Pages

Sunday, February 13, 2011

ඔබට තරහා පාලනය කර ගන්න බැරිද? එසේනම් ඔබේ දත් බුරුසුව අනතුරේය.


අපි හැමෝටම තරහ යනවා සමහර වෙලාවට නේද? ඒ තරහ පාලනය කරගන්න බැරුව සමහරු කොයි තරම් නම් කෑ ගහනවද? බඩු පොළවෙ ගහනවද? ඔබට තරහ පාලනය කර ගැනීමට අවශ්‍යද? එහෙනම් මේ කතාව කියවලා ඉන්න.

ඔන්න එක පවුලක නෝනයි මහත්තයයි ඉන්නවා. මේ නෝනට හැම තිස්සෙම පුදුම විදිහට තරහ යන්නෙ එයාගෙ මහත්තයත් එක්ක. බඩු පොළවෙ ගහනවා කොණ්ඩෙන් ඇදගන්නවා කෑ ගහල බනිනවා එක විකාරයයි එයාට තරහ ගියාම.

ඒත් මහත්තයා ඒකෙ අනිත් පැත්ත. කොයි තරම් නෝනට තරහ ගියත් මහත්තයා නෙමෙයි වචනයක්වත් කියන්නෙ. නෝනා අහස පොළොව නුහූලන විදිහට බැන්නත් මහත්තයා ශාන්ත දාන්තව ඉතාම සැනසීමෙන් ඔහේ අහගෙන ඉන්නවා. කිසිම වේදනාවක දුකක කළකිරීමක පාටක් වත් මූණෙන් පේන්න නෑ.


ටික කාලයක් ගියාට පස්සෙ නෝනටත් හරි දුකයි. මොකද එයා කොයි තරම් තරහින් බැන්නත් මහත්තයා පොඩ්ඩක් වත් තරහ ගන්නෙ නැති නිසා. එයා කොහොමද ඒ තරම් තරහ පාලනය කරගෙන ඉන්නෙ. දැන් මේක නෝනට හරි ප්‍රශ්නෙ. බැරිම තැන නෝනා මේක මහත්තයගෙන් ඇහුවා.

නෝනා : "කොහොමද අනේ ඔයා මම මෙච්චර තරහ ගත්තත් පොඩ්ඩක් වත් තරහ නොගෙන ඉන්නෙ? ඔයා ඔයාගෙ තරහ පාලනය කර ගන්නවද? නැත්තං ඔයාට තරහ යන්නෙ නැද්ද?"

මහත්තයා: "අපෝ පිස්සුද? ඔයා මට බනිද්දි මට ඔයාව මරාගෙන කන්න තරම් තරහක් එනවා."

නෝනා: "ඉතිං ඔයා ඒ තරහ නිවා ගන්නෙ කොහොමද?"

මහත්තයා: "අපෝ පොඩි දෙයයි. ඔයා මට බැන්න වෙලාවට ඒ තරහින් මම බාත් රූම් එකට ගිහින් ඔයා දත් මදින දත් බුරුසුව අරගෙන ඒකෙන් ටොයිලට් එක මදිනවා. එතකොට මගෙ තරහ නිකම්ම නැති වෙලා යනවා. ඊළඟ දවසෙ ඔයා ආයෙත් ඒකෙන්ම දත් මදිනවා දැක්කම මට පුදුම සැනසීමක් දැනෙනවා."

ඔයාලා තාම තරහ පාලනය කරගන්න බැරුව අනුන්ට බනිනවද? එහෙනම් පරිස්සමින් හොඳේ දත් බුරුසු පාවිච්චි කරන්නේ.


20 comments:

  1. පට්ටම කතාව පිණිබිඳු.. මරේ මරු මට තාම හිනා :-D

    ReplyDelete
  2. හෙහ් හෙහ් හෙහ්, නියම දඬුවම. මන් ඔය කතාව අහල තියෙන්නෙ අනිත් පැත්තට,නෝන මහත්තයගෙ දත් බුරුසුවෙන් ටොය්ලට් එක සුද්ධ කරනව කියල. කොය් පැත්තට කිව්වත් අපුරු කතාව.

    ReplyDelete
  3. පිස්සු හැදෙනවා... එලම පොරක්.

