"දුව මේ වීකෙන්ඩ් එකේ නිවාඩුවට ගෙදර එනවා නේද?"
"අනේ නෑ අම්මෙ. වැඩ ගොඩක් තියෙනවා. එන්න විදිහක් නෑ. පස්සෙ දවසක එන්නම්කො."
"එහෙමද. කමක් නෑ."
අම්මගෙ කටහඬේ තියෙන දුක මට නොදැනුනා නෙමෙයි. ගෙදර යන්න හිත පිනුම් ගගහ හිටියෙ. මේ නිවාඩුව එනකල් ඇඟිලි ගැන ගැන හිටියෙ.
ඒත් මම අම්මට එන්නෙ නෑ කියලා කිව්වෙ නොදන්වා ගියාම ඒ අහිංසක මූණෙ ඇතිවන සන්තෝසෙ ඇස් දෙකෙන් දැක ගන්න.
අක්කා විවාහ වෙලා ගෙදරින් ගියාට පස්සෙ අම්මයි තාත්තයි හුඟක් පාලුවෙන් ගෙදර ඉන්නෙ. කෝල් කරත් පාලුයි කියලා අඬන එක තමා අම්මගෙ වැඩේ. ඉතින් ඒ දෙන්නට පොඩි සප්‍රයිස් එකක් දෙන්න මම එයාලා නොහිතන වෙලාවක ගෙදරට යන්න හිතුවා.
යන්න කලින් දවසෙත් කෝල් කරලා වල් පල් කියව කියව ඉන්න අතරෙ මම නොදැනෙන්න ඇහුවා හෙට මොකද කරන්නෙ කියලා. අම්මා කිව්වා හෙට පෝය නිසා ඔහෙ ගෙදරට වෙලා ඉන්නවා. තාත්තත් ගෙදරනෙ කියලා.
ඉතින් නිවාඩු දවසෙ උදෙන්ම පිටකොටුවට ගිහින් ගමට යන බස් එකට නැග්ගා. බස් එකේ ඉඳන් ගෙදරට කෝල් කරන්න උත්සාහ කලේ නැත්තෙ බස් එකේ සද්දෙ ෆෝන් එකෙන් ඇහුණොත් මම ගෙදර එනවා කියලා අම්මලට පොඩි හරි ඉඟියක් ලැබේවි කියල හිතලයි. කිලෝමීටරෙන් කිලෝමීටරේ ගෙදරට ළං වෙද්දි මාව දැක්කම අම්මලගෙ මූණට එන හිනාව මතක් වෙලා වෙනද දැනෙන මහන්සියවත් දැණුනෙ නෑ.
කොහොම හරි බස් එකෙන් බැහැලා ගෙදරටත් ගියා කියමුකො. දුරටම පෙණුනා ගෙදර දොර ජනෙල් වහලා කියලා. ඉස්සරහා පැත්තෙ නම් මිනිස් පුළුටක් නෑ. බෑග් ටිකත් උස්සගෙන කුස්සිය පැත්තටත් ගියේ අම්මා ඉස්සරහ දොර වහගෙන කුස්සියෙ උයනවදෝ කියලා හිතුණු හන්දා. මොන? ඒ පැත්තෙත් දොර වහලා. මේ කට්ටිය කොහෙ ගිහින්ද.
හපෝ ඒ වෙලාවෙ මට දැනිච්ච හැඟීම නම්...
බෑග් ටික එහෙම්මම දොර පඩිය උඩ අත ඇරලා තාත්තගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තා.
"තාත්තෙ, කොහෙද ඉන්නෙ?"
"ආ දුව, අපි කුරුණෑගල ආවනෙ."
"හයියෝ. අනේ තාත්තෙ මම ගෙදර ආවා."
"මොනවා. මොකද ළමයො කිව්වෙ නැත්තෙ. අපි දන්නවද? ගෙදර පාලුවෙන් ඉන්න බැරි හන්දා අම්මයි මායි කුරුණෑගල මාමලගෙ ගෙදර ආවා."
"අනේ මම ඔයාලව සප්‍රයිස් කරන්නනෙ හැදුවෙ. හයියෝ තාත්තෙ ගෙදර එන්ඩ.."
ඔන්න ඔහොමයි මම නිවාඩු දවසෙ ගෙදර ගිහින් ගෙදර කට්ටියව පුදුම කරේ. අම්මලා කෙසේ වෙතත් මම නං හොඳට සප්‍රයිස් උනා.
