prasanna86k - ඔය මේ අර අයිස් තේ වගයක්නෙ.
ReplyDelete@ Bindi - පැහැදිලි මදි කිව්වෙ අක්කෙ කේක් තැටි පිලියෙල කරගන්න ටිකද. තැටියට මාජරි ගාලා හාෆ් ශීට් තට්ටු තුනක් දාලා ඊට උඩින් තෙල් කඩදාසියක් දාන්න ඕනෙ. ඒ ටික උඩින් තමා කේක් මිශ්‍රණය දාන්න ඕනෙ. ෆැරන්හයිට් 175 විනාඩි 45ක් විතර බේක් කර ගත්ත නම් හරි.
ReplyDelete@ පැණි දොඩම් - මුන්ට ඉතින් මොනා දැම්මත් ඔච්චරයි. බෝතලේ විතරයි පේන්නෙ. ඇයි බං මෙච්චර මහන්සි වෙලා කේක් එකක් හදල තියෙනවා පේන්නෙ නැද්ද.
ReplyDelete@ මාරයාගේ හෝරාව - උඹලගෙ කතා අහද්දි මටත් හිතෙනවා බං අයියෙ එහෙම කරා නම් ඉවරයි කියලා මෙහෙම කේක් හදන්න මහන්සි වෙන්නෙ නැතුව. හික්ස්.
ReplyDeleteකේක් හදන්න ගෙනාපු බ්‍රැන්ඩි එහෙම ඉතුරු නැද්ද ? බොන්න නෙමේ. මටත් කේක් එකක් හදලා බලන්න.
ReplyDeleteප්‍රශ්නයක් !!
බ්‍රැන්ඩි බෝතලයක් විතර දාලා කේක් හදන්න බැරිද ?
මෙවුවා කන්න තිබුණා නම් ඉතින් අපිටත් නත්තල් වගේ තමා
ReplyDeleteහොඳ ගාණක් යයි නේද?
ReplyDeleteඇයි හතිලව්වෙ කේක් කන්න මැරෙන්න වෙනවනෙව හදන්න ඕන කරන ජාති ඇහුවම !
ReplyDeleteමේ පාර නම් කෑවා ඇතිවෙන්න ලංකාවට ගිය වෙලේ.. මං දැනුයි දන්නේ බිත්තර දාන බව.. අපේ හාමිනේ මට බොරු කියල තියෙන්නේ මං බිත්තර නොකන හින්දා..අල්ලගන්නම් උන්දැව අද හවස !
ReplyDeleteකොනියැක් දාපු කොක්ටේල් එකක් බීල බැලුව නං ඔයා ඕක කියන්නැහැ http://www.drinksmixer.com/cat/2517/
ReplyDeleteබ්‍රැන්ඩි මි.ලි. 100 ක් දැම්මම ඇද්ද?
ReplyDeleteචව් චව්, කැන්ඩිට් පීල්ස්, මික්ස් පීල්, සිට්රස් පීල්,
ඔව්වෑ නං නම් ඇහුවෙත් අදයි, 'ඔබී' ආවම වත් අහල බලන්න ඕනෙ මොනවද ඒ කියල
ජීවිතේට එකම සැරයක් හදල තියෙනවා.... ඕවයෙ සුවඳ වැඩිකමටද කොහෙද මට කැරකිල්ලත් හැදුනා.... මං හිතුවෙ ආයෙ කන්නවත් හිතෙන එකක් නෑ කියල... මොන පිස්සුද... පස්සෙන්දම වැඩේ පටන් ගත්ත.... :D
ReplyDeleteඅය්යෝ.. බ්ලොග් කියවිල්ල ටික කාලෙකට නවත්තන්න වෙනවා ආත්මාරක්ෂාවට.. කට්ටිය ගණ සැරේට දාන්නේ කන බොන ජාතිමනේ.. කෙල ගිලිලා දවසක මැරෙනවා මං දන්නවා ඕන්....
ReplyDelete@ Dinesh - ඇද්ද කට්ටියට හූ..
ReplyDelete@ මධුරංග - බ්‍රැන්ඩි බෝතලයක් දාලා හදන්න පුලුවන්. එතකොට ඒකට කේක් කියන්න බෑ බං.
ReplyDelete@ හිස් අහස - මෙහෙන් බඩු ටික හොයා ගත්තොත් තමා. අපේ පැත්තෙත් හොයන්න අමාරුයි.
ReplyDelete@ හරී - අවුරුද්දකට පාරක් හදන නිසා හොඳයි. නැත්තන් සේසතම උගස් කරන්න වෙන්නෙ.
ReplyDelete@ nawammawatha - අමරුවෙන් හරි හදාගත්තොත් කෝමද රස.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - නෑ මේකෙ බිත්තර නොදා හදන වර්ෂන් එකකුත් තියෙනවා මයෙ හිතේ.
ReplyDelete@ ඊ මේල් කවිකාරි - එහෙම බීලා නෑ අක්කා.
ReplyDelete@ Observer - මිලි ලීටර් සීය හොඳටම ඇති. නැත්තන් කාපු කාපු තැන් වල එක එකා වැටිලා ඉඳියි.
ReplyDelete@ Miyuru - මේක පරණ වෙන්න වෙන්න මාර රහක් තියෙන්නෙ
ReplyDelete@ ක්සැන්ඩර් | Xander - ඔව් ඔව් ඕවට රිටන් එක දෙන්න තමා මාත් මේ පෝස්ට් එක දැම්මෙ.
ReplyDeleteඅප්පා.... ඒක දැක්කත් බඩ පිරෙනවා...
ReplyDeleteහෆ්ෆා . . ෆ්‍රෑංක්ලින් . . . හරියන්නෙ නෑ . . . මට පහුවදාට උහුලන්න අමාරු ඔලුවෙ කැක්කුමක් එනව ෆ්‍රෑංක්ලින් බිවුවම
ReplyDelete@ තාරා - හදල බලන්නකො
ReplyDelete@ ඕනයා - ඕකත් තාත්තා තමා ගෙනාවෙ. වයින් වගේ බ්‍රැන්ඩි වල බ්‍රෑන්ඩ් ගැන නම් මම දන්නෑ අප්පා.
ReplyDelete