Pages

Monday, April 2, 2012

මොණර බිත්තර


අවුරුද්දෙ එක කාලෙකට අපේ පැත්තෙ මොණරු රංචු පිටින් දැකගන්න පුලුවන්. මේ දවස් වල අපේ වත්තටත් මොණරු ඇවිත්. සාමාන්‍යයෙන් මොණරු රංචුවක මොණරු හතරක් පහක් සහ සෙබඩලා දහයක් දොලහක් ඉන්නවා. හිටපු ගමන් උදේට පිල් විදහගෙන ඉන්නව බලාගන්නත් පුලුවන්.

කොච්චර ලස්සන උනත් උන් එළවළු කොටුවට පැන්නොත් නම් මහ විනාසයක් කරන්නෙ. හැදීගෙන එන මිරිස් කරල් තමා උන්ගෙ ප්‍රියතම ආහාරය. මිරිස් විතරක් නෙමෙයි උන්ගෙ හොට තියෙන මානයේ තියෙන්නෙ මොනාද ඕනෙ එළවළුවකට වග කියනවා. ඒ හින්දා මේ දවස් වල අපේ තාත්තගෙ පරම හතුරා වෙලා ඉන්නෙ මොණරා.


වත්තෙ ඇවිදිද්දි අහම්බෙන් මට මෙන්න මේවා දකින්න ලැබුණා.


මොණර බිත්තර වගයක්. මොණරු දැකල තිබ්බත් මම නම් ඔය මොණර බිත්තර දැක්කමයි. සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක් වගේ දෙතුන් ගුණයක් විතර ඇති. පොළව මට්ටමෙන් ටිකක් ඉහළ ගොඩැල්ලක එළිමහනෙ තමයි සෙබඩෙක් බිත්තර දාලා තිබුණෙ.

මේක දැක්ක වෙලාවෙ හිතුණෙ බිත්තර පිපිරිලා මොණර පැටවු ආවම උන්ගෙ පින්තූරත් අරගෙන බ්ලොග් පෝස්ට් එකක් දාන්න ඕනෙ කියලා. ඒත් අවාසනාව කියන්නෙ ටික දවසකට පස්සෙ බලද්දි මෙන්න මේකයි මට දකින්න තිබුණෙ.




බිත්තර ටික තිබ්බ තැන නෑ. එක බිත්තරයක් විතරක් පල්ලෙහාට වැටිලා බිඳිලා. පහුගිය දවස් වල මේ හරියෙ මුගටි ජෝඩුවක් කැරකුනාලු. ආයෙ සැකයක් නෑ මේ උන්ගෙ වැඩක්. අපරාදෙ. ඒත් ඉතින් විලෝපීයතාවය එහෙමනෙ. කරන්න දෙයක් නෑ.

මුගටියො බිත්තර වලට කිට්ටු කරන කොට සෙබඩ ඉන්න නැතුව ඇති. මුන් සාමාන්‍යයෙන් ඒ වගේ උන්ට පන්න පන්න කොටන්නෙ. ඊට පස්සෙත් මොණර රංචුව එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා. බිත්තර නම් ආයෙ දැක්කෙ නෑ.

මුන්ගෙ කොහෙ ෆොටෝ ගන්නද. චුට්ටක් ළං වෙනකොට පණ කඩාගෙන දුවනවා. යංතම් මගෙ පැපරාසි ට්‍රික්ස් දාලා ගහපු ෆොටෝ ටිකක් මේ තියෙන්නෙ.





ඔක්කොමත් හරි මොණරු කෑ ගහන සද්දෙ අහලා තියෙනවද. මෙච්චර ලස්සන සතෙක්ට මේ තරම් කැත සද්දයක් මොකට ලැබුණාද මන්දා.

52 comments:

  1. මමත් වැඩිහරියක් මොනරු දැකල තියෙන්නෙ මනම්පිටිය, වැලිකන්ද දිහාවෙදි තමයි...

    කවුද කියන්නෙ මොනරගෙ සද්දෙ කැතයි කියල... මට නම් ඒකෙ කිසි කැතක් නෑ...

