නෙතු පියලි අග රුවට
කඳුළු මල් පිපුණාට
මුදු ඇඟිලි තුඩු අගින්
අතට ගන්නේ කෝම..
සවන් පෙති අගට කර
විහඟ ගී ගැයුවාට
ඔබෙන් වෙන් වෙලා මා
දුරක යන්නේ කෝම..
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
මල් සුවඳ සේ නොයිඳ
වෙන්ව යන්නේ කෝම..
කඳුළු මල් පිපුණාට
මුදු ඇඟිලි තුඩු අගින්
අතට ගන්නේ කෝම..
සවන් පෙති අගට කර
විහඟ ගී ගැයුවාට
ඔබෙන් වෙන් වෙලා මා
දුරක යන්නේ කෝම..
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
මල් සුවඳ සේ නොයිඳ
වෙන්ව යන්නේ කෝම..
ලස්සන කවි ටික. ඔයාට මාර දේවල් නේ හිතෙන්නේ.ජීවිතයක් ලස්සන වෙන්න ආදරය තියෙන්න ඕනෙලු. ඔයාගේ ආදරය මෙහෙම ලස්සනයි නම් ජීවිතය කෝම ලස්සන වෙන්ට ඕන ද !!!!
ReplyDeleteඅපි තාම චූටියි,,,
ReplyDeleteකොහොමද කියලා හිතා ගන්න බැහැ. වෙන් වෙලාම බලන්න වෙයි... :(
ReplyDeleteබොලේ මෙයාට හිතෙන දේවල්. . . . .
ReplyDeleteමටත් ඔහොම හිතපු කාලයක් තිබුන නගේ . . . . . බූට් දෙකයි කෑවෙ . . . මම හැදුන
හරිම ලස්සනයි අක්කේ...
ReplyDeleteලස්සන කවි ටික අක්කේ
ReplyDeleteඒත් වෙන් වෙන්න වෙනව නම් , වෙන් වෙන්නම වෙනවා. දුකයි තමයි, ඒත් මොනව කියල කරන්නද???
ReplyDeleteජය..
@ මධුරංග - හ්ම්ම් ආදරේ පලුදු නොවී තියෙන තාක් කල් ජීවිතේ ලස්සනයි.
ReplyDelete@ MaRLaN - අනේ චූටි පුතා.. ඒ හන්ද වෙන්න ඇති අර කෙල්ලෙක්ට ආදරේ කියාගන්න බැරුව කවි දදා ඉන්නෙ. හික්ස්.
ReplyDelete@ කොට ජීවිතේ - හීනෙකින් වත් එහෙම දෙයක් හිතන්න එපා.
ReplyDelete@ ඕනයා - හපොයි මෙන්න දාර්ශනිකයෙක් කතා කරනවා. බුදු අම්මෝ ඒ සපත්තු නම් ආයෙ එපා.
ReplyDelete@ නිම්ශා - ස්තූතියි නංගෝ..
ReplyDelete@ බීටා - තැන්කූ තැන්කූ මලේ..
ReplyDelete@ Gayan Rupasinghe - ඒක ඇත්ත හැමදේටම දෛවය තමා
ReplyDeleteෆට්ට... උපරිමයි...
ReplyDeleteවෙන්වෙලා දුරක ගොස්
ReplyDeleteවිරහ ගී ගැයුවාට
ආදරේ නොදැනෙයිද
කියන්නකෝ ඔහොම,,,
දැන් යනවයි අක්කේ...
ReplyDeleteකෝම හරි වෙන්ව යන්න එපා හරිය..ඔන්න ඕක ලියපු කොලේ කඩලා විසික් කොරලා ආයේ අලුත් පිට්ටක ලියන්න...ඔබ නැතුව මම ඉන්නේ කෝම කියලා..
@ prasanna86k - තැන්කූ මාළුවෝ..
ReplyDelete@ හිරණ්‍ය - වෙන්වෙලා දුරක යන්න බැරි ආදරේ හින්ද තමා යාලු.
ReplyDelete@ රත්ගමයා - කොහෙ යන්නද මලේ හදා ගත්තු පැල දාලා...
ReplyDeleteඔය නිකමට හිතුන දේවල් වෙන්ඩැ....
ReplyDeleteශ්.... ප්‍රසිද්ද මාධ්යවල ඔහොම කියනවද?
ReplyDeleteවෙන් වීම් ගැන හිතන්න එපා අක්කේ . හෙට මැරුනත් අද ජොලි කරලා සතුටින් ඉන්න . ඒත් ඉතින් පුලුවන් තරම් ලං වෙලා ඉන්න බලන්න.මේ කවියක් විතරයි නේද ? හොඳයි ලස්සනයි ...!
ReplyDeleteකෙදිනක හෝ වෙන් වන්න සිද්ද වෙනවමය්....
ReplyDelete@ nawammawatha - නිකමට හිතිච්ච දේවල් තමා ඉතින්
ReplyDelete@ MaRLaN - හා මේ ලෝකෙම දන්න රහසක් අපි කිව්වම තමා වැරදි නේ. හාකො හාකො.
ReplyDelete@ හිස් අහස - කවියක් විතරයි සහෝ.
ReplyDelete@ Observer - කෙදිනක හෝ වෙන්විය යුතුමයි. ඒත් එය මරණයෙන් වෙන්වී යාම නම් හොදයි.
ReplyDelete