Pages

Monday, May 30, 2011

තාත්තගෙ ආඩම්බරය

මේ දවස් වල අපේ තාත්තා හරිම ආඩම්බරෙන්. හේතුව කාලෙක ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ඨ කරගත්ත එකලු. ඒක තමයි එලවළු කොරටුවක් වවා ගන්න එක. තාත්තගෙ ප්‍රධාන වෘත්තිය ගොවිතැන නෙමෙයි. ඒත් ඒක තමයි එයාගෙ ප්‍රධාන විනෝදාංශය.

දැන් කාලෙක ඉඳන් තාත්තා එක එක ජාතියෙ එළවළු ඇට ගෙනත් හිටවනවා. එයා ඒවා හදන්නෙ පොලිසැක් බෑග් වල. ඒ හින්දා අපේ පළාත් වල හැදෙන්න හිතන්නෙවත් නැති එළවළු ජාති හැදෙනවා.

ඔය පහලින් තියෙන්නෙ මස් මෑ කියන ජාතිය. මෑ කරල්ම තමා ඒත් සාමාන්‍ය ඒවට වඩා ටිකක් ලොකුයි.



කොහෙන්ද මන්දන්නෑ හොයාගෙන අත්හදා බැලීම සඳහා ඩ්‍රැගන් ෆෘට් පැලේකුත් හිටවලා. තාම ගෙඩි නම් හැදුනෙ නෑ.



අසමෝදගම් කොළ සම්බෝල කාලා තියෙනවද? අපෝ අපේ ගෙදර මේ දවස් වල එපා වෙනකල්ම හදන්නෙ මේ සම්බෝලෙ තමා. මට නම් එපෝ..



අතු ගෝවා මෙන්න. ගෝවා කොළ මැල්ලුම් හදන්නෙ මේවාගෙන් තමා.



බීට් රූට් හෙවත් රතු අල. තාම චූටි පැළ. අල බැහැලා නෑ.



මේ තියෙන්නෙ කැරට් ගස්. අපේ පැති වල තියෙන අවුව සැර හින්දා කැරට් වැඩිය අල බහින්නෙ නෑ. ඒත් අඟල් තුනක් හතරක් දිගට හැදෙනවා. අපේ තාත්තා ඉතින් කැරට් කොළ වලිනුත් සම්බෝල හදනවා. ඒක නම් ඇත්තටම රසයි. ගොටුකොළ සම්බෝල රස එන්නෙ.



මේන් තක්කාලි. තාම ඉදිලා නෑ.



මේ තියෙන්නෙ බණ්ඩක්කා. ඒවාගෙ නම් කරල් හැදුනා ළඟදි. ඔය පැත්තකින් පැළ වලට සාත්තු කරන්නෙ අපේ තාත්තා ඈ..



මේ තියෙන්නෙ සලාද කොළ. පොඩ්ඩ ඇත්තන් වේලිලා මැරෙනවා. ඒත් නිතර උදේ හවා වතුර දාපුවාම ලස්සනට හැදෙනවා.



මේ තියෙන්නෙ වට්ටක්කා. මල් හැදිලා තියෙන්නෙ. චුට්ටි කාලෙකින් ගෙඩිත් හැදේවි.



මල් ගෝවා පැළ තමා මේ. තාම මල්ගෝවා හැදිලා නෑ. අපේ තාත්තගෙ මල්ගෝවා බැදුම මතකයිනෙ නේද? ඒවා හදන්න ගත්තෙත් වත්තෙ හැදිච්ච මල් ගෝවා.



ඔය පහළින් තියෙන්නෙ කංකුං. ම්... මම නම් කැමති කෑමක්. මේ පාර සෑහෙන ලොකුවට කොළ හැදුනා.


කොච්චර පරිස්සම් කරන්න හැදුවත් වඳුරන්ගෙන් තමා බේර ගන්න අමාරුම. අතට අහුවෙන හැම එකම කාලා දානවා. අයියෝ එතකොට උන් ගැන එන තරහ නම්..

