මං පුංචි සන්දියෙ කාලයක් පුන්නි එක්ක ගෙවුනා වගේ තව කාලයක් ගෙවුනෙ සීයා එක්ක. අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල් කරපු නිසා එයාලා වැඩට ගිහින් එනකල් සීයා එක්ක තමා සෙල්ලම් කර කර ඉන්නෙ.
මට අදටත් මතකයි සීයට පුළුවන් කට හොල්ලන්නෙ නැතුව උගුරෙන් කතා කරන්න. සමහර වෙලාවට සීයා ඔහොම මොනාහරි කියලා මාව බය කරනවා ඔන්න කවුද කතා කරා කියලා.
කොච්චර කරත් සීයගෙ අත් ඇරව ගන්න බැරි එක පුරුද්දක් තිබුණා. ඒ තමයි බීඩි බොන එක. එයා බීඩි වලට පුදුම ආසාවක් තිබුණෙ. ඒත් තාත්තවත් ආච්චිවත් බීඩි බොන්න දෙන්නෙ නෑ. මොකද සීයා හිටපු ගමන් ඉස්පිරිතාලෙ ගෙනියන්න තරම් ලෙඩ වෙනවා. එතකොට ඉතින් බයටම කාලයක් යනකල් බීඩි දිහා බලන්නෙවත් නැතුව ඉන්න සීයා ඔන්න ආයෙමත් පටන් ගන්නවා පුරුද්ද.
සීයා බීඩි බොන්නෙ ගෙයි පිළිකන්නෙ ඉඳගෙන. සරම අර පුංචි උන්ට ඔංචිල්ලා පදින්න පුලුවන් විදිහට දිග ඇරගෙන තමා ඉඳගන්නෙ. බීඩි ගඳ දැනිලා කවුරු හරි එන සද්දයක් එනකොට සීය පටස් ගාලා බීඩිය සරමට දාගන්නවා. එතකොට සීයගෙ කටේ බීඩිය නෑනෙ. ඊළඟට අර ආපු එක්කෙනා ගියාට පස්සෙ සරමට දාපු බීඩිය අරගෙන ආයෙත් බොනවා. ඔය හන්දා සීයගෙ සරම් තැනින් තැන පිච්චිලා හිල් වෙලා තිබුණේ.
සීයා කොච්චර බීඩි වලට ආදරේද කියනවා නම් එක දවසක් අපේ තාත්තා සීයගෙ බීඩි මිටියක් අරගෙන ගිහින් ලිපට දැම්මා. සීයට හොඳටම තරහ ගිහින් තාත්තට කිව්වා මීට වඩා හොඳයි උඹ මාව මැරුවනම් කියලා. කොච්චර බැන්නත් ඒ පුරුද්ද නම් අත ඇරව ගන්නම බැරි උනා. අන්තිමට සීයා නැති උනෙත් ඔය බීඩි ඉරිල්ල හන්දම තමා.
සීයා ඉස්සර වැඩ කරලා තිබුණෙ වාරිමාර්ගෙ රියදුරෙක් විදිහට. ඒ හන්දා සීයට මාසයක් ගානෙ පෙන්ෂන් හම්බුණා. පෙන්ෂන් දවසට අපිටත් හරි වාසියි. මම ආසම සීයා ගෙනත් දෙන අර හිනා බිස්කට් වලටයි පාට පාට ජිල් බෝල වලටයි තමා.
සීයගෙ හිතේ අපි වෙනුවෙන් තිබුණෙ නිහඬ ආදරයක්. ආදරෙයි කියල දන්නවා. ඒත් එයා ඒක පෙන්නන්නෙ නෑ. සීයා එක්ක ගෙවිච්ච මගෙ පුංචි කාලෙ සිද්ධ වුණු එක සිද්ධියකින් ඔහු කොච්චර ආදරයක් අපි වෙනුවෙන් හිරකරගෙන හිටියද කියල මම දැන ගත්තා.
