අම්මාගේ නංගි නෑකමට පුංචි අම්මා වූවත් කුඩා කල සිටම මා ඈව ඇමතූයේ පුන්නී කියාය. අම්මා හැරුණු කොට ඒ හා සමානවම මා ආදරේ කරන්නියක් සිටීනම් ඒ ඈය. අම්මා වැඩට ගිය පසු ආපසු එනතෙක් මාත් අක්කාත් කුඩා කල හැදුණේ ඈ තුරුලේය. කුරුළු බත් කටවල් කවාගත්තේ ඈ ලවුවාය. කුරුම්බැට්ටි මැසිමෙන් ගවුම් මහන්නට ඉගෙන ගත්තේ ඈගෙනි. වැලි ගොඩේ ගුල් හාරා බිංකුණ්ඩන් සෙව්වේ ඈ සමඟය. ඇගේ තාරුණ්‍යය ගෙවුණේ කුඩා අප බලා කියා ගනිමිනි.
එදවස පුන්නී අතිශය සුන්දරය. තවමත් නොමැකුණු සුන්දරත්වය ඇගේ අතීත මුහුණුවර මට මතක් කරවයි. දෙදණ තෙක් දික් වූ රැළි වැටුණු කොණ්ඩය, ඇත් දළ පැහැති සම දුටුවන් තව වරක් ඈ දෙස හැරී බැලීමට සමත් විය.
කෙතරම් දෙනෙක් ඇගේ අත පතා පැමිණියද ඇගේ සිතේ ඔටුණු පළඳන්නට සමත් වූයේ එක් අයෙකි. ඇය ඔහුට අප්‍රමාණව ආදරය කළාය. ඔහුගේ ගෙදර අයගෙන් ඇති අකමැත්ත නොසලකා ඇය ඔහුට ආදරය කළාය. එපා කියන උන් ගාවට බලෙන් උඹව යවන්නෙ කොහොමදැයි කියමින් අනන්තව මගේ අම්මා ඇය සමග වාද කරනු මට ඇසී ඇත. අවසන ඔහු සිය නෑසියන් නිසා ඈව අත හැරියේය.
එදායින් පසු ජීවිතය පිළිබඳ තැබූ සුභ සිහින ප්‍රාර්ථනා ඇය අත් හරින්නට ඇත. ඔහු ගියේ ඇගේ මුවේ සිනාව සොරකම් කරගෙනය. හයක් හතරක් නොතේරෙන අපි, වැළපෙන ඈ දෙස දුකින් බලා සිටියෙමු. පුන්නී තව දුරටත් අපි දැනගෙන සිටි හිනැහෙන සුරංගනාවිය නොවූවාය.
අම්මා තාත්තා සහ මාමලා එයින් පසු කෙතරම් යෝජනා ගෙනාවත් ඇය අකමැති වූවාය. ජීවිත සාගරයේ ඉරණම නමැති ඇගේ ඔරුවට ඔහේ හැරෙන පැත්තට ගසාගෙන යෑමට ඈ ඉඩ දී තිබුණි. අවසන ඇගේ යෙහෙළියක මාර්ගයෙන් ඇගේ අත පතා පැමිණි මිනිසාට ඈ කැමැත්ත දුන්නේ එබැවින් විය යුතුය.
පුන්නී සොඳුරු මනාලියක් වූවාය. ගෙවුණු ජීවිතයේ දුක් කරදර වලට ඇගේ සුන්දර බව මකන්නට අපොහොසත් වී තිබුණි. ඇගේ විවාහය පෝරු අෂ්ඨක වලින් තොරවූ චාම් උත්සවයකි. වසන්තය මිය ගිය පසු පිරිත් පැන් ඉස සෙත් කරන්නට උවමනාවක් ඈට නොතිබෙන්නට ඇත.
අළුත් ජීවිතය ඈ ඇරඹුවේ අතීතය මකා දමා දැයි මා නොදනිමි. ඒත් විවාහ ජීවිතය ඈ සෙල්ලමකට නොගත් බව නම් මට විශ්වාසය. ඈ උතුම් වූ මවු පදවිය ලබන්නට සූදානම් වූයේ මේ අවධියේය. ඈ වැනිම සුන්දර වූ කෙලි පැටික්කියකට ඈ උපත දුන්නාය. එවක් පටන් මගේ හදවතෙන් කෑල්ලක් සොරකම් කළ පුංචි සුරංගනාවිය ඈ වූවාය.
