මෙවරත් මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි හා ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "සරසවි ගී සිසිල" සංගීත සැඳෑව සුමනදාස ගොඩනැගිල්ලේ මැද මිදුලේ පැවැත්වුණා. අපේ පීඨයේ නොවුණත් හොඳ දෙයක් නම් අගය කළ යුතුයිනෙ.
මමත් අවුරුදු කිහිපයක් තිස්සෙ මේ ප්‍රසංගය රසවිඳින්න එකතු වෙන අයගෙන් කෙනෙක්. අවුරුද්දකට වරක් පවත්වන මෙය මෙවර පැවැත්වුණේ 17 වෙනි පාරට. ඒ කියන්නෙ 1994 ඉඳන් හැම අවුරුද්දකම මේක පවත්වලා තියෙනවා. මෙවර මේක සංවිධානය කරලා තිබුණෙ ගොඩනැගිලි හා ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය උනත් මීට කලින් මේක පවත්වලා තිබුණෙ ප්‍රමාණ සමීක්ෂණ ශිෂ්‍ය සංගමය.
මේ ප්‍රසංගය විශේෂ වෙන්නෙ වෙනත් ටකරං සංගීත ප්‍රසංග මෙන් නොව, ප්‍රබුද්ධ ගණයේ ගීත සහ වාද්‍ය වෘන්දයක් එක්ක අපූරු සැන්දෑවක් අපිට ගත කරන්න පුලුවන් වෙන නිසයි.
මෙයට හැම වතාවකම දායක කරගන්නෙ ගුවන් විදුලි වාදක වෘන්දය. ඒ වගේම නිවේදන කටයුතු කරන්නෙ ගුවන් විදුලියේ වසන්ත රෝහණ මහත්මයා. මෙවර ගායක ගායිකාවන් හය දෙනෙක්ගෙ ගීත රසවිඳින්නට ලැබුණා. පටන් ගත්ත අවුරුද්දෙ ඉඳන්ම මෙයට සහභාගි වෙලා ඉන්න දීපිකා ප්‍රියදර්ශනී මහත්මියට අමතරව එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක සහ සුනිල් එදිරිසිංහ මහත්වරුන්ගෙත් සුන්දර ගීත රැසක් විඳින්නට ලැබුණා.
ඇත්තටම සමහර ගීත ඇහෙද්දි ඒ ගීත වල වචන, සංගීතය රෝම කූප වලට පවා දැනෙනවා. ඒ විඳීමට මම හුඟක් කැමතියි. හැම ගීතයකටම ඒ හැඟීම දෙන්න බෑ. ගීතයකට තනුව, පදවැල් මෙන්ම ඒකටම ගැලපෙන කටහඬකුත් ලැබෙන්න ඕනෙ. එහෙම සංකලනයක් නැතුව විඳින්න පුලුවන් ගීතයක් බිහිවෙන්නෙත් නෑ.
එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙ මාරම්බරී ගීතයත් ඒ වගේ ගීතයක්. ඔහුගෙ හඬ විතරක් නෙමෙයි තබ්ලාව සහ බටනලාවත් ඒ ගීතයට පුදුම රසයක් එකතු කරන්නෙ. සුන්දර ගීත කීපයක්ම ඔහු ගැයුවා.
නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගේ කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී..
මෙහෙම එඩ්වඩ් ජයකොඩි කියද්දී, හන්තානට පායන සඳ ලස්සනයිද කියලා අමරසිරි පීරිස් අහනවා.
වික්ටර් රත්නායකයන් තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින් කියන ගමන් මල් පොකුරු පොකුරු ඈ එන මග ඈ දෙසටම නැමීයන් කියලත් කියනවා.
ලා දළු බෝපත් සෙමෙන් සැලද්දී යශෝධරා දේවිය රහසේ හැඬූ හැටි කියන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා.
අතීතය සිහිනයක් පමණයි කියා ඔහු වේදිකාවෙන් සමුගෙන යද්දි තුන් තිස් පැයක් නිදි වරා නොලියූ කවියත් ගෙන දීපිකා ප්‍රියදර්ශනී වේදිකාවට ගොඩ වදිනවා.
හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළඟයි
හද ගලනා දිය ඇල්ලයි
ඔබ සාගර යහනයි
ඔබමය සතුටද ඔබමය කඳුළද
ඔබමය ලොවම මගේ
හුදකලා වූ පෙම්වතාණන්ට කතා කරන්නෙත් ඇයයි.
