Pages

Wednesday, January 11, 2012

ක්‍රස්ටේෂියාවෙකුගේ ප්‍රේමය


පරම්පරා ප්‍රත්‍යාවර්ථනයක
නැවතුණ
හයිඩ්‍රාවෙකුගෙ හිත හදන්න
ක්‍රස්ටේෂියාවෙකුට කවදාවත්
පුළුවන් වෙන එකක් නෑ..
අපි නොදන්නවයැ
ඇඩම්සියයි
තාපස කකුළුවයි ගැන..

මේකත් ඒ ලෙවල් කාලෙ පාඩම් කරනකොට ලියපු කවියක්. පුලුවන් විදිහට තේරුමත් දාන්නම්. නැත්තන් මඤ්ඤමේ උපරිමේ නේ..


හයිඩ්‍රාවන් අයත් වෙන්නෙත් මුහුදු මල්, බුහුබාවන්, ජෙලි ෆිෂ්ලා අයත් වෙන සිලින්ටරේටා සත්ව කොට්ඨාශයට. හයිඩ්‍රාවන් සිය ජීවිත කාලය තුළම පරම්පරා ප්‍රත්‍යාවර්ථනයට ලක් වෙනවා. ඒ කියන්නේ මොවුන්ගේ අංකුරයකින් නැවත් හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. නැවත ඒ හයිඩ්‍රාගේ අංකුරයකින් තවත් හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. මේක චක්‍රයක්. මේ පරම්පරා ප්‍රත්‍යාවර්ථනයේ හිරවෙච්ච හයිඩ්‍රාවෙක්ට ප්‍රේමයක් ගැන හිතන්න නිදහසක් තියෙනවද.

ඇඩම්සියා කියන්නෙත් හයිඩ්‍රා වගේ මුහුදු මලක්. මලක් වගේම තමා ඒත් පණ තියෙනවා. උන්ගේ දහස් ගාණක් තියෙන කෙඳි වගේ අඬු අතරට පීනගෙන එන පුංචි මාළු හා කුඩා ප්‍රාණීන් තමා මුන්ගෙ ආහාරය වෙන්නෙ. උන්ට කෑම ළඟට එනකල්ම ඉන්න වෙනවා පීනන්න බැරි නිසා.

ක්‍රස්ටේෂියාවන් කියන්නෙ ඉස්සො, කකුළුවො, පොකිරිස්සො අයත් වෙන සත්ව කොට්ඨාශය. තාපස කකුළුවා කියන්නෙ මේ වගේ ක්‍රස්ටේෂියාවෙක්ට.

මුගේ තියෙන විශේෂත්වය තමයි උගේ පිටේ තියෙන කටුව උඩ අර ඇඩම්සියාව තියාගෙන ඉන්න එක. ඒකෙන් උන් දෙන්නටම ප්‍රයෝජනයක් තියෙනවා. ඇඩම්සියාට ඉන්න තැනක් ලැබෙනවා. ඇඩම්සියා නිසා එතෙන්ට ඇදිලා එන කුඩා මාළුන්ව තාපස කකුළුවාට ආහාරයට ගන්න පුලුවන් වෙනවා.

දෙන්නට දෙන්න සහයෝගයෙන් ජීවත් වෙනවා තමා. ඒත් අලිංගික ප්‍රජනනයෙන් තමන්ගෙ වර්ගයා බෝ කරන ඇඩම්සියාගෙ හිතේ ප්‍රේමයක් ඇති කරවන්න කවදාවත් ක්‍රස්ටේෂියාවෙක්ට පුළුවන් වෙයිද?

43 comments:

  1. කවිය හා විද්‍යාත්මක අර්ථකථනය..අගේය

    ReplyDelete
  2. ප්‍රේමය කියන්නේ ඔය කියන විදියට රාගයද??
    ඔය කියන උවමනාව නැතුව ප්‍රේමයකට පවතින්න බැරිද??

