මගෙ ජීවිහේ මට හම්බ උනු වටිනාම දයාබරම යාලුවෙක්, දුලා.
අනුන්ගේ ලියුම් හොරෙන් කියවීම පෝස්ට් එකේ මා එක්ක බෝඩිමේ හිටියෙ දුලා තමා.
උඹ ගැන ලියන්න දවස් ගානක ඉඳන් උත්සාහ කළත් මේ යාළුකම මට වචන වලට හරවන්න අමාරුයි බං. උඹේ වෙඩින් එකට ගිහින් ආපු දවසෙ ඉඳන් මම මේ අකුරු අමුණන්න පටන් ගත්තෙ.
එකේ පන්තියෙ ඉඳන් දහතුන වසරට එනකල් එක පන්තියක දෙකක හැර අපි එකට හිටියෙ. ඒ උනාට උඹයි මායි හොඳම යාලුවො උනේ ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සෙ.
අවස්ථාවාදී මිනිස්සු අතරෙ උඹ මට දයාබර යෙහෙළියක් උනා. පැය ගාණක් තිස්සෙ හරි හිතේ දුක ඉවර වෙනකල්ම මම කියවනකොට ඒවා අහගෙන ඉන්න තරම් උඹේ හිතේ පුදුම ඉවසීමක් තිබුණෙ. අදට උනත් ඕනෙම ප්‍රශ්නෙකදි කෝල් එකකින් හරි දුක අහන්න උඹට වෙලාව තියෙනව කියල මම දන්නවා.
සමහර වෙලාවට උඹට නගින නැගිල්ලට පෑන් පැන්සල් පොත් බිත්ති උඩින් පියාඹනකොට මට පුදුමත් හිතුනා මේ උඹමද කියලා. ඒත් කූල් වෙච්ච වෙලාවට මොනව හරි සින්දු කෑල්ලක් කටේ දාගෙන, ඒක අයින් වෙන්නෙ නෑ කියල ඒකටම බැන බැන පිස්සු නටන උඹව මට නං කවදාවත් අමතක වෙන එකක් නෑ බං.
වෙලාවකට නං මට උඹව මරන් කන්න තරම් තරහ එනවා. ඒ උනාට පස්සෙ තිබ්බටත් වඩා අපේ යාළුකම වැඩි වෙනවා. ඇත්තමයි උඹේ ඔය හිතුවක්කාරකමට වෙලාවකට මම හරි ආසයි බං. ඒකෙ පුදුම සැහැල්ලුවක් තියෙන්නෙ.
මගේ පළවෙනි බෝඩිමේ රූමි උනෙත් උඹ තමා. කුරුණෑගල ක්ලාස් ගියපු කාලෙ මහ පාන්දර පන්තියෙ පේළි අල්ලන්න යන්න දුක් විඳපු හැටි, හති දාගෙන බස් වලට දුවපු හැටි, ඈනුම් ඇර ඇර පන්තියෙ නිදි කිරපු හැටි, මේ දේවල් හරි සුන්දරයි බං.
මතකද ආපු මුල් දවස් වල උඹයි මමයි කාමරේ ඉඳන් බෝඩිමේ ඇන්ටිට හැමදාම පදමට ලුණු ඇඹුල් දාලා පින් අනුමෝදන් කරන හැටි. වෙන එකක් නෙමෙයි බෝඩිමේ ෆ්‍රිජ් එකෙන් කෑම හොරකම් කරපු හැටි. දැන් නම් ලැජ්ජාවෙ පණ යනවා.
ක්ලාස් යනකොට ඇත්තමයි බං මට උඹට දම්වැලක් දාලා බෙල්ල හරවන්න බැරි වෙන්න රිවට් කරලා එක්කන් යන්න හිතෙනවා. ලස්සන ලස්සන අහිංසක කොල්ලො උඹේ රේඩාර් එකට අහු නොවී වැසිකිළියටවත් යන්නෙ නෑනෙ.
මම ඉතින් අවිහිංසක බොදු දරුවනේ. අපි ඕවට නෑ. අපි පාඩුවෙ අහක බලාගෙන හිත හදාගෙන ඉන්නවා.
ඇයි බං පාර පනින කොට කවද්ද කියපං වැදගත් විදිහකට පැන්නෙ. වාහනයක් එනකල් ඉඳලමයි පනින්නෙ. පුදුමයි අපිව රොත්ත පිටින් වාහනේකට අමුණගෙන ගියෙ නැති එක.
ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම උඹේ ප්‍රගතියේ සහකරු ඉතිං මමනෙ. මීට අවුරුදු නවයකට දහයකට කලින් "ඒ බං අරූ මගෙන් යාලුවෙන්න අහනවා" කියපු දවසෙ ඉඳන් "අපි බඳිනවා බං" කියපු දවස වෙනකලුත් මම උඹලා දෙන්නට උදව් කරේ හිතේ කිසිම කහටක් නැතුව.
පාරවල් ගානෙ හිටගෙන අවුව වැස්ස නැතුව අම්මපා මම කටු කාපු තරමක් තොපි හන්දා. උඹේ අර මරුමුස් අයියලා දෙන්නට හොරෙන් ලියුම් ප්‍රවාහනය කරන්න මම කොච්චර දුක් වින්දද. මොනා උනත් උඹේ ඒ ආදරේ අද විවාහය දක්වාම අරං ආපු එක ගැන නම් මට පුදුම සතුටක් තියෙන්නෙ දුලා.
ඒ ලෙවල් වලින් පස්සෙ අපේ අරමුණු සහ අපි යන පාරවල් වෙනස් උනත් අපේ යාළුකම නම් අඩු උනේ නෑ.
මට තාමත් මතකයි උඹ මගෙ සමරු පොතේ අපේ යාලුකම ගැන ලියපු දේ. මේ උඹේම වචන.
"අපි අපේ මේ අමරණීය පාපමිත්‍ර සම්බන්ධය තව දුරටත් සුරක්ෂිත කරන්න ඒක වල්කනයිස් කරලා තියමු. ප්‍රත්‍යස්ථතාව අඩු උනත් ඒක නොකැඩී තියේවි. මොකද එතකොට එක එක සත්තුන්ට එහෙට මෙහෙට ඇදලා ජොලියක් ගන්න බෑනෙ."
අනේ බං උඹ වගේම තමා උඹේ අදහසුත්.
ඉතින් බං මේ පටන් ගත්තු අළුත් ජීවිතේ සාර්ථකව උඹට අරන් යන්න පුලුවන් කියලා මම දන්නවා. ජීවිතේ සැහැල්ලුව අතරින් වගකීම් වල බරත් හිතට ගනින්.
ඉතින් දුලා, හැමදාමත් උඹේ යාළුකම නම් මගෙ හිතෙන් මැකෙන එකක් නෑ.
උඹට සුභ මංගලම්.

හරි ඒ අක්කාට සුභ මංගලම්!
ReplyDeleteදැන් එතකොට පිණි අක්කාට සුභ මංගලම් කියන්ට වෙන්නේ කවදාද?
දුලා අක්කට සුභ මංගලම් කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteදැන් අපිට කවද්ද අක්කගේ වෙඩින් එක කියන්නේ???
නියම යාලුමිත්‍රකමක් නේ.එතකොට දැන් ඔයා කවද්ද බදින්නෙ?
ReplyDeleteහරි ආස හිතෙනව......
ReplyDeleteයාළුවො වුණාම එහෙම තමයි.දුකේදි සැපේදි එකටම ඉන්න ඕන.අර සමරු පොතේ ලියපු අදහස නම් මරු.
ඔන්න මාත් දූල අක්කට සුභ මංගලම් කියල පතනව.
ඒ යාලුවට සුභ මංගලම් කියමුකො.. :)
ReplyDeleteමට පේන්නෙ යාලුව පිටින්ම දාල අර අසරණයට ඉක්මනට නාස් ලණුව දාන්න වගේ හදන්නෙ... බොරුද මම කියන්නෙ... :)
අපූරු මිතු දමක්නේ...
ReplyDeleteයාලුවට සුභ මංගලම් කියලා පතනවා..!!!
"උඹට සුභ මංගලම්."
ReplyDeleteඩූලා අක්කට සුබ මංගලම්
ReplyDeleteනියම යාලුකමක් නේ. එහෙම යාලුවෝ ලැබෙන්නේ කලාතුරකින් !!!
නදී අක්කගේ ප්‍රශ්නෙම මටත් තියෙනවා. කෝ උත්තර ????
ReplyDelete"දුලා නෙතු පුලා.....!" සුභ මංගලම් වේවා !!!