ඉතින් මේ තමයි අපේ තාත්තා දුක් මහන්සියෙන් වවාගත්තු එළවළු කොරටුව. ආර්ථික ලාභයකට වඩා තාත්තා පුදුම මානසික තෘප්තියක් ලබන්නෙ මේ හින්දා.

53 comments:

  1. මට දැන් කඩේ තියෙන බෙහෙත් ගහපු එළවලු කාලා එපා වෙලා. වෙලාවක ඔයාලගේ ගෙදර එන්න හිතයි හොඳ අලුත් එළවලු වලින් බත් වේලක් කාලා යන්න. මැල්ලුම් වලට මම හරිම පෙරේතයි. තණකොල හරි කමක් නැහැ මැල්ලුම් හදනවනම් මම කනවා.... :D

    ReplyDelete
  2. පිණි බිඳු අක්කා මටත් ඔය එලවළු ටිකක් දෙන්න බැයිදෝ??

    ReplyDelete
  3. තාත්ත ගහක් වවල, පුතෙකුත් හදලනම් තව ඉතුරුව තීන්නෙ ඉතින් පොතක් ලියන එක තමා. හැබැයි පුතෙක් නැතත් හොඳ දුවෙක් ඉන්න එකත් තරඟෙට සුදුසුකමක්!

    ReplyDelete
  4. වවන්නෝ දිනන්නෝ කියලානේ කියන්නේ. ඇත්තටම තාත්තගේ වැඩේ එළම එලකිරි. ඒත් මට තියෙන ප්‍රශ්නේ තාත්තාගේ දුව මේ මොකවත් කරනවද නැත්නම් කන්න විතරද ඉන්නේ කියන එක :))

    ReplyDelete
  5. ඇත්තට ගෙවතු වගාවෙන් අතට ආදායමක් වගේම හිතටත් මානසීක සැනසීමක් ලැබෙනවා. අන්න ඒක නම් කඩෙන් සල්ලි දීලාවත් ගන්න බෑ. අපේ අප්පච්චිත් පොඩියට පොඩියට වගා කරනවා. පොලිසැක් බෑග් වල නම් නෙමෙයි. කෙලින්ම පොලොවේ ඉන්දනවා.

    අපි හිටවන්නේ බණ්ඩක්කා, බුෂිටා මෑ, රා...........බූ, ටට්ටාලි වගේ දේවල්. :) මේ දවස්වල අපේ අප්පච්චි ස්ටෝබෙරි හිටෝලා තියෙන්නේ. තාම පැල. අත්හදා බලන්න තමයි යන්නේ.

    ඩ්‍රැගන් පෘට් පැල ගැන කිව්වම තමා මතක් උනේ. අපේ අප්පච්චි වැඩ කරපු ගෙදරක ඔහොම පැළයක් තිබුනලු. අප්පච්චි මොනවද කියලා නම් දන්නේ නෑ.ගෙදර අය හෙනම ආඩම්බරෙන් කිව්වලු ඩ්‍රැගන් පෘට් කියලා. රුපියල් පන්සීයක් ද මන්දා උනාලු පැලේට. ගහත් ගොඩක් සරුවට හැදිලා ලු.
    ඒ ගෙදර කට්ටිය ඔහොම කිව්වා විතරයි අපේ අප්පච්චි හැන්දෑවේ වැඩ ඇරිලා ගෙදර එද්දි පොඩි අතු කෑල්ලක් කඩාගෙන ඇවිත් හිටවන්න කියලා. ගෙදර කට්ටිය ඉල්ලගෙන කාලා තියෙන්නේ. ගහ මොකද්ද කියලා කිව්වේ නැත්නම් ඔහොම කඩාගෙන එන්නේ නෑනේ. :)

    (අම්මෝ කමෙන්ට් කරන්නත් බයයි. මිස්ටර් රත්ගම දැක්කොත් කතාවක් හදාවි :))

    ReplyDelete
  6. තමන්ම වගා කරගෙන කන එක පසුම්බියටයි සෞඛ්‍යයටයි දෙකටම හොඳයි නේ..

