ඔයාලට මතකද දන්නෑ දැනට අවුරුදු ගානකට කලින් එක දිගට පැය ගණන් තිස්සෙ ලයිට් කපපු කාලයක් තිබුණා. ඔන්න ඔය කාලෙ අපිට ගණිතය විෂයට නයිට් ක්ලාස් එකක් දාලා තිබ්බා. මතක විදිහට හවස පහේ ඉඳන් රෑ අට වෙනකල් තිබිච්ච ක්ලාස් එකක්.
ක්ලාස් එක තියෙන සමහර දවස් වලට කරන්ට් එක නෑ. එතකොට ඉටිපන්දම් පත්තු කරගෙන තමා ක්ලාස් කරේ.
මේ කියන දවසෙත් කරන්ට් එක නැති හන්දා අපි ඉටිපන්දම් පත්තු කරගත්තා. ඒ කාලෙ මට තිබුණෙ ටිකක් පිම්බිච්ච කොණ්ඩයක්. කොණ්ඩෙ එක මිටකට කරලා පෝනි ටේල් දාලා තමා ක්ලාස් යන්නෙ.
ක්ලාස් එක පටන් අරගෙන සර් උගන්නනවා. ගණිතය ඉතින් මගේ ( අ)ප්‍රියතම විෂයනෙ. දෙකයි දෙකයි එකතු කලාම හතරද පහද කියල ෂුවර් නැති තත්වෙක තමා මගෙ ගණිතය දැනුම තිබුණේ. ඉතින් මාත් අහස පොළොව ගැට ගගහ සර් දීපු ගානක් හද හද හිටියේ.
එක පාරට පන්තියෙ ළමයි කෑ ගහනවා ඇහුනා අයියෝ ගිනිගන්නවා අනේ ඉක්මනට නිවන්න කියලා. මම වටපිට බලනවා මට ගින්නක් පේන්නෙ නෑ. ඒ අස්සෙ සර් මගෙ දිහාවට අත දික් කර කර අයියෝ නිවන්න නිවන්න කියනවා. එතකොට තමා මට දෙයියො සිහි උනේ.
මගේ අක්බඹරු වගේ තිබිච්ච කපුටු කූඩ කොණ්ඩෙට ගිනි ඇවිළිලා. පිටිපස්සෙ පේළියෙ ළමයෙක්ගෙ අතින් ඉටිපන්දමක් පෙරළිලා.
බොරු කියන්නෙ මොකටද එදා නම් මම හොඳටම බය උනා. පිටිපස්සෙ පේළිවල ළමයි පොත් වලින් ගහල ගහල තමා ගින්න නිව්වෙ. එච්චර ගොඩක් පිච්චිලා නෑ කට්ටිය දැකපු හින්දා. අපෝ ඊට පස්සෙ පන්තියම පුළුටු ගඳයි. කාටවත් දැනිලා තියෙනවද කොණ්ඩෙ පිච්චුනාම එන අමුතු ගඳ? කොහොම හරි කට්ටිය මුලින්ම දැකපු නිසා වෙන්න ගියපු ලොකු අනතුරක් නැවතුනා.
කොහොමින් හරි එදා ක්ලාස් එකත් එතනින් නතර උනා. එදා නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක්. පන්තියෙ ළමයි නම් උන්ට ඒක අමතක වෙනකල්ම මට මඩ ප්‍රහාර දියත් කළා අතිනුත් දාලා.

මෝඩ ළමයි ටිකක් නේ, කොන්ඩයක් ගිනිගැනීමේ සුන්දරත්වය විදින්නේ නැතිව කෑගහලා.
ReplyDeleteහප්පා ඕක තමා කියන්නේ බූසි කොණ්ඩ බූසි කරන් යන්න එපා කියලා...... හික්ස්..... :P
ReplyDeleteහම්බෝ මාර බේරිල්ලක්නෙ බෙරිලා තියෙන්නෙ. මම ගාල්ලෙ ඉඳිද්දී මනුස්සයෙක් කොණ්ඩෙට ගිණි ඇවිළිලා මැරුනත් එක්ක.
ReplyDeleteගිනි ගන්නවා දැක්කේ නැත්නම් මාරම වැඩේ වෙන්නේ. පිනිබිදුට පාරේ බැහැලා යන්න ලැබෙන්නෙත් නෑ. හොද වෙලාවට දැක්කේ.
ReplyDeleteආයේ පෝනි ටේල් දාන්නේ නැතුව ගොතාගෙන යන්න. එතකොට ගිනි ගද්දි ඔක්කොම ඇවිලිලා යයි නේ.... :)
හපොයි...
