පරම්පරා ප්‍රත්‍යාවර්ථනයක
නැවතුණ
හයිඩ්‍රාවෙකුගෙ හිත හදන්න
ක්‍රස්ටේෂියාවෙකුට කවදාවත්
පුළුවන් වෙන එකක් නෑ..
අපි නොදන්නවයැ
ඇඩම්සියයි
තාපස කකුළුවයි ගැන..
නැවතුණ
හයිඩ්‍රාවෙකුගෙ හිත හදන්න
ක්‍රස්ටේෂියාවෙකුට කවදාවත්
පුළුවන් වෙන එකක් නෑ..
අපි නොදන්නවයැ
ඇඩම්සියයි
තාපස කකුළුවයි ගැන..
මේකත් ඒ ලෙවල් කාලෙ පාඩම් කරනකොට ලියපු කවියක්. පුලුවන් විදිහට තේරුමත් දාන්නම්. නැත්තන් මඤ්ඤමේ උපරිමේ නේ..
හයිඩ්‍රාවන් අයත් වෙන්නෙත් මුහුදු මල්, බුහුබාවන්, ජෙලි ෆිෂ්ලා අයත් වෙන සිලින්ටරේටා සත්ව කොට්ඨාශයට. හයිඩ්‍රාවන් සිය ජීවිත කාලය තුළම පරම්පරා ප්‍රත්‍යාවර්ථනයට ලක් වෙනවා. ඒ කියන්නේ මොවුන්ගේ අංකුරයකින් නැවත් හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. නැවත ඒ හයිඩ්‍රාගේ අංකුරයකින් තවත් හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. මේක චක්‍රයක්. මේ පරම්පරා ප්‍රත්‍යාවර්ථනයේ හිරවෙච්ච හයිඩ්‍රාවෙක්ට ප්‍රේමයක් ගැන හිතන්න නිදහසක් තියෙනවද.
ඇඩම්සියා කියන්නෙත් හයිඩ්‍රා වගේ මුහුදු මලක්. මලක් වගේම තමා ඒත් පණ තියෙනවා. උන්ගේ දහස් ගාණක් තියෙන කෙඳි වගේ අඬු අතරට පීනගෙන එන පුංචි මාළු හා කුඩා ප්‍රාණීන් තමා මුන්ගෙ ආහාරය වෙන්නෙ. උන්ට කෑම ළඟට එනකල්ම ඉන්න වෙනවා පීනන්න බැරි නිසා.
ක්‍රස්ටේෂියාවන් කියන්නෙ ඉස්සො, කකුළුවො, පොකිරිස්සො අයත් වෙන සත්ව කොට්ඨාශය. තාපස කකුළුවා කියන්නෙ මේ වගේ ක්‍රස්ටේෂියාවෙක්ට.
මුගේ තියෙන විශේෂත්වය තමයි උගේ පිටේ තියෙන කටුව උඩ අර ඇඩම්සියාව තියාගෙන ඉන්න එක. ඒකෙන් උන් දෙන්නටම ප්‍රයෝජනයක් තියෙනවා. ඇඩම්සියාට ඉන්න තැනක් ලැබෙනවා. ඇඩම්සියා නිසා එතෙන්ට ඇදිලා එන කුඩා මාළුන්ව තාපස කකුළුවාට ආහාරයට ගන්න පුලුවන් වෙනවා.
දෙන්නට දෙන්න සහයෝගයෙන් ජීවත් වෙනවා තමා. ඒත් අලිංගික ප්‍රජනනයෙන් තමන්ගෙ වර්ගයා බෝ කරන ඇඩම්සියාගෙ හිතේ ප්‍රේමයක් ඇති කරවන්න කවදාවත් ක්‍රස්ටේෂියාවෙක්ට පුළුවන් වෙයිද?
කවිය හා විද්‍යාත්මක අර්ථකථනය..අගේය
ReplyDeleteඉස්තූතියි..
