ඩෙංගු මර්දනයට වතු සුද්ධ කරන්න කියපු කාලෙ වෙච්ච වැඩක් තමා මේක. අපේ වත්ත පිටිපස්සෙත් සෑහෙන්න උසට තණකොළ එහෙම වැවිලා තිබුණා. හවසක ගෙදර කට්ටියවම අල්ලගෙන දැන් වත්ත සුද්ධ කරන්නයි ලෑස්තිය.
දන්නවනෙ ඉතින් අපි ඉන්න පළාතෙ හැටියට සෑහෙන්න සර්පයො එහෙම වතුවල ඉන්නවා. තාත්තා කලින්ම කියලයි තිබුණෙ නයි පොළොන්ගු ඇති පරිස්සමට කියලා. දැන් ඉතින් වත්ත සුද්ධ කරාට ඕකම තමා හිතේ.
උදළු ගාලා විසි කැති ගහලා ගොඩ ගහපු තණකොළ ගොඩකුත් පැත්තක දාලා තිබුණා සුද්ධ කරලා ඉවර උනාට පස්සෙ ගිනි තියන්න.
මම එක පාරටම දැක්කා ඒ තණකොළ ගොඩ අස්සෙන් නයෙක් ඔලුව දානවා. මම තාත්තාට කෑ ගහලා කිව්වා.
ඒ පාර තාත්තාත් කලබල වෙලා තණකොල ගොඩට එක පැත්තකින් ගිනි තිබ්බා. එතකොට නයා රස්නෙට යනවනෙ.
මෙන්න බොලේ මෙච්චර ගිනි තියල තියෙද්දිත් මූට වගක් නෑ හිමීට හිමීට යනවා. මොකක් හරි අවුලක් වගේ දැනිච්ච හන්දා තාත්තා ළඟට ගිහින් බලනකොට තමා ඇත්ත තේරුණේ.
මම නයෙක්ගෙ ඔලුවක් වගේ දැක්කට ඒ ඉබ්බෙක්. ඉබ්බා කට්ටෙන් ඔලුව එලියට දාගෙන ඉන්නකොට තමා මම නයෙක් වගේ ඌව දැකලා තියෙන්නෙ.
ඒ පාර ඉතින් තාත්තා මටත් බැනලා ගින්න නිවලා දැම්මා. තව පොඩ්ඩෙන් ඉබ්බෙක් පණ පිටින් පුච්චනවා අපි එකතු වෙලා.
දන්නවනෙ ඉතින් අපි ඉන්න පළාතෙ හැටියට සෑහෙන්න සර්පයො එහෙම වතුවල ඉන්නවා. තාත්තා කලින්ම කියලයි තිබුණෙ නයි පොළොන්ගු ඇති පරිස්සමට කියලා. දැන් ඉතින් වත්ත සුද්ධ කරාට ඕකම තමා හිතේ.
උදළු ගාලා විසි කැති ගහලා ගොඩ ගහපු තණකොළ ගොඩකුත් පැත්තක දාලා තිබුණා සුද්ධ කරලා ඉවර උනාට පස්සෙ ගිනි තියන්න.
මම එක පාරටම දැක්කා ඒ තණකොළ ගොඩ අස්සෙන් නයෙක් ඔලුව දානවා. මම තාත්තාට කෑ ගහලා කිව්වා.
ඒ පාර තාත්තාත් කලබල වෙලා තණකොල ගොඩට එක පැත්තකින් ගිනි තිබ්බා. එතකොට නයා රස්නෙට යනවනෙ.
මෙන්න බොලේ මෙච්චර ගිනි තියල තියෙද්දිත් මූට වගක් නෑ හිමීට හිමීට යනවා. මොකක් හරි අවුලක් වගේ දැනිච්ච හන්දා තාත්තා ළඟට ගිහින් බලනකොට තමා ඇත්ත තේරුණේ.
මම නයෙක්ගෙ ඔලුවක් වගේ දැක්කට ඒ ඉබ්බෙක්. ඉබ්බා කට්ටෙන් ඔලුව එලියට දාගෙන ඉන්නකොට තමා මම නයෙක් වගේ ඌව දැකලා තියෙන්නෙ.
ඒ පාර ඉතින් තාත්තා මටත් බැනලා ගින්න නිවලා දැම්මා. තව පොඩ්ඩෙන් ඉබ්බෙක් පණ පිටින් පුච්චනවා අපි එකතු වෙලා.
