Pages

Tuesday, February 8, 2011

ආච්චිගෙ වස ලැජ්ජාව


අපේ ආච්චි වයසින් අවුරුදු අසූවකටත් වැඩියි. හැබැයි ඔන්න කතාකරන්න ගත්තොත් නම් නවත්තන්නෙ නෑ. ඇත්තටම ආච්චි ඉන්නකොට චුට්ටක් වත් පාලු නෑ. ඔහේ කියව කියව ඉන්න පුලුවන්. අපි එක්ක විතරක් නෙමෙයි. ගෙදරට එන ඕනෙ කෙනෙක්ව කතාවට අල්ලගෙන රටේ නැති වල් පල් කියවලා අර මනුස්සයව මඤ්ඤං කරවන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි පම්පෝරි, පරම්පරාවෙ පුරාජේරු අතින් දාලා කතා කියන්නත් දස්සයි.

ඔන්න අපේ ආච්චිට අපහාස කරන්න එහෙම නෙමෙයි මං හදන්නෙ ඈ. අපේ ආච්චි මෙව්ව බලන්නැති හන්දම හොඳයි. නැත්තං හිටපං කියල හොඳවැයින් ටොක්කක් තමයි.

අපේ ගෙදර ලී වැඩ වගේකට බාසුන්නැහේ කෙනෙක් ඇවිත් හිටියා. එයා එක්ක තව ගෝලයො දෙන්නෙකුත් හිටියා. මේ සිද්ධිය වෙනකොට ඒ ගෝලයො දෙන්නා විතරයි වැඩ කර කර හිටියේ.

ඔන්න ඉතින් අපේ ආච්චිත් හැරමිටිය ගගහ ඒ පැත්තට ගියා. මේ වෙද්දි මායි අපේ පුංචියි කුස්සියෙ හිටියෙ. ඔන්න අපිට ඇහිච්ච විදිහට ආච්චියි අර ගෝලයොයි අතර දෙබස.

ආච්චි: මේ ළමයි කොහෙද?

ගෝලයා: අපි අර අහවල් දිහාවෙනෙ ආච්චි

ආච්චි: අනේ ඇත්තෙයි. අපේ නෑදෑ වෙන පුතෙකුත් ඉන්නවනෙ ඒ පැත්තෙ

ගෝලයා: ඇත්තද?

ආච්චි: අර නිමල් කියන්නෙ

ගෝලයා: දන්නෑ ආච්චි

ආච්චි: අර ලොරි දෙකක් තියෙන්නෙ
(නිමල් මාමා වෙන ලොරියක වැඩ කරා මිසක් ලොරි අයිතිකාරයෙක් නෙමෙයි )

ගෝලයා: හ්ම්..

ආච්චි: අර එයැයිගෙ පුතා ඉංජිනේරු මහත්තයෙක් නෙව
(නිමල් මාමගෙ පුතා කොම්පියුටර් කෝස් එකක් කල බව ඇත්ත. ඒත් ඉංජිනේරුවෙක් නෙමේ.)

ගෝලයා: හ්ම්..

ආච්චි: අප්පේ එයැයිලට සෑහෙන්න ජයයි නෙව

ගෝලයා: අර ඔය ගෙදර ගෑණු ළමයද ත්‍රීවීල් කාරයෙක් එක්ක පැනල ගියේ.

ආච්චි: ඈ...

ඔතනින් එහාට ආච්චිගෙ සද්දයක් නෑ. අපෙ ආච්චිට කට උත්තර නෑ. පිපිරි පිපිරි කුස්සියට ආවා. මායි පුංචියි ආච්චි දිහා බලන් ඉන්නවා.

ආච්චි: නොදකින් විතරක්. පරම්පරාවෙ එකෙක් මූණෙ දැලි ගා ගත්තොත් ඇති පරම්පරාවටම හරි යන්න.

පුංචිටයි මටයි හිරකරගත්ත හිනාව බකස් ගාල පැන්නා.

ආච්චි: හිනාවෙයවු තොපිත් ඉතින්. තොපිට මොකද?

13 comments:

  1. හපොයි ඔය පරණ අයගේ හැටියක්මනේ වංශේ කබල් ගාන එක....... :D

    ReplyDelete
  2. ආච්චි කියපු දේත් ඇත්ත බලාගෙන යනකොට

    ReplyDelete
  3. ආච්චිත් මාරම වැඩ තමයි කරන්නේ !!! ආච්චිට එදා පරම්පරාව ගැන කියලා ඇති වෙන්න ඇති.

    ReplyDelete
  4. මම කැමතියි මේකට

    ReplyDelete
  5. අන්න බොලව් ආච්චිල.....

    ReplyDelete
  6. හෆොයි, රෑට කන ගමන් තමයි මේක බැළුවෙ, තව පොඩ්ඩෙන් ඉස්පොල්ලෙ ගිහිල්ල මැරෙනවා... සුපර් !

    ReplyDelete
  7. හෙහ්..හෙහ්...මසුරං. ආච්චියි, අර ගෝලයයි දෙන්නම.

    ReplyDelete
  8. ගෝලයගෙ කටේ මසුරං දාල ආච්චිගේ බෙල්ලෙ රත්තරං බඳින්න ඕනෙ. හිකිස් මරු මරු.

    ReplyDelete
  9. @ සෝරෝ - අපේ ආච්චිගෙ විනෝදාංශේ තමා ඒක.

    @ සුදු මහත්තයා - ඔව් ඉතින්. ස්තූතියි මේ පැත්තෙ ආවට.

    @ මධුරංග - අපෝ පිස්සුද අපේ ආච්චිට ඒක ගැන නම් කියල එපා වෙන්නෙ නෑ.

    @ MaRLaN - තැන්කූ තැන්කූ ..

    @ nawammawatha - කියලා වැඩක් නෑ.

    @ රත්ගමයා - රත්ගමයා ගුටි කෑමට ආසන්නය.

    @ දුමී - හප්පේ දුමී අයියත් ඇවිත්. අනේ බත් එක පැත්තකින් තියලා කියවන එකක් කියවන්න.

    @ Siribiris - ආච්චි නම් අපිට මසුරං

    @ බූරු පුතා - රත්තරන් ටික මට ගෙනත් දෙන්නකො. මම ආච්චිට ගෙනිහින් දෙන්නම් :P

    ReplyDelete
  10. හික් හික් ආච්චිලා එහෙම තමා අනේ... හලි ශෝයි වෙලාවකට

    ReplyDelete
  11. ගෝලය එල කොල්ලෙක්නෙ....

    ReplyDelete
  12. ආච්චිට අපහාසෙට කියනවා නෙමෙයි ඔහොම ලොරි ටෝක්ස් දෙන කට්ටියගෙන් ඔහොම ප්‍රශ්න අහපුවාම භූමිතෙල් ගහපු ගැරඬියා වගේ තමා ලෙස්සලා යන්නේ............

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...