    ReplyDelete
  2. හ්ම්... මමත් මොණරු ඕන තරම් දැකල තිබුණට .. බිත්තර ඔය දැක්කමයි.
    සමහරු නම් ඔය මොණර මස් කනවලු නේද ....?
    මම එක්තරා බණ පොතක කියවල තියෙනව .. එක්තරා හිමි නමකට ගිතෙල් මුසු මොණර මස් හැමදාම වාගේ දානයට ලැබුන ලු.
    සමහරවිට පූරුවෙ කළ පිනකට වෙන්නැති. [නැත්නම් පවකටද දන්නෙත් නෑ]

    ReplyDelete
    Replies
    1. ඔව් මොණර මස් කනවලු. මම නම් කාලා නෑ

      Delete
  3. අපොයි!!! බිත්තර ටික

    ReplyDelete
    Replies
    1. අප්පා සෑහෙන කාලෙකින් මේ පැත්තෙ

      Delete
  4. හප්පා සද්දේ ගැකකං කුමන කතාද..?කතාවටත් කියන්නේ මොනරු කෑ ගහද්දී නයි බිත්තර පුපුරනවා කියලනේ...

    ඒක නෙවෙයි බං නගේ මෙව්වා තම්බලා කනවද..?:D

    ReplyDelete
    Replies
    1. මාත් ඒ කතාව අහල තියෙනවා. මේවා තම්බලා කනවලු

      Delete
  5. මාත් පොඩි කාලෙ හිටියෙ ගමකට වෙන්න.එහෙත් හවසට හවසට මොණරු එනව කන්දක් මුදුනට හැමදාම.අපේ පොඩි ගැන්සිය ස්නයිපර්කාරයො වගේ හැන්ගි හැන්ගී යනව උන්ව අල්ලන්න.මොන...උන් දුවනව වෙඩිල්ල වගේ....(ආයිමත් පොඩි කාලෙ මතක් කෙරෙව්වට ස්තූතියි අක්කේ)

    ReplyDelete
    Replies
    1. පොඩි සද්දයක් ඇහිච්ච ගමන් උන් පණ කඩාගෙන දුවනවා

      Delete
  6. පව් අප්පා බිත්තර...

    උන්ව රක්ෂනය කරන්න ඕනෙ මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මොණර අම්මව කලින් දැනුවත් කරලා තියන්නයි තිබ්බෙ

      Delete
  7. මොණරා ගෙදර ළඟට එනවා කියලා ඇහුවාමයි. මම උන්ව හැමදාම දැකලා තියෙන්නේ කැලේ ලොකු ගස් උඩනේ.

    මෙහේ මගේ යාළුවෙක් පට්ට ගේමක් දීලා මොණරෙක් හදන්න අර ගත්තා. එයා හිටියේ කුකුලෝ කළුකුම් ලා හා හාවෝ එක්ක. එයා නම් එහෙම කරදරයක් වුනේ නෑ මගේ යාළුවට. සමහරවිට අර අනිත් සත්තුන්ට දාන කෑම කන්න හැකියාව තිබ්බ හින්දා වෙන්නැති. නැත්නම් යුරෝපේ ගෙවල් වල හදන එකාගේ ජාන වෙනස් ඇති.
    මම මගේ යාළුවට හිනා උනත් එක්ක මම නම් මොණරු බලන්නේ කැලේ ගිහින්. ඔය ලොකු ගාණක් දීල ගෙදර හදන්න ගනන් එවුන්ට මම කැමාතිත් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. උන් වැඩි හරියක් ඉන්නෙ කුස්සිය ගාවයි කුණු වල ගාවයි. කුස්සියෙන් විසි කරන අනන් මනන් අහුලගෙනත් කනවා.

      Delete
  8. මොනරෙක් අල්ලාගන්නා ක්‍රමය:-
    මොනරා රෑට ලගින ගහ හොයාගන්න. බටර් ස්වල්පයක් අරගෙන පාන්දර 4ට විතර ඒ ගහට නැගල මොනරගෙ ඇහි පිහාටුවල බටර් ගාන්න (පරිස්සමෙන්, මොනර ඇහැරුනොත් වැඩේ සුන්). ඊට පස්සෙ ගහෙන් බැහැල හැංගිලා බලාගෙන ඉන්න. උදේට ඉර පායද්දිම මොනරා ඉගිල්ලෙන්න හදනව. ඒත් අවු රස්නෙට අර බටර් දියවෙලා වැක්කෙරෙන නිසා ඇස් වැහිල මොනර ගහෙන් බිමට වැටෙනව. දැන් ගිහින් මොනරව අල්ලගන්න (මේ සරලව, කෙටියෙන්)

    ReplyDelete
    Replies
    1. අනේ බං අයියෙ මොලේ තමා මොලේ. ඒත් උන්ට ළං වෙන එක නම් ඔය හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි.