Deleteප්‍රේමය කියන්නේ ඔය කියන විදියට රාගයද??
ReplyDeleteඔය කියන උවමනාව නැතුව ප්‍රේමයකට පවතින්න බැරිද??
අපොයි පුලුවන්. ඒත් වර්ගයා බෝ කිරීමක් නැතුව පැවැත්මක් නෑනේද. මේක එක අදහසක් විතරයි.
Deleteකවිය දැක්ක ගමන් මොකක්ද උනා........
ReplyDeleteවෙලාවට විවරණයකුත් දැම්මේ,
අක්කා උ.පෙ ට බයෝ ද කලේ....?
බයෝ තමා කරේ. අන්තිමට කැම්පස් ආවම ඉගෙන ගත්තු කිසිම විෂයකින් පලක් උනේ නෑ. මැත සහ අයි ටී වලින් තමා ඉස්සරහට ගියේ.
Deleteමඥ්ඥං තමයි..... පාඩං කරපු කාලේ වෙන වැඩක් තිබ්බෙම නැද්ද
ReplyDeleteපාඩම් කරපු කාලෙ පාඩම් කරා නම් හරියට අද අපි කොහෙද. හික්ස්
Deleteනියමයි...... ඉතින් ජීව විද්‍යාවට මොකද උනේ ?
ReplyDeleteජීව විද්‍යාවට එතනින්ම පුල්ස්ටොප් එක වැටුනා.
Deleteඅනේ මන්දා.... තේරුම් කලේ නැත්නම් උඹට බනින්න තමා වෙන්නෙ....
ReplyDeleteඑක අතකට උන් නිදහසේ ඉන්නවා නේද බං.
උඹලා මඤ්ඤං වෙන නිසා තමා තේරුම දැම්මෙ. නැත්තන් උඹලා මාව ඉතුරු කරයිද
Deleteබුදු අම්මියෝ! මෙන්න බයෝඩයිවසිටි යකා එනෝ! බේරගනියෝ............ :D
ReplyDeleteඔබ මාව සුන්දර අතීතයකට ගෙන ගියා! :) :) :) :) :)
ඉස්කෝලෙ කාලෙ හරි සුන්දරයි අප්පා..
Deleteනුවන් කිව්ව එකම තමයි කියන්න තියෙන්නෙ... සෙක්ස් නැතුව ප්‍රේමයක් පවතින්න බැරිද?... වර්ගයා බෝකිරිල්ලයි ප්‍රේමයයි අතර සම්බන්දයක් නෑනෙ... මොකෝ ලව් නොකර ඔය බෝකිරිල්ල කරන්න බැහැ කියල එකක් නෑනෙ...
ReplyDeleteමම කලේ නම් බයෝ නෙමෙයි ඒත් සාගර ජීව විද්‍යාව කියන්නෙ කැමතිම විශයන්ගෙන් එකක්.. ඒකනෙ කොරල් පරයි මාලුයි පස්සෙ පන්නන්නෙ.. තාපස කකුළුව ගැන දැනගෙන හිටියත් මේ ටික නම් දැනගෙන හිටියෙ නෑ..
ඔයාගෙ කතාවට මම හොඳටම එකඟයි. මේක සිතුවිල්ලක් පමණයි බොලේ.. සාගර ජීව විද්‍යාව පැත්තට මාත් පට්ට ලයික්.
Deleteමට නං නිකන් තාම ඔලුව කැරකෙනව වගේ!!
ReplyDeleteකැරකිල්ල නැවතුනාම ආයෙ කියවලා බලන්නකො
Deleteමේව රඟදෙනා බයිලා මල්ලි ඇහිඳ ගනිල්ලා...!
ReplyDeleteබයිලා කියන්න එපා අයියා..
Deleteනියම ප්ලොට් එකනේ අක්කෝ.... නියමයි.. :D
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteගිණි මද්දහනෙ මේව කියෙව්වම කරපට් වෙච්ච ඔළුව තවත් කරවෙනව. හැබැයි අර සත්තු ගැන අමතක කරල ඒක යට තියන නිවිහැනහිල්ලෙ කල්පනා කරන්න පුළුවන් කරණාව නම් බොහොම අපූරුයි.