    ReplyDelete
  7. අම්මප එන්නම වෙනව වෙලාවක ඔයාලැයි ගෙවල් පැත්තෙ . . . . තෙල් නොගහ හදපු එලවලු ටිකක් එක්ක බත් වේලක් කාල . . . . තාත්ත හදන ගෝව මල් බයිට් එකකින් සප්පායං වෙන්න . . . . (තාත්ත පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක මොකද්ද ??)

    ReplyDelete
  8. පිණිබිඳු අක්ක මොකෝ කියන්නෙ... ගෙවල් පැත්තෙ එන්නෙයි අළුත් එළවලු ටිකක් කාල යන්න... ;)

    ReplyDelete
  9. තමන්ගේ මහන්සියෙන්ම වගා කරපු දේක පලදාව දකින එක හිතට කොයිතරම් සතුටක්ද..

    ReplyDelete
  10. අප්පුච්චේ....ඔය හැම එලවලුවක්ම නැතත් ගොඩක් ඒව අපේ ගෙදරත් වවලා තියෙන්නේ....මම තමා ඵලදාව නෙලන්නේ...වවන්නේ තාත්තා...නෙලන්නේ පුතා :)

    ReplyDelete
  11. පොඩි එළවලු කොටුවක් වගේ නෙමේ පේන්නෙ සෑහෙන විසාල එකක් වගේ.

    ඔයාලගෙ පැත්තෙ වඳුරොත් ඉන්නවද?

    ReplyDelete
  12. අපේ අප්පච්චියි මමයි එකතු වෙලා මේ දවස් වල එළවළු පලතුරු වගා කලා. මෑකරල්, බටු, මිරිස්, බතල, තක්කාලි, තම්පලා, කහ, ඉඟුරු, නිවිතිය, දඹල, මඤ්ඤොක්ක වගේ දේවල්(ඔය කීවට ඉතින් අප්පච්චි තමා හුඟක් වැඩ කරන්නෙ, මං වැඩ බලනව :) ). දැං සමහර ජාති වල අස්වැන්න ප්‍රයෝජනයට ගන්නව. අර කීව වගේ මෙයින් ලැබෙන ආර්ථික ප්‍රථිලාභයට වඩා අපි ලබන මානසික සතුට නම් මිල කරන්න බෑ.

    ReplyDelete
  13. @රත්ගමයා :
    හික්ස්. මටත් ඒක හිතුනා.

    "උත්සහවන්තයාගේ පුතා ජය ගනී" කියලා කියන්නේ මේ වගේ වෙලාවට වෙන්න ඇති.

    ReplyDelete
  14. ඕව ගැන ප්‍රසිද්ධියේ බ්ලොග් වල දාලා .. පිණිබින්දු අක්කා කට වරද්දා ගත්තා වගේ .. අද හෙටම එලෝලු කොටුවට හොරු පනින්නත් බැරි නෑ ! .. මමත් ඉස්සර හොරෙන් එලවලු කොටුවලට පැනලා අද්දැකීම් තියන කෙනෙක් ... බාන් බඩී අද්දැකීම්ද තියනවා .

    ලස්සන පඹයෙක් හයිකරන්න අක්කේ ..එතකොට වඳුරෝ එන්නේ නෑ

    ReplyDelete
  15. @ හිස් අහස,
    හොරෙන් පැන්නෙ නිකං කොටු නෙවේ, එළවළු කොටු නේද?

    ReplyDelete
  16. @ කොට ජීවිතේ - "තණකොල හරි කමක් නැහැ මැල්ලුම් හදනවනම් මම කනවා". අනේ පාසල් අයියට හරිම ලේසි ඇති ඔයාට කන්න බොන්න දෙන්න නම්. :P ඇත්තටම වෙලාවක ඒ පැත්තෙ ආවොත් එන්නකො කෑම වේලක් කාලා යන්න.

