Pages

Monday, June 20, 2011

ගෙදර පැන්නෙමි පොසොන් පෝයට

පෙරුම් පුරලා පෙරුම් පුරලා යන්තම් පොසොන් පෝයට ගෙදර ගියා. පෝය දවසෙ උදෙන්ම කොටුවෙන් බස් එකට නැග්ගෙ කලින් ගෙදර යා ගන්න. මොන? ලංකාවෙ මිනිස්සුන්ගෙ දන්දීමේ ආනිශංසයක් විදිහට මට පැය තුනක් වැඩිපුර පාරෙ ඉන්නත් උනා. බස් එකේ වේගය පැයට මීටරයයි.

ඇත්තටම ලංකාව තරම් දන්දෙන රටක් තවත් නැතුව ඇති. බස් එකේ ඉඳගෙන මට මොන දන්සැල්ද? පාර දෙපැත්තෙ තියෙන දන්සැල් දිහා බල බල කෙළ ගිල ගිල මම පැය ගානක් බස් එකේ ලැග්ගා.

අවුරුදු ගානකට පස්සෙ මේ පාර යන්තම් අපේ පොසොන් පෙරහැර බලාගන්න පුලුවන් උනා. පොළොන්නරුවෙ හැම පන්සලක්ම වගේ මේ පෙරහැරට දායක වෙනවා. ඒ හින්දා පැය තුනක් විතර තිස්සෙ බලන්න පුලුවන් තරමට පෙරහැර දිගයි.

සාමාන්‍යයෙන් ගල් විහාරය ළඟින් නැකතකට පටන් ගන්න පෙරහැර නගරය වටා ගිහින් ගල් විහාරය ළඟින්ම අවසන් කරනවා.

ඔය ඔක්කොමත් හරි පෙරහැර බලන්න තැනක් අල්ලගන්න තියෙන අමාරුව. අපිත් රෑ නමයට විතර කාලා බීලා ඉටි රෙද්දකුත් අරගෙන පාර අයිනට ගියා. සූ ගාලා සෙනඟ. මිනිස්සුන්ගෙ කකුලුත් පාග පාග යන්තම් පිටිපස්සට ගිහින් අපි වාඩි උනා. රෑ නවයෙ ඉඳන් එකොළහ විතර වෙනකල් හිටියා පෙරහැර පටන් ගන්න කල් මදුරුවො තල තල. මොනා උනත් පෙරහැර බැලුවට පස්සෙ නම් ඒ ගෙවිච්ච වෙලාව අපරාදෙ කියල නම් හිතුනෙ නෑ.

මෙන්න පෙරහැර පටන් ගන්නකොටම පෙරහැරේ සන්නස් පත්‍රය අරගෙන යනවා.



ගිනි බෝල කරකවපු කට්ටිය තමා මේ.



මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය පෙන්නුම් කරල තිබුනෙ මෙහෙමයි.



ඔන්න මහ බඹා...



වෙස් නැටුම් කණ්ඩායම් කීපයක්ම තිබුණා.



පෙරහැර අස්සෙ කොඩි පෙරහැර.



පෙරහැරේ සංකේතය අලියා. අලි නම් දහ දොලොස් දෙනෙක්ම ගියා. හරියට ෆොටෝ එකක් ගහ ගන්න පුලුවන් උනේ මුගේ විතරයි. කොහෙද අලි එක විදිහකට ඉන්න එකක්යැ.


අපේ ගමේ කට්ටිය එකතු වෙලා මේ පාර දන්සැලක් දුන්නා. ලොකු දෙයක් නෙමෙයි. මේ සරුවත් දන්සැලක්. හික්ස්. අපේ අම්මලා එහෙම පැය තුන හතරක් සරුවත් හදලා ලෑස්ති කරලා දන්සැල පැය කාලෙන් ඉවර කරලත් ආවා. වන්දනා නඩ සෑහෙන්න. කොහොමත් පොසොන් කිව්වම අනුරාධපුර පොළොන්නරු මතක් වෙනවමනෙ නේද?