ReplyDeleteප.ලි :අර ඇඩම්සියාට ඇස් තියනවද ? එහෙමනම් තාපස කකුලුව ගෙසෙල්ලම් ඔක්කොම බලන්න පුළුවන් ඌට නොමිලේම.
නෑ අයියෙ උන්ට ඇස් නෑ. ඇස් පරිණාමය උනේ ඊට සෑහෙන්න කාලෙකට පස්සෙ ඇති වෙච්ච සත්ව කාණ්ඩ වල. මුන් සෑහෙන්න නොදියුණු සත්ව කොට්ටාශයක්
Deleteබයෝ කෙහෙල්මල් නම් තේරුණේ නෑ අක්කා...හැබැයි ලිපිය නම් සුපිරි...ලස්සන විග්‍රහයක්....
ReplyDeleteඕවා පාඩම් කරන කාලෙ අපිත් මාර අමාරුවෙන් තේරුම් ගත්තෙ.
Deleteමොන මඟුලක් කියලද මන්දා.. මෙලෝ හසරක් තේරුනේ නෑ මට නම්.... :D
ReplyDeleteඅනේ පලයන්. උඹට අස්පයෙක් ගැන කිව්ව නම් තේරෙයි.
Deleteවාසනාවට අර යට්න් විස්තරයක් දැම්මේ.. ඒකත් ඉතින් සම්පූර්ණ තේරුනාම නෙමෙයි..
ReplyDeleteපොඩ්ඩක් හරි තේරුනා නම් එච්චරයි.
Deleteමගේ උරහිසෙන් හොල්ලලා හොල්ලලා හොල්ලලා අතෑරියා වගේ. මට තාම මඤ්ඤං (ඇයි කලිනුත් තිබ්බේ)
ReplyDeleteඒක නෙමේ. මට කියන්න බලන්න උසස් පෙළට බයෝ කරලා කොහොමද ඉංජිනියරින් කරන්න පුලුවන් උනේ ?
නිකනුත් මඤ්ඤංනේ. ආයෙ අමුතුවෙන් මොකද්ද
Deleteමාත් බයෝ නේ කළේ.... අනේ මම ඇඩම්සියෙක් දන්නෙ නෑනේ අෆ්ෆා....:(
ReplyDeleteසිලින්ටරේටා ගැන ඉගෙන ගත්තෙ නැද්ද..
Deleteනොමිලේ .com .net .org .info ආදි තමන් කැමති paid Domains සහ hosting දිනාගන්න.
ReplyDeleteඔයාගේ බ්ලොග් එකේ දිග නම වෙනුවෙට, .com .info .org ආදි domain එකක් එකතුකරගන්න.
නැත්නම් අලුත්ම වෙබ් අඩවියක් සදහා paid Domains සහ paid Hosting දිනාගන්න.
http://www.sinlix.org/info/free_domain_hosting.html
මම තාම හිතනවා මේ මොකක්ද මේ හරුපේ කියලා
ReplyDeleteආයෙ කියවහන්කො තේරෙයි
Deleteඋපනූපන් ජාතිත් ක්‍රස්ටේෂියාවෙකු නම් නොවේවා!
ReplyDeletehenryblogwalker the dude
හෙහ් හෙහ්. ඔහොම හිතන අයලු ඉස්සෙලාම එහෙම වෙන්නෙ. ඔන්න අපි නම් දන්නෙ නෑ..
Deleteඅනේ ඔය සත්තුන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දෙනවා හලෝ....
ReplyDeleteඋන්ට පාඩුවෙ ඉන්න දුන්න නම් අපි පාඩම් කරන්නෙ කෝමෙයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅක්කා හරි හොඳයි... මට කතා කරන්න දේවල් කියලා දෙනවා....
ReplyDelete