Pages

Monday, January 23, 2012

කණපිට විලාසිතා


පහුගිය දවසක ගමේ යන්න කොටුවෙන් බස් එකට නැග්ගෙ සජිතුත් එක්කමයි. බස් එක පිටත් වෙන්න ටිකක් වෙලා තිබුණා. වාඩි වෙලා ඔහේ වල්පල් කියෝ කියෝ ඉන්න කොට තමයි දැක්කෙ සජිත්ගෙ ටී ෂර්ට් එකේ වෙනසක් තියෙනව නේද කියලා.

බලද්දි මෙන්න ටී ෂර්ට් එක කණපිට ඇඳගෙන ඇවිත්. කලබලේට දැකල නෑ. බස් එක පිටත් වෙන්න තව වෙලාව තිබ්බ නිසා ඉක්මනට වොෂ් රූම් එකකට ගිහින් හොඳපිට ඇඳගෙන ආවා. එයාටම තනියෙන් හිනා.

"හයියෝ ඒක තමා මම අද උදේ ට්‍රේන් එකේ එද්දි කෙල්ලො ටිකක් උවමනාවෙන් මා දිහා බැලුවෙ. ෂිහ් මාත් හොඳට හිනාවෙලා ෆිට් එකේ ආවා. නොදකින් මුං බලන්න ඇත්තෙ මේ යකා කණපිට ඇඳලා කියලා හිනා වෙවී වෙන්න ඇති.ඒ මදිවට හොඳට කර පිටුපස්සෙ ටැග් එකත් පේනවා. ලැජ්ජාවෙ පණ යනවා."

එයා ඔහොම කියද්දි මට මතක් උනේ එක පාරක් අපෙ තාත්තට වෙච්ච වැඩක්. අපේ තාත්තා සාමාන්‍යයෙන් අඳින්නෙ සාක්කුවක් තියෙන ටී ෂර්ට්.

එක දවසක් තාත්තා කලබලේට ටී ෂර්ට් එකක් ඇඳගෙන කඩේකට ගිහින් බඩු වගයක් ගන්න. කඩේට දීපු සල්ලි වල ඉතුරු සල්ලි සාක්කුවට දානව දානව දැමෙන්නෙ නැතිලු. තාත්තා බලලා මොකද මේ සාක්කුව නැත්තෙ කියලා. එතකොට තමා කල්පනා වෙලා තියෙන්නෙ කණපිටනෙ මේ ඇඳගෙන ඇවිත් තියෙන්නෙ කියලා. දණි පනි ගාලා කඩෙන් එළියට පැනලා තාත්තා ලැජ්ජාව බේර ගන්න.

ඇයි හත් දෙයියනේ ඔහොම වැඩක් මටත් උනානෙ. ඕ ලෙවල් වලට පන්ති යන කාලෙ වෙච්ච වැඩක්. එදා පන්තියට යන්න කොහොම හරි මට පරක්කුත් වෙලා තිබුණෙ. ඉක්මනට පාරට ගිහින් බස් එකටත් නැග්ගට පස්සෙයි දැක්කෙ ඇඳගෙන ආපු සාය කණපිටයි ඇඳගෙන ඇවිත් තියෙන්නෙ කියලා. ඉතින් ආයෙ යන්නයැ. ඒකෙ හොඳපිටයි කණපිටයි වැඩිය පාට වෙනසක් නෑ. ඒත් අර මැහුම් එහෙම හොඳට පේනවා. ඉඳගන්න සීට් හිස් තිබුණෙත් නෑ. වැඩිය කට්ටිය හිටගෙන හිටියෙත් නැති නිසා මාව හොඳට නෝට්.

මම ඔන්න ඔහෙ කමක් නෑ, කවුරුවත් දකින එකක් නෑ කියලා හිත හදාගන්න හදනකොටම "දුව, ඔයා සාය කණපිට ඇඳගෙන ඇවිත්" කියලා කිව්වෙ නැද්ද ඒ ළඟ වාඩිවෙලා හිටපු ඇන්ටි කෙනෙක්. හපොයි. මොනා කරන්නද. මම නිකං ඒ වෙලාවෙ දැක්කා වගේ "අයියෝ ඔවුමයි" කියලා අහක බලාගෙන ආවා මගෙ නෙමෙයි වගේ.