අවසානයට වේදිකාවට ගොඩ වැදුණු සුනිල් එදිරිසිංහයන් එතුමාගෙ ආඩම්බරය වන "සඳකඩ පහණක" ගීතයෙන්ම හඬ අවදි කළා. හදේ කොතැනක හෝ නිදා නොනිදා ඉන්න ආදරය ගැන වගේම මඩ කඩිති වලින් පැන තාමත් ඉස්කෝලෙ යන අපෙ ගුරුතුමා ගැනත් ඔහු ගී ගැයුවා. අවසානයට මිනිසා සුවඳයි මලසේ ගීතය සුවඳවත් මනුස්සකම වෙනුවෙන් ගායනා කලා.
ඉතිං, කාලෙකින් හිත පිරිලා. හොඳ පොතකට, සුන්දර ගීතයකට අපේ කඩි කුලප්පු හිත් එකත්පස් කරන්න පුලුවන් හැටි නම් හරිම පුදුමයි. මේ වින්ද සොඳුරු හැඟීම හිත ඇතුලෙ පරිස්සමට අරන් තියාගත්තෙ ලබන අවුරුද්දෙත් ඒ හැඟීමට තව රසයක් එකතු කරගන්න බලාපොරොත්තුවක් එක්ක.

ලංකාවේ ඉන්න හොඳ මට්ටමේ ගායකයෝ පිරිසක් මෙහෙම එක තැනකට එකතු කරලා පවත්වන් මේ ප්‍රසංගය ඇත්තටම අගය කරන්න ඕනේ අක්කේ.......
ReplyDeleteසංගීතය එක්ක වටිනා කියන හෝරා කීපයක් ගත කරපු බව තේරෙනවා
හ්ම්ම්ම්ම් ඒක ඇත්ත අක්කා ඔය සින්දු ඇහෙනකොට දැනෙන හැඟීම කියන්න බෑ
ReplyDeleteමේ සිංදු අහද්දි දැනෙන හැඟීම් ගැන කියන්න වචන නෑ..
ReplyDeleteඒක නම සැබැවින් ම සුන්දර සැඳෑවක් වෙන්න ඇති. ගීතය ආත්මය සුවපත් කරනව කියල කියනව නෙ...
ReplyDeleteමේ මාරම්බරී ගීතය ගැන යමක් කියන්න ඕන පිණිබිඳු... ඉතාම මෑතදී අපි අතරින් වියෝ වුනු විජේරත්න රණතුංගයන් තමයි මේ ගීතයට තබ්ලාව වයන්න කියාපු පුද්ගලයා... ඉතින් ඔහු ඉන්න කාලේ (දැනුත් කියනවද දන්නේ නෑ..) මේ සිංදුව කියන්න කලින් එඩ්වඩ් ජයකොඩි මහත්තයා මෙහෙම කියනවා...
ReplyDelete"මේ ගීතය ශාස්ත්‍රීය ගීතයක්... මගේ ගායනයටත් වඩා මෙහි විඳින්න තිබෙන්නේ මෙතුමාගේ තබ්ලා වාදනය.. ඒ නිසා ඒ දිහා බලාගෙන ඉඳලා ඒක විඳලා වෙලාවක් තිබ්බොත් විතරක් මගේ දිහාත් පොඩ්ඩක් බලන්න"
ඉන් අනතුරුව ගෙවෙන විනාඩිරි හතර පහ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.....
බොරු කියන්නේ මොකටද මට නම් ඊරිසියයි මේක කියෙවුවාම . ඒ හින්දා ලියන්නේ නැහැ මොකවත් හොඳයි කියල..
ReplyDeleteකාලෙකට කලින් මං ඔය ප්‍රසංගෙ බලපු හැටි මතක්වුනා. සුමනදාස එකේ දෙවනි තට්ටුවට හොරෙන් රිංගලා ස්ටේජ් එක ලඟම කොරොඩෝවට වෙලා ශ්‍රද්ධාවෙන් වැඳගෙන වගේ බැලුවෙ. එදා මට මතක විදිහට දිවුල්ගනේ, අමරසිරි පීරිස් හිටියෙ නෑ. නීලා වික්‍රමසිංහයි සෝමතිලක ජයමහයි දෙන්නා හිටියා. තබ්ලා ගැහුවෙ විජේරත්න රණතුංග. දුන්න ඇට්ටි හැලෙන්ඩ.
ReplyDelete@ Hasitha - අපි හැම අවුරුද්දකම මේ ප්‍රසංගය එනකල් තමා බලාගෙන ඉන්නෙ. ඒ තරමට ලස්සනයි.
