බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෲප් එකේ දාපු මේ ස්ටේටස් එක මතකයි නේද. එදා මෙදාතුර ගෲප් එකේ වැඩිම කමෙන්ට් තිබ්බ ත්‍රෙඩ් එකත් ඒක උනා. බුදු අම්මෝ හයදාස් ගානක් කමෙන්ට්. තවත් ඒ ත්‍රෙඩ් එක දුවනවද කොහෙද.
ඉතිං කොහොම කොහොම හරි කට්ටිය ගහ මරාගෙන 18 වෙනිදා යමු කියලා තීරණයකට ආවනෙ.
කොහොම හරි 18 උදේ නිසූපා කෝල් කරලා උඹ කොහෙද බං කියනකොටත් මම බෝඩිමේ.
ඉක්මනට ලෑස්ති වෙලා කටුබැද්දට ගියා. සජිත් බම්බලපිටියට එනවා කියපු නිසා මොරටු පිටකොටුව බස් එකක යන්න මම හැදුවෙ. කොහොම හරි කලින් ආපු බස් එක පානදුරේ එකක්. බලපු හැටියට නම් හිස් සීට් තිබ්බෙ නෑ. මොකට හිටගෙන යනවද කියලා පිටිපස්සෙන් ආපු බස් එකට නැග්ගා.
ඇත්තටම හදිස්සියට බෝඩ් එක බැලුවෙ නෑ. 'ම'යන්නක් තිබ්බ වගේ මතකයි. මොරටුව කියලා මම හිතුවෙ.නැගලා වාඩිවෙලා ටිකට් ගත්තා බම්බලපිටියට.
හපෝ කොන්දොස්තර මහ කින්ඩිම කින්ඩි හිනාවක් දාලා කිව්වෙ නැතෑ මේක බම්බලපිටි යන්නෙ නෑ මහරගමට යන්නෙ කියලා. ඉතින් කාලා වරෙන්කො. මොරටු කියල හිතාගෙන මහරගම බස් එකකට නැගල තියෙන්නෙ.
දඩි බිඩි ගාලා අඟුලානෙන් බැහැලා වෙන බස් එකක ගිහින් බම්බලපිටියෙන් බැස්සා. සජිතුත් එක්ක එතනින් BMICH ආවා.
ආපු ගමන් නිසූපට කෝල් කරාම මේකි ඉන්න ඉසව්ව කිව්වා. යන්තම් ගේට්ටුවෙන් හම්බෙච්ච මැප් එකට පින්සිද්ධ වෙන්න එතෙන්ට ගියා. හප්පොච්චියේ ගියාට පස්සෙ කොහෙ හොයන්නද. සූ ගාලා සෙනඟ.
කොහොම කොහොම හරි මිනිස්සුන්ගෙ අස්සෙන් රිංගලා නිසූපව අල්ල ගත්තා. අනේ මේකි අර අහිංසක නංගිවත් රවට්ටගෙන එක්කන් ඇවිත් ලොකු බෑග් එකකුත් දීලා. ඇයි ඉතින් පොත් ටික කරගහගෙන යන්න කවුරුහරි එපැයි.
ඔන්න ටිකක් වෙලා කයියක් ගහගෙන ඉඳලා මායි සජිතුයි සන්හිඳ එකට ගියා.
මෙන්න නිසූපා කෝල් කරනවා ගොල්ඩ් ෆිෂ් උඹව හොයාගෙන එනවා සුදු ටී ෂර්ට් එකක් ඇඳලා කැප් එකකුයි දාලා ඉන්නෙ කියලා. සෙනඟ පීරලා බලද්දි මෙන්න මාළුවා පීනගෙන එනවා.
ඒ අස්සෙ සජිත් අහනවා ඔය මාළු විතරද ඉන්නෙ ඉස්සො දැල්ලො නැද්ද කියලා.
මාළුවත් එක්කත් එහෙ මෙහෙ පීනලා පොත් හෙවුවා. ඒ ඔක්කොමත් හරි මෙන්න මේකා යශෝධරාවත පොත බදාගෙන ඉන්නවා. දාලා යන්න බෑ කියලා. මොකද මන්දා.
ඊට පස්සෙ තමා ඉතුරු සෙට් එක හම්බ උනේ. ඉස්සෙල්ලාම මධුරංග හම්බ උනා. මධුරංග ස්ව කැමැත්තෙන්ම සජිත්ගෙ බයික් එකේ ටයර් එකක් වෙන්න ඉදිරිපත් වෙලා. බලන්ඩ ඉතින් අපේ දියුණුව පතන මිනිස්සු.