ඉස්සර කණපිට ඇඳුමක් ඇන්දොත් අපි කියන දෙයක් තමා, ඔන්න අලුත් ඇඳුමක් හම්බෙන්නයි යන්නෙ කියලා. කොයි තරම් කණපිට ඇඳලා චාටර් උනත් කවදාවත් ඒ කියමන නම් ඇත්ත උනේ නෑ.

ඉතින්, දැන් ඔය හිනා වෙන්නෙ කවදාවත් කණපිට ඇඳුමක් ඇඳන් ගියෙ නෑ වගේ නේද. ජීවිතේ එක පාරක් හරි විඳලා ඇති නේද එහෙම චාටර් වීම්. හා හා ලැජ්ජාව පසෙකලා ලියමු බලන්න එහෙම අත්දැකීම්.

68 comments:

  1. ම්ම්ම්ම් ගෙදරදි නම් කනපිට ඇදන් ඉදල මොකද ඔය ඇදුම කනපිට ඇදගෙන අම්ම ඇහුවම අහ් කියල මාරු කරල තියෙනවා...
    එලියට නම් එහෙම වෙලා නෑ... දවසක් දෙකක් සිප් එක නම් දාන්න් අමතක වෙලා තියෙනව හික් හික්

    ReplyDelete
    Replies
    1. ඒක නම් කණපිට ඇන්දට හපන්

      Delete
  2. හ්ම්ම්...මමත් කනපිට ඇදගන ගිහින් තියනව.මගේ නෙමේවගේ ඉන්න එකයි තියෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඇන්දට පස්සෙ මොනා කරන්නද

      Delete
  3. අනේ හපොයි !
    මට නම් අනන්තවත් වෙලා ඇති!
    මතක වෙනකොටත් ලැජ්ජයි ලැජ්ජයි වගේ!:)
    ඕක දකින එකා කියන්නේ නිකන් නෙමෙයිනේ,හෙන චාටර් කින්ඩි හිනාවක් දාලනේ.ඒ වෙලාවට ඌව කණපිට ගහන්න හිතෙනේව!:/

    ReplyDelete
  4. අලුත් ඇඳුමක් හම්බුවෙයි සජිත් කොලුවට... ඒ එක්කම නාහෙත් විදී කියන එක තමයි ඔය කනපිට ඇඳපු එකේ තේරුම... මේව මේ ආවට ගියාට නෙමෙයි, ග්‍රහචාරෙ එහෙම බලල කියන ඒව :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් පිලිගන්නම වෙනවනෙ. අනේ මම නම් නෑ ඕවට

      Delete
  5. සිරාවටම මටනම් එහෙම වෙලා නෑ!

    ReplyDelete
    Replies
    1. අනේ පල පූස් බොරු නොකියා

      Delete
  6. මටත් වුණා මේ ලඟදි. එදා පරක්කු වුණා මදිවට ක්ලාස් එකේ එග්සෑම් එකක්... එග්සෑම් එක ඉවර වෙලා වොෂ් රූම් ගිහින් තමයි මාරු කරගත්තේ.

    ReplyDelete
    Replies
    1. හපෝ මොනා කරන්නද. ඇඳුමක් නිසා එග්සෑම් එක නැති කරගන්නයැ

      Delete
  7. කනපිට මනමාලයා නාකි ඉලංදාරියා.....

    ReplyDelete
  8. පොඩි කාලෙ ඇඳුම කණපිට ඇන්දම ගෙදර කවුරුහරි මැරෙනවා කියලා අපේ අම්මා මාව බය කලා..ඉතින් ඒක නිසා කොච්චර පරක්කු වුනත් හරි පැත්ත ඇඳගෙනයි මම නම් එළියට බහින්නෙ..
    මේ ළගදි දවසක අම්මගෙන් ඒක ඇත්තද කියලා ආපහු ඇහුවාම අම්මා හිනාවුනේ නිකම් හූ හූ රැවටුනා කියන්නා වගේ..