අම්මලා එහෙම්මම කුරුණෑගලින් එන්න පිටත් වෙලා. බඩගින්නෙ මහන්සියෙ ඉස්තෝප්පුවෙ පුටුවක් උඩට වෙලා මම මටම බැන බැන පැය තුනක් විතර හිටියා.
සප්‍රයිස් කෙසේ වෙතත් කණ පිරෙන්න බැණුම් නම් අහ ගත්තා ආයෙත් ඔහොම වැඩ නොකරන්න.

අපොයි මරු සප්‍රයිස් එක ඉල්ලගෙන කාලා වගේ
ReplyDeleteපුදන කොටම කාපි යකා..
ReplyDeleteහප්පා කැත සීන් එක. මම නම් ලේසියෙන් සර්ප්‍රයිස් කරන්න යන්නේ නැහැ කාවවත්. මොකද මම එහෙම එකක් කලොත් වෙන්නෙම මේ වගේ වැඩක්... :D
ReplyDeleteහු ඇද්ද? නෝංඩි ගොඩයි...
ReplyDeleteඅයියෝ මදැයි...
ReplyDeleteහිකිස් කිව්වලු.....අක්කා නියමෙට වැඩේ ප්ලෑන් කරලා.ඒත් අන්තිම හරියෙදී වැඩේ ගැස්සිලා :D
ReplyDeleteපව් වඩේ දෙයියනේ.......
ReplyDeleteමීට පස්සේ අම්මලා කොහේවත් යන්නේ නැතිවෙයි නිවාඩු දවස් වලට....
මොකද..... දුව ආවොත් එහෙම අම්මලාව සප්‍රයිස් කරන්න හිතාගෙන.....
ඉස්සර මමත් ඔහොම කරල තියනව.කැම්පස් ඉදන් එනව අම්මට නොකියා.කෝකටත් මගදී බස් එක කන්ඩ නැවැත්තුවම කෝල් කරනව ගෙදර ඉන්නවද බලන්ඩ.මරු වැඩේ ඔයාට වෙලා තියෙන්නෙ.හිහි.
ReplyDeleteහික් හික් . . හොඳ වැඩේ . . .
ReplyDeleteමෙතනටත් ගිහිං බලල එන්න නිකං ඉන්න වෙලාවට
හපොයි...කොරගෙන තියෙන දෙයක්.... හික්ස්....
ReplyDeleteමගේ යාළුවෙකුත් කෙල්ලව සප්‍රයිස් කරන්න නොකියම ගිහිං... කෙල්ල ඌව සප්‍රයිස් කරන්න එදා එන්නේ නැතුව ඉඳලා...
ReplyDelete@ ශානු - හොඳ වැඩේ මට.
ReplyDelete@ cjgayan - මෝඩකමට මක් කොරන්නද.
ReplyDelete@ කින්නරාවි - අන්තිමට සප්‍රයිස් වෙන්නෙ අපිමයි.
ReplyDelete@ සීතල අයියා - හූ කියන්ඩ එපා හයියෝ.
ReplyDelete@ Miyuru - හිතල හිතලා වැඩක් කරන්න හැදුවා. ඔහොම්මමයි.
ReplyDeleteඉල්ලං කාල තීන්නෙ!
ReplyDelete@ පිස්සු පුසා - වැරදුනේ කොතැනද කියලා මම තාම හොයනවා.
ReplyDelete@ අසේල - කණ පිරෙන්න බැණුම් නම් අහගත්තා අම්මලගෙන්.
ReplyDelete@ නදී - ෂික් අප්පා මට එහෙමවත් මතක් උනේ නෑනෙ.
ReplyDelete@ ඕනයා - අඩේ ඒක නම් මරු අයියෙ. නිදහසේ ඔක්කොම ඩම් මෝමන්ට්ස් ටික කියවන්න ඕනෙ.
ReplyDelete@ නිසුපා - හයියෝ කියල වැඩක් නෑ.
ReplyDelete@ ගෝල්ඩ් ෆිෂ් - ආ මට මතකයි උඹේ බ්ලොග් එකේ ඔය කතාව තියෙනවා.
ReplyDelete@ ඉන්දික උපශාන්ත - උඹත් ඔහොම කියන්ඩ එපා අයියෙ. මම පරම පවිත්‍ර චේතනාවෙන් කරපු දෙයක්. හයියෝ..
ReplyDeleteඔය කොරල තියෙන්නෙ, හික්...හික්...! ඔයාලගෙ මාමල ඉන්නෙත් කුරුණෑගල ද?