ReplyDeleteමට පෝනිටේල් කතාව කියපුවාම මතක් උනේ නවම්ගෙ අළුත් පෝස්ට් එක.බැලුවනම් දන්නව ඕං.හික්.....අපෝ ඔය ලයිට් කපපු කාලෙ මහා චාටර්.හැබැයි පොඩි ගතියකුත් තිබුනා.ඉතිං ගොඩක් ඇවිළුනාද??
ReplyDeleteලොකු අනතුරක් නොවුන එක වාසනාවක්...
ReplyDeleteඅෆ්ෆා කොණ්ඩ පිච්චෙනකොට එන ගඳ නම් මතක් කරන්න එපා :-/
ReplyDeleteදෙකයි දෙකයි එකතු කලාම හතරවත් පහවත් නෙමේ . . . . විසි දෙකයි . . . !!
ReplyDeleteමරු සීන් එකනේ...ශා... හෙහෙහෙ...මට මැවිලා පෙනවා කොහොමත් ඔය වගේ කතාවක් කියද්දි..
ReplyDelete@ මිත්‍යාදෘෂ්ටිකයා - ඔව් ඔව් අනිත් උන්ට නම් සුන්දරත්වය තමා. මම තමා ඒකෙ භයානක රසය වින්දෙ.
ReplyDelete@ හා පැටික්කි (MS)- බූසි කියන්නෙ කපුටු කූඩෙ පරාදයි
@ nawammawatha - දැන් නම් හිතද්දිත් ඒක ගැන බයයි. අපෝ..
@ මධුරංග - මම ඊට පස්සෙ නම් ගොතාගෙන තමා ගියේ.
@ MaRLaN - හපොයි තමා..
@ dinesh - යනවා යනවා. මම ඒ පෝස්ට් එක කියෙව්වා.
ReplyDelete@ Dinesh - ඒක නම් ඇත්ත.
@ පූසා - ඒක නම් පට්ට ගඳයි නේද?
@ ඕනයා - පේනවනෙ ඉතින් මට තාම ගණන් බෑ.
@ නිම්ශා - මරු සීන්? අනේ අනේ අපේ කොණ්ඩෙ ගිනිගන්නවා. මෙයාල සුරුට්ටු පත්තු කරනවා. හික් හික්.
නූලෙන් බේරුනා නේ අක්කේ...නැති නම් බූ ගාන්න තමා වෙන්නේ......තට්ට පිණිබිදු...හික්
ReplyDeleteඔයාගේ බ්ලොග් එක ගැන මගේ බ්ලොග් එකේ තියන ලිංක් එක අප්ඩ්ඩේට් වෙන්නේ නෑ . මොකහරි අවුලක් වගේ ..ඒකයි මම මේ පැත්තේ ආවේ නැත්තේ ..
ReplyDeleteකොහොමද කොන්ඩේ බූ ගාගෙන ඉන්නකොට ? ඔයාගේ බොම්බයි මොටයි කොන්ඩේ තවම තියනවද ? අම්ම බැන්නද ?
@ රත්ගමයා - තට්ටෙ ගාන්න තරම් පිච්චුනේ නෑ රත්ගමයෝ. පොඩ්ඩ බැරි වෙන්න බෑ මුන් එන්නෙ පද හදන්න.
ReplyDelete@ හිස් අහස - අනිත් කට්ටියට නම් අප්ඩේට් වෙනවා සඳරු. අවුල මොකද්ද දන්නෑ. අම්මා නම් බැන්නෙ නෑ. ඒත් ආයෙ ක්ලාස් ගියේ කොණ්ඩෙ ගොතාගෙන තමා.
වැඩේ හරිගියා නං . . . පිණිබිඳු වෙනුවට "තට්ටබිඳු" වගේ එකක් පාවිච්චි කරන්න තිබුනා . . . . අෆොයි අෆරාදෙ . . . .
ReplyDelete@ ඕනයා - ඔන්න පටන් ගත්තා දැන් පද හදන්න.
ReplyDeleteමට නම් මැවිල පේනව කස්ටිය පොත් වලින් ඔලුවට සංග්‍රහ කරනව...
ReplyDeleteඅම්මෝ කොණ්ඩේ පිච්චුනාම තියෙන ගඳ. අනික මුළු කොණ්ඩේම පිච්චුනා නම් විනාසයි. කොණ්ඩේ පිච්චුනාම ආපහු එන්නේ නැහැලු නේද ???
ReplyDeleteඉස්සර මම නං නසරාණි කමට කොණ්ඩගස් ගලවලා ලාම්පුවට හරි ඉටිපන්දමට හරි අල්ලනවා... පුළුටු ගඳ ඇවිත් බැනුම් අහල තමයි නවත්තන්නෙ.
ReplyDelete