    ReplyDelete
  17. @ කඩේ හාමිනේ - මොකෝ කඩේ තියලා විකුනන්නදෝ..

    ReplyDelete
  18. @ ඉන්දික උපශාන්ත - අපේ තාත්තට ඉතින් දූලම දෙන්නෙක් තමා. පොතක් නම් ඉතින් සූප ශාස්ත්‍ර පොතක් තමා තාත්තට ලියන්න පුලුවන්.

    ReplyDelete
  19. @ Hasitha - මම ඉතින් ප්‍රධාන වශයෙන් ඉන්නෙ කන්න තමා. ඊට අමතරව වත්තේ සිට කුස්සියට එළවළු ප්‍රවාහනයත් කරනවා. :P

    ReplyDelete
  20. @ මධුරංග - ෂා මරුනෙ. ඔයාලගෙ එලවලු වත්තත් පෙන්නනකො අපිට. ඩ්‍රැගන් ෆෘට් නම් ගෙඩි එනකල් ෂුවර් නෑ හැබැයි.

    ReplyDelete
  21. @ තාරක Dilsh@n - ඒක ඇත්ත.

    ReplyDelete
  22. @ ඕනයා - අපෝ එන්න වෙලාවක. යූ ආ ඕල්වේස් වෙල්කම්. තාත්තගෙ බ්‍රෑන්ඩ් එක නම් මම හරියටම දන්නෙ නෑ. අහලා කියන්නම්කො. හැබැයි අම්මා ළඟ පාතක හිටියොත් නම් මම බ්ලොග් ලියලත් ඉවරයි මීට පස්සෙ.

    ReplyDelete
  23. @ සාතන් - අපෝ එන්න සාතන්. හැබැයි අපේ ගෙවල්වල මිනිස්සු බය කරන්න එපා හොඳේ..

    ReplyDelete
  24. @ Dinesh - ඒක නම් ඇත්ත. ඒ සතුට සල්ලි වලින් මනින්න බෑ.

    ReplyDelete
  25. @ රත්ගමයා - මෙවන් පුතුන් ලද පියවරුන් සැබවින්ම නිවුණේම වෙයි. අනේ අම්මපා මෙහෙමත් පුත්තු.

    ReplyDelete
  26. @ Observer - වඳුරො විතරක් නෙමෙයි රිලවුත් ඉන්නවා. වඳුරො හොඳයි තව. උන් වත්තෙ පිටියෙ දෙයක් කාලා වහලෙ උළු කැටයක් දෙකක් බිඳලා ඉන්නවා. අපෝ රිලවු එක්ක බත් හැලියක් වත් තියාගන්න බෑ. ඒක පිටින් උස්සගෙන යනවා.

    ReplyDelete
  27. @ ටී.බී. හේරත් - තාත්තා වැඩ කරනකොට පුතා සුපර්වයිසර්ද?

    ReplyDelete
  28. @ නිලන්‍ත - ස්තූතියි.

    ReplyDelete
  29. @ මධුරංග - මටත් ඕක තමා හිතුනෙ.

    ReplyDelete
  30. @ හිස් අහස - අප්පේ බාන් බඩී අමතක වෙලා හිටියෙ. මම ලෙවල් 300ට කිට්ටු කරලා හිටියේ. ආයෙ යන්න ඕනෙ ඒ පැත්තෙ. හොඳ පඹයෙක්ට බැරිද ඔයාට එන්න.

    ReplyDelete
  31. @ ටී.බී. හේරත් - මෙන්න සඳරූ ඔයාට පද හදනවා මුන්.