ReplyDelete@ ටී.බී. හේරත් - එයාලා වාරියපොළ ඉන්නෙ.
ReplyDeleteමම දවසක් ඔහොම ගිහින් කෝල් කලා.. අම්මල දෙවුන්දර ගිහින් පූජාවකට... පැය 3 ක් වත් යනව කිව්ව.. මම ඉන්නය... මම මල්ලත් උස්සන් යාළුවෙක්ලහ ගිහින් එදා නැවතිල පස්සෙන්ද ආවෙ...
ReplyDeleteඕවට වෙන්නැති ඉල්ලන් කෑම කියන්නෙ...මදෑ ඔයින් ගියා...ඒත් ඉතින් කුරුණාගල ඉදන් පොළොන්නරුවට එද්දී කීය වෙන්න ඇතිද කියලා හිතා ගන්න පුළුවන්....
ReplyDeleteඅපොයි... දෙපැත්තම නන්නත්තාරයි... මරු සප්‍රයිස් එක
ReplyDeleteඉල්ලන් කෑමක්නේ! දෙගොල්ලොම අමාරුවේ මරු!
ReplyDeleteසප්‍රයිස් කරන්න ගිහින් ඔයින් මට්ටු උනා මදැයි.. හොද වෙලාවට එක්මනට ඉන්න පුළුවන් දුරක අම්මලා ගියේ..
ReplyDeleteඅපොයි සංසාරේ... මදැයි ස්‍රපයිස් කොලා නෙන්නම් පිණි අක්කේ..
ReplyDeleteඅම්මලා උන්නා නම් ආපු ගමන් තේ එකක් බිලා මොනා හරි කාලා සැපට ඉන්න තිබ්බා...එකටත් එක්ක පැය තුනක්ම කට්ට කාපන්කෝ ඉතින්.
ස' ප්‍රයිස් වෙලා !!!
ReplyDeleteමරු වැඩේ තමා පිණිටත් වෙලා තියෙන්නේ.ඉතින් ඊට පස්සේ අප්පච්චියි අම්මයි ආවද තකහනියේ දුවගෙන. ආයේ එහෙම සප්‍රයිස් කරන්න කලින් කියලා ඉන්න.
හිතුමතේ ආපු පලවෙනි දවසේම ඉල්ලන් කැමක්... සප්‍රයිස් කොහොම වෙතත් ඉතින් කියලා ගෙදර ගියානම් ඔන්න හොදට කැමක් වත් හම්බවෙනවානේ නේද??
ReplyDeleteහිතුමතේ..
ෂිහ් අම්මලට බැරිවුණානෙ මාතර මාමලගෙ ගෙදර යන්න... පිණිබිඳු වාෂ්ප වෙන හැටි බලාගන්න තිබ්බා!!
ReplyDeleteහූ...ඌ...ඌ..ඌ...හොඳ වැඩේ....
ReplyDeleteඅම්මලාට යන්න තිබුණෙ කුරුනෑගල නෙවෙ, කතරගම ,හම්බන්තොට පැත්තෙ :D
ReplyDeleteවිලි ලැජ්ජ බර හැදුනද?
ReplyDeleteඅක්කියො.. කැමතිනම් ඔයාගේ ලිපි ටික 03wall.com එකත් එක්ක බේදා ගන්න කො.....
ReplyDeleteනැත්තං උපුටා ගන්න අවසර දෙන්නකො...
මම ධනු...
හික්.......... සප්‍රයිස්....
ReplyDeleteඅපොයි වෙච්ච දෙයක්..අහිංසක සතුටක් ලබන්න ගිහින් අන්තිමට ගිනි විජ්ජුම්බරයක්නේ වෙන්නේ.කව්රුහරි ඇවිත් ඔයාව උස්සන් ගියානම්(හැම පැත්තෙම ඉන්නවනේ මී හරක්) හිකිස්
ReplyDeleteවිළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. හැරෙද්දි තේරුණා වෙන්න යන්නෙ මොකද්ද කියල.
ReplyDeleteමදැයි කොලා :D
ReplyDelete@ පිස්සා පලාමල්ල - මට නම් මහන්සිය වැඩි කමට ඔහෙ පුටුවකට වෙලා වැටිලා හිටියා. යන්න තැනකුත් නෑ.
ReplyDelete@ දිල් - ඔව් කුරුනෑගල ඉඳන් එහෙට පැය තුනක දුරක් තියෙනවා. මගෙ හොඳ පණ ගියා.