පස්සෙ චාපා නංගි, ශිරෝශි, මාධව, හිරු එළිය ලියන මල්ලි, සිරී කොළුවා කට්ටියත් හම්බුනා. අනේ කට්ටිය තව හිටියා. කතා කරන්න බැරි උනා.
ටික වෙලාවක් කට්ටිය එක්ක වල්පල් දොඩව දොඩව හිටියා. අපි කොයි තරම් අනිත් උන්ට ඇණයක් උනාද කිව්වොත් එතන බුක් ස්ටෝල් එකෙන් අපිව එලෙව්වත් එක්ක.
ටික වෙලාවකින් මායි සජිතුයි ගොඩගේ එකට ගියා.
ඒකෙන් එළියට එනකොට මිනිස්සු යන පාරෙ පඩිපෙලක පුරුදු මූණු ටිකක්. හපොයි මුන් ටික මොක්කුද වගේ එතන ලැගගෙන. අපිටත් මොකෝ. අපිත් ලැග්ගා එතනින්ම. පොටෝ ෂූට් එකකටත් මූණ දුන්නා ඉතින්.
තව පොත් ලිස්ට් එකේ ගත්තෙ නැති පොත් ගොඩක් තිබ්බ නිසාත් තව වැඩ වගයක් දාගත්තු නිසාත් ඉක්මනට උඹලගෙන් සමුගන්න උනා. මාළුවාගේ නිමක් නැති මඩ ප්‍රහාර වලින් බේරිලා ආයෙත් පොත් හොයන්න ගියා.
විජේසූරිය එකේ මහා සෙනඟ ගොඩ අස්සෙ මෙන්න දැකලා පුරුදු මූණක්. ජීවිතේ මල් ලියන දිල් අක්කා. එයාව ඇත්තටම දැකලා නොතිබ්බත් මූණු පොත නිසා දැක්ක ගමන් අඳුර ගත්තා.
දිල් අක්කා සෝරෝ, ජේඩී සහ වැප් ආවා කියල කිව්වට මම දැක්කෙ නම් නෑ. 26 යනවා කියලා පෙරලි පෙරලි අඬපු සෝරෝ මොකට 18 ආවද මන්දා.
අම්මෝ උස්සගන්නත් බැරි තරම් පොත් කන්දකුත් එකතු කරගෙන අපි එන්න පිටත් උනා. ඔය උඩ පින්තූරෙ දාලා තියෙන්නෙ මම ගත්තු පොත් තමා. තව පොත් දෙකක් අඩුයි. සජිත් අරන් ගියා.
ඉතින් වචන වලින් අඳුන ගත්තු පිරිසක් හැබෑවටම දකින එකත් හරිම සුන්දර අත්දැකීමක්. ඒ අත්දැකීම උඹලා නිසා මම වින්දා. කවදාවත් මේ දවස නම් මතකයෙන් මැකෙන එකක් නෑ.

පොත් ප්‍රදර්ශනේ ගැනමයි ලියන්නේ,, ඉරිසියාවෙ බෑ අප්පා, ලබන පාර යන්න පුළුවන් වෙන්න කියලා භාරයක් වත් වෙන්න ඕනෙ :(
ReplyDeleteකෝ අර පොටෑපෝටෙලෝ කතාව... මම මේ ඒක බලන්න ආවෙ...
ReplyDeleteමධුරංග මලය ටයර් එකක් එතකොට... එල එල
මම තමයි ඉස්සෙල්ලම කමෙන්ට් කරේ. අනිත් කට්ටියවත් ඉක්මනටම හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ජය..
ReplyDeleteඅවංක ඉරිසියාව මෙයින් පිරිනැමේ
ReplyDeleteමං ගන්න හිතාගෙන පොත ගන්න පුළුවන් වුනේ අක්කා නිසානේ... එහෙව් එකේ මං මඩ ගහයිද?
ReplyDeleteඒක නෙමේ අර සැවෝයි එකේ මොකද්ද සාරි තෝරන්න යනවා කිව්වේ ගියාද?
මාව ටයර් එකට දාන්න එපා කියලා මං සජිත් අයියට කිව්වත් එක්ක. කොයි මේ කට්ටිය අහන එකක් යෑ. අක්කා මදුරංග මල්ලි කියාගෙන ආවම මට මාර හැපි අක්කේ !!!!