    ReplyDelete
  4. මරු කතාව අක්කේ :D

    ReplyDelete
  5. අන්න නියම වැඩේ... කතා කරලා වැඩක් නෑ ඒ ගැනනම්...

    ReplyDelete
  6. හොහ් හොහ් හොහ් ;) ෆට්ටයිzzz

    ReplyDelete
  7. නැ නැ බැරිම උ‍නොත් මිසක තරහා යන්නැ ‍හොඳම ‍වෙලාවට....... ;)

    ReplyDelete
  8. එල කතාව.......හික්.......තාම හිනා... :)

    ReplyDelete
  9. මරුනේ.
    සිරාම සිතුවිල්ලකි....

    ReplyDelete
  10. එලම කතාව

    වෙලාවට අපේ ගෙදර අය කක්කුස්සිය මදින්න වෙනම බුරුසුවක් තියාගෙන ඉන්නවා .. පිනිබිඳු මාව හොඳටම බය කරා !

    ReplyDelete
  11. ලොහ් ලොහ් ලොහ් . . . . (දත් නැති මුවින් සිනා)

    ReplyDelete
  12. අක්කෙ,,,මම මේකට දාපු කොමෙන්ට් එක නෑ නේ අලේ

    ReplyDelete
  13. තැන්කූ මචං කතාවට.. දෙන්නම් වැඩේ...

    ReplyDelete
  14. @ සිරකරුවා- ඔන්න තරහ යන උන්ට කරන්න වැඩක්.

    @ Observer - දෙන්නගෙන් කාට උනත් හරි යනවා.

    @ සෝරෝ - :D

    @ ප්‍රසා - කියලා වැඩක් නෑ.

    @ පූසා - තැන්කූ තැන්කූ.

    @ MaRLaN - තරහ යන කෙනෙක් හම්බුනොත් දන්නවනෙ මීට පස්සෙ කරන්න ඕනෙ දේ.

    @ ජේ.ඩී - තැන්කූ තැන්කූ.

    @ හා පැටික්කි (MS)- එහෙනම් බය වෙන්න දෙයක් නෑ ඔන්න.

    @ dinesh - මොකෝ යාලු අතුරුදහන් වෙලා හිටියෙ පහුගිය කාලෙ?

    @ මගේ සිතුවිල්ල - තරහ සිතුවිල්ල තමා පාලනය කර ගන්න ඕනෙ.

    @ හිස් අහස - වෙනම බුරුසුවක් තිබ්බට ඉතින් ඔයාට තරහ ගියොත් ඔයාට හොරෙන් ඔයාගෙ දත් බුරුසුවෙන් වැඩේ දෙයි හොඳද?

    @ ඕනයා - දත් නැත්තන් බය වෙන්න දෙයක් නෑ.

    @ රත්ගමයා - අනේ මලේ මම නම් අයින් කරේ නෑ. සිස්ටම් එරර් එකක්ද කොහෙදෝ. ආපහු දාන්න හොඳේ.

    @ prasanna86k - අපොයි එහෙනම් කවුරු කවුරුත් පරිස්සම් වෙන්ඩෝ..

    ReplyDelete
  15. හ්ම්.... ඒක තමයි එහෙනං අද උදේ දත් මදිනකොට මහ ජරා රහක් ආවෙ. මං උන්නෙ කුණුකෙළ පිටින් මගේ කටේම රහ තමයි කියල. යකෝ හැන්දෑවට අළුත් බුරුසුවක් අරංගොහින් අල්මාරියෙ දාන්න ඕන. :D

    ReplyDelete
  16. @ nawammawatha,
    ඉකේයියා. අයියට එහෙනම් චූටි මැණිකෙ වැඩේ දීල වගේ. හික් හික්.

    ReplyDelete
  17. මේක නම් කරලම බලන්න ඕනෙ. මාර කතානේ පිනි බිදු ත් ලියන්නේ. නියමයි නියමයි

    ReplyDelete
  18. නියම කතාව. මට නම් තරහා ගියත් ෂේප් එකේ ඉන්න පුලුවන්.... බුරුසු සෙල්ලම ඉස්සරහට ඕනවෙයිද දන්නෑ :))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...