මම කලිනුත් කිව්වනෙ අම්මලා වැඩට ගිහින් එනකල් සෙල්ලම් කරන්නෙ අපි සීයා එක්ක කියලා. එහෙම සෙල්ලම් කරද්දි සීයා කවදාවත් අපිට එයාගෙ දෑස මානෙන් යන්න දෙන්නෙ නෑ. එයාට පේන තැනක තමා ඉන්න ඕනෙ. අපේ ගෙදර පිටිපස්සෙ ලොකු හබරල ගාලක් තිබුණා ඒ කාලෙ.එක දවසක් සීයා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා මම ඒ හබරල ගාල අස්සෙ සෙල්ලම් කරන්න ගත්ත වාඩි වෙලා. හබරල කොළ ලොකු හින්දා කාටවත් මාව පේන්නෙ නෑ. අපේ සීය ආපහු එනකොට මම නෑ. සීයා හැම තැනම හොයලා අහල පහල ගෙවල් වලත් බලලා. වෙන දෙයක් නෙමේ ළිං වලත් බලලා මම වැටිලද කියලා. අන්තිමට මාව හොයා ගත්තා හබරල ගාලෙ ඉඳලා.
එලියට ආවා විතරයි සීය මට හොඳවැයින් පාරක් ගැහුවා. ඊට පස්සෙ සීයා අඬාගෙන පුටුවකට වැටුනා "තෝ නැතුව මං මළා" කියලා.
සීයගෙ හිතේ තිබුණු ආදරේ හරියටම මට එදා දැනුනෙ. සීය නැති වෙලා අවුරුදු ගානක් ගියත් මගෙ හිතේ ඔහු ගැන තිබුණු ආදරේ ගෞරවය එහෙම්මමයි. ඔහුගෙ නිහඬ ආදරේ පාලුව මට තාම දැනෙනවා.
:(
ReplyDeleteහරි අපූරුවට වචන එකතුකරල තියනව . . .
ReplyDeleteඒත් . . . ??? මට එක ප්‍රශ්නයක් තියනව . . . මොකද්ද බීඩි බොන එකේ වැරැද්ද . . . ??? බීඩි වල තියෙන්නෙ විටමින් නෙ . . ??? විටමින් B සහ විටමින් D
මට තේරුං ගත්තෑකි සීය කෙනෙකුගෙ ආදරේ... මාත් දැන් සීයෙක් නිසා.
ReplyDeleteහොද පාරක් දෙන්න ඇති..මට මැවිලා පේනවා ගුටිකාලා අඩන හැටි.,..
ReplyDeleteලිපියේ මාතෘකාව දැක්කා විතරයි. ගෙදර තිබ්බ විසි කැත්තත් අරන් ආවේ මොකද කියලා බලන්න !!!!
ReplyDeleteපිණිබිදු ට කියන්න මටත් ඔහොම සීයා කෙනෙක් හිටියා. එයා හවසට වැඩ ඇරිලා ගෙදර එනකන් පාර බලාගෙන ඉන්නේ මොනාහරි ගේන නිසා. මොකද ඉතින් මුනුපුරෙකුට කියලා හිටියේ මායි අපේ මලයයි විතරයි (ඒ කාලේ හොදේ. දැන් නම් මට මාමා කියලා කතා කරන තරමේ පුංචි එකාලා ගොඩක් ඉන්නවා. දුක තමයී
සීයා මට මාරම ආදරෙයි. මට ඉස්සර සෙල්ලම් අස්සයෙකුයි ට්‍රයිසිකල් එකකුයි ගෙනත් දුන්නා. ඒ විතරක් යෑ ඉස් ඉස්සෙල්ලාම කර ට රත්තරන් කෑල්ලක් දැම්මේත් සීයම තමා. (ඒක තාම තියෙනවා)ඒක ඇරෙන්න මට රත්තරන් කියලා නාමයක දෙයක් නෑ :(
එයාගේ එකම වැරැද්දකට කියලා තිබ්බේ බොන එක. බීලම නැති උනා. පව්......
පිනිබිදුගේ සීයටයි අපේ සීයටයි නිවන් සුව පතමු !!!!