ReplyDeleteමෙන්න මගෙනුත් අවංකවම ඉරිසියා මල් පොකුරක්
ReplyDeleteහික්ස්....මෙන්න කස්ටිය මගෙ පොටෑපෝටෙලෝ කතාව හොයනවා. ඔයා ගිහින් එතකොට වෙලාවට...:)))
ReplyDeleteයකෝ ඔය වගේද බං අපි ගත්ත පොත්. එතන පොත් 30ක් තිබුනානෙ. O_o. ගෙදර ඇවිත් බැලුවාමයි දැක්කෙ.
සන්තෝෂයි කට්ටිය අඳුනගෙන තියෙන එකට...
ReplyDeleteඅෆ්ෆා..... අක්කා කටුබැද්දේ ඉඳන්ද ආවේ දන්නවා නම් මමත් අක්කා එක්ක එනවා
ReplyDeleteඅයියො අපි දන්නේ නෑ නේ ඔයාලා අවා කියලා....
ReplyDelete@ හරී - පිණිපළස - ඒකනෙ අක්කා. ඊළඟ පාර කට්ටියම එකට යමු.
ReplyDelete@ සාතන් - ඒ කතාව නම් නොදනී. මේ ඔයත් ආවද ඊයෙ. දැක්කෙ නෑනෙ.
ReplyDeleteBindi malmi සමගින් මගෙනුත් අවංක ඉරිසියාව...
ReplyDelete@ cjgayan - නෑනෙ සහෝ.. ඔයා තුන් වෙනියට කමෙන්ට් කරල තියෙන්නෙ
ReplyDelete@ Bindi - ඉරිසියාව උනත් අවංකයිනෙ අක්කා. ඒක කොච්චර දෙයක්ද.
ReplyDelete@ prasanna86k - ඔය එතකොට මඩ නෙමෙයි නේ. සැවොයි ගියේ නෑ බොල මාලුවෝ...
ReplyDelete@ මධුරංග - මම නම් ඔයාව දුරදිම අඳුරගත්තා. සතුටුයි මල්ලි ඇත්තටම උඹලව හම්බෙච්ච එක නම්.
ReplyDelete@ malmi - හොඳ වැඩේ ආවෙ නැති උනාට.
ReplyDelete@ නිසුපා - ඒ බං ඇත්තට මොකද්ද ඒ කතාව.
ReplyDelete@ තනෝජා රාජපක්‍ෂ - අක්කා ආවෙ නැද්ද ඊයෙ
ReplyDelete@ ශානු - ඔයත් මෙහෙද. හානේ අපි අසල්වැසියො වෙන්න ඇති එහෙනම්.
ReplyDelete@ තරිඳු - අපිත් දන්නෑනෙ ඔයාල ආවා කියලා.
ReplyDeleteපොත් ගොඩා....ක් අරන් ඔයා.ඊරිසියාවේ බෑ...
ReplyDeleteනැනෙ පිණිබිඳු.. ඊයෙ දහම් පාසල් තරඟනෙ...
ReplyDeleteමමත් ඇවිත් කතා කරල ටක් ගාලා ගියා නොවැ. කෝ අක්කා හිටියේ නෑ නොවැ. අනික් එකාලයි එකියලයි නම් හිටියා..
ReplyDeleteජය...
අපිට ඉරිසියාවේ බෑ...
ReplyDelete1. අපි ඉතින් ආයේ කවදා පොත් ප්‍රදර්ශන බලන්නද..
2. ආවනම් මටත් කට්ටිය මුණ ගැහෙන්න තිබුනනනේ...
කරුමේ කරුමේ, නැන්දම්මයි මාමණ්ඩියි කඩං පාහත් උණේ නැද්ද හරියටම එදාම. අනේ ඉතිං අපේ ගෙදර උන්දෑ මාව පුටු කකුලකට තියල ගැටහහල නෙව තිබුනෙ. බොලා එකෙක්වත් පණ පිටිං දැක බලාගන්න බැරි උණානෙව.
ReplyDeleteමම සුවාරපොල අක්කා
ReplyDelete@ නදී - ඉරිසියා නොකර හොඳ ලමයා වගේ පොත් ප්‍රදර්ශනේට ඇවිත් පොත් ගත්ත නම්..
