දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක බඩපිස්සා වූ පොඩ්ඩාගේ ගෙවුණු ජීවිතයේ කිනම් හෝ මොහොතක් ඔබගේ මගේ ජීවිතයට සම්බන්ධ නොවෙතැයි කෙසේ කියන්නද? අසරණකම, දරිද්‍රතාවය, ධෛර්යය හා ධෛර්යය යටපත් කරගෙන නැවත නැග එන අසරණකම "ජාල" අපට කියා දෙයි.
කාලෙකට පසු මගේ සිත පිරී ඇත. ඒ හොඳ පොතක් කියවීමට ලැබුණු සතුටිනි. ජීවිතයේ ඕනෑම විටෙක අපි කැමති සුඛාන්ත වලටය. මුදුන්පත් වූ බලාපොරොත්තු සමඟ පැමිණෙන සතුටු අවසානයකටය. එහෙත් දුකද රසක් බව පොත කියවා අවසානයේ මා දැනගතිමි.
කාලෙකට පසු මගේ සිත පිරී ඇත. ඒ හොඳ පොතක් කියවීමට ලැබුණු සතුටිනි. ජීවිතයේ ඕනෑම විටෙක අපි කැමති සුඛාන්ත වලටය. මුදුන්පත් වූ බලාපොරොත්තු සමඟ පැමිණෙන සතුටු අවසානයකටය. එහෙත් දුකද රසක් බව පොත කියවා අවසානයේ මා දැනගතිමි.
උපතින් ලැබුණු අඩු කුලය නිසා සිතින් දුක් විඳින මිනිසුන් මේ නවීකරණය වූ සුපිරි සමාජ ක්‍රමය තුළ නැතැයි කවරෙකුට කිව හැකිද? ගුණවත් බව නැණවත් බව කෙතරම් තිබුණද කාලකණ්නි කුල ක්‍රමයක් නිසා බිඳුණු සිතක් ඇති ධෛර්යවන්ත ජීවිතයක් "ජාල" තුළින් අපේ හදවතට කතා කරයි. සමානාත්මතාවය ඔලුව උඩ තබාගෙන කතාකරන අද සමාජය තුළ කුල භේදය මෙතරම් අප්‍රසන්න යථාර්තයක් බව මම කිසිදිනක නොසිතුවෙමි.
ඒ අප්‍රසන්න යථාර්තය "නිමල් විජේසිරි" නම් වූ ඒ අපූර්ව මිනිසා මේ කටුක අකුරු මත ඔප්පු කර ඇත. මේ නවකතාව කතුවරයාගේ ජීවිත කතාව දැයි මා නොදනිමි. එහෙත් ඔහුගේ වචන තුළ පණ ගැහෙන්නේ කොහේ හෝ ඇති සත්‍යක් බව නම් මම දනිමි. 2006 වසරේ ඩී. ආර්. විජේවර්ධන සම්මානයෙන්ද මෙය පිදුම් ලැබුවේ ඇත්තටම මෙහි අති සාහිත්‍ය වටිනාකම නිසාමය.
පොතෙහි පෙරවදනෙහි ඇති ඔහුගේම වචන බිඳක් මා පහළ සටහන් කරමි.
"දත යුත්තක් වේ නම් කුඩා දරුවෙකු අතින් වුවද අසා දත යුතු යයි උපහැරණ කතා කියමින් තාත්තා බත්පත අතට ගෙන අනුභවයට සැරසෙත්මැ කොලු වයසටත් වඩා නුපුළුවන් දෑ පුළුවන්දැයි බලන්නට රිළා දරුවන් විදුලි කම්බියේ නොපෙරළී යන්නා සේ දොරට දමන පොල්ල අතට ගෙනැ දබරඟිලි තුඩුවෙහි සිරස් කොට තනා වෙවුල වෙවුලා සමබර කරන්නට ගත් වෙහෙස නිෂ්පල වී මා අතින් ගිලිහුණු දොර පොල්ල තාත්තාගේ බත්පත මතට වැටී මැටි තලිය සුණු විසුණු වීයැ.