ඔහොම ඔහොම නොදැනිම නිවාඩු දවස් ටිකත් ඉවර වෙලා ගියා. ඉතින් ගෙදරින් එලවන්න කලින් අකුලගෙන බොඩිමට ආවා.

ආ කියන්න අමතක උනානෙ. මෙදා පාර තාත්තගෙ එළවළු කොරටුවෙ මල්ගෝවා හැදිලා යායට. ඔය තියෙන්නෙ උජාරුවට.




42 comments:

  1. ලංකාවේ ඉන්න මිනිස්සු වැඩියෙන් පව් කරනවනෙ සිස්. ඒක නිසා වැඩියෙන් දැන්සැල් දීලා ඒ පව් වහ ගන්න හදනවද මන්දා....ඇත්තටම ලංකාව හැර ලෝකෙ වෙන කොහේවත් මේ දන්සැල් ව්‍යාපාර නෑනෙ. ඔයා කාපු කට්ට අපරාදෙ කියන්න බෑ මාත් කෑවා. මේ පොසොන් දවසෙදි...

    ReplyDelete
  2. ඇති යන්තන් පිණිබිදුවා ඇවිත්. අපිත් මේ බලන් උන්නේ කොහේ ගියාද කියලා.මේ දවස් ටිකට බ්ලොග් එකේ මකුළු දැල් හිටන් බැදිලා.
    කමක් නෑ දැන් ඉතින් ආවනේ.

    මෙයා එන මග පෙරහැරකුත් බලලා තියෙන්නේ. නියමයි. මේ ෆොටෝ ටික අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි.

    ඔන්න අපි නම් දන්සල් කෑවා ඇති පදම්. කන්න බැරිඋන කට්ටියට නම් සොරි ම තමා.

    ReplyDelete
  3. මධුරංග අයියා කීවත් වගේ ගොඩ කාලෙකින් මේ පිණිබිදු අක්කා ලිපියක් දැම්මේ..

    මටනම් ඉතින් දන්සැලකින් කාපු දවසක් මතක නෑ.. මොනවා කරන්න්ද ඉතින් දුක තමයි...

    ReplyDelete
  4. පොසොන් කිව්වම ඉතින් අ'පුර පොලොන්නරුව මග ඇරෙනවැයි නේද?.මෙහෙත් දන්සල් 2000කට ආසන්න ගානක් තිබ්බ කියල රේඩියෝ එකේ කිව්වෙ.
    අපිත් එදා උදේම කඩල,මන්නොක්කා දන්සල් වලින් කෑවා.පෙරහැරේ මමත් ආසම අර මහබඹා අරන් යන විදියට.
    අඩේ මල් ගොවා ටික නියමයි,මම් හතු හැදුවා.අපි එක වේලක් හදල කෑවත් එක්ක, රහයි :)

    ReplyDelete
  5. අපිත් ගමේ දන්සැලක් දුන්නා....මාර සතුටක් අක්කේ....මුළු ගමම එකතු වෙලා වැඩක් කරන එක වගේ දෙයක් මට නම් තවත් නෑ.....ටවුන් වලදී කොච්චර ඒ වගේ වැඩ සිද්ධ වුනත් බහුතරයක් සිද්ධවෙන්නේ එක දාගන්න.ගමේ දී එහෙම නෙමේනේ අව්‍යාඡ ග්‍රාමික මිනිස්සුනේ....හරි සංතෝසයි ඒ හින්දා...

    ReplyDelete
  6. මේ තුන්ලෝකෙන්ම බුද්දාගම ඉතුරුවෙලා තියන එකම රට.පිනක් කරගන්න පුලුවන් එකම රට.පිට ඉන්න අපිට තමා තමන්ගෙ රටේ අගේ තේරෙන්නෙ.

    ReplyDelete
  7. ඔය බුද්ධාගම ඉතිරි වෙලා කියන රටේ මහ උජාරුවෙන් පින් කරන් ඇත්තෝ මිනිස්සුන්ට ගින්දර දිදී වෙන්න ඇති පින් රැස් කරන්නෙ.... අපූරු පින් නෙ...ඔය අවුලලා ගිණි තියලා විනාස කරපු හිත නිවන්න දන් සැල් කීයක් දෙන්න වෙයිද කස්සො ?