This comment has been removed by the author.
ReplyDeleteපව් අසරණ ඉබ්බා. ඉබ්බට කියන්න ඕනේ කවදාවත් පිණිබිදුගේ වත්තට යන්න එපා කියලා. කෝ දැන් ඒ ඉබ්බා. අපේ පැත්තේ එකාලට එහෙම ඉබ්බෙක් වැරදිලාවත් හම්බ උනොත් අන්තිමේ නතර වෙන්නේ හට්ටියෙන් තමයි. ඒ තරමටම කෑදර මිනිස්සු !!!!
ReplyDelete(මම එහෙම නෑ හරිය)
(මේක ඊයේ ලියලා ඩ්‍රාෆ්ට් එකට දාපු ලිපියක් නේ. දැන් කරන්න තියෙන්නේ දිනය වෙනස් කරලා ආයේ රී සබ්මිට් කොරන එකයි. නැත්නම් සින්ඩිවල කොහොමෙයි අප්ඩේට් වෙන්නේ)
බොරු කියන්න එපා බං. කට්ටිය එක්ක ඉබ්බව මස් කරලා එනවා මෙතෙන බබා පාට් දාන්න..
ReplyDeleteපව් ඉබ්බා... අනිත් දවසේ ලඟට ගිහින් අත ගාලා බලන්න ඉබ්බෙක්ද නයෙක්ද කියලා.... :D
ReplyDeleteහික්...ඉබ්බා කියන්නේ අක්කේ දිග නැට්ටක් තියෙන ඇගේ පුල්ලි පුල්ලි තියෙන සතෙක්...
ReplyDeleteනයා කියන්නේ වක් වෙච්ච හොටක් තියෙන කහ පාට සතෙක්...
දැන් වත් ඒක මතක තියෙගන ඉබ්බා , නයා අදුරගන්න බලන්න
රත්ගමයා මහතා විසින් සත්තුන්ගේ නම් වෙනස් කර ඇත
ReplyDeleteරත්ගම පැත්තේ හරි අමුතු සත්තු නෙව ඉන්නේ. පිනිබිදු දවසක ඔය පැත්තේ ගියොත් එහෙම ෆොටෝ ටිකක් අරන් එන්න. අපටත් බලන්න.
ReplyDeleteඔය ඉබ්බ මලා නං එහෙම ලබන පාර ඉබ්බියෙක් වෙලා තමයි පිණිබිඳු උපදෙන්නෙ. ගල් ඉබ්බො, තාරකා ඉබ්බො, මඩ ඉබ්බො අතරෙ පිණි ඉබ්බි නිකන් අමුතුම සතෙක් වෙයි. :D
ReplyDelete@ මධුරංග,
ඔව් ඔය රත්ගම දිහාවෙ ඉන්නෙ හරි අමුතු සත්තු තමා, පේන්නෙ නැද්ද?
තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් තද ගින්නේ පුළුස්සා ගත් ඉබිමස් කන්න තිබ්බා :D
ReplyDeleteibi mas kanna thibuna thawa dingen... :D
ReplyDeleteහරි හරි පිනි බිඳු හැදුවේ ඉබ්බව පුච්චලා ඉබිමස් කන්න . කොහොමද ඉබිමස් කෑවම ලැබෙන හයිය ඉංජක්ෂන් කටු දෙකට නැවෙනවා ! ! ඔයා ඔය වැඩේ කරේ දැනගෙන නේද ?
ReplyDeleteඅද ඉඳන් ඔයාගේ සුරතල් කාඩ් එක ඉබ්බි .!
පවු අසරණ ඉබ්බා.........
ReplyDeleteමෙතන මට මඩ ගසනා බවක් පෙනී යනවා..මේක තනිකරම කුමන්ත්‍රනයක් බවයි මගේ හැගීම
ReplyDeleteඅනේ පව් ඉබි පැටියා ...........
ReplyDeleteපිණිබිදුට ඉබ්බි කියන කාඩ් එක හොදයි. අකුරුත් ගැලපෙනවා. ඉබ්බි ආහ් නෑ... පිණිබිදු තරහා වෙන එකක් නෑ නේ.... :)
ReplyDeleteමෙතන මට පේන විදියට වෙලා තියෙන්නෙ සතා හඳුනාගැනීමේ වැරැද්දක් නෙමේ . . . . ඉබ්බෙක් ව බාබකිවු දාන්න ගිහිල්ල වටේ පිටේ මිනිස්සුන්ට නෝන්ඩි වීමක්.