ReplyDeleteඹයාගේ පෝස්ට් එක කියවනගෙන යනකොට මට මගේ පාසැල් කාලය ඉන්පස්සේ මේ වනතෙක් ගෙවුන කාලය මතක් වුනා. මට හිතුනේ මමත් එතන හිටියා වගේ. මොකද මාත් ඉතිං හරිම හොද බෞද්ධ දරුවෙක්. ඔයාගේ යාලුවා දුලාට මගෙනුත් සුභ පැතුම්!!!!!
ReplyDeleteකවදාවත් දැකලා නොතිබුනත් කතා කරලා නොතිබුණත් අක්කන්ඩිගේ යාලුවාට මමත් සුබ මංගලම් කියන්නම්
ReplyDeleteඑකත ජය සිරි මංගලම්...
ReplyDeleteයාලුවෝ ගැන නම් කතා කරන්න දෙයක් නෑ ඉතීන ආය,
හික් හික්!! මටත් මේක දැක්ක ගමන්ම හිතුනෙ සාතන් කියපු එක
ReplyDelete//ඈනුම් ඇර ඇර පන්තියෙ නිදි කිරපු හැටි, මේ දේවල් හරි සුන්දරයි//
ReplyDeleteඅම්මප ආයෙ මොකට කියනවද කෙල්ලො කට බලියං ඈනුං අරිද්දි තියන ලස්සන . . . . ආසාවෙ බැරුවා . . . .බුවෑයික් . . . .!!!
ප.ලි.
යාලුවට සුභ මංගලම් කිවුවයි කියන්න . . . . මොනවහරි නොදන්න දෙයක් තියනව නං . . . මාව කොන්ටෑක්ට් කරන්න කියන්නකෝ . . . . .
දුලා අක්කට සුබ මංගලම්...!
ReplyDeleteඊළඟට කව්ද...? අපේ පිනිබිඳු අක්කා...?
@ පූසා - පිණි අක්කාට සුභ මංගලම් කියන්ට තව උඹලට කල්ප කාලයක් බලාගෙන ඉන්න වේවි. හික්ස්.
ReplyDelete@ Dinesh - මම බඳින්න කලින් අපෙ අක්ක බැඳලා ඉන්න එපැයි.
ReplyDelete@ නදී - බලපල්ලකො ඉතින් විද්දෙ පඳුරට වැදුනෙ හාවට කියන්නෙ මේ වගේ සිද්දි වලට තමා. මට තව අවුරුද්දක් විතර යාවි.
ReplyDelete@ පිසාචයා - ඒකිගෙ අදහස් ඔය වගේ පිස්සු අදහස් තමා.
ReplyDelete@ සාතන් - අපොයි මේ වගේ අහස පොලොව නුහූලන චෝදනා. එහෙම කරන්නෙ නැතෝ..
ReplyDelete@ අසනි - ඔයාලගෙ සුභ පැතුම් මම එයාට දෙන්නම්
ReplyDelete@ ඉන්දික උපශාන්ත - සිලෙක්ට්, කොපි ඇන්ඩ් පේස්ට්
ReplyDelete@ මධුරංග - ඩුලා නෙමෙයි බොල දුලා. ආ මටත් ඔයාට දෙන්න තියෙන්නෙ නදීට දීපු උත්තරේම තමා.
ReplyDelete@ දුමී - දුලංගනා ඒකිගෙ දිග නම. දුලා කිව්වම ලේසියි ඒ හින්දා.
ReplyDelete@ malmi - අපි ඉස්කෝලෙ කාලෙ කරපු පිස්සු වැඩ නම් කියලා වැඩක් නෑ. දැන් නම් මතක් වෙද්දිත් දුකයි.
ReplyDelete@ හිස් අහස - මම කියන්නම් සඳරු. ස්තූතියි.
ReplyDelete@ MaRLaN - මොනදේ උනත් පිස්සු යාලුවො සෙට් එකක් ලැබෙන්න පින් කරන්න ඕනෙ.
ReplyDelete@ blog gadol - අනේ යන්ඩ පූෂ්. සාතන්ට කියපු උත්තරේම ඔන්න මම දෙන්නම්.
ReplyDelete@ ඕනයා - ඕනයියේ...ඕනෙ නැති එව්වා කියන්ඩ ගිහින් ගුටි කන්ඩ එපා ඈ... නොදන්න දේවල් කිව්වෙ පොඩ්ඩොන්ගෙ නැපි මාරු කරන ඒවා, බෙහෙත් පොවන ඒවා වගේද. හික්ස්.
