Pages

Tuesday, April 24, 2012

උද්දච්චකම

නැවකට රේඩියෝ පණිවිඩයක් පැමිණෙයි.

"අමතන්න අමතන්න.."

"ඔව් අමතනවා අමතනවා.."

"කරුණාකර මේ නැව වමට හරවන්න. මෙය අනතුරු ඇඟවීමක්"

"අපට ඉදිරිය අපැහැදිලියි. ඒ නිසා කරුණාකර ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් කියනවා. කරුණාකර ඔබගේ නැව වමට හරවාගන්න."

"ඇයි මම හරවන්නේ. ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් දැනුම් දෙනවා. කරුණාකර උපදෙස් පිළිපදින්න."

"මේ නැව යුධ නැවක්. ආයුධ තියෙනවා. මේක හරවන්නෙ නෑ. ඔබේ නැව හරවාගන්න."

"උපදෙස් පිළිපැද්දේ නැති නම් ඔබට විශාල විනාශයක් සිදුවිය හැකියි."

"මොන මගුලකටද මම ඔහෙගෙ උපදෙස් පිළිපදින්නෙ. කිව්වම තේරුම් ගන්නවා. මේක යුධ නැවක්. අපි යුද්දෙටයි යන්නෙ. අපිට හරස් වෙන්න කාටවත් බෑ. ඔය කෙහෙල්මල් නැව හරව ගන්නවා. "

"මේක නැවක් නෙවෙයි. ප්‍රදීපාගාරයක්"

"ඌප්ස්"

දඩෝං..

40 comments:

  1. හෙහ් හෙහ්... කලින් අහල තිබුන කතාවක් :)
    (පිණිබිඳුව මොකක්ද මේ කියන්න යන්නෙ? )

    ReplyDelete
    Replies
    1. මුකුත් නෑ. වැදිය යුතු තැන් වලට වැදුනාවෙ. මගෙ යාලුවෙක් කියපු කතාවක් මේ

      Delete
  2. ඌප්ස්, පොඩ්ඩක් කලින් කියන්න එපෑ. තියෙන නිලධාරීවාදයනෙ!!
    henryblogwalker the Dude

    ReplyDelete
  3. දැන් මොකක් ගැනද මේ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔය මාතෘකාවෙම තියෙන්නෙ කියන්න හදන එක

      Delete
  4. හැහ් හැහ් .... හොද වැඩේ!

    ReplyDelete
    Replies
    1. අහන්නෙ නැති උන්ට හොඳ වැඩේ

      Delete
  5. ඒක තමා කලින් කියන්න එපැයි..

    ReplyDelete
  6. හ්ම්ම් ඔහොම තමයි දැන් දැන් අපේ පොලිටික්කෝ වැඩ කරන්නේ..

    ReplyDelete
  7. ප්‍රදීපාගාරෙකිනුයි මේ පණිවිඩේ එන්නේ කියලා මුලින් කිවුවනම් ඕක වෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. අරුන්ගෙත් තියෙන උද්දච්චකමනෙ

      Delete
  8. ඇයි අහිංසක කැප්ටන් ගෙ පොටෝවක් දැම්මේ :)

    ReplyDelete
    Replies
    1. මට හැඩොක් තමා මතක් උනේ.

      Delete
  9. මුග්දකම vs. උද්දච්චකම

    ReplyDelete
  10. දෙදරන දඟර සුළං !!!
    හපෝයි වෙච්චි හදියක් !!!

    ReplyDelete
  11. හෆොයි...........නැවේ පුපුරන ද්‍රවයත් තියෙන්න ඇති නේද?? එහෙනම් නියමෙට ඇති....:)))

    ReplyDelete
  12. මේකෙ වැරද්ද තනිකරම ප්‍රදීපාගාරෙ එකාගෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඌත් වැරදියි. කලින් කියන්න තිබ්බනෙ

      Delete
    2. කොච්චරනම්..කිව්වද....

      Delete
  13. නැවත් සුන්..... ප්‍රදීපාගාරෙත් සුන්...... ද?

    ReplyDelete
  14. කපිතාන් පවූවූවූවූවූ.....

    ReplyDelete
  15. හෑ... අම්බෝ ප්‍රදිපා ගාරයක්.. :O

    ReplyDelete
  16. හැඩොක් දන්නවනම් බීලම මැරෙනව.. මිහිහ ටිකක් මොන්ගල් තමා ඒ උනාට කතාවෙ එකා තරම් මොන්ගල් නෑ. ලොල්ස්.. නියමයි කතාව...

    ReplyDelete
  17. කලින් කියන්න එපැයි මං ප්‍රදීපාගරයක් කියලා...
    :D

    ReplyDelete
  18. මුන්ට තියෙන ඔලුව වැඩිකම, හොඳ වැඩේ නැවත් ඩොං.... පවු නැවියො.... කැප්ටන්ගෙ උද්දච්චකම නිසා නැවෙ වැඩ කරන නැවියොත් සුන් ..... ප්‍රදිපාගාරයත් ඩොං (දෙශපාලකයො කරන වැඩවලින් අපිත් ඩොං)

    ReplyDelete
  19. ඔය කතාව මම මේ ලඟදි එකෙක්ට කිව්වා. අදාළ තැන් වලටම වදින්න..

    ReplyDelete
  20. බිබිළි නගින බෙලි කටු..හික් හික්..

    ReplyDelete
  21. හෙහ්.. මේ මොකෝ වෙරිද ?

    ReplyDelete
  22. ලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට හොඳ පාඩම් ඕවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...