    ReplyDelete
  8. පොසොන් එක ගැන තියෙන අස්සට මල්ගෝව කථාවක් දැම්ම එකනෙ වැඩේ... දැන් පොසොන් නෙමෙයි මල්ගෝව බයිට් එකනෙ ඔලුවෙ තියෙන්නෙ...

    ReplyDelete
  9. අලියගේ ෆොටෝ එක ඇරෙන්න මම අනිත් සේරම පින්තූර වලට කැමතියි

    අපිත් මෙදාපාර දුන්නා සුප් දන්සලක් . 1500 කට විතර සුප් පෙවුවා .

    මල් ගෝවා දන්සලක් දෙන්න තිබුනා නේද ? ඔන්න රෑට හොරු පැන්නොත් එහෙම අපි දන්නේ නෑ

    ReplyDelete
  10. මම දන්සැල් වන්දනාව අතෑරපු එකම පොසොන් එක තමයි මේ පොසොන් එක. පැටිය තනියම දාල යන්න බැරි නිසා හාමිනේට යන්න බෑ . . . . මොනව උනත් ලවු කරන්න පටංගත්ත කාලෙ ඉඳල හැම වෙසක් පෝයටමයි පොසොන් පෝයටමයි මගෙත් එක්ක දන්සැල් වන්දනාවෙ එන කෙල්ලව දාල මට තනියෙන් යන්න බෑ නෙ . . . . .

    ReplyDelete
  11. පොසොන් වලට ගමේ ගිහින් ගොඩක් දේවල් අරන් ඇවිත් හැඩයි

    ReplyDelete
  12. මෙදාපාර පොසොන් එකටත් අපි අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා

    ReplyDelete
  13. @ දිල් - කාලෙකින් ඔය වගේ කට්ටක් කෑවමයි. සුපිරි කට්ටක්. ඔක්කොම ඉවසතහැකි. බස් එක යන්නෙ නැතුව පැය ගානක් ඔහේ වාඩිවෙලා ඉන්න එක නම් එපා වෙනවා.

    ReplyDelete
  14. @ මධුරංග - ගෙදර ගියාට පස්සෙ ඉතින් මොන ජාලද. ඔහේ ගෙදරට වෙලා අපත වෙන එක තමා ඉතින්.

    ReplyDelete
  15. @ Dinesh - ලබන අවුරුද්දෙවත් ලංකාවට ඇවිත් දන්සැලක් කන්න ලැබේවා.

    ReplyDelete
  16. @ නදී - අපෙත් අඩියෙන් අඩිය දන්සැල්. කොච්චර දන්සැල් තිබ්බත් සෙනඟ නම් අඩුවක් නෑ.

    ReplyDelete
  17. @ මකුළුවා.....- ඒක නම් ඇත්ත මකුළු. ගමේ මිනිස්සුන්ගෙ අවංක අහිංසක කම නගරෙ හොයා ගන්න නෑ.

    ReplyDelete
  18. @ කස්සා - ලංකාවෙන් පිට ගියාම තමා තමන්ගෙ රටේ අගේ වැඩිපුරම දැනෙන්නෙ.

    ReplyDelete
  19. පෙරහැර විස්තරෙත් නියමයි..විශේෂයෙන්ම දැන් මේ පැතිවල පෙරහැරවල් වල ඔය මහ බඹා හැළිලා නෙව...කාලෙකින් උන්දැව දක ගත්තේ...

    මටනං ඔක්කෝටම වඩා හිත ගියේ අර මල්ගෝවා ටිකට... මට තාමත් උයන්න බැරි වෙච්ච දෙයක් නෙව...වතාවක් දෙකක් කාලානං තියේ...
    තාත්තණ්ඩි හොඳ ගොවි මහත්තයෙක් වගේ...

