හිරෝෂිමා... වචනය ඇසෙද්දිත් අපට නිරායාසයෙන්ම සිහිපත් වන්නේ පරමාණු බෝම්බයයි. විද්‍යාත්මක දැනුම මනුෂ්‍යත්වයට එරෙහිව යොදාගත් මුල්ම අවස්ථාව ලෙස, හිරෝෂිමාව විනාශ කිරීම සඳහා පරමාණු බෝම්බය යොදාගැනීමේ සිද්ධිය ලෝක ඉතිහාසයට එක් වෙයි.
1945 අගෝස්තු 06 වැනිදා හිරෝෂිමාවට එල්ල කරනු ලැබූ බෝම්බය එක් ක්ෂණයකින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. තවත් දහස් ගණනකට දරුණු තුවාල ඇති කළේය. මිනිසුන් මිලියන කාලකට නිවෙස් උන් හිටි තැන් අහිමි කළේය. කොටින්ම දියුණුවේ හිණි පෙත්තේ වැජඹුණු සාමකාමී ජනාකීර්ණ නගරයක් අමු සොහොනක් බවට පත් කළේය.
"ආයුබෝවන් හිරෝෂිමා" යනු "Hiroshima Doctor" කෘතියේ සිංහල පරිවර්ථනයයි. මෙය ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මියගේ පරිවර්ථනයකි. පරමාණු බෝම්බයෙන් ලද තුවාල වලින් ඔත්පලව ඇඳ මත වැතිර සිටින අවධියේ 'මිචිහිකෝ හචියා' නමැති ජපන් ජාතික වෛද්‍යවරයෙකු විසින් ලියන ලද දිනපොතක ඇතුලත් සත්‍ය කරුණු ආශ්‍රයෙන් මෙම පොත ලියා ඇත.
බෝම්බය පිපිරුණු අවස්ථාවේ ඔහු ලැබූ අත්දැකීම් පමණක් නොව, වෛද්‍යවරයෙකු ලෙස බෝම්බයෙන් මරණීය තුවාල ලද්දන් හට ප්‍රතිකාර කිරීමෙන් ඔහු ලද අත්දැකීම්ද ඉතා සියුම් ලෙස මෙහි සටහන් කර ඇත.
න්‍යෂ්ටික අවි තාක්ෂණයෙන් මනුෂ්‍ය සංහතියේ පැවැත්මට එල්ල වන අභියෝගය පිළිබඳ ලොව ඇති ප්‍රභලම සාක්ෂිය හිරෝෂිමාවයි. බෝම්බයෙන් දිවි ගලවාගන්නට වාසනාවන්ත වූවද එහි කම්පනයෙන් හා තුවාල වලින් අත්මිදෙන්නට බොහොමයක් දෙනා සමත් නොවූහ.
තමන්ගේ ශරීරයේ වේදනාවන් අමතක කර, වෛද්‍යවරයෙකු ලෙස රෝහල සතු ඉතාම සීමිත සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඔහු රෝගීන්ට ප්‍රතිකාර කළ අයුරු නම් ප්‍රශංසාවට ලක්විය යුතුය.
පරමාණු බෝම්බය නිසා මෙහි මිනිසුන් අත්විඳි කෲරත්වය නම් අමතක කළ නොහැක්කේය. බෝම්බයේ ප්‍රබලත්වය කොතරම්ද යත් පිපිරුම් මධ්‍ය ලක්ෂ්‍යය හා මීටර් 500 දුර අතර ගොඩනැගිලි ආදියෙන් ආවරණ රහිතව සිටි අය ඒ මොහොතේම මිය ගියහ. මධ්‍ය ලක්ෂ්‍යයේ සිට මීටර් 3000ක දුරින් සිටි සියල්ලෝම දරුණු පිලිස්සුම් තුවාල හෝ විකිරණ වලට නිරාවරණය වීම නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූහ.
කතුවරයා බෝම්බය පිපිරීමෙන් පසු තත්වය මෙසේ විස්තර කරයි.
"අවට එහෙම් පිටින්ම ගිනිජාලාවක් බවට පත්විය. සුළි සුළඟක් හමා ගියේ ගින්න වඩ වඩාත් පතුරවමිනි. ගං දිය බියකරු ලෙස පැසෙන්නටත් ඉවුරු බිඳ දමන්නටත් උත්සාහ කරමින් ගින්න බුර බුරා නැගෙන්නට පටන් ගති. ගං දිය කැලති කැලතී දැවැන්ත රැළි සෑදුවේය. සුළඟට වැනෙමින් නරකාදියේ ගිනිගොඩවල් මෙන් පුපුරු ගසමින් දැවුණු දැවැන්ත ගස් බිම වැටුණේ අවට එකම ගිනිජාලාවක් කරන්නටය. උණුසුම දරාගත නොහැකි තරම් ඉහළ ගියේය. ගින්නෙන් බේරී ගන්නට ගං ඉවුරේ පොදිකමින් සිටි මිනිස්සු යා යුතු තැනක් නොදැන පහතින් පැසෙන ගං දියට පැන්නෝය. දහස් ගණනක් මළවුන් අතරට ගියේ ඒ අයුරිනි."