ReplyDelete@ ශානු - අර ටකරන් සින්දු වගේ නෙමෙයි මේවගෙ මහ අමුතු ගතියක් තියෙනවා.
ReplyDelete@ cjgayan - විඳින්න පුලුවන් ගීත.
ReplyDelete@ ටී.බී. හේරත් - ඒක නම් ඇත්ත.
ReplyDelete@ අභීත - ඔව් අභීත අයියෙ එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙ ආඩම්බරය හෙවත් හිට් එක මාරම්බරී ගීතය. පහුගිය හැම ශෝ එකකදිම ඔහු විජේරත්න රණතුංගයන්ගෙ තබ්ලා වාදනය ගැන විශේෂයෙන් කිව්වා. මාරම්බරී ගීතය පුරාවටම තියෙන්නෙ තබ්ලා පාට් එකත් එන ලස්සන. මේ පාර ශෝ එක පටන් ගන්න කලින් විජේරත්න රණතුංගයන් වෙනුවෙන් නිෂ්ශබ්දතාවයකුත් තිබ්බා. දැන් ඔහුගෙ තැන අරන් තියෙන්නෙ ඔහුගෙම ගෝලයෙක්. එයත් එපමණකටම නොවුණත් මාරම්බරීහි රස එලෙසින්ම පවත්වනවා.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - ලබන අවුරුද්දෙ ශෝ එකට ලංකාවෙ හිටියොත් කැම්පස් එක පැත්තෙ එන්න.
ReplyDelete@ චමිල - විජේරත්න රණතුංගගෙ තබ්ලා වාදනය නැති එක නම් ලොකුම අඩුවක්. දීපිකා ඇරෙන්න ඉතුරු කට්ටිය නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හැබැයි සුනිල් එදිරිසිංහ මහත්මයත් දිගටම ආවා. හොරෙන් ශෝ එක බලන්න ගිහින් අහු උනේ නැද්ද.
ReplyDeleteඅක්කියෝ පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. මේක වාස්තු විද්‍යා පීඨයෙන් සංවිධානය කරන එකක් නෙමෙයි. මේක ගොඩනැගිලි ආර්ථික විද්‍යා දේපාර්තමේන්තුවේ ශිෂ්‍ය සංගමය මගින් සංවිදානය කරන්නේ. අවුරුදු 15ක්ම 'ප්‍රමාණ සමීක්ෂණ ශිෂ්‍ය සංගමය' (QSS) නමින් මේක කෙරුනේ. ගිය අවුරුද්දේදී ශිෂ්‍ය සංගමයේ නම 'ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' (BESS) නමින් වෙනස් වුනා. ඒ නිසා අන්තිම ප්‍රසංග දෙක පැවැත්වුනේ ඒ නමින්.
ReplyDeleteමට හිතුන අක්ක ඒවි කියල. මම බැලුව අක්ක ඉන්නවද කියල, හොයාගන්න බැරි වුනා.
අධික වේගයෙන් දුවන අපේ ජීවිත වගේම සිත්සතන් සසුන් කරන්න ඔය වගේ සංගීතයකට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක් . . . .දුකයි ගොඩක් කාලෙකින් සංගීත සැඳෑවකට සහභාගී වෙන්න බැරි උනා කියල හිතෙද්දිත් . . .
ReplyDelete@ Kasun - ස්තූතියි මල්ලි වැරැද්ද නිවැරදි කරාට. මම ඒක හැදුවා ඔන්න. මේ ශිෂ්‍ය සංගමය වාස්තු විද්‍යා පීඨයට නේද අයිති. අයියෝ ඉතින් මම කොහොමද අප්පා ඔයාව හොයාගන්නෙ. අනිත් දවසෙ පයිංඩයක් එවන්ඩකො මූණු පොතෙන් හොඳේ.
ReplyDeleteඅපිත් සුමනදාස එකෙ බැල්කනි එකට ගිහින් සරසවි ගී සිසිල බැලුවා.සුනිල් එදිරිසිංහයන්ගෙ මුල්ම සිංදුව තාමත් එදා වගේ ජනප්‍රියයි.දැන් එන සිංදු වලට මාසයක් දෙකක් යනකොට වුනු දෙයක් නෑ. මේ මිනිස්සු ටික නැතිවුන දාට සිංහල සංගීතයට මොනව වෙයිද කියල හිතාගන්න බෑ.
ReplyDeleteමං ආසම ගායකෝ ඔක්කම එකට එකතු උන සැදෑවක්.. දුකයි මට එහෙම සැදෑවක් බලන්න බැරි උන එකට..