    ReplyDelete
  20. මේ පාර නම් පුදුම දන්සැල් තොගයක් තමා තිබ්බෙ, ගෙදර ඉඳල කුරුණෑගලට යන ටිකට, බත් දන්සැල්, සුප් දන්සැල්, නූඩ්ල්ස් දන්සැල්, පාන් දන්සැල්, තේ පැන්, ඔසු පැන්, සිසිල් පැන්, කෝපි, රොටී, වඩේ දන්සැල් ආදී එකී මෙකී නොකී පුදුම දන්සැල් තොගයක් තමා තිබ්බෙ. පුලුවන් පුලුවන් හැමතැනින්ම පින් අනුමෝදන් උනා...

    ReplyDelete
  21. ඔය ට්‍රැෆික් කතාව කිව්වම මට මතක උනේ. පොසොන් පෝය දවසේ ගාල්ලේ තමන්ගේ ගෙදර යන්න ගිය අපේ ඔෆිස් එකේ අයිය කෙනෙක් කියපු කතාවක්.
    "යකෝ කළුතර හරියට යනකොට අම්මප මේ ආගම මම වෙනස් කරනවා කියල හිතාගත්ත." මිනිහ ගමේ ගියේ එයාගේ කාර් එකේ. කොලබ ඉදන් කළුතරට යන්න පැය 3ක් ගියාලු.(කිව්වට..ආගම මාරු කරේ නෑ.. හිකි හිකි.)

    ReplyDelete
  22. @ දිල් - ඔයාගෙ කතාවත් ඇත්ත දිල්.

    ReplyDelete
  23. @ සාතන් - අර ඡේද ගානම නැතුව අන්තිමට තියෙන වාක්‍ය දෙක තමා මතක තියෙන්නෙ. හප්පා මේ බේබද්දො එක්ක වසන්නෙ කෝමද අප්පා...

    ReplyDelete
  24. @ හිස් අහස - ඔයා කියන්නෙ සඳරු අපි පෙරහැර බලද්දි අපිට එහා පැත්තෙ හිටපු මනුස්සයෙක්ට ෆෝන් එකට කෝල් එකක් ආවා. බලද්දි ඒ මනුස්සයගෙ වී ගබඩාවට අලි පැනලා. ඒ මනුස්සයා සෑහෙන කලබල වෙලා එක එක්කෙනාට කතා කරනවා. අලි වෙඩි දාලත් අලි ගිහින් නෑ. පස්සෙ ටයර් පුච්චලා දාන්න කියනවා මම අහගෙන. අපි වාඩි වෙලා අලි හුරතල් බැලුවත් අලි කරදරේ ඇත්තටම විඳින මනුස්සයට මොන දුකක්ද ඇත්තෙ. කරන්ට් වයර් දාලා නැද්ද සඳරු.

    ReplyDelete
  25. @ ඕනයා - ඔහොම තමා අයියා පවුල් ජීවිතේ කියන්නෙ සම්පූර්ණයෙන්ම කැප කිරීම් මතම තියෙන දෙයක්නෙ. ඔයා කරපු දේ ගැන මට නම් ආඩම්බරයි.

    ReplyDelete
  26. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - නැතුව නැතුව ගෙනාපු ඔක්කොම ඔයාලට තමා

    ReplyDelete
  27. @ මාරයාගේ හෝරාව - හානේ අයියෙ අපේ පැත්තෙ ආව නම් මල් ගෝවා දෙන්න තිබුණා. දැන් පෙරහැරවල් සෑහෙන්න නවීකරණය වේගෙන යනවා නේද. මේ පාර අපේ පෙරහැරෙත් අර චීනෙ තියෙන්නෙ මිනිස්සු කීප දෙනෙක් මකරෙක්ගෙ ඇතුලට බැහැලා යන එකක්. අන්න ඒකකුත් තිබ්බා.

    ReplyDelete
  28. @ ටී.බී. හේරත් - දැන් දන්සැල් සෑහෙන්න විවිධාංගීකරණය වෙලා නේද. මමත් ඔය පොල් රොටී සහ කෝපි දන්සැල දැක්කා පාර අයිනෙ. හනේ.... බස් එකෙන් පනින්න හිතුනා. කොහොම හරි ගෙදර ගිහින් අම්මට කියලා පොල් රොටී හදාගෙන කාලා කෝපි බිව්වා පෙරේතකම යන්න.

