දන්නවද
ඔය මල් සුන්දරයි තමයි
ඇත්තමයි
නුඹ වගේමයි..
බලාගෙනයි
සිරවී අතැඟිලි අතර
තැලී පොඩිවී
පෙති ගිලිහේවි බිමට..
පර මල් වල
කුමන අගයක්ද..
නුඹත් මට මලක්මයි
ඉතින් පරිස්සමින්..
ඔය මල් සුන්දරයි තමයි
ඇත්තමයි
නුඹ වගේමයි..
බලාගෙනයි
සිරවී අතැඟිලි අතර
තැලී පොඩිවී
පෙති ගිලිහේවි බිමට..
පර මල් වල
කුමන අගයක්ද..
නුඹත් මට මලක්මයි
ඉතින් පරිස්සමින්..
ලස්සන සිතුවිල්ලක්. හරියට අම්මා කෙනෙක් තරුණ වයසේ දුවකට අවවාද දීමක් කියලයි මට හිතෙන්නේ. මම හරිද පිණිබිදු ?
ReplyDeleteදුවෙකුට අම්මා කෙනෙක් නැති උනාම ඔය වගේ අවවාද දෙන්න වෙන කවුරුවත්ම නෑ. මගේ යෙහෙලියකගේත් අම්මා නැති උනා. එයාට මාරම දුකයි. දැන් අම්මා නැති වෙලා අවුරුද්දකටත් කිට්ටුයි. තාම ශොක් එකෙන් ඉන්නේ.
පරිස්සමින්.. Lokaya sankeernai godak
ReplyDeleteලස්සන කවි සිතුවිල්ල.........ලොකු දෙයක් ලස්සනට පද වැල්වල්ට හරවලා
ReplyDelete"බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ, බාලිකා ලොව මැලවුනු දා මුලු ලොවටම රෑ වෙනවා..."
ReplyDelete@ මධුරංග - ඒක නම් ඇත්තම ඇත්ත. දුවට මවක මිස වෙන කවුද?
ReplyDelete@ Helping To People - සංකීර්ණ ලෝකයේ සරලව ජීවත් වෙන්න පුලුවන්නම්..
ReplyDelete@ බීටා - ස්තූතියි බීටා.
ReplyDelete@ ටී.බී. හේරත් - විසිරුණු පෙති යලි මලක් නොවේ
ReplyDelete@ පිණිබිඳු,
ReplyDeleteඇත්තමයි මටත් මුලින් හිතුනෙ ඔය ගීත ඛ්ණ්ඩය දාන්න, ඒත් මට හිතුන ඒක ටිකක් රළු වැඩී වගේ කියල. ඒ නිසා ඊට වඩා මෘදු වූ මේ ගීත ඛ්ණ්ඩය දැම්ම...
නුඹ මලකි..
ReplyDeleteලස්සනම...
නොරෑවටෙන්...
බබරුන්ට..
උන් ඒවි රොන් ගන්න...
රොන් අරන් පැන යන්න..
http://wenasak.blogspot.com/2011/02/blog-post_23.html
@ MaRLaN - හප්පා මෙන්න මෙයා කාලෙකින් ඇවිත්. මේ ගුටි කන්නැතුව ආයෙත් බ්ලොග් එක ලියනවද මලේ.
ReplyDelete@ MaRLaN,
ReplyDelete"මල් නොතලා මල් පැණි බොන ඹමරුන් වේ නම්, ඒ ඹමරුන් මල් යායට මල් වැහි අන්දම්..."
ඇත්ත තමයි.අද පත්තරයක් ගත්තම තියෙන දේවල් දැකලා සසර කල කිරෙනවා...........:SAD
ReplyDelete(එතකොට තමයි හිතෙන්නේ ලෝක විනාසෙ අද හෙටම වෙයි කියලා)
@ටී.බී. හේරත්-"බාලිකා ලොව මැලවුනු දා මුලු ලොවටම රෑ වෙනවා..." <----->සුවර්ද?,කොල්ලත් මලෝගෙන වගේ.......හික්ස්
ReplyDelete@ rajith,
ReplyDeleteසින්දුව තව පාරක් හොඳට අහන්නකො...
@ටී.බී. හේරත්- අසමින් සිටී......
ReplyDeleteඅපොයි නෑ අක්කෝ මන් හැමදාම වගේ එනවා... ලියන එක නැවැත්තුවට කියවන එක නවත්තලා නෑ....
ReplyDeleteලස්සනම ලස්සන... කවියක් අක්කේ .. කියන්න අමාරු වචන ගනනාවක් එකට ගුලි කරලා හදාපු මේ කවි පොඩ්ඩට මම නම් හදවතින්ම ලයික්
ReplyDeleteකියෙව්වා ලස්සනය්.
ReplyDeleteලස්සනයි පිණිබිදු.. ගොඩාක් ලිකු දෙයක් කවි පෙලකට එකතු කරලා..
ReplyDeleteකියවනකොට මටත් එක පාරට හිතට ආවේ.."විසිරුනු මල් පෙති" සින්ඩුව.
ReplyDeleteබඹරුන් පසු පස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදො.....
ලස්සනයි අක්කෙ...!!!
ලස්සනයි අක්කේ..වටින අදහසක්...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ rajith - ඒක නම් ඇත්ත.
ReplyDelete@ හිස් අහස - හුඟාක් ස්තූතියි සඳරූ. මාත් සෑහෙන්න හැඟීමකින් ලියපු කවියක්.
ReplyDelete@ Observer- තැන්කූ තැන්කූ..
ReplyDelete@ Dinesh - ස්තූතියි දිනේෂ්
ReplyDelete@ පිසාචයා - ඒ සින්දුව නම් මාර අදහසක් තියෙන එකක්. ඒ සින්දුවට මාත් ආසයි.
ReplyDelete@ නිම්ශා - ස්තූතියි නිම්ශා නංගෝ..
ReplyDeleteබොහොම අගෙයි !
ReplyDeleteනියමයි අක්කේ... මරු
ReplyDeleteකියන්න වචන නැත . . . ලස්සනයි
ReplyDelete@ nawammawatha, prasanna86k, ඕනයා -
ReplyDeleteහුඟාක් ස්තූතියි කට්ටියටම.
ඔයාට ලස්සනට නිසදැස් ලියන්න පුලුවන්
ReplyDeleteබොහොමත්ම අපූරුයි!!!
ReplyDeleteලස්සනයි මේ කවිය:)
ReplyDeleteදන්නවද
ReplyDeleteසමහර ලස්සන මල් වල
නටුවෙ කටුත් තිබේ
අත තුවාල කර නොගන්න දෝනී
anee harima lassana kawiyak...
ReplyDeleteOya harima lassanata liyala thiyanawa
Matath innawa chuuti duu kenek..
Eya matath malak...