ReplyDeleteඔව් අක්කේ වාස්තු විද්‍යා පීඨයේ දෙපාර්තමේන්තු තුනෙන් එකක් තමයි 'ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව'. අක්ක හිටියේ මොන ටිකට් වලද?
ReplyDeleteආ ඒකනෙ කියන්නෙ මොරටුව යුනි රොක්ස් කියලා. :P
ReplyDeleteකොත්තු රොටි ගහන විදිහේ සංගීතයත් එක්ක හෙම්බත් වෙලා ඉන්න අපට මේ සිංදු අමෘතය වගේ. මාත් කැම්පස් එකේ ඉන්න දවස්වල මේ වගේ මියුසිකල් හොය හොයා යනවා.
ReplyDeleteඊර්ශයා හිතෙන කතා කියන්න එපා ගෙම්බෝ.
ReplyDeleteඅපිට දුකයි කියලා තේරෙන්නේ නැද්ද?
මටත් මේ මොහොතේ මේ වගේ විඳීමක් ඕනේ වගේ
Lucky you....!!!
ReplyDeleteඇත්තටම අක්කේ ඔය වගේ සිංදු අහන්න ඕනේ සජීවීව තමා. ඒ වෙලාවට ඇහෙන වයලීන් හඬ, බටනලා හඩ ගැන කියන්න වචන නෑ....
ReplyDeleteකැම්පස් එකේ හිටපු අන්තිම අවුරුද්දේ සරසවි ගි සිසිල වෙනුවෙන් ලොකු මහන්සියක් උනා, සංවිධානය කරන්න. ඒ වගේ මහන්සියක් වෙලා එක සාර්ථකව ඉවර උනාම දැනෙන සතුට කියලා නිම කරන්න බැ. එ විතරක් නෙමේ එකෙන් පස්සේ කිසිම සරසවි ගි සිසිලකට මේ වෙනකන් සහභාගි වෙන්න බැරි වුනා. ලංකාවේ නොසිටිය නිසා. ඒ කොහොම උනත් මේ පාර ෆෙස්බුක් හරහා විකාශනය කරපු නිසා ප්‍රසංගයේ කොටසක් නම් බලාගන්න පුලුවන් වුනා.එක දකිද්දි, ඒ ගැන කතාවෙනවා ඇහෙද්දි දැනෙන්නේ නිහතමානි සතුටක්.
ReplyDeleteතව දෙයක් මම කියන්නම්, ඔය ප්‍රසංගය සංවිධානය කරන අය ඔක කොච්චර බැරැරුම් ලෙස ලෙසින් කරනවාද කියන එකට, ඒ ප්‍රසංගයට කලින් කලුතර බෝධින් වහන්සේ ලග භාරයක් වෙනවා, ප්‍රසංගය සාර්ථකරව කරගන්න පිහිට වෙන්න කියලා.
මොකද මෙක තමා අපි කැම්පස් ජිවිතේ සංවිධානය කරන ලොකුම හා වැදගත්ම අංගය.
ඒවගේම කියන්න ඔනි මේ සරසවි ගි සිසිලෙන් ලබන ලාභය යෙදවෙන්නේ ශිෂ්‍ය සුභසාධනය සදහා.හැම වසරකම මෙම ප්‍රසංගයේ බර කරට අරගෙන කරන අවසාන වසරේ සිසුන්, සරසවියෙන් යන්න කලින්, එම මුදල් යොදවලා කුමක් හෝ හොද දෙයක් කරනවා.අපි කලේ ප්‍රමාණ සමික්ෂක ශිෂ්‍ය සංගමයට ප්‍රින්ටර් හා ෆොටෝ කොපි මැෂින් එකක් ලබාදිම.
ස්තුතියි සටහනට
චමිල::P ආහ්. හොරෙන් බලන එක නතර කරන්න සැහෙන්න උත්සාහයක් ගන්නවා, නමුත් අපහසුයි.සුමනදාසේ ඉහල මහල්වල ව්ද්‍යාගාර තිබෙන නිසා ව්ද්‍යාගාරේ වැඩ තිබෙන බව පවසමින් කට්ටිය රැදිලා පස්සේ ප්‍රසංගය බලන්න එනවා.
ReplyDeleteඉරිසියාවෙ බෑ බං.මන් අවුරුදු හතරක් හිටියට එක පාරයි නෙ ඕක බලන්න වුනේ.