අපරාදේ විසි කැත්ත උස්සන් ආවේ. මොනා කරන්නද ඉතින් දැන් වත්ත ටිකක්වත් විසි ගහලා බලන්න ඕනේ. බැරි වෙලාවකවත් ඉබ්බෙක්වත් හම්බ උනොත් ඒක පිණිබිදුට දෙන්න බැරියෑ. දවල්ට උයන්න කියලා.... හික්ස්... :)
@ පූසා - :(
ReplyDelete@ ඕනයා - වැඩේ කියන්නෙ වැඩිපුර විටමිනුත් හොඳ නෑනෙ. ඔතන විටමින් B හා D එකතු වූ කල පෙනහළු ආශ්‍රිත රෝග ඇති වන බව තතු දත්තෝ පවසති.
ReplyDelete@ Observer - ඒක නම් ඇත්තටම පුදුම ආදරයක් තමයි.
ReplyDelete@ රත්ගමයා - යනව යන්න මම ඇඬුවෙ නෑ..
ReplyDeleteනියමයි මචං. මගේ සීයාත් ඉස්සර මාව වඩාගෙන වෙල් , ඈලවල් පෙන්නන්න එක්කන් යනවා.. ආයේ මොනම හේතුවක් හින්දාවත් මාව බිමින් තියන්නේ නෑ...
ReplyDelete@ මධුරංග - හයියෝ ඉබි පෝස්ට් එකක් දාලා මම තාම කනවා. එහෙනම් ඉතින් ආපු එකේ ඔය තියෙන වැඩපළ ටිකක් කරල දීල යන්නකො.
ReplyDeleteඇත්තටම වයසට ගියාම ඒ අයගෙ මතේම තමා. කොච්චර එපා කිව්වත් එයාලගෙ අදහස් වෙනස් කරන්න බෑ. අපිත් වයසට ගියපුවාම මොනා කරයිද දන්නෙ නෑ.
@ prasanna86k - ඒ බිමින් තියන්නෙ නැත්තෙ ඇලකට පැනල මාළුවා පීනගෙන යයි කියල බයටද කොහෙද.
ReplyDeleteඅලේ මං මගේ සීයල දෙන්නවම එක්ක ඉන්න තරම් වාසනාවන්ත උන්නැහැ. දැනටත් මං අම්මා එක්ක කියනවා සීයලා දෙන්න හිටියනම් හොඳයි ආත්තම්මලා දෙන්නා නැතුව කියලා...........
ReplyDeleteහැබැයි මට අත්දැකීමක් තියේ. ඒ අපේ පුංචිගේ පුතාව (එතකොට අවුරුදු 2ක් විතර ඇති) දවසක් මං පහල සීයලයි ගෙදර එක්කන් ගියා. ඒ වෙලාවේ සීයා උදේට කනවා. මල්ලි සීයා කවනකම්ම ආ ආ ගගා හිටියා. මල්ලිට බත් කටක් කවපු සීයා කීවේ. මං බොලාගේ තාත්තටවත් මෙතුවක් කාලෙකට කැව්වේ නැ. උඹ මට කියලා කොහොම හරි කවා ගත්තා කියලා........ මට ඒක හොඳටම හිතට වැදුනා. සීයා මැරෙන්න කලින් ගොඩක් දේවල් මල්ලියට තමා ලීවේ සීයට තිබුන වතුපිටි වලින්.
@පිණිබිඳු... :
ReplyDeleteවිහිලුවක් කළේ. ඕකට ඉතින් ඔච්චර තරහා ගන්න ඕනයෑ... ඕං මං ආයේ එහෙම කියන්නේ නැතෝ !!!!
සීයලාගේ ආදරේ ඔහොම තමයි..
ReplyDeleteමට උන්න සීයල දෙන්න අහසයි පොළොවයි වගේ. තාත්තගෙ තාත්තටනම් මම හරිම බයයි පුංචි කාලෙ. හැමතිස්සෙම ඉන්නෙ හොඳටම බීල [ඒ නිසාම තාත්ත බීම හරියට පිළිකුල් කලා]
ReplyDeleteඒකට අම්මගෙ තාත්ත. අපිට පණ ඇරල. මම පුංචි කාලෙ හැදුනෙ එහේ නෙ.
සීයලා කොහොමත් තමන්ගේ මුණුබුරන්ට මිණිබිරියන්ට ගොඩක් ආදරෙය් තමා, මොකද මමත් පොඩි කාලේ හැදුනේ අත්තම්මා ලඟය් ලොකුඅත්තා ලඟය්..