දින පොතකින් ගත් කරුණු වුවද කතුවරයා පාඨකයාගේ සිතේ අදාල සිදුවීම් සජීවීව මැවෙන ආකාරයට ඉදිරිපත් කර ඇති අයුරු නම් අපූරුය. එහෙත් ඒ රස විඳීමට යටින් ඇති කටුක සත්‍යය අවබෝධ වන විට නම් හිත කීරි ගැසී යයි. මේ අකුරු මතින් ඔප්පු කර ඇත්තේ මේ පොළව මතම සිටි තවත් මිනිසුන් පිරිසක් අමු අමුවේ පිච්චෙමින් ලද වේදනාවෙන් බිඳක් පමණි.
හිරෝෂිමාව බිමට සමතලා කළ බව ඇත්තය. එහෙත් එහි මිනිසුන්ගේ ආත්ම ශක්තිය පරමාණු බෝම්බ දහසකින්වත් විනාශ කළ නොහැකි බව මෙම නවකතාව සාක්ෂි දරයි.

අපේ අප්පච්චි ජපානේ ඉන්න කාලේ ඔය හිරෝෂිමාවට ගිහින් එහෙ තිබ්බ එකම ගොඩනැගිල්ලේ පින්තුර අරන් ඇවිත් මට පෙන්නලා තියනවා මම පුංචි කාලේ. මට ඒ කතා මතක් උනා මේවා කියවද්දී.. අප්පච්චි මිනිස්සුන්ට මොකද උනේ ඇහුවම කිව්ව කතන්දර ඒ කාලේ මට එච්චර තේරුනේ නැතුවත් දැන් ඒ දේවල් අහනකොට මොනවගේ වේදනාවක් ඒ මිනිස්සු විඳින්න ඇතිද කියල හිතෙනවා.
ReplyDeleteකියවන්ඩ වටින පොතක්.
ReplyDeleteඅර විස්තරේ කියවද්දි මැවිලා පෙනුනා ලකියෝ.කොච්චර දුක් විදින්න ඇතිද ඒ මිනිස්සු..
ReplyDelete'හිරෝෂිමා මගේ ප්‍රේමය' කියලා පොතක් තියෙනවා දැක්ක ලඟදි බුක් ෂොප් එකක. එකත් මේවගේ කතාවක් වෙන්න ඇති කියලා හිතුනා.
ReplyDeleteපරමාණු බෝම්බෙ බලපෑම නිසා ඔය පළාතේ තාමත් අංගවිකල දරුවෝ ඉපදෙනවා කියලා මං අහල තියෙනවා.
කොච්චර විනාස කරන්න හැදුවත් ජපන්නු හපන්නු කියනවා නේ..
ඇත්තටම කියවන්න වටිනා පොතක්. :) :)
දැන් ඉතිං කොයි ලෝකෙන් හරි හොයාගන්න වෙනවා...!
ReplyDeleteවිස්තර දැක්කම කියවන්න හිතුනා...ස්තුතියි දැනුවත් කිරීමට...
ReplyDeleteමේ වගේ සිදුවීම් නම් ආයෙ අහන්නවත් දකින්නවත් නොලැබේවා....!!
ReplyDeleteකියවන්න ඕනා
ReplyDeleteහිරෝෂිමාවට යන්ඩ හිතාගෙන ඉන්නවා. තවම චාන්ස් එකක් ආවෙ නෑ. ඔය සිද්ධියට ටික කාලෙකට කලින් හිරෝෂිමාවෙන් අයින්වෙලා මෙහෙට ආපූ ආච්චි කෙනෙක් ඉන්නව. ඒත් එයාගෙන් ඒ ගැන කිසිම දෙයක් ඇහුවෙ නෑ. අහන්ඩ නිකන් අප්සට් වගේ. ජපන් අය එක්ක දෙවනි ලෝකයුද්දෙ ගැන කතා කරන්නෙ බොහොම අඩුවෙන්. එයාලා තවම දුක් වෙනවා ඒ ගැන.
ReplyDelete@Ice (අයේෂා කුලතුංග)
මං දන්න විදිහට නන් 'හිරෝෂිමා මගේ ප්‍රේමය' කියන්නෙ ෆිල්ම් එකක්.ඔරිජිනල් නම Hiroshima mon amour(Hiroshima, My Love). 1959 දි ඇලන් රෙනේ කියන ප්‍රංශ ජාතික අධ්‍යක්ෂක තමයි ඒක හැදුවෙ. මං හිතන්නෙ ඔය ඒකෙ තිර රචනය හරි ඒකේ කතාව හරි වෙන්ඩඇති.