වැටි වැටී ඇවිදින විට ඇගේ පුංචි අත් පොඩි වලින් අල්ලා ඈව ඇවිද්දෙවුවෙමි. චූටි කුරුළු කටට බත් ගුලි පොඩි කර කැව්වෙමි. දත් දෙක තුනක් වත් නැති මුව පොඩියෙන් සිනා නගද්දී මවුවත් සුවඳ මගේ හදවත පුරා පිරී ඉතිරී තිබුණි.
කොටින්ම මා පුන්නී සමග ගෙවූ කුඩා කාලය ඈ මා සමග ගෙව්වාය. ඇගේ තරු නෙතු තුළ පුන්නී ඇගේ අතීතය වල දමන්නට ඇත. මිය ඇදුණු සුභ සිහින ඇය ඒ සමනළිය වෙනුවෙන් පණ ගත්තාය. ඒත් දෛවය නැවතත් නපුරු ලෙස ඈට රිද්දාගෙන එන වග අප කිසිවෙකුත් නොසිතුවෙමු.
දියණිය යන්තම් එක වසරට පාසල් ගියා පමණි. ඈ සතියක් පාසල් යන්නට ඇත. ඉන්පසු ඇය දැඩි සේ රෝගාතුර වී රෝහල් ගත කෙරිණි. දීර්ඝ පරීක්ෂණ ගණනාවකට පසු අපි සැවොම ආදරය කළ ඇය ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව තීරණය විණි.
අවුරුදු හයක් වූ ඒ පොඩි කෙලි පැටික්කිය මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගියෙක් වූවාය. මා ජීවිතයේ ගත කළ අසීරුම දින කිහිපය ඒ කාලයයි. දිනෙන් දින කෙට්ටු වන ශරීරය, දීප්තිය අඩු වෙමින් ගිය ඇගේ තරු ඇස් දෙක, අඩු වෙමින් තිබුණු ඇගේ දඟ කොණ්ඩය ඈ ක්‍රමයෙන් මියැදෙන වග පසක් කරවීය. මගේ පුන්නී, ජීවිතෙන් ලද එකම වස්තුව අතින් ගිලිහෙන හැටි අසරණව බලා සිටියාය.
2001 වර්ෂයේ අගෝස්තු මස දෙවන දින මහරගම පිළිකා රෝහලේදී ඇය සදහටම දෙනෙත් පියා ගත්තාය. ඈ පිළිකා රෝගියෙක් බව දැනගත් පසු ජීවත් වූයේ මාසයකටත් අඩු කාලයකි.
මිය යන්නට විනාඩි කිහිපයකට පෙර ඇගේ පිටකොන්දෙන් තරලයක් ගන්නා විටත් ඈ තොල් හපාගෙන නොහඬා පුන්නී දෙසම බලා සිට ඇත. මිය යන අන්තිම මොහොතේදී පුන්නී දෙසට අත් දිගුකර අම්මා යැයි පවසා ඈ අවසන් හුස්ම හෙළුවාය. මගේ අම්මා හා සමාන දයාබර පුන්නීගේ හදවතෙන් අඩක් ඈ සමගම මියැදුණි. ඇය මිය ගිය වග ඇසූ මොහොත එදා මෙදා තුර මා ලත් අමිහිරිතම ආරංචියයි. ඈ වෙනුවෙන් සතයක්වත් වියදම් කරන්නට ඉඩ නොතබා ඈ යන්නට ගියාය.
අඩි එක හමාරක් පමණ දිග මිනී පෙට්ටියක ලා කහ පාට ළමා සාරියකින් සරසා ඈ නිසොල්මන්ව සිටියාය. නැගිට සිටීමට සිහි කල්පනාවක් නොතිබූ පුන්නී මිනී පෙට්ටිය අසළ පැදුරක් මත වැතිර සිටියාය. කොණ්ඩය ඇද ගනිමින් දෛවයට සාප කරමින් ඈ තැබූ විලාපය දස වසරකට පසු අදත් මගේ දෙකනේ නින්නාද වේ. දියණිය මිය ගිය පසු අද වන තෙක්ම පුන්නීගේ නිවසේ නැවත බිත්ති වල තින්ත ගෑවේ නැත. ඒ අර කෙලි පැටික්කියගේ බලි කුරුටු සිතුවම් මැකීමට නොහැකි බැවිණි. දියණියගේ මරණයෙන් පසු ඈ වෙනත් දරුවන්ද නොලද්දාය.