ReplyDelete@ prasanna86k - මගේ වෙඩින් එකට තව සෑහෙන කාලයක් තියෙනවා හයියෝ. අපේ අක්කා නිසා ෆයිල් එක උඩට ගන්න අවස්ථාවක් නෑ.
ReplyDeleteඅක්කව ඩෝං ගාලා බන්දලා දෙමු. එතකොට පිණිබිඳුටත් මංගල සීනු නාද කරන පුලුවන් නේ. පවු අර අහිංසක කොල්ලා. (කෙල්ලෝ වගේ යෑ කොල්ලෝ කොහොමත් අහිංසකයි තමයී
ReplyDeleteපිණි බදිනකොට අපටත් කේක් කෑල්ලක් කන්න පුලුවන් වෙයි නේද ?
නගේ උඹට මම කියපු දේ තේරුණේ නැති ගානයි! "උඹට සුභ මංගලම්" ඔන්න ආයි කිව්ව.
ReplyDelete@ මධුරංග - අක්කා ඩෝං ගාලා නොවැම්බර් බඳිනවා. අහිංසක? හෙහ්. කිසිවක් නොපවසමි.
ReplyDelete@ ඉන්දික උපශාන්ත - ආ... දැන්නෙ තේරුණේ.. සුභ මංගලම් තව අවුරුදකින් දෙකකින් විතර
ReplyDeleteදුලාට මාත් සුභ පැතුවා කියන්න ලකි. එයාට මාව මතක ඇති නේද? පරණ යාලුවො ටික ආයෙත් දකින්න ආස වුනත් ඕහෙ ඇවිත් යන්න තරම් නිවාඩුවක් නැති හැටි....:(((
ReplyDeleteපරක්කු කෝච්චියේ අපිත් සුභ පැතුව කියන්ට සුභ මංගලම් කියලා.........!!!!
ReplyDeleteපිණි අක්කගේ වෙඩින් කේක් කෑල්ල නෙක්ස්ට් ඉයර් විතර ලැබෙන්නැතෑ.
දූලා අක්කට සුභ මංගලම් දැන් එතකොට ඔයාගෙ සුභ මංගලම කවද්ද අක්කා
ReplyDeleteදුලාට අපෙත් සුබපැතුම් ..පිනිට සුබ පතන්නේ කවදද . එකෙක් නිදහසේ ඉන්න එක අපේ ඇහේ කටු අනින්න වගේ
ReplyDeleteඔන්න ඉතින් මමත් සුභ පැතුවා කියන්නකෝ... :)
ReplyDeleteඑතුමියට සුභ මංගලම්!!!
ReplyDeleteඔබතුමියටත් ලඟදිම සුභ මංගලම්!!!
@ නිසුපා - මම කියන්නම් බං. අපෝ උඹව හොඳටම මතක ඇති. එහෙම අමතක වෙනවද.
ReplyDelete@ හා පැටික්කි (MS) - නෙක්ස්ට් ඉයර් සුභ මංගලම් වෙන ලකුණු පෙනේ. ෂුවර් නැත.
ReplyDelete@ ශානු - ළමයිනේ මම දැන් මගේ වෙඩිමක් ගැන කිව්වද මේ පෝස්ට් එකේ. ඔක්කොටම ලොකුම ප්‍රශ්නෙ නේද ඒක.
ReplyDelete@ Bindi - අනේ අක්කා ඔය වගකීම් කන්ද දැක්කම හුදකලාව හොඳා කියල හිතෙනව අයියෝ..
ReplyDelete@ කින්නරාවි - මම කියන්නම් කොජී. ස්තූතියි.
ReplyDelete@ ..ChAnDiKa.. - මට දැන්ම සුභ මංගලම් නැතෝ...
ReplyDeleteකුරුණෑගල ක්ලාස් යන කාලෙ බ්ලොග් තිබ්බ නම් මම ටක් ගාල පේලිය අල්ලල දෙනව නෙ... ;)
ReplyDelete@ ටී.බී. හේරත් - අයියෝ ඒකනෙ අප්පා. අපරාදෙ නේ. එහෙනම් ඔච්චර පාන්දර දුවගෙන ඇවිත් මහන්සි වෙන්න ඕනෙ නෑනෙ.
ReplyDeleteආ නගා... එදා හමු උනාට සතුටුයි. ගෙස් කරල ඈවිත් කතා කලාට ඊටත් වඩා සතුටුයි :) ස්තූතියි ....
ReplyDeleteදුලාට සුබ මංගලම් !!!!!