    ReplyDelete
  32. වවන එක නම් මරු වැඩක්...ඇත්තටම භාවනාවක් වගේ වැඩක්.
    අපේ අප්පච්චිත් සෑහෙන්න වවනවා.ගෙදර ගියාම ඉතින් අපිවත් දායක කරගන්නවා වැඩවලට.....මේ කොටුව තෙත් කලාපයේ වගේ නේද පිහිටලා තියෙන්නේ....නැත්තම් කැරට් ගෝවා වගේ දේවල් හදන්න අමාරුයි.මේක දැක්කහම නම් හිතෙන්නේ තාත්තා පූර්ණකාලීනවම වවනවා වගේ කියලා....

    ReplyDelete
  33. @ ශාන්..... - අපේ ගෙවල් තෙත් කලාපෙ නෙමෙයි. වැව් බැඳි රාජ්‍යයේ තියෙන්නෙ. පොලිසැක් බෑග් වල හදන හින්දා තමා මෙහේ ඒවා හදන්න පුලුවන්. ඒත් කවුරුවත් ඇහැට දකිනකල් විශ්වාස කරන්නෙ නෑ ගෝවා කැරට් සලාද කොළ මෙහෙ හැදෙනවා කියලා.

    ReplyDelete
  34. මල් හතයි පිණි, ආසාවෙ බෑ. තුහ්.. තුහ්.. තුහ්.. [ඇස්වහ කටවහ යන්න හොඳේ....] අද හෙටම උඩ තට්‍ටුවකට යන්නයි වෙන්නෙ මටනම්. අනේ කවද එලවළු කො‍ටුවක් වවාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. ඉන්නම බැරි උනොත් වැහිපීළි දෙක තුනක පළාවත් වන්න ඕනෙ.

    ReplyDelete
  35. @හිස් අහස

    ඔය වදුරො පනිනවට කොරටුව මැද පිණිබිදු ගිහින් හිටගෙන හිටියත් ඇති මගෙ හිතේ. පඹයොම ඹ්නෙ නෑ නොවැ. හික්ස්....

    ReplyDelete
  36. @ පිණිබිඳු,
    එහෙම නෙවේ, අප්පච්චි තරම් මම කෘෂිකර්මයට දක්ෂ නෑ(කොටින්ම කීවොත් අප්පච්චිත් එක්ක හැරෙන්නවත් බෑ මට ) ඉතින් ඒ නිසා පුලුවන් වෙලාවට අප්පච්චි වැඩකරන මානයේ රැඳිල මාත් අප්පචිට උදව් වෙනව.

    @ පිණිබිඳු, හිස් අහස,
    ඔන්න මං තුන් හිතකින් වත් පදයක් හදන්න කියල හිතල නෙවේ ඒක කීවෙ, විහිළුවටම විතරයි ඕං

    @ ශාන්,
    උඩරට එළවළු වවන්න ඒ පරිසර සාධකම අවශ්‍ය නෑ, දැං එහෙනං ඔය පුත්තලමෙ ගෝව වවන්නෙ ඒ සඳහා අවශ්‍ය අර විශේෂ සාධකය තිබිල යෑ... :D

    ReplyDelete
  37. මම් ආසම අසමෝදගම් කොල කන්න.බඩේ අමාරුවලට නියම බේත.
    ඔය පැත්තෙ ගොලු බෙල්ලො එහෙම නැද්ද?අනේ මම් පොඩි පැල හිටවනව උදේ බලද්දි කාල ගිහින්.බැරිම තැන හවස් වෙද්දි භාජන වලින් වහල උදේට අරිනව.:)ඒ නිසා බිම හිටවන එක නවත්තල උර,පෝච්චිවල තමා හිටවන්නෙ.:/

    ReplyDelete
  38. එනව තමයි . . . . . මම කොහොමත් මේ අවුරුද්දෙ අන්තිමටම හිඟුරක්ගොඩටයි දෙහිඅත්තකන්ඩියටයි යන්න හිතාන ඉන්නෙ. ඒ අතරමැද හිච්චි ස්ටොප් එකක් ගහන්න පුලුවන්නෙ ඉතින්

    ReplyDelete
  39. @ nawammawatha - ඔන්න නවම් අයියා කෙළ ගහලා මගෙ පිණිබිඳු බ්ලොග් එක කෙළබිඳු කියලා නම වෙනස් කරන්න වෙයිද දන්නෙ නෑ. අලුත් ගෙදර උඩ තට්ටුවක් උනාට කමක් නෑ. හාල් බෑග් වල වවන්න පටන් ගන්න.