කෝපයෙන් දිලිසුණු රත් වූ යවටක් වැනි ඇස් ඇති තාත්තා, "වන්නාටය, නුපුළුවන් දෑ කරන්නට වෙර ගනින් මයෙ හපනා" යි කියා අත වැකි ඉඳුල් සෝදාකුසගිනි ඉවසාගත් සැටි සිහියට නැගෙත් නැගෙත්ම අමුතු දෑ සිදුකොට හොඳ නරක අසා සිටින්නට පුරුදු වූ මට තාත්තා හැමදාමත් ආශිර්වාදයක් වූ අයුරු මතකයට නැගේ."
කෝපයෙන් දිලිසුණු රත් වූ යවටක් වැනි ඇස් ඇති තාත්තා, "වන්නාටය, නුපුළුවන් දෑ කරන්නට වෙර ගනින් මයෙ හපනා" යි කියා අත වැකි ඉඳුල් සෝදාකුසගිනි ඉවසාගත් සැටි සිහියට නැගෙත් නැගෙත්ම අමුතු දෑ සිදුකොට හොඳ නරක අසා සිටින්නට පුරුදු වූ මට තාත්තා හැමදාමත් ආශිර්වාදයක් වූ අයුරු මතකයට නැගේ."
තනිකම මකා ගන්නට කියවන්නට සිතා අතට ගත් පොත නිසා මා සිත රිදවාගෙන සිටිමි. කියවාගෙන යනවිට දහ දොලොස් වතාවකට වඩා දෙනෙත් කඳුලින් පුරවා ගතිමි. එහෙත් මිතුර, අවසන දුක ද රසක් බව මා ඉඳුරා දැනගතිමි.
ලව් කතා කියවන්න ගත්තම මටත් ඔය ටිකම තමා... ඒක නිසා මං කියවන්නේ පුංචි එව්වොන්ට ලිව්ව පරිවර්තන විතරයි...
ReplyDeleteබෝට්ටු ගෙදර ළමයි...
අරුම පුදුම ස්කෝලේ...
පෝලියානා...
හික්... න්න කතා...
ජාල කියන පොත නම් කියවලා නෑ. මේ දේවල් දැක්කම නම් කියවන්න ආස හිතුනා.
ReplyDeleteමේ පෝස්ට් එක නදී අක්කා දැක්ක නම් අදම පොත හොයාගෙන කියවයි.
පොතේ පෙරවදනෙන්ම හිතා ගන්න පුලුවන් කතුවරයාගේ ලේඛන ශෛලිය කොහොමද කියලා.
හොයාගෙන කියවලා බලන්ට ඕනේ කොහොමද කියලා
ReplyDeleteඔය වගේ පොත් කියවන්න ලැබෙන්නෙ කලාතුරකින්... අන්තිමටම ඔය කියන විදිහට හිතට වැදුන පොතක් විදිහට මතක තියෙන්නෙ මහගම සේකර මහත්තයගෙ ප්‍රබුද්ධ පොත විතරයි...
ReplyDeleteකියවලා නම් නැහැ .......... බලමු .......
ReplyDelete@ prasanna86k - මේක ලව් කතාවක් නෙමෙයි මාළු. අහු වුනොත් කියවලා බලන්නකො. ටොට්ටො චාන්ගෙ කතාව තමා ඔය සෙට් එකේ මම ආසම පොත.
ReplyDelete@ මධුරංග - පොතේ තියෙන ශෛලිය අමුතුම එකක්. ඒ රචනා ශෛලිය තමයි පොත එක හුස්මට කියවගෙන යන්න අපිට බල කරන්නෙ.
ReplyDelete@ බීටා - හොයාගෙන කියෙව්වට පාඩුවක් වෙන්නෙ නෑ.
ReplyDelete@ සාතන් - ප්‍රබුද්ධ කියන්නෙ ඇත්තටම උසස් නිර්මාණයක්. ජාල පොතේ තියෙන්නෙ ඊට වෙනස් ශෛලියක්. කියවලා බලන්නකො.
ReplyDelete@ කල්හාර දිසානායක - කියවලා බලන්නකො වෙලාවක.