ReplyDelete@ charmi - කියලා වැඩක් නෑ. දෙපැත්තම නන්නත්තාර තමා.
ReplyDelete@ විසිතුරු | visituru - වෙලාව තමා.
ReplyDelete@ Dinesh - මොන ඉක්මන්ද පැය තුනක්.
ReplyDelete@ නිම්ශා - අපෝ කාපු කට්ටෙ තරම නම්..
ReplyDelete@ මධුරංග - හොඳවැයින් කණ පිරෙන්න අහගත්ත මම.
ReplyDelete@ හිතුමතේ - සාදරයෙන් පිලිගන්නවා මෙහෙට. හිතුමතේ යන්න එපා මග වැරදෙයි ඈ..
ReplyDelete@ පැණි දොඩම් - අනෙ අම්මේ ඇත්තට එහෙම උනා නම් මට පුටුව උඩ මැරෙන්නයි වෙන්නෙ.
ReplyDelete@ Observer - යන්ඩ යන්ඩ ආවා මෙතන හූ කියන්ඩ.
ReplyDelete@ හරී - පිණිපළස - දෙයියො මගෙ මූණ බලලා තිබුණා යන්තමට.
ReplyDelete@ අභීත - විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා.
ReplyDelete@ Anonymous - උපුටා ගත්තට කමක් නෑ හැබැයි බ්ලොග් එකේ ලින්ක් එකත් දාන්න. ඒ සයිට් එකේ හරි URL එක මොකද්ද.
ReplyDelete@ ක්සැන්ඩර් | Xander - මමයි සප්‍රයිස් උනේ.
ReplyDelete@ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - ආයෙ මෙහෙම නොකරන්නම පාඩමක් ඉගෙන ගත්තා.
ReplyDelete@ Enemy - ඕක මට නොතේරිච්ච එකනෙ වැරැද්ද. කොහොමද අප්පා කටක් ඇරලා ඔයාට හතුරා කියන්නෙ.
ReplyDelete@ Soda ගුනේ - ආයෙ ඉතින් මැරුවත් නෝ සප්‍රයිස්.
ReplyDeleteඅක්කේ එ සයිට් එකේ නම www.o3wall.com
ReplyDeleteඅක්කම ඇවිත් බලන්න බලලා කියන්නකො.. එතකං අපි බලන් ඉන්න්ම්
හික් හික් ...මරු වැඩේ ....
ReplyDeleteහූ............. හූ................
ReplyDeleteමමත් ඔය වගේ වැඩක් කරන්න හිතාගෙන අවුරුද්දකට පස්සෙ ලංකාවට ආව ගෙදරට හොරෙන්... ගෙඩර එද්දි උදේ 8 ට විතර ඇති... ගෙවල් දොරවල් ඔක්කොම වහලා... අම්මයි තාත්තයි උදේට ඇවිදින්න ගිහින් (අම්මට operation එකක් කරල ව්‍යායාම කරන්න වෙලා තියෙන්නෙ )මල්ලිත් පන්ති ගිහින්... මං එලියට වෙලා හිටිය ටිකක්... අහල පහල මිනිස්සු ගේ පහු කරගෙන යද්දි අහනව, කවද්ද ආවෙ, මොකද එලියෙ කරන්නෙ කියල... ප්‍රශ්න වලට උත්තර දීල බැරිම තැන, surprise පැත්තක තියෙද්දි, තාත්තට call කරල කිව්ව මං ගෙදර ආව, ඉක්මනට එන්න කියල.. එදා ඉඳල, ගෙදරට surprise දුන්නෙ නැහැ...
ReplyDeleteගෙදර දොරේ එක්ස්ට්‍රා යතුරක් තියා ගත්තා නම් නැහැනේ මේ කරදර. ඉස්සර මටත් ඔහොම ඒවා සෙට් වුනාම මම කරන්නේ වහලෙට නැගලා උළු කැට දෙක තුනක් අයින් කරලා සිවිලිමට පැනලා කුස්සියෙන් ගේ ඇතුළට බැහැලා ආයි වහලෙට නැගලා උළු ටික ආයි දාල අම්මලා ගෙදර එනකම් සද්ද නැතුව ඉන්න එක :))
ReplyDeleteටිකක් දුක හිතුණා!
ReplyDeleteඉතින් ඔයාට සතුටියෙයි ඒ .... හොඳ වැඩේ !!
ReplyDelete