    ReplyDelete
  40. @ අළුත් කොල්ලා - තැන්කූ තැන්කූ..

    ReplyDelete
  41. @ දයාබර - අයියෝ ඒ වේකන්සි එක සඳරු බලෙන්ම ඉල්ල ගත්තනෙ.

    ReplyDelete
  42. @ ටී.බී. හේරත් - මටත් හිතාගන්න බෑ මේ තරම් කැපවීමෙන් මේක කොහොමද කරන්නෙ කියලා. සමහරවිට පලදාව දකින කොට ලැබෙන හිතේ හයියෙන් තමා ඊළඟ පාරත් කම්මැලි නැතුව වවන්න පුලුවන් වෙන්නෙ

    ReplyDelete
  43. @ නදී - අනේ නදී මොන හේතුවක්ද මන්දා මට අසමෝදගම් කොළ වල එන සුවඳ ඉවසන්න බෑ. ගොලුබෙල්ලො නම් එමට. අපේ තාත්තා හැමදාම රෑට ටෝච් ගහගෙන ගොලුබෙල්ලො ඇහිදින එක තමා කරන්නෙ. ළඟදි නම් කිව්වා ඒකටත් මොකද්ද බෙහෙතක් තියෙනවා කියලා.

    ReplyDelete
  44. @ ඕනයා - ආ එහෙනම් කෑම වේලක් කාලා යන්න ගෙදරට ගොඩ වෙලා යන්න එන්න හොඳේ..

    ReplyDelete
  45. @පිණිබිඳු,ටී.බී - ආහ්!ඔව් ඔව් මං මේ ළඟ දි දැක්කා එහෙම කතාවක්.මොනවා වුනත් නියම කොරටුව.....

    ReplyDelete
  46. බුදු අම්මේ රස්සව අතෑරල ලංකාවට ඇවිත් එලෝළු කොරටුවක් දාගන්න හිතුනා ඇත්තමයි . .

    මාර සන්තෝසයි නංගී . .

    තාත්තට සුභ පැතුව කියන්න . .

    අපේ තාත්තත් වගා කරනවා . .

    ඒත් එයාට ඊට වැඩිට දේශපාලන රැස්වීම් බලන්න යන එක වටින නිසා සමහරවෙලාවට ඒවා චෝර වෙනවා . .

    වෙලාවකට වියදම් කරපු සල්ලිත් අපාරාදේ . .

    ReplyDelete
  47. @ ශාන්..... - ස්තූතියි මකුළු..

    ReplyDelete
  48. @ දුකා - ඔව් අයියෙ වවනවා නම් ඉතින් ඒ වගේම කැපවීමෙන් පැළ බලාගන්නත් ඕනෙ. සෑහෙන කාලයක් වැය කරන්න වෙනවා. ලංකාවට ආවම අයියත් පටන් ගන්නකො එහෙනම් වවන්න.

    ReplyDelete
  49. මෙන්න මේවා දැක්කම තමයි මගේ හීනෙට පන එන්නේ.. ගෙවත්තක් වවාගෙන උපන්න රටේ ජීවිතේ ගෙවන්න. මං හදපු ගහක් යට මැරිලා යන්න.. කවද වෙයිද මන්දා. කොන්ක්‍රීට් වනාන්තරවල ජීවිතේ ගෙවෙනවා..

    ReplyDelete
  50. Niyama wedak..mea elawalu tika dekka ma harima sathutak denenawa

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...