Pages

Wednesday, December 15, 2010

ආදරෙයි අම්මෙ


පනින තුරු එලිපත්ත
හැමදාම නිදිවරන
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

දරුවන්ගෙ සිහින ගැන
කප්පරක් දුක් විඳින
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

අකීකරු අපේ හිත්
එක බැල්මකින් නිවන
රැළි වැටී කළු වුවද
කරුණාව අඩු නොවන
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

නුඹ මා නිසා එදත් දුක් වින්දාය. අදත් අනන්තව දුක් විඳින්නීය. මැසිවිල්ලක්වත් නොනගා හෙටත් දුක් විඳින වග දනිමි. නුඹ මගෙන් දුහුවිල්ලක් තරම් දෙයක් වත් නොපතා කප්පරක් දුක් විඳින්නීය. නෙතු පාමුල උණු කඳුළු බිඳුවක් තියාගෙන කවි කුරුටු ගෑවේ නුඹේ උපන් දිනය නිසාය. ඉතින් මගෙ අම්මේ, නුඹට සුභ උපන් දිනක් වේවා.

3 comments:

  1. අම්මල ගැන කියන්නනම් වචන නෑ යාලු.ඔයාලගෙ අම්මට සුබම සුබ උපන් දිනක් වේවා කියල ඔන්න දිනේෂුත් ප්‍රර්ථනා කරණවා.......

    ReplyDelete
  2. අම්මේ, සුභ උපන් දිනක් වේවා.
    නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැඛෙන්න කියලා පොජ්ජෙත් සුභ පතනවා...

    http://pojje.blogspot.com/2010/12/%E0%B6%87%E0%B6%A9%E0%B6%B1-%E0%B6%85%E0%B6%B8%E0%B6%B8.html

    ReplyDelete
  3. dinesh, pojje.. සුභ පැතුම් වලට ස්තූතියි.

    @ මගේ සයිබර් නිවහන : මේක හැබැයි මුදල් නොගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි හරිද.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...