ReplyDelete@ හා පැටික්කි (MS) - අන්න යුතුකම් දන්න සීයලා
ReplyDelete@ මධුරංග - අපොයි තරහ වුනේ නැතෝ. සිකේ සිකේ මට තරහ ගියා කියල හිතුවද? ආයෙ කිව්වට කමක් නැතෝ මේ අපි අපිනෙ අප්පා
ReplyDelete@ Dinesh - සීයලගෙ නිහඬ ආදරය නේද
ReplyDelete@ nawammawatha - මට අම්මගෙ තාත්තගෙ ආදරය හම්බුනේ නෑ. අම්මගෙ තාත්තා අපි ඉපදෙනකොටත් නැති වෙලා හිටියෙ. තාත්තගෙ තාත්තගෙ මතකෙ තමා තියෙන්නෙ.
ReplyDelete@ බීටා - ඔය ඉන්නෙ තව මේ ආදරේ විඳපු කට්ටිය
ReplyDeleteමේක කියවලා සීයව මතක් වෙලා මගේ ඇහැට කඳුලුත් ආවා. මමත් සීයටයි ආච්චියයි පණ වගේ ආදරෙයි. මට එයාලව තාම හීනෙන් පේනවා.
ReplyDeleteපපුව "හෝස්" ගාල දාල ගියා මේක කියවලා . මොකද මේ කතාව මටත් සම්බන්ඳයි . මටත් මගේ තාත්තා නැති නිසා මාවයි නංගිවයි අම්මවයි පොඩි කාලේ බලාගත්තේ අපේ සීයා . ඒයනම් තවම දෙයියංගේ පිහිටෙන් ඉන්නවා . බීඩි නම් බොන්න හොඳනෑ . ඒව අනික් දුම් වැටි වගේ නෙවෙයි කිසිම ප්‍රමිතියක් නෑ .!
ReplyDeleteහ්ම්...මටත් ඉන්නවා සියා කෙනෙක්...ඔයා කියනවා වගේ එයාලගේ ආදරේ පෙන්නන්නේ නැහැ මෙච්චරක් කියලා එත් දැනෙන්න දෙනවා...
ReplyDelete:) කියන්න දෙයක් හිතාගන්න බෑනේ.....
ReplyDelete@ කොට ජීවිතේ - මටත් හුඟක් වෙලාවට තාමත් සීයව හීනෙන් පේනවා.
ReplyDelete@ හිස් අහස - හික්ස්. අන්න ඒකයි බීඩි බොන්න හොඳ නැත්තෙ නේද. ප්‍රමිතියේ ප්‍රශ්නෙ හින්ද.
ReplyDelete@ නිම්ශා - එයාලගෙ නිහඬ ආදරේ තරම තමා
ReplyDelete@ ..ChAnDiKa.. - දුකයි තමා..
ReplyDeleteපව් ඔයාගෙ සීයා.කොච්චර බය වෙන්න ඇත්ද ඔයා නෑතිවුනාම.
ReplyDeleteබලන්යන්දි පොඩි උන් බලාගන්න එකත් එච්චර ලේසි නෑ.පස්සෙන්ම ඉන්න එපෑයි.
බීඩි බොන සීයෙක්ට සාතන් දන්නෙ කළුකුමාරයගෙ සීයව විතරයි... මූ කොච්චර හොඳ මුණුබුරෙක්ද කියනව නම් සීය බීඩි බීල ලෙඩවෙයි කියල සීයගෙ බීඩි ටිකටත් කෙලියනෙ....
ReplyDeleteෂික් මං ඉපදෙන කොට අපේ සීයල දෙන්නම වල කජ්ජ ගහල.ඒත් මේක කියෙව්වම මට දුක හිතුන.අපරාදෙ මටත් සීයා කෙනෙක් හිටිය නම් හොඳයි කියල හිතුන.
ReplyDeleteඇත්තටම මටත් මගේ සීයාව මතක් වුණා. අම්මාට තාත්තාටත් වඩා මගේ ඒ දවස්වල ලෝකය වෙලා තිබ්බේ සීයාව. අපේ සීයාගේ කවි වගයක් තමා මේ.........
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2010/09/blog-post_26.html