    ReplyDelete
  9. බොරු කියන්නෙ මොකටද ලකියො මට ඔය වගේ වැඩ වෙලා නැහැ එලියට යනකොටනම්.ගෙදරදිනම් අනන්තවත් වෙලා තියෙනවා.

    හැබැයි කලිසම් වල සිපර් එක නොදානම් ගිහින් තියෙනවා.උඩ කෑල්ල දිගට අදින නිසා අවුලක් වෙලා නෑ...:D

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නහය වහගන්නකොටවත් තේරෙන්නෙ නැද්ද ඉතින් කඩේ ඇරගෙනයි මේ යන්නෙ කියල ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හත් ඉලව්වේ... නිකං හුලං පාර තදින් එනවා කියලවත් දැනුනේ නැතිද..?

      Delete
    4. @ඉන්දික උපශාන්ත - කඩේ තනිකර ඇරලා වෙන්නෙ කොහොමද කියලා හිතුනෙ නැත්ද... :P

      @ මාරයාගේ හෝරාව - මං කිව්වෙ අයියේ මං සාමාන්‍යයෙන් ටොප් එක දිගට අදිනවා කියලා.ඉතිං හුලන් වදින්නෙ නෑ නෙ.

      Delete
  10. කනපිට අදින එකෙ සනීපෙ කස්ටිය දන්නෙ නෑ මමනම් හැමදාම අදින්නෙ කනපිට මොකද දන්නවද එතකොට මැහුම් දාර ඇඟෙ වදින්නෙ නෑ ඇඟට ස්පර්ශවෙන්නෙ සියුමැලි මතුපිට . එහෙම නෙද ?


    හැබැයි මම කනපිට අඳින්නෙ ජොකා

    ReplyDelete
  11. කෙල්ලෙක් කණපිට ඇඳං ගියොත්.. අනේ දෙයිනනේ අපිට කොච්චරනං කතා කටට එනවද.. මං කිව්වෙ මේ හදිස්සියෙ කලබලේට ........ ;

    ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් කරල ගෙදර යනකොට නං හැමදාම වගේ එකක් කණපිට ඇඳං ගියා :D

    ReplyDelete
    Replies
    1. අපෝ අයියෙ උඹල නං...

      Delete
    2. උදේ හිටන් ඇඳගෙන ඉදලා ඒකම ඇඳන් සෙල්ලනුත් කරලා හවස ආයෙම ඒක ඇඳන් හිටියොත් කුණු වෙයි !! ඒ නිසා ඒ කරපු වැඩේ හොදා !!! :)

      Delete
  12. අලෙ අප්පේ මටත් වෙලා තියෙනවා... ලැජ්ජයි වගේ.
    මේ ලගදි හොදේ..
    සිකුරාදා නිසා එදා ඔෆිස් ගියේ ටි ශර්ට් එකක් ඇදගෙන. එක ඔන්න කණපිට, මම දන්නේ ත් නැහැ. ඔන්න වැඩ කරනකොට මට එහා පැත්තේ ඉන්න අයියා
    නංගි ටි ශර්ට් එකේ වෙනසක් තියෙනවා වගේ කියුවා.
    හතිලව්වයි එතකොටයි දැක්කේ. ඔන්න කස්ටෙකුත් ඉන්නවා ලග. අරු හිමින් ලගට ඇවිත් කියුවේ.
    මම දඩි බිදී ගාලා දුවලා ගියා වොෂ් රුම්.. හේ හේ ඉතින් එදා දවසම මුළු බැංකුවේ එවුන් ඔක්කොම මාව බයිට් කළා. මට මිස් කණපිට කියලාත් සමහරු දැන් කියනවා හේ හේ

    ReplyDelete
    Replies
    1. දැන් මිස් කණපිට තාමත් එහෙමද වැඩ

      Delete
  13. මම කණපිට ඇඳන් ගිහින් නම් නෑ අෆ්ෆා.. ඒ උනාට මගේ තියෙනවා ටී ෂර්ට් එකක්, ඒකෙ ඇතුල් පැත්ත තද පාටයි.. පිට පැත්ත ලා පාටයි. ඉතින් ඇඳන් යද්දී කණපිට ඇඳන් යනවා වගේ තමා.. මටත් මොකෝ... කණපිට නෙවේනේ. ඕන එකෙක් ඕන විදියට හිතා ගත්තු දෙන් කියල ඉන්නවා.. :D

    ReplyDelete
    Replies
    1. ආයෙ තමන්ට හොඳ නම් අනුන්ට මොකටද නේ..