      Delete
  9. මම අහලා තියෙනවා ඔය මොණරු කෑ ගහද්දි නයි බිත්තර පුපුරලා පැටවු එළියට එන කතාවක්.. හැබැයි ඔන්න ඇත්ත් නැත්ත නම් දන්නේ නෑ ඕවයි..

    මෙහේ ඉතාලියේ අපි ඉන්න පැත්තේ ඉස්පිරිතාලෙක එළිමහනේ ඉන්නවා මොනර ජෝඩුවක්.. මුන්ගේ කෑ ගැහිල්ල නම් අපේ ගෙවල් වලටත් ඇහෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ තරම් තිව්‍ර සද්දයක් තියෙන්නෙ

      Delete
  10. මමත් මොණර බිත්තර අදමයි දැක්කේ,,,මොණරට විතරක් ලස්සන පිහාටු දුන්නු එක වැරදී නේ

    ReplyDelete
  11. තාර බිත්තර නං රසයි...මොණර බිත්තර කොහොමද දන්නෑ.....

    ReplyDelete
  12. කිකිළි දාන බිත්තර ඔයා කනවා නම් මොනර බිත්තර ගැන අනුකම්පාව අපිට පිළිගන්න බැහැ දරුවෝ !!

    ReplyDelete
    Replies
    1. ඔව් එක අතකින් ඒ කතාව හරි.

      Delete
  13. මමනම් සද්දේ අහලා නැහැ. පිල් විදහාගෙන ඉන්නවා දැකලා තියෙනවා සත්තු වත්තේදී :)

    ReplyDelete
    Replies
    1. සත්තු වත්තෙ ඉන්න මොණරු දැක්කම දුක හිතෙනවා. පිල් කැඩිලා වැඩි හරියකගෙ.

      Delete
  14. http://www.treehugger.com/natural-sciences/albino-and-half-albino-peacocks-are-simply-stunning-photos.html

    මෙයාල ගැන අහල,දැකල තියනවද රණ මොනරියේ....?? :)

    ReplyDelete
    Replies
    1. ඔය ඇවිල්ලා ජාන විකෘති වෙච්ච උන් නේද

      Delete
  15. එක මොනරට සෙබඩු දෙකක් තුනක් මම එත් බැලුව දාහේ කොලේටම මොනර දැම්මේ ඇයි කියල.

    ReplyDelete
    Replies
    1. ඒ තරම් මොණරා වටිනවානේ

      Delete
  16. අනේ කොච්චර ශෝයිද ගෙදර මිදුලට මොණර රංචුවක් එද්දි..අපි නම් ඉතිං මොනරෙක් දකින්න Zoo එක පැත්තෙ හරි යාල හරි ට්‍රිප් එකක් යන්න ඕනෙ..
    අපරාදෙ බිත්තර ටික..දැක්කම දුකේ බැහැ.. :(

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ වතු වලට නිතරම එනවා. දඬු ලේන්නු, වලි කුකුළො, හාවො වගේ උනුත් එනවා.

      Delete
  17. මම නම් මොණරෙක් නිදහසේ ඉන්නවා දැක්කෙ කන්තලේදි.හරිම ලස්සනයි.ඒත් ඉතිං ලගටනම් යන්න බෑ.

    පැටියා ටිකක් හැදිලා වගේ නේද?

    මට නම් උගෙ හඩ ලස්සනයි.ටිකක් පූසෙක්ගෙ සවුන්ඩ් එකනෙ එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ බිත්තර ටික දවස් කීපයක්ම රැකපු බිත්තර වගයක්. බිත්තර රැක රැක සෙබඩ ඉන්නවා මම දැකලා තියෙනවා. මට නම් උගෙ සද්දෙ මහ විලාපයක් වගේ

      Delete
  18. හපොයි මොනරු ගැන නං මතක් කරන්න එපා. ඔයා කිව්ව වගේ ඉදුනු මිරිස්, කුරහං මල් වගේ දේවල් කන්න රුසියෝ. මොනර මස් නං එච්චර හොද නෑ. ඒවයේ තියනව ඇදීගෙන එන පිහාටු වගේ දෙයක්. අර දැල්ලන්ගෙ තියෙන්නෙ. මොනර බිත්තරත් කන්න පුළුවන්. හැබැයි අධික උෂ්ණයි. කෑවම බඩ කොරවෙනව.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ මොණර ඉස්පෙසලිස්ට්ලා

      Delete
  19. අක්කේ නයී කෑගහන කොට මොනර බිත්තර බිඳෙනව කියන්නේ ඇත්තද...????