    ReplyDelete
  29. @ ADK කොලුවා - හප්පා පෝය දවසෙ පාරට බහිනවා කියන්නෙ සුපිරි කට්ටක්. අපි නෙමෙයි ආගම මාරු කරන්න ඕනෙ. පාරෙ ඉන්න මිනිස්සු. එතකොට ට්‍රැෆික් අඩු වෙයිනෙ.

    ReplyDelete
  30. ෂා ලස්සන පෙරහැරක් වගේම ලස්ස ගෝවා මල් ටික .......
    මමත් හරි ආස කෑමක් තමා ......

    ReplyDelete
  31. @දිල්
    පස්සෙන් එලව එලව ගැහුවට ඔයා පව සහ පින ගැන මට කියල දෙන්න එනන් ඔනේ නැ.පින් කරන හැටි මට කියල දෙන්න ඕනේ වෙන්නෙත් නැ.මම යන තැන මම හදාගෙන ඉවරයි.අනික පෞද්ගලික ප්‍රශ්න මේව අස්සෙ කතාකරන්න තරම් මම පහතට වැටිලත් නැ.සන්සාරෙ පවු කරල දුක් විදින්නේ කවුද කියන එක මම අමුතුවෙන් ඔයාට කියල දෙන්න ඔන නෑනේ.දන්සැලකට ව්යාපරයක් කියන්න තරම් ඔයගොල්ලො පිරිහිලා නම් පන්සලකට යන්න,බණ පදයක් අහන්න වත් උවමනාවත් නැති තැනට වැටිල නම්.ඔයාල එක්ක ඉදල මම අපායගාමී වෙන්න කැමති නැ.

    ReplyDelete
  32. පෙරහැරේ පින්තුර ටික අපුරුයි..මම නම් පුංචි කාලේ පෙරහැරක් දැක්කට පස්සෙ ආයේ දැකලා නැ...ගෝවා මල් ටිකත් ලස්සනයි...හොද කෑමක්නේ

    ReplyDelete
  33. @ පන්සල් හංදිය - තැන්කූ වේවා..

    ReplyDelete
  34. @ කස්සා - දිලෝ... එන්ඩෝ... කස්සා... කූල් ඩවුන්....

    ReplyDelete
  35. @ අකීකරු හිත - මාත් මේ හුඟ දවසකින් පෙරහැරක් දැක්කෙ. කොහෙද වෙලාවක් ඒකටවත්.

    ReplyDelete
  36. ආ... එකනේ මේ පාර චන්ද්‍රග්‍රහනයක් ඇති වුනේ. මට මේ හිතාගන්න බැරුවේ හිටියේ මක්කෙයි වුනේ කියලා.

    මෙයාගේ බොරූ............ පැයට මීටරයක් යන බස් එකක්ලු... එහෙනම් ගොලු බෙලි එක්ස්ප්‍රස් එකක් වෙන්න ඈති...

    දැනට අවුරුදු තුනකට කලින් පොසොන් දවසක අපේ ලොකු මාමා ඈක්සිඩන්ට් වුනා. එයා මැදිරිගිරියේ හිටිය තාක්ෂණික නිලධාරි මහත්තයා. දැන් ඕං ඈඳට වෙලා ඉන්නවා.

    ReplyDelete
  37. @ prasanna86k - අයියෝ ඔයා ගොලුබෙලි එක්ස්ප්‍රස් ගිහින් නැද්ද. ඒවා පෝය දා ඉස්පැසල්. මැදිරිගිරියත් අපිට ලඟයි. ඒක නම් හරි පව් වැඩේ.

    ReplyDelete
  38. ස්තුතියි බෙදාගත්තට…..

    ReplyDelete
  39. @ රසික වික්රමනායක - ස්තූතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  40. ඔයා පොලොන්නරුවෙද ? මගේ ගම සිoහපුර

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...