      Delete
  14. මමත් කණපිට ඇදන් ලොකු චාටර් එකක් නම් කාල නැහැ එත් ඉතින් අනේමන්ද

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අනේ මන්ද කිව්වෙ

      Delete
  15. ඔය සීන්කෝන් එක කාට කාටත් වෙලා ඇති..... පීචං වෙලත් ඇති. ඒත් සමහර අවස්ථාවලදි
    කණපිට සීන් එකක් සීරියස් වෙන්නත් පුළුවන්....
    උදාහරණයක් විධියට "ඔක්කොම කණපිට" ෆිල්ම් එක බලන්න ඔක්කොම කණපිටට ඇඳගෙන ගියොත් එතනදි වැඩේ සීරියස් -පීචං වෙන්නෙ නෑ.
    ඒ අනුව බැලුවම ඔය කණපිට සීන්ස් ඒ ඒ අවස්ථා එක්ක ඒ ඒ පුද්ගලයො එක්ක ඒ ඒ තරා තිරමට අනුව එකට බැඳිලයි වැඩකරන්නෙ
    දැන් බලන්න අපේ පාර්ලිමේන්තුවේ ඉන්න "එතුමන්" ල "එතුමියන් "ල "එතුමන් වහන්සේ"ල අමුඩෙ කණපිටට අඳිනවා කවුරුවත් මොකුත් කියනව ද ? නැහැනෙ..?

    අපි වගේ හාල් කෑලි "කණපිට"ට ඇන්දොත් තමයි කාටත් අමාරු...

    ReplyDelete
    Replies
    1. අන්න කණපිට ගැන අපි නොහිතුව පැත්තක්

      Delete
  16. කණපිට ඇන්ද බවක් මතක නෑ, හැබැයි පාට දෙකෙන් මේස් දාගෙන ගිහින් නං තියෙනව...හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. එහෙම දාගෙන ගිය දවසට ඒක තමා විලාසිතාව කියල ඉන්න තමා තියෙන්නෙ.

      Delete
  17. වෙලා තියෙනවා දෙතුන්පාරක්ම... :D
    Chandika Wickz

    ReplyDelete
  18. අපොයි මමත් කාලා තියෙනව ඔය පරිප්පුව ඔන තරම්. උනි එකටත් ගියා කනපිට ඇන්දගෙන.:D
    තව MC එකටත් ගියා. ඔවා මොනාද මට නෙවෙයි වගේ ගිහින් මාරු කර ගත්තා. අනික ඔය MC එකට එන උන් දන්නවද මම කව්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ශිහ් අපි දැක්කෙ නෑනෙ ඔය කණපිට ඇඳන් යුනි එනවා

      Delete
  19. එල මචෝ මේකත් බලන්න http://sithama.blogspot.com/

    ReplyDelete
  20. මට ගෙදරදි නම් අනන්තවත් වෙලා තියෙනවා. ඒත් කණපිට ඇඳගෙන ගෙදරින් එළිය ට බහින්න වෙලා නම් නෑ, හොඳ වෙලාව ට...

    ~~~**දඟ මල්ල**~~

    ReplyDelete
    Replies
    1. අපරාදෙ චාටර් වෙන්න තිබ්බ අවස්ථාවක් නැති උනා.

      Delete
  21. හෙහ්.. අයියෝ මෙහේ තියෙනවා කණපිට ඇදන් යන්නම මහපු ඇදුම්.. මැහුම් පාර තියෙන්නේ පේන විදිහට.. වෙනසකට තියෙන්නේ ටැග් එක නැති එක තමයි.. මමනම් එහෙම ඒව ඇදන් ගිහින් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. මම දැකල තියෙනවා ඒ වගේ ටී ෂර්ට්.