    ඔයාගේ තව පැපරාසි ට්‍රික්ස් දෙක තුනක් දාලා කොහොම හරි කරලා අර මොනරෙකුගේ ටිකක් ලඟ ෆොටෝ එකක් ගන්න බලන්නකෝ....

    ReplyDelete
    Replies
    1. මොන ට්‍රික්ස්ද උන් හැටට හැටේ දුවන්නෙ

      Delete
  20. ඉස්සර අපේ පන්සලේ හිටියා මොණරෙක්. දවසක් ඌ කුඩුව ඇරගන ගමං ගිහින් අන්තිමට නතර උනේ අපේ ගෙදර. ඒ කාලේ මොන කැමරාද? ඉතින් නෝ පොටෝ. ඔය කිව්ව මොණරා කෑගහනවා නම් අහල තියනවා. එච්චර අප්සෙට් නෑ හැබැයි සද්දේ හරි තීව්‍රයි.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ වටිනා අවස්ථාවක් නැතිවෙලා. මට නම් උන්ගෙ සද්දෙ කැතයි අප්පා

      Delete
  21. අනේ අන්න අර ප්‍රසන්න86k මල්ලි වරද්දගෙන, මලයො මොණරු කෑ ගහනකොට නයි බිත්තරයි බිඳෙනව කියන්නෙ.

    ඉඳ හිටලා ඇහෙන නිසාද මන්දා මට නම් මොණරගෙ කටහඩ අපුල නැහැ. ආසම එයාලා පියඹන් ඇවිත් ලැන්ඩ් කරන හැටි බලන්න , හරියට ප්ලේන් එකක් ලෑන්ඩ් කරනවා වගේම තමයි

    ReplyDelete
    Replies
    1. ඒක නම් බලන් ඉන්න හරි ලස්සන දෙයක් තමා

      Delete
  22. ලස්සන පළාතකනේ පිනි බිඳු ඉන්නේ . මාත් දැක්කමයි මොනර බිත්තර . වටිනා පෝස්ට් එකක් .

    ReplyDelete
  23. //මෙච්චර ලස්සන සතෙක්ට මේ තරම් කැත සද්දයක් මොකට ලැබුණාද මන්දා.//

    ඇයි බං උඹල ගෑණු සංහතියටම මෙහෙම අපහාස කරන්නෙ.. හිතක් පපුවක් නැද්ද හැබෑටම ඈ.... චී චී කැතයි බං.....

    හක්මන ආච්චිලයි අහ කුරුඳු ඉඩංවලත් නොසෑහෙන්න මොණරු. ඒත් මං මේ බිත්තරයක් නං දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. කැත දේ කැතයි කියන්න එපායැ ඉතින්. ඒක නෙමෙයි කවද්ද පියවි සිහියෙන් පෝස්ට් එකක් දාන්නෙ

      Delete
  24. මමත් මේ දැක්කමයි මොණර බිත්තර... මම මොණරුන්ටනම් ආසයි... හැබැයි එයාලගේ සද්දෙටනම් ආස නැහැ.

    මට දැන් හති වැටිලා කැරකිල්ල වගේ අප්පා උදේ ඉඳන්ම මග ඇරිච්ච බ්ලොග් පෝස්ට් කියවලා.... :D

    ReplyDelete
  25. මමත් මේ දැක්කමයි මොණර බිත්තර... මම මොණරුන්ටනම් ආසයි... හැබැයි එයාලගේ සද්දෙටනම් ආස නැහැ.

    මට දැන් හති වැටිලා කැරකිල්ල වගේ අප්පා උදේ ඉඳන්ම මග ඇරිච්ච බ්ලොග් පෝස්ට් කියවලා.... :D

    ReplyDelete
  26. අපි ඉතින් මොනරු දකින්නේ පඩි දාට විතරයි නේ !!!
    ඊට පස්සේ මොන මොනරෙක්වත් නෑ. අඩේ ඔයාලෑ ගම මරු නේ !!!

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      ඇයි මොණරු විතරද ? සීගිරි අප්සරාවියෝ දකින්නේ නැද්ද :D

      Delete
  27. මම කැමති විදියේ subject එකක්. ඔය පැත්තෙ දකින්න ලැබෙන අනිත් සත්තු ගැනත් ලියන්න.

    ReplyDelete
  28. අප්පේ හෙණ කැලේ නොවැ මෙයා ඉන්නේ. අනේ අනේ :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...