හැර දමා ගිය ප්‍රථම ප්‍රේමයත්, ගොඩ ගැසූ ප්‍රාර්ථනා සමග මිය ගිය දියණියත්, බේබද්දෙක් වූ සැමියාත් සමග දෛවය ඇයට කිහිප වරකට මග වරද්දා තිබුණි. ජීවිතයෙන් දුක, අසරණකම හැරෙන්නට ඈ කිසි දෙයක් නොලද්දාය. කාලය ගත වුවද කාර්යබහුල ජීවිතය අතර තුර මාසෙකට දෙකකට වතාවක්වත් පුන්නී මට හමුවෙයි. කලු කෙස් ටික ටික අඩු වෙවී සුදු කෙස් වැඩි වේගෙන ආවත්, හම රැළි වැටීගෙන ආවත් ඈ තාමත් එදා තරම්ම සුන්දරය. කුඩා කල මෙන් තුරුළට පැන හුරතල් වෙන්නට කාලයක් නොවූවත් මවු හා සමානව මම ඇයට ආදරය කරමි.
ඈ ගැන සිතා මම අප්‍රමාණව සිත රිදවාගෙන සිටිමි. හදවතේ කොහේ හෝ ඇණුනු කටුවක් මෙන් ඈ සිහිවන සෑම විටම මගේ සිත ඇදුම් දෙයි. හිත රිදවාගන්නවා හැරෙන්නට ඇඟිලි අතරින් රූරා ගිය ඇගේ ජීවිතය ආපසු ලබාදෙන්නට හැකි වේද?

වෙනදා කියවන පිනිබිදුගේ කතා වගේ නෙමෙයි අද මේ කතාව කියවගෙන යද්දි ගොඩක්ම දුක හිතුනා. අපි ආදරය කරන අපට ආදරය කරන අය අපට නැති වෙන එක ලොකු දුකක් කියලා බුදු බනෙත් තියෙනවා.
ReplyDeleteමොනවා කරන්නද පිනිබිදු කාලයට ඉඩ දීලා බලාන් ඉන්නවා මිසක් !!!!
ඔයවගේ ලෙඩ්ඩු දහස් ගානක් ලියුකේමියා වලින් නැති වෙනවා ඔය ලෙඩේට බෙහෙත් හොයාගෙන තියෙනවනම් ????
ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි කියලා බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා නේ....
ReplyDeleteමහ හුගාක් දුක හිතුනේ ඔය වගේ අත්දැකිමක් මමත් ජිවිතේ විදලා තියෙන හන්දා වෙන්න ඇති..මගේ අම්මා කෙනෙක් වගේ උන්න නැන්දා නැති උනේත් පිළිකාවකින්..අනේ මන්දා ජිවි දෙවල් දුක දෙනවා වැඩියි හැමදාම කියනවා වගේ..
ReplyDeleteමොනව කරන්නද....දුකයි තමා..ඒත් අපි ජීවත් වෙන්න ඕනේ නෑ අක්කා
ReplyDeleteඇසට කඳුළු ඉනූ කතාවක්.
ReplyDeleteජිවිතේ කියන්නේ එහෙම තමා සහොදරි. වෙලවකට හරිම සුන්දරයි, කටුකයි, දුකයි. මේ හැම දේම ජිවිතේ තමා. අටලෝදහම.
ReplyDelete@ මධුරංග - ඒක ඇත්ත මධුරංග. මහරගම පිළිකා රෝහලට ගියාම සංසාරෙ එපා වෙනවා. ඇත්තටම මේවට බෙහෙත් තියෙනවනම්.
ReplyDelete@ සෝරෝ - ඒ දුක නම් ඇත්තටම දරාගන්න අමාරුයි.
@ නිම්ශා - අපි ආදරේ කරන අය හැමදාම අපි ළඟ ඉන්නෙ නෑ. ඒත් ඉන්න පුලුවන් කාලෙවත් ඉන්න බැරි වෙනකොට නම් දරාගන්න බෑ.
@ රත්ගමයා - හ්ම්ම්.. ඒක ඇත්ත
@ Observer - පුන්නී ගැන මතක් වෙන හුඟක් වෙලාවට මගේ ඇස් තෙත් වෙනවා.