      Delete
  22. හපෝයි මටත් කනපිට ඇඳුම් ඇඳලා අත්දැකීම් තියෙනවා.
    හැබැයි දැන් ඇඳුම් තියෙනවා කනපිට හොද පිට කියලා නෑ. දෙපැත්තම අඳින්න පුලුවන්. :)

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් වෙලාම වෙන්න ඇති ඔහොම ටී ෂර්ටුත් ආවෙ.

      Delete
  23. කණපිට නෙවෙයි ටී ෂර්ට් එකක් ඉස්සරහ පස්සට ඇඬගෙන..... හන්දියේ කඩේට එක දවසක් ගිහින් තිබ්බා මම. ආපහු එනකොට තමා මීටර් උනේ....

    ReplyDelete
  24. මේක කියවනකොට මතක් උනේ කැම්පස් යන කාලෙ හොස්ටල් එකේ හිටිය කෙල්ලෙකුට උනාය කියල ප්‍රසිද්ධ වෙච්චි දෙයක්.... මේ ගෑණු ළමය හවසක ලස්සනට ඇඳ පැළඳගෙන ගියාලු හොස්ටල් එකේ හිටිය එයාගෙ වෙන්ට මහත්තය හම්බවෙන්න..... ඉතින් ආපහු ඇවිල්ල තියෙන්නෙ ටිකක් රෑවෙලා කස්ටිය වටවෙලා ටීවී එකේ ටෙලිය බලන වෙලාවට.... ගෑණිත් කෙලින්ම ඇවිත් වාඩිවෙලා ටෙලිය බලන්න.... ටික වෙලාවක් යනකොට එක් එක්කෙනා හිනාවෙන්න පටන් ගත්තලු.... අන්තිමට ටීවී බල බල හිටිය වෝඩ්නුත් හිනාවෙනවලු... එතකොට තමයි මෙයා බලල තියෙන්නෙ තමුන් ඇඳන් ඉන්න ගවුම දිහා.....

    හයියෝ... කෙල්ලට එළියට බහින්න බැරිවුනා කාලයක් යනකම්....

    ReplyDelete
  25. කට්ට කළුවරේ ගෙදරින් පිටවෙන මට හැමදාම වගේ යට ඇඳුම් මේස් කණපිට/පට මාරුවෙලා.. ඇඳෙනවා. අනික්වා නම් ඉතින් අඹේනියට පෙනෙනවා යන්න කලින්..

    ReplyDelete
  26. ඇඳුම් කණපිට අඳින ඇත්තම විලාසිතාවකුත් තියනව. දවසක් බලවතාගෙ රටේ ගෑනු ළමයෙක් එහෙම ඇඳන් ආවා. මෙන්න මේ විදිහ දෙබසක් ගියේ ඒ වෙලාවෙ.

    "ටී ෂර්ට් එක කණපිට නේද ඇඳල තියෙන්නෙ?"
    "ඔව්, මං දන්නවා. හිතලමයි ඇඳන් ආවෙ"
    (එතන මං නෝන්ඩි)

    ටී ෂර්ට් ඉස්සරහ පස්ස මාරු කරල අඳින එක නම් මාත් එක පාරක් කරා. එහෙම ඇඳන් ගියේ සකුරා පාර්ටි එකකට. සභාව මැද්දෙ කෙල්ලෙක් කිව්වනෙ "මෙන්න මෙයා අනිත් පැත්තට ඇඳලා" කියල. පණයන්ඩ ලැජ්ජාවෙ මං ඒක මාරු කරන්ඩ බාත් රූම් එකට යන්ඩ හදද්දි කට්ටිය කිව්ව එතන මාරු කරන්ඩ කියල. මාත් ඉතින් එහෙම කලා. අර උඩ සිද්දියේ හිටිය ගෑනු ලමය ඒක වීඩියෝත් කලා. වීඩියෝ එක තියනව මං ගාව :)

    ReplyDelete
    Replies
    1. ඇත්තට එහෙම විලාසිතාවකුත් තියෙද.