(දන්න විදිහට නන් ෆිල්ම් එක නවකතාවකින් හදපු එකක් නෙවේ))
අධික පීඩනයකට ලක් කරලා තියෙන පරමාණු ප්‍රබල වේගයකින් නිදහස් වීම තමයි මේ තරම් විනාශයක් වෙන්න හේතුව. කොහොම උනත් ලස්සන පොතක් වෙන්න ඕන
ReplyDeleteඇත්ත අක්කේ ඔවුන්ගේ ආත්ම ශක්තිය ඒ බෝම්බයට නසන්න බැරි උනා...
ReplyDeleteමේ ලිපිය දැක්කම පොත කියවන්න ආස හිතෙනවා.
ReplyDeleteපෝස්ට් ඒක කියවද්දි වැඩියෙන්ම හිතට වැදුනෙ උඩම තිබුන පින්තුරේ. 80 ගණන් වල අග හරියෙ ඒ වගේ ඒවා ඇහින්ම දැක්ක නිසා තදින් හිතට වැදිල තියෙන්නෙ.
ReplyDeleteසිංහල පරිවර්තනයක් නිසා කොහොම හරි හොයාගෙන ඒක කියවන්න ඕන
ReplyDeleteමම පොත් කියවන්න කැමති නැතෝ...බැරිද ඒ කතාව කෙටිකරලා කොටස් වශයෙන් දාන්න :D
ReplyDeleteයුද්දයකදි මිනිස් ජීවිත වලට වටිනාකමක් නෑ කියන එකට ලැබුන හොඳම උදාහරනයක් තමයි හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ ප්‍රහාර . . . .
ReplyDeleteකියවන්න ආස හිතුනත් වාසනාවක් නෑ නොවැ ඒකටවත්...ඊ බුක් එකවත් හොයාගන්ට බලන්න ඕනෑ... :(
ReplyDeleteස්තුතියි නගේ. තව පොතක් එකතු වුනා ගන්න . මේ පාර පොත් විතරයි වගේ ගේන්න වෙන්නේ
ReplyDelete@ ක්සැන්ඩර් | Xander - මාත් මේ පොත කියවපුවාමයි දැනුනේ මේ මිනිස්සු කොයි තරම් වේදනාවක් විදින්න ඇත්ද කියලා.
ReplyDelete@ නදී - පුලුවන්කමක් තිබ්බොත් හොයාගන්න නදී.
ReplyDelete@ නිසුපා - ඒක කියවද්දි නම් මොන කරුමයක් ඒ මිනිස්සු විඳින්න ඇත්ද කියල හිතෙනවා.
ReplyDelete@ Ice (අයේෂා කුලතුංග) - ඒ පොත ගැන නම් මම අහලා නෑ.
ReplyDelete@ prasanna86k - කොයි ලෝකෙන් හරි හොයාගෙන කියවන්න වටින පොතක්.
ReplyDelete@ දිල් - කියවලා මටත් කියන්නකො හිතුනු දේ.
ReplyDelete@ Miyuru - මගෙත් ඒකමයි ප්‍රාර්ථනය.
ReplyDelete@ වර්ණා - හොයාගෙන කියවන්නකො.
ReplyDelete@ චමිල - ඔයා එහෙ ගිහින් ඇවිත් පෝස්ට් එකක් දාන්න අයියේ.
ReplyDelete@ ලහිරු - මෙච්චර විනාසයක් කරන්නත් පුලුවන් ඒ හන්දා වෙන්න ඇති.
ReplyDelete@ Dinesh - ඒක නම් ඇත්ත
ReplyDelete@ මධුරංග - හම්බුනොත් කියවන්නකො හොඳේ. හැබැයි හිතිච්ච දේවල් අපිටත් කියන්න හොඳේ.
ReplyDelete@ Observer - මොනා උනත් මිනිස් ජීවිත නේද කියල හිතෙනවා.
ReplyDelete@ හිස් අහස - කියවලා මටත් කියන්නකො හිතුනු දේ.
ReplyDelete@ සීතල අයියා - මේ මේ කම්මැලිකම පැත්තක දාලා කියවනවකො. මේකා නම් නමටම හරියන සීතලයා.
ReplyDelete@ ඕනයා - ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත අයියෙ.
ReplyDelete@ මකුළු පැංචි - ඊ බුක් එකක් නම් මට හම්බුනේ නෑ. චුට්ටක් බලන්නකො සමහර විට ඇති.
ReplyDelete@ Bindi - අක්කා නිවාඩුවට එනව වගේ..
ReplyDelete