ReplyDelete@ තනෝජා රාජපක්‍ෂ - අයියෝ අපරාදෙ අක්කා. ඒත් ඔයාව හම්බවෙන්න ඕනෙ නම් මට කැම්පස් එකේදිත් පුලුවන් නේ..
ReplyDelete@ Gayan Rupasinghe - අපරාදෙ අපිට ඉක්මනට යන්න උනානෙ.
ReplyDelete@ Dinesh - එහෙනම් ඉතින් ඉරිසියාකරනවා හැර කරන්න දෙයක් නෑ.
ReplyDelete@ nawammawatha - අප්පා පොත් වගේද නැන්දම්මයි මාමණ්ඩියි. සේප් එකේ තියාගන්න එපැයි. මොනා කරන්නද අයියා. ඊළඟ ගෙට්ටුවේදි වත් හම්බවෙමු.
ReplyDelete@ ශානු - අඩේ මරු නෙ. හදිස්සියක් උනොත් බයවෙන්න දෙයක් නෑ.
ReplyDelete@ Tanikada - ඔයාව මඟ ඇරුනනෙ කමෙන්ට් කරන්න. මොකට ඉරිසියා කරනවද හයියෝ එන්න තිබ්බනෙ.
ReplyDeleteඅක්කටවත් මාව මතක් උනේ නෑනෙ... :(
ReplyDeleteඊරිසියාවෙ බැරුවා...
ReplyDeleteඑතකොට බොලාලට අපි එනකං තව පැයක් ඉන්න බැරි ගානටම කඩි කුලප්පුව හැදුනා නේද . . . .????
ReplyDeleteඊරිසියාවයි, දුකයි හිතේ තරඟ කරනවා...:(
ReplyDeleteඊරිසියාවෙ බැරුවා...
ReplyDeleteඑන්න බැරු වුනානේ මේ වැඩ කන්ද එක්ක :(
ආසාවේ පන යන්න හදනව්වා අක්කේ . ඇයි ඔයා ගත්තු එවුවා අපිට පෙන්නලා අපිට දුක් දෙන්නේ ?
ReplyDeleteලඟපතාක ඕක තිබුණා නම් ඉඩ කඩම් හරි උකස් කරලා මමත් එනවා පොත් ගන්න
අපිත් යන්ට තමයි හිතං ඉන්නේ... පොත් ගැනිල්ල කෙසේ වෙතත් බලලා පෙරලලාවත් එන්ට
ReplyDeleteඊ..................................................................රිසියා......................................................යි........
ReplyDeleteකමක් නෑ අපි ලබන පාර යනෝ........
ආහ් අමතක උනා. දෙන්නා හැඩයි ඈ.......
දුකේ බැරුවාය,,,, ඊරිසියාව ඊටත් වඩා වැඩිය.... දැන් ඉතින් හොඳ නංගි වගේ සතියට එක ගානෙවත් ඔය පොත් ගැන විචාරය ගානේ ලියන්නකෝ,...
ReplyDeleteදුකක් දැනේ,......
ReplyDeleteහිත වාවනු බැරුවා...
කොහොමහරි කට්ටියම සෙට් වෙන්න දවසක් ඒවිනේ
ෂික් මිස් වුණානේ..
ReplyDelete@ මන්තරකාරි - ඔයත් ආවද නංගි
ReplyDelete@ Observer - මොකට ඉරිසියා කරනවද. ලබන පාරවත් නිවාඩුවක් හොයාගන්න බලමු.
ReplyDelete@ ඕනයා - හා එතකොට බොලාලට පැයක් කලින් එන්න බැරි තරම් මහ ලොකු වැඩ නේ..
ReplyDelete@ Podi Kumarihami - මොනා කරන්නද ඉතින්. ලබන පාරවත් බලමුකො නේ.
ReplyDelete@ bckurera - දෙසැම්බර්ද කොහෙද තියෙන ගෙට්ටුවේදිවත් එන්න.
ReplyDelete@ හිස් අහස - ආ සඳරු කියන්න අමතක උනා බං. මම විදර්ශන එකෙන් අහල බැලුවා. එයාලගෙ මෙම්බර්ශිප් එක තාම ගන්න පුලුවන්. එච්චර ලොකු ගානක් ගෙවන්න නෑ බං. පොඩ්ඩක් හොයල බලපන්. ලේසියෙන්ම ගෙදරටම පොත් ටික ගෙන්න ගන්න පුලුවන්.
