Pages

Sunday, February 6, 2011

චෝදනාව : වැස්ස සහ චූදිතයා: වැස්ස


මම උඹට කවදාවත් චෝදනා කරලා නෑ. ඒ මොකද අපි වගේ පළාතක මිනිස්සුන්ට වැස්ස කියන්නෙ හැමදාම ආශිර්වාදයක් හින්දා. වැස්ස අඩු අපිට ඉස්සර නුඹ තරම් වටිනා සිද්ධියක් තවත් තිබුනේ නෑ. ඒත් ඇස් පනාපිටම සිදුවූ විනාශයක් දැක්කට පස්සෙ නුඹ තවත් ආශිර්වාදයක් කියල මම කොහොමද හිතන්නෙ. උඹව නතර කරන්න මට බෑ කියල මම දන්නවා. උඹ උඹටම ඇති උනාට පස්සෙ නතර කරාවි. එතකල් අපිට කරන්න පුලුවන් අහස දිහා බලල හූල්ලන එක විතරමයි.


පොළොන්නරුවේ අපිට පරාක්‍රම සමූද්‍රය කියන්නෙ අපේ හදවත. අක්කර ලක්ෂ ගානක් අස්වද්දන්නට උදව් කරන වැව අපේ අම්මා වගේ. ඒ කාලේ කොටි කලබල තියෙද්දි අපේ තාත්තලා වැව් බැම්ම ආරක්ෂා කරේ එක තත්පරෙකටවත් ඇහැ පියවන්නැතුව. වැව් බැම්මට බෝම්බ දාල පුපුරවයි කියන බයට මිනිස්සු මාරුවෙන් මාරුවට රැය පහන් කරේ වැව් බැම්මෙ. ඒ තරම් බඩ බැඳගෙන ආදරේ කරේ වැව අපේ හදවත හින්දා.

සියවස් ගානක් තිස්සෙ වැවට අත තියන්න කාටවත් පුලුවන් උනේ නෑ. ඒත් අද නුඹ හින්දා වැවද ගමද කියන තීරණේ මිනිස්සුන්ට ගන්න උනා. වැව රැක ගන්න හැදුවත් වැව් බැම්ම පුපුරලා ගමම යට වෙන්න තිබුණා. අන්තිමට වැව් බැම්ම කපන්න වුණා. මොකද වාන් දොරටු දහයම උපරිමව ඇරලා තිබුණත් එයින් වතුර පිටවෙන වේගයට වඩා වැඩි වේගයකින් වැවේ වතුර වැඩි වේගෙන ආවා.



වැව් බැම්ම අඩි පහක් කපලා වාන් දොරටු දහයම ඇරියාම මඩකලපු පොළොන්නරු මාර්ගය අඩි අටක් වතුරෙන් යට උනා. ඒ විතරක්ද ගෙවල් දොරවල් කඩන් ගියා. බල්ලො හරක් විතරක් නෙමෙයි කැලේ හිටපු වල් අලිත් මැරුණා. අස්වැන්න නෙලන්න ඔන්න මෙන්න කියල තිබුණු කුඹුරු අක්කර ගණන් විනාශ උනා. ජීවිත කාලෙ පුරාම හරි හම්බ කරගත් දේවල් වතුරකට යට උනාම දරුමල්ලොත් අරගෙන ඒ වතුරටම පනිනව ඇරෙන්න අහිංසක මිනිස්සු මොනව කරන්නද?



උඹේ ඊළඟ සැලැස්ම මොකද්ද කියල මම දන්නෙ නෑ. සමහර විට උඹ තවත් වස්සවයි. එහෙම නැත්තන් මාස ගාණකට උඹ පේන්නවත් එන එකක් නෑ වී ඇටයක් වත් වපුර ගන්න බැරි වෙන්න. මොන දෙයක් උනත් මිනිස්සුන්ගෙ හිත් වල ගින්දර නම් අවුළුවයි මදි නොකියන්න.