    ReplyDelete
    Replies
    1. අපොයි පුලුවන්. ඒත් වර්ගයා බෝ කිරීමක් නැතුව පැවැත්මක් නෑනේද. මේක එක අදහසක් විතරයි.

      Delete
  3. කවිය දැක්ක ගමන් මොකක්ද උනා........
    වෙලාවට විවරණයකුත් දැම්මේ,
    අක්කා උ.පෙ ට බයෝ ද කලේ....?

    ReplyDelete
    Replies
    1. බයෝ තමා කරේ. අන්තිමට කැම්පස් ආවම ඉගෙන ගත්තු කිසිම විෂයකින් පලක් උනේ නෑ. මැත සහ අයි ටී වලින් තමා ඉස්සරහට ගියේ.

      Delete
  4. මඥ්ඥං තමයි..... පාඩං කරපු කාලේ වෙන වැඩක් තිබ්බෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. පාඩම් කරපු කාලෙ පාඩම් කරා නම් හරියට අද අපි කොහෙද. හික්ස්

      Delete
  5. නියමයි...... ඉතින් ජීව විද්‍යාවට මොකද උනේ ?

    ReplyDelete
    Replies
    1. ජීව විද්‍යාවට එතනින්ම පුල්ස්ටොප් එක වැටුනා.

      Delete
  6. අනේ මන්දා.... තේරුම් කලේ නැත්නම් උඹට බනින්න තමා වෙන්නෙ....

    එක අතකට උන් නිදහසේ ඉන්නවා නේද බං.

    ReplyDelete
    Replies
    1. උඹලා මඤ්ඤං වෙන නිසා තමා තේරුම දැම්මෙ. නැත්තන් උඹලා මාව ඉතුරු කරයිද

      Delete
  7. බුදු අම්මියෝ! මෙන්න බයෝඩයිවසිටි යකා එනෝ! බේරගනියෝ............ :D

    ඔබ මාව සුන්දර අතීතයකට ගෙන ගියා! :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ කාලෙ හරි සුන්දරයි අප්පා..

      Delete
  8. නුවන් කිව්ව එකම තමයි කියන්න තියෙන්නෙ... සෙක්ස් නැතුව ප්‍රේමයක් පවතින්න බැරිද?... වර්ගයා බෝකිරිල්ලයි ප්‍රේමයයි අතර සම්බන්දයක් නෑනෙ... මොකෝ ලව් නොකර ඔය බෝකිරිල්ල කරන්න බැහැ කියල එකක් නෑනෙ...

    මම කලේ නම් බයෝ නෙමෙයි ඒත් සාගර ජීව විද්‍යාව කියන්නෙ කැමතිම විශයන්ගෙන් එකක්.. ඒකනෙ කොරල් පරයි මාලුයි පස්සෙ පන්නන්නෙ.. තාපස කකුළුව ගැන දැනගෙන හිටියත් මේ ටික නම් දැනගෙන හි‍ටියෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාවට මම හොඳටම එකඟයි. මේක සිතුවිල්ලක් පමණයි බොලේ.. සාගර ජීව විද්‍යාව පැත්තට මාත් පට්ට ලයික්.

      Delete
  9. මට නං නිකන් තාම ඔලුව කැරකෙනව වගේ!!

    ReplyDelete
    Replies
    1. කැරකිල්ල නැවතුනාම ආයෙ කියවලා බලන්නකො

      Delete
  10. මේව රඟදෙනා බයිලා මල්ලි ඇහිඳ ගනිල්ලා...!

    ReplyDelete
    Replies
    1. බයිලා කියන්න එපා අයියා..

      Delete
  11. නියම ප්ලොට් එකනේ අක්කෝ.... නියමයි.. :D

    ReplyDelete
  12. ගිණි මද්දහනෙ මේව කියෙව්වම කරපට් වෙච්ච ඔළුව තවත් කරවෙනව. හැබැයි අර සත්තු ගැන අමතක කරල ඒක යට තියන නිවිහැනහිල්ලෙ කල්පනා කරන්න පුළුවන් කරණාව නම් බොහොම අපූරුයි.