ReplyDeleteඅනේ මට මේක හොයාගන කියවන්න ඕනි.ඔය වෙලාවට තමයි හිතෙන්නෙ ලයිබ්‍රි එකක් ලග ගේ තිබ්බනම් කියල :(
ReplyDeleteමමත් වෙලාවක ඇහැක් දාල බලන්නම් ඕන්
ReplyDeleteපෙරවදන හරිම ලස්සනයි.. ඉතින් කතාව කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්..
ReplyDeleteපොතක් කොච්චර ලස්සන උනත් ඒක පොතකින් එහාට ගිහින් වෙන මාධ්යකට ගියාම ඔය ඇස් වලට කඳුලු එන ගතිය නෑ නේද?
ReplyDeleteපොතක් කියවල මොකටද හිතක් රිදවගන්නෙ.
ReplyDeleteආපසු බලා කඳුළු පිරි දෙනෙතින් යුතුව පසුතැවෙන්නට සිදු වෙන ක්‍රියා නොකිරීම මැනවි.
ඉස්සරනම් හරියට පොත් කියෙවුවා ඒකට දැන් . කිසිම දේකට වෙලාවක් නැති හැටි..
ReplyDeleteමේ පොත කියවන්න මටත් ආසාවක් ඇති වුනා ඒත් කොහෙන් හියන්නද ? කොලොම්පුරේ හරි කන්ද උඩරට හරි එන්න වේවි මේ පොත හොයාගෙන
හොයාන කියවන්න නං ආසයි . . . ඒත් කෝ ඕකට වෙලාවක්. එක පොතක් කියවන්න පටං අරං තාම කියවනව . . . . මාස 4කට නං වැඩියි . ..
ReplyDeleteකියවලම බලමු....
ReplyDeleteකියවන්න ඕනෙ හොයාගෙන, ස්තූතියි පිණිබිඳු,
ReplyDelete@ නදී... - ඔයාට ඔහොම හිතෙනවා. මට නම් හැමදාම හිතෙන්නෙ අනේ මට ලයිබ්‍රි එකක රස්සාවක් හම්බුණානම් කියලා.
ReplyDelete@ යසියා - එක ඇහැක් නෙමේ ඇස් දෙකෙන්ම කියවලා බලන්නකො.
ReplyDelete@ Dinesh - කතාවත් ඒ වගේම ලස්සනයි.
ReplyDelete@ ඉන්දික උපශාන්ත - ඒ කතාවනම් ඇත්තම ඇත්ත. අකුරු වලට තරම් රූප වලට හිතක් හොලවන්න බෑ.
ReplyDelete@ ටී.බී. හේරත් - ඒත් ඒ හිත රිද්දගැනීමෙම අමුතු ගතියක් තියෙනවා. මේ වගේ පොතක් කියවලා හිත රිදුනට පසුතැවීමක් ඇතිවෙන්නෙ නැත්තෙ ඒකයි.
ReplyDelete@ හිස් අහස - ලයිබ්‍රි වල ඇතිනෙ. චුට්ටක් බලන්න.
ReplyDelete@ ඕනයා - මට නම් පොතක් අහු උනොත් නොකා නොබී ඕක කියවලාම තමා පස්ස බලන්නෙ.
ReplyDelete@ රජිත් - හොයාගෙන කියවලා බලන්නකෝ.
ReplyDelete@ Ravi - කියවලා බලන්නකෝ. මේ පැත්තෙ ආවෙ පළවෙනි පාරට නේද. සාදරෙන් පිළිගන්නවා.
ReplyDeleteස්තූතියි පිණි, මේ සති අන්තයේ සරසවියෙ කරක්ගහන්නයි හිතාන උන්නෙ.
ReplyDelete@ nawammawatha - පොත් කඩවල් වලට ගියාම අලුත් පොත් වලින් එන සුවඳට මට නම් පිස්සු හැදෙනවා.
ReplyDeleteඉතින් මේ පොත නොබලා ඉන්නේ කෙසේද . . ?
ReplyDeleteනිවාඩුව එනකම් ඉන්නේ නැතුව ගෙදර උන්දැට කියන්න ඕන තැපෑලෙන් එවන්න කියලා