Pages

Sunday, December 26, 2010

මට දැනෙන ජීවිතය



දුහුළු මල් පියල්ලක
සැහැල්ලුව රැඳෙන මුත්
කඳුළු තෙතමනය ළඟජීවිතය හරි බරයි..

සිනා කැන් පොදක් මෙන්
සතුට උතුරනා මුත්
අසුන්දර මතකයක
ජීවිතය හරි දුකයි..

හමන මල් සුවඳ මෙන්
හරි අහිංසක නමුත්
තැවෙන හදවතක් ළඟ
ජීවිතය වේදනයි..

නියං අහසක රැඳෙන
හුදකලා බවම මිස
වැහි පොදක සිසිල නැති
ජීවිතෙත් ඒ වගෙයි..

6 comments:

  1. ලස්සන කවි සංකල්පනාවක් !!!

    ReplyDelete
  2. මධුරංග,

    හුඟක් ස්තූතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  3. මල් උයනේ සිටියත්,
    මද පවන දැනුනත්,
    නුඹ නොමැති මේ දිවිය,
    ම​ට මහම දුක් ​ගොඩක්...


    නියමයි...

    ReplyDelete
  4. prasanna86k,
    පේලි 16ක් පුංචි පේලි 4ට ගොනු කරලා. ස්තූතියි සහෝ.

    ReplyDelete
  5. ෂා...........ඔයානම් නියම කවිකාරියක්.අන්තිම පේලි හතර දැන් life එක වෙලා තියන හින්ද හිතටත් ටිකක් විතර වැදුනා ඕං.

    ReplyDelete
  6. නියම කවි පෙල....ලස්සනයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...