    ප.ලි :අර ඇඩම්සියාට ඇස් තියනවද ? එහෙමනම් තාපස කකුලුව ගෙසෙල්ලම් ඔක්කොම බලන්න පුළුවන් ඌට නොමිලේම.

    ReplyDelete
    Replies
    1. නෑ අයියෙ උන්ට ඇස් නෑ. ඇස් පරිණාමය උනේ ඊට සෑහෙන්න කාලෙකට පස්සෙ ඇති වෙච්ච සත්ව කාණ්ඩ වල. මුන් සෑහෙන්න නොදියුණු සත්ව කොට්ටාශයක්

      Delete
  13. බයෝ කෙහෙල්මල් නම් තේරුණේ නෑ අක්කා...හැබැයි ලිපිය නම් සුපිරි...ලස්සන විග්‍රහයක්....

    ReplyDelete
    Replies
    1. ඕවා පාඩම් කරන කාලෙ අපිත් මාර අමාරුවෙන් තේරුම් ගත්තෙ.

      Delete
  14. මොන මඟුලක් කියලද මන්දා.. මෙලෝ හසරක් තේරුනේ නෑ මට නම්.... :D

    ReplyDelete
    Replies
    1. අනේ පලයන්. උඹට අස්පයෙක් ගැන කිව්ව නම් තේරෙයි.

      Delete
  15. වාසනාවට අර යට්න් විස්තරයක් දැම්මේ.. ඒකත් ඉතින් සම්පූර්ණ තේරුනාම නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හරි තේරුනා නම් එච්චරයි.

      Delete
  16. මගේ උරහිසෙන් හොල්ලලා හොල්ලලා හොල්ලලා අතෑරියා වගේ. මට තාම මඤ්ඤං (ඇයි කලිනුත් තිබ්බේ)

    ඒක නෙමේ. මට කියන්න බලන්න උසස් පෙළට බයෝ කරලා කොහොමද ඉංජිනියරින් කරන්න පුලුවන් උනේ ?

    ReplyDelete
    Replies
    1. නිකනුත් මඤ්ඤංනේ. ආයෙ අමුතුවෙන් මොකද්ද

      Delete
  17. මාත් බයෝ නේ කළේ.... අනේ මම ඇඩම්සියෙක් දන්නෙ නෑනේ අෆ්ෆා....:(

    ReplyDelete
    Replies
    1. සිලින්ටරේටා ගැන ඉගෙන ගත්තෙ නැද්ද..

      Delete
  18. නොමිලේ .com .net .org .info ආදි තමන් කැමති paid Domains සහ hosting දිනාගන්න.

    ඔයාගේ බ්ලොග් එකේ දිග නම වෙනුවෙට, .com .info .org ආදි domain එකක් එකතුකරගන්න.

    නැත්නම් අලුත්ම වෙබ් අඩවියක් සදහා paid Domains සහ paid Hosting දිනාගන්න.

    http://www.sinlix.org/info/free_domain_hosting.html

    ReplyDelete
  19. මම තාම හිතනවා මේ මොකක්ද මේ හරුපේ කියලා

    ReplyDelete
  20. උපනූපන් ජාතිත් ක්‍රස්ටේෂියාවෙකු නම් නොවේවා!

    henryblogwalker the dude

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ඔහොම හිතන අයලු ඉස්සෙලාම එහෙම වෙන්නෙ. ඔන්න අපි නම් දන්නෙ නෑ..

      Delete
  21. අනේ ඔය සත්තුන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දෙනවා හලෝ....

    ReplyDelete
    Replies
    1. උන්ට පාඩුවෙ ඉන්න දුන්න නම් අපි පාඩම් කරන්නෙ කෝමෙයි.

      Delete
  22. අක්කා හරි හොඳයි... මට කතා කරන්න දේවල් කියලා දෙනවා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...