12 comments:

  1. ඔය ඉතිං අපි කවුරු කවුරුත් අවුලගත්තු ගින්දර තමයි. ඒත් මෙහෙම වහින එක නම් ඉවසන්න බෑ නේද, කොච්චර අපේ වැ‍රැද්ද උනත්

    ReplyDelete
  2. හැමදෙටම මිනිස්සු පොඩ්ඩක් හරි වග කියන්න ඕන අක්කේ....සුනාමි ආපු දවස් වල අපිටත් ඔහොමයි..ඒත් අපි තාමත් මුහුදට ආදරෙයි...
    මොනව කරන්නද ඉතින්.....

    ReplyDelete
  3. @ nawammawatha,
    වැරද්ද අපේ තමා. ඒත් දඬුවම ටිකක් සැර වැඩි වගේ

    @ රත්ගමයා,
    මට නම් වැස්ස එපාම උනා. ඒත් ඉතින් නියඟයක් ආවම අපිමයි අඬන්නෙ වැස්ස ඕනෙ කියලා.

    ReplyDelete
  4. අපි තාම මැද්දට වෙලා බේරි,බේරි ඉන්නව.කොහෙන් මොන ගේමක් සෙට් වෙයිද දන්නෙ නෑ.
    මොනව කරන්නද නඟා..ස්වභවා ධර්මයත් එක්ක හැප්පෙන්න බෑනෙ.

    ReplyDelete
  5. බොහොම කාලීනයි...

    ReplyDelete
  6. වැස්ස අපටත් දෙන වද වල සීමාවක් නෑ ..පාර යටවෙලා ඉස්කෝල නිවාඩු දීලා . කුඹුරු ඉවටම ඉවරයි ..ඒත් මොනවා කරන්නද ?

    ඉක්මනට වැස්ස අවසන් වේවා !!

    ReplyDelete
  7. අපොයි ඔව් වැස්ස කියන දේ ඇතුවත් බෑ. නැතුවත් බෑ. ඔන්න මමත් පිනිබිඳු බලන්න ආවා ආයේ ඉතින් මම එන එක යකාවත් නවත්වන්න බෑ රීඩර් එකටත් දා ගත්ත

    ReplyDelete
  8. @ dinesh,
    කරදරයක් වෙන්න එපා ඔයාලට. ඉවරයක් නැතුව කරදර වෙනකොට නම් එපා වෙනවා.

    @ indi,
    ස්තූතියි මේ පැත්තෙ ආවට.

    @ හිස් අහස,
    අපේ පැත්තෙත් සති දෙකක් තිස්සෙ ඉස්කෝල නිවාඩු දීලලු.

    @ මධුරංග,
    අප්පේ ඉස්තූතියි ඉස්තූතියි.

    ReplyDelete
  9. මේවා එක්ක බලද්දි අපිට වෙන දුක් කරදර මොනාද? අනේ මන්දන්නෙ නෑ මොනවා කරන්නද කියලා....

    ReplyDelete
  10. කොච්චර වැස්සත් ඉඩෝරය අල්ලපු ගමන් අපි ලග වතුර නැතිවෙයි..
    හේතුව, හාරසිය ගානක් වැව් කැඩුනා, ඒ වතුර ඔක්කොම මුහුදට ගලාගෙන ගියා
    එක තමයි ඊලග චෝදනාව

    ReplyDelete
  11. බොහොම කණගාටුයි වෙච්ච වැඩේට සහෝදරී!!! වට් ටු ඩූ?

    ReplyDelete
  12. @ අභීත,
    වැස්සටම හිතිල නතර වෙනකල් ඉන්නව ඇරෙන්න මොනා කරන්නද නේද?

    @ නොම්මරේ,
    ඔයාගෙ කතාවට නම් සීයට දෙසීයක් එකඟයි. ඒ විතරක්ද ඉස්සරහට එන හාල් හිඟය.

    @ blog gadol,
    නපුරු කලට වට් ටු ඩූ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...