      Delete
  27. ඕකනම් මට ඉතින් වෙලා තියනවා.. එත් කාටවත් වැඩිය ගානක් උනේ නෑ මං අඳින ස්ටයිල් එක එක්ක. කොහොමත් මම අඳින ගොඩක් ටීෂට් එහෙම කපල කොටලා දාල වගේ තියන අමුතු එව්වා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අරම ඇන්දයි කියල කාටවත් වැඩි වෙනසක් නැතුව ඇති

      Delete
  28. කණපිටනං ඇඳලා නැහැ... ඒත් නියම ලිපිය..ලිපියට එහා මුංගේ කමෙන්ට් ටික..

    ඈ බං පිණීබිඳුවෝ..උඹත් දැන් උපදෙස් ගන්නේ දෙල්අත්ත විසිරුණ එල්ලේ සමාජයෙන්ද..?

    ReplyDelete
  29. මම නම් බොහොම කල්පනාවෙන් වැඩකරන නිසා ඔහොම වෙලා නෑ.

    ReplyDelete
  30. ඔයාට කියන්න මෙයා . . . මම ජොකා අඳිනකාලෙ . . . එක දවසක් හොඳ පිට, අනිත් දවස කනපිට . . . ඔහොම දවස් හයක් අඳිනව . . . සෙනසුරාද රෑට හෝදල ඉරිද දවසම වේලනව . . .

    ඔන්න ඔහොමයි අපි කනපිට ඇන්දෙ . . . .

    ReplyDelete
    Replies
    1. සඳුදා හොඳපිට ඉස්සරහ පැත්ත
      අඟහරුවදා හොඳපිට ඉස්සරහ පස්ස
      බදාදා කණපිට ඉස්සරහ පැත්ත
      බ්‍රහස්පතින්දා කණපිට ඉස්සරහ පස්ස
      සිකුරාදා කැෂුවල් දවසනෙ. ඒක හන්ද නැතත් අවුලක් නෑ
      වීක් එන්ඩ් එක කියන්නෙ ඉතිං කොහොමත් සැහැල්ලු දවස් නෙ

      Delete
  31. මටත් ඕක අනන්ත වෙලා තියෙනවා..කලබලේ වැඩිකම නිසා තමයි ඉතින්...

    ReplyDelete
  32. වතාවක් ඉස්කෝලේ යනකොට සුදු කමීසෙ කනපිට ඇඳගෙන ගියා මට මතකයි දෙවනි පීරියඩ් එකේදී තමයි කෙල්ලෙක් කෑගහලා කීවේ මෙන්න අලුත් විදියට සඳරුවා ඉස්කෝලේ ඇවිල්ලා කියලා . අප්පා ඒක අමතක නොවන සීන් එකක්

    ReplyDelete
  33. මේ ගැන නොලියා ඉන්න එක තමා වැඩිය හොඳ. අන්තිමේ මෙයා අපේ අත්දැකීම් ලියන්න කියලා, අපි ලිව්වම...

    ReplyDelete
  34. පොඩි කාලෙනම් එහෙම වෙලාතියෙනවා....
    එහෙම්මමත් නෙමෙයි ඉස්සරහ පස්ස මාරු වෙලා.....
    බස් එකේදි නිකන් බෙල්ල හිරවෙලාවගේ දැනෙනවා.....

    ReplyDelete
  35. බවලත් උදවිය නම්, කොහොමත් ඇඳුම් ඇඳගෙන තමන්ගෙ නෙවේ වගේ තමා යන්නෙ... ;)

    ReplyDelete
  36. මටත් ඔය වැඩේ උනා නොවැ දවසක් ...... පැයකට විතර පස්සේ කඩේකට ගිහින් ඉද්දි කෙනෙක් කිව්වේ

    ReplyDelete
  37. හපොයි මටත් මේ වස ලැජ්ජාව කොච්චරක්නම් වෙලා ඇද්ද..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...