ReplyDeleteවඩාත් සරලව කිවුවොත් පිණිබිඳු කොහොමත් ගිනිතියන්න දස්සයි නෙව . . . කලිං පාපොච්චාරනේ කලා නෙ කොන්ඩෙට ගිනි තියාගත්ත කියලත් . . . .
අඩ්ඩඩ්ඩා . . . . මට මේ දැං කල්පනාවට ආවෙ . . . මේ රත්ගමයා කියල තියන නැට්ට දිග , ඇඟේ පුල්ලි තියන එකා "දඟර වලිග ලප වානර" නේද . . . ??
ReplyDelete@ මධුරංග - ඉබ්බො නම් සෑහෙන්න අපේ පැත්තෙ ඉන්නවා. ආවොත් එකෙක්ව හොයල දෙන්නම් කන්න නෙමෙයි ඇති කරන්න.
ReplyDelete@ prasanna86k - පේනවනෙ ඉතින් මුන්ගෙ කැත හිත්. ඉබ්බා යහතින් ආපහු ගියා හලෝ.
ReplyDelete@ කොට ජීවිතේ - ඒක හොඳ අදහසක්. අනිත් දවසෙ එහෙම කරල බලන්නම්කො. මම ආපහු යහතින් ආවොත් ඒ ඉබ්බෙක් හරිද
ReplyDelete@ රත්ගමයා - ඔව් ඔව්. එතකොට මේ රත්ගමයා කියන්නෙ තවම හඳුනා නොගත් සත්ව විශේෂයක්.
ReplyDelete@ MaRLaN - රත්ගමයා ඉන්නෙ අර අමුතු රටේනෙ.
ReplyDelete@ මධුරංග - කොහෙන් ගියත් රත්ගමයාගේ අවසානය මඩ ගොහොරුවකි.
ReplyDelete@ nawammawatha - ඔන්න ඉතින් පටන් ගත්තා මඩ ගහන්න. මුන් එක්ක බෑ අප්පා.
ReplyDelete@ පූසා - ඉකේ කෙළ බේරෙනවා. තියෙන පෙරේතකම.
ReplyDelete@ සෝරෝ - ඉබ්බෙක් කිව්වොත් මුන්ට මරාගෙන කන්නම තමා ඕනෙ. ඉකේ පෙරේත කොල්ලො ටික.
ReplyDelete@ හිස් අහස - වෙලාවට අර ඉබ්බා මුන් ටිකට අහු උනේ නැත්තෙ. එහෙනම් උගෙ ඉබි කට්ටත් නෑ මෙලහකට. මාත් ඔය කතාව අහල තියෙනවා ඉබි මස් කෑවම ලැබෙන හයිය ගැන.
ReplyDelete@ Dinesh - පව් හන්ද තමා බේරලා යැව්වෙ. උඩ කමෙන්ට් කරපු කට්ටිය ඌව මරාගෙන කාලත් ඉවරයි. හික් හික්.
ReplyDelete@ රත්ගමයා - රත්ගමයා කොතැනද මඩ එතැන
ReplyDelete@ නිම්ශා - ඔව් අනේ ඒකනෙ ඌව බේරලා යැව්වෙ
ReplyDelete@ මධුරංග - පද හදන්න පටන් ගත්තා ඒ පාර. අනේ මට මේ තියෙන නම හොඳා.
ReplyDelete@ ඕනයා - ෂටප්. අනේ මුන් ටික අර අසරණ ඉබ්බෙක්ව අල්ලගෙන මරාගෙන කන්න හදන හැටි. ඒ මදිවට බොරු පද හදනවා. මගෙ කොණ්ඩෙට ගිනිතිබ්බා අයියෝ මම ගිනි තියාගත්තෙ නෑ. මුන් ටික මාව පොලීසි යවලයි නවතින්නෙ දැන්.
ReplyDeleteඅනේ පව් ඉබි පෑටියා.
ReplyDeleteහොඳ වෙලාවට නැත්තම් පණ පිටින් ඉබ්බෝ පුච්චන එක ජාති ජාතිත් පල දෙන කරුම
ReplyDelete