ReplyDelete@ මාරයාගේ හෝරාව - ආයෙ හිත හිතා හිටියෙ මොකෝ එන්න තිබ්බනෙ ඉතින්.
ReplyDelete@ හා පැටික්කි (MS)- ලබන පාර දැකබලාගමුකො එහෙනම් කට්ටිය.
ReplyDeleteඅද යනෝ...
ReplyDelete@ නදුන් උයන - පොත් ටික කියවන්න ගත්තා. ඉස්සෙල්ලම කියවන්න ගත්තෙ. සයුරී (Memories of geisha). ඒක නම් පට්ට කතාව අයියේ. මම පෝස්ට් එකක් දාන්නම්.
ReplyDelete@ දේවා ගේ අඩවිය - දෙසැම්බර් වලදි බලමු.
ReplyDelete@ පැණි දොඩම් - ඒකනෙ අපරාදෙ.
ReplyDeleteඅයියයියෝ මට කවුරුත් කිව්වෙ නෑ නේ එක ලඟටම ඇවිත් මිස් වුනා......
ReplyDelete@ pissi - ඇයි හත්දෙයියනේ අර මෙගා ත්‍රෙඩ් එකක් ගියෙ. දැක්කෙ නැද්ද මූණු පොතේ
ReplyDeleteකට්ටියම ගැන සැරේට ලියන්නෙම පොත් ප්‍රදර්ශනේ ගැන. කොහෙද අප්පා අපිට ඔව්වට එන්න චාන්ස්? නපුරු කලට වට් ටු ඩූ ?
ReplyDeleteබලන්නකෝ,,, සිකේ,.. ඉරිසියාවේ බෑ. මේ ගොල්ලෝ අපිට හොරෙන් ගිහින් කාලා බීලා ජොලි කරලා ඇවිත්... :P
ReplyDelete:D :D :D :D
එතකොට පිණියෝ අර අපේ සජිත් මහත්තයා ආස කරපු පොත් ටික එහෙම ගත්තේ නැතැයි. එදා පැනලා දුව්වට පොත් ගත්තේ නැද්ද මන්දා. හික්ස් :)
ReplyDeleteඅඩෝ පිණිස්..ඔන්න අපිත් නිකං ඉන්නවට ගෙහුන් ආවා...
ReplyDelete@ ක්සැන්ඩර් | Xander - වට් ටු ඩූ සහෝ. ලබන පාරවත් එන්න බලමු.
ReplyDelete@ ප්‍රාර්ථනා - ඇයි බොලේ අර මූණු පොතේ ගිය ත්‍රෙඩ් එක දැක්කෙ නැද්ද. කට්ටිය ගහ මරාගෙන 18 යන්න කැමති උනේ.
ReplyDelete@ මධුරංග - ගත්තා ගත්තා. ටාර්සන් පොතුයි ෂර්ලොක් හෝම්ස් පොතුයි තමා එයාට ඕනෙ උනේ. තව බාගේන් ශොප් එකෙන් ටෙක්නිකල් පොත් වගේකුත් ගත්තා.
ReplyDelete@ මාරයාගේ හෝරාව - එහෙනම් අයියෙ බලමුකො මාර පොත් කොහොමද කියලා.
ReplyDeleteහික්ස්. මමත් ඔයාව දැක්කලුනෙ. අපේ කැම්පස් එකේ කිව්වට මම නම් දැකල නෑ මම හිතන්නෙ මීට ඉස්සෙල්ල. :(
ReplyDeleteකෝ ඉතින් අච්චර අපි අර මෙගා ත්‍රෙඩ් එකේ කතා බහ කරල දාගත්තු ගෙට් ටුගෙදර් එක. මේ එක එකා දන්නෙ නෑ කිය කියා කෙඳිරි ගානව. :(
මම "පිපි පියුම්" හෙවුවා හම්බ උනේ නැහැනෙ... මොහොකද තිබුනෙ? කවුද ප්‍රකාශකයා
ReplyDelete@ Madhawa Habarakada - ඒකනෙ කියන්නෙ. මෙච්චර ඉඳලා මාත් දැකල තිබුනෙ නෑනෙ.
ReplyDelete@ සරුංගලේ - මම ගත්තෙ සරසවි එකෙන්.
ReplyDeletethanks අක්කේ...... මම නුගේගොඩ බලන්නම්කො.... තව දවසක් කලින් කිව්වනම්.........
ReplyDeleteඅපි ඉතින් පොත් කියවන අය නෙවේ නෙ...
ReplyDelete