@ පිස්සු පුසා - ඒක ඇත්ත. ඒත් සමහර වෙලාවට නම් හිත හදාගන්න අමාරුයි අටලෝ දහම ගැන හිතලා.
පිණිබිඳු . . . . ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් . . . ජීවිතේ අපිට නොයෙක් දේ නොසිතූ නොපැතූ වෙලාවල් වලදි දෙනව. . . . ඒ විදියටම ඒ දේවල් අපෙං ආපහු ගන්නව. අපිට ඒකට කරන්න දෙයක් නෑ . . . හිත හදාගන්නව ඇරුනම. මම තදින්ම විස්වාස කරන දෙයක් තමා අපේ මේ මිනිස් සිරුර අපිට ටික කාලෙකට නයට ලැබුන දෙයක් . . . . අපිට අනිවාර්යයෙන්ම ඒක ආපහු දෙන්න වෙනව . . . .
ReplyDeleteඅනේ මම දන්නේ නෑ. අපරාදේ මම මේක කියෙව්වේ කියලා හිතෙනවා. මගේ ඇස් දෙකට කඳුළු පිරුනා කාලෙකට පස්සේ දෙයක් කියවලා.
ReplyDelete@ ඕනයා - ඒ කතාව නම් ඇත්ත සහෝ. අපි ණයට ගත්තු අපේ ශරීරය ආපහු කවදාහරි දෙන්න වෙනවා.
ReplyDelete@ මිත්‍යාදෘෂ්ටිකයා - අනේ ඔයාලගෙ හිත දුක් කරන්න ලිව්වා නෙමේ. ඒත් මගේ හිතත් හැමදාම රිද්දපු සිද්දියක් මේක.
ගොඩක් සංවේදී සටහනක් පිණිබිඳු. කතාවෙ මුල් හරිය මගේ චූටිඅම්මගෙ වගේ. ඒත් එයා ඒයාගෙ ජීවිතේ හොයාගෙන ගියා කොච්චර විරුද්ධ වුනත්. අද අනිත් අය තරම් ඔපේට නැතත් අනිත් අය නැති තරං ආදරෙන් ජීවත් වෙනව.
ReplyDeleteඅපි හැමෝම හිනාවෙවී ජීවත් උනාට අපි කොච්චර දුකක් හිතේ තියන් ඉන්නවද කියලා දන්නේ අපි විතරයි.මටත් ගොඩක් දුකයි මේක දැකලා.
ReplyDeleteබබාට මෙවන් අකල් මරනයකට මින් මතු සසරේ මුහුන දීමට යලි සිදු නොවේවා කියල මුලු හිතින්ම පතනවා
සාතන්ගෙ හිතත් ටිකක් හෙල්ලුව ඔයාගෙ පෝස්ට් එක... චූටි බට්ටිට නිවන් සුව ප්‍රාර්ථනා කරනව....
ReplyDeleteMama ahamben me blog eka kiyewwe. mata sinhala typing bari nisa English walin comment eka damme. harima sanwedi kathawak as walata kadulu awa. oya lassanata liyalath thiyanawa sahodari. digatama liyanna.
ReplyDeleteඇත්තටම කඳුලු ආවා මගේ ඇස් දෙකට, පුදුම වේදනාවක් හිතට දැනුනෙ ......
ReplyDeleteමටත් ඔහොම ලෙඩක් නොවුනත්, මගේම දරුවා ගැන අත්දැකීමක් තියනවා, ඒත් මම අවාසනාවන්ත වුනේ නැහැ ඔය විදියට ......
මට හිතා ගන්න බැහැ ඔයාට මොනා කියන්නද කියාල .....
මේක හරියට නවකතාවක් වගේ. හදවතටම දැනුණා...හදවතේ ගොඩක් දේවල් තියෙනවා... ලියැවෙන්නෙ නෑ.
ReplyDeleteහුගාක් දුක හිතෙනව ඔයාගෙ පුන්නි ගැන වගේම ඒ පුංචි සුරංගනාවි ගැනත්.ඒත් දෛවය හුගාක් වෙනස්.ඔයාගෙ දුක ලස්සනට අකුරු කරලා....ඇස් වලට කදුලු පිරෙනවා පිණිබිදු..
ReplyDelete