ReplyDeleteඔව්ව බුල් බල්ලෝ ...අපිට නැති
ReplyDeleteමම ආසම ගායක ගායිකාවෝ කට්ටියක් :))
ReplyDeleteඅවන්කව ආඩම්බර හිතෙනවා මොකො අපිත් අවුරුදු 4ක් මෙක කරා .... මෙ අදහස් දැක්කම ගොඩාක් සතුටුයි... ඒ කලෙ ගොඩක් සුන්දරයි....
ReplyDeleteක්ලැසික්...නියමයි.
ReplyDeleteඔයානම් මාරම ලකී තමා ..
ReplyDelete@ අනුරුද්ධ තෙන්නකෝන් - බැල්කනි එකේ බැලුවා? මේං අල්ල ගන්ඩෝ හොරෙක් හොරෙක්.
ReplyDelete@ Dinesh - අපිත් අවුරුද්දක් තිස්සෙ පෙරුම් පුරල තමා බැලුවෙ.
ReplyDelete@ Kasun - මම 300 ටිකට් හිටියෙ මලේ.
ReplyDelete@ සීතල අයියා - මොරා රොක්ස් එවර්..
ReplyDelete@ මධුරංග - ඇත්තටම හිත නිවෙන්න හොඳ ක්‍රමයක්.
ReplyDelete@ Il mondo di una povera pazza - හයියෝ රංගි අක්කේ ලංකාවට ආපු දවසක යමුකො බලන්න හොඳේ.
ReplyDelete@ Observer - ඒක නම් සෑහෙන වාසනාවක්.
ReplyDelete@ prasanna86k - සමහර සින්දු ඇහෙද්දි ඒවා රෝම කූප වලට පවා දැනෙනවා.
ReplyDelete@ දිලාන් - ඇත්තටම සහෝ ඔයාලගෙ වැඩේ නම් උපරිමයි. කිසිම අඩුපාඩුවක් නෑ නියමෙටම කරනවා. අපි අවුරුද්දක් තිස්සෙ කැම්පස් එකේ වෙන කිසිම ඉවෙන්ට් එකකට නැති තරම් උනන්දුවකින් මේ ශෝ එක කොහොමහරි බලන්නෙත් ඒ හන්ද. you've done a great job guys.
ReplyDelete@ දිලාන් - හයියෝ චමිල අයියා අතටම අහු උනා නේ.
ReplyDelete@ නිසුපා - යකෝ කැම්පස් එකේ ඉඳලත් එක පාරද බැලුවෙ. උඹව නම් තියන්න වටින්නෙ නෑ.
ReplyDelete@ Bindi - ලංකාවට එන්නකො අක්කා මේ ජාතියෙ බූල් බල්ලෙක් හොයල දෙන්නම්.
ReplyDelete@ වර්ණා - හ්ම්ම් මගෙත් ෆේවරිට්.
ReplyDelete@ buma - ඔයාලගෙ කැපවීම නිසා තමා මෙච්චර සාර්ථක ශෝ එකක් කරගන්න ලැබෙන්නෙ.
ReplyDelete@ පැණි දොඩම් - කියල වැඩක් නෑ.
ReplyDelete@ හිස් අහස - හ්ම්ම් ඇත්තටම.
ReplyDelete@ ඕනයා - අඩේ ඕනයියා අත ඇරිලනේ. ඇත්තටම අපේ හිත් සන්සුන් වෙන හැටි නම් හරි පුදුමයි.
ReplyDeleteඅනේ ඇත්තටම ඉරිසියාවෙ බෑ.... මං අහන්නම ආස සිංදු ටිකක්...
ReplyDeleteඔය 'මාරම්බරී....' සිංදුව ගැන කියනකොට මට මතක් වෙන්නෙ, හොඳ තබ්ලා වාදකයෙකු වූ සහ වන මගේ ලොකු මස්සිනා තබ්ලාවත් වාදනය කර කර ලොකු නංගි දිහා බලාගෙන ඔය සිංදුව කියන හැටි..... ඕක මිනිහගෙ ප්‍රියතම....
කට්ටන් ගේ වැඩ!
ReplyDeleteමමත් කැමතිම සිංදු ටිකක් තමා ඔයා කියල තියෙන්නෙ. :)
ReplyDeleteමම එක පාරක් ඕක බැලුව.
ReplyDeleteමාරම විදිහට දැනෙනව ඒ සිංදු. :)
19 වෙනි වතාවට පවත්වපු සරසවි ගී සිසිල ප්‍රසංගය මම නැරඹුවා...
ReplyDeleteදැන් මමත් ඒ වාර්ෂික ප්‍රසංගයේ රසිකයෙක්...