Pages

Wednesday, June 29, 2011

ඉස්කෝලෙ ෆන්





හුඟක් කලකට කලින් - අතින් ගිලිහිලා ගිය

කෙලිලොල්ම මතකයක - නටඹුන්ව අතීතය

තියේ තාමත් හිතේ - පන්ති කාමර අතර


ඇස් වලින් කඳුළු පැන - බේරිලා ගලන තුරු

අපි හිනා වෙච්ච හැටි

එකම බත් පත කන්න - එකට පොරකාපු හැටි

පුංචි බොරුවක් කියල - පන්ති කට් කරපු හැටි

නෙත් ඉවුරු උතුරලා - මතක ගඟ ගලන හැටි

එක එකා හිඟා කෑ - සල්ලි එක්කහු කරලා
පුංචි බනිසක් අරන් - විසි දෙනෙක් අත තියලා
මදි පාඩුවට වතුර - ටැප් එකෙන් ගෙන බීලා
සතුටු උනු හැටි තියේ - හිත් කොණක හැංගීලා

එකෙක් වරදක් කළත් - දණ ගැසුවෙ පන්තියම
මොන වැරැද්දක් කරත් - කණ පිරෙන්නට බැනුම්
ඇහුවෙ අපි නම් එකට
ඩෙස් එකේ බෙර හඬට - සින්දු කිව්වේ එකට
බොරු වැරදි හදාගෙන - එක ගොඩේ රණ්ඩු වී
දඟ කලෙත් අපි එකට

සුදු බිත්ති පිරෙනකල් - කුරුටු ගී ලීව හැටි
කණ් දෙකම පිරෙනකල් - කෑ ගහල මැරුණු හැටි
දයාබර මිතුදමින් - ජීවිතය පිරුණු හැටි
කොහොමවත් මතකයෙන් - මැකීලා නොයන හැටි

ගෙවී ගිය අතීතෙන් - අපි අපෙන් වෙන් උනා
දඟ කරපු හෝල් එක - අපි නැතුව හිස් උනා
අපේ කටහඬ නැතුව - හැමදේම ගොලු උනා
හිතන්නත් බැරි තරම් - අපි හුඟක් දුර ගියා

ඒ උනත් යාළුවේ - කාලයට දුක හිතී
ආයෙමත් හැරුණොතින් - ඒ වගේ හිනාවෙමු
උඩ පැනල දඟ කරල - හොඳ බැනුම් අහ ගනිමු
එකට බත් පත කාලා - සින්දු කියලා නටමු

ඇත්තමයි මගෙ හිතට - උඹල ළඟ නැති අඩුව
කියන්නත් බැරි තරම් - හුඟක් මට දැනෙනවා
අතින් ගිලිහුණු නමුත් - ආදරෙන් තුරුළු කර
අතීතයෙ සුවඳ මම - හදවතින් විඳිනවා

43 comments:

  1. aththa thama akke..sahathika aththa..me dewalnam kawadawath amathaka wenne na..me anthima awrudda mage iskole kaleth..yaluwanwa dala yana eka gananam godak dukayi..:(

    ReplyDelete
  2. කොය් තරං සුන්දර කාලයක්ද?

    ReplyDelete
  3. අපෝ ඉස්කොලෙ කාලෙ නම් මතක් කරන්න එපා... කරපු තරමක් කරල තියෙන්නෙ මෝඩ මීහරක් වැඩ... ;)

    ReplyDelete
  4. ජිවිතේ අයෙ කවදාවත්ම එන්නේ නැති ලස්සනම කාලය....

    ReplyDelete
  5. මතක් කරන්න එපා අෆ්ෆා ඕවා දුකේ බෑ......

    ReplyDelete
  6. සාමල අමරල පොත් තුල තව ඇත . . .
    එන එන අය හා යාලුවෙතේ . . . .

    ReplyDelete
  7. හ්ම්ම් මට මතක් වෙන්නේ දම්මි සුගත්ට වෙරළු දීපුහැටි..

    Gimhani...

    ReplyDelete
  8. කොච්චර ලස්සන උනත් මමනම් කැමති නෑ ආයෙම ඒ කලෙට යන්න.

    ReplyDelete
  9. කොච්චර නිදහස් කාලයක්ද?කිසිම බරක්පතලක් නෑ,ඒ කාලේ.දැන් ඒකට.

    ReplyDelete
  10. අපේ නදී අක්කා කිව්වත් වගේ ඒකාලේ හරිම සුන්දරයි. කිසිම බරක් පතලක් නෑ. ඔහේ ජීවත් වෙනවා. ඒකට දැන්. රස්සාවක් කරන්න ඕනේ. ගෙදෙට්ට සලකන්න ඕනේ.

    තව ඉස්සරහට තව තව දේවල්. ඒ නිසා මේ ජීවිතය ඒ කාලේ වගේ සරල නෑ. එන්න එන්න සංකීර්ණ වෙනවා.

    ආයෙම ස්කෝලේ කාලයට යන්න තියෙනවනම් මම එක පයින්ම යනවා. ඒ තරමටම ඒ කාලේ සුන්දරයි.

    ප.ලි. - මටත් මගේ ඉස්කෝලේ කාලේ කරපු දේවල් ටිකක් මතක් උනා. දැන්ම නම් ලියනේ නෑ. එතකොට පිණිබිඳුවා කියයි එයා ලියපු හන්දා මාත් කොප්ප ගහලා ලිව්වා කියලා. :)

    ReplyDelete
  11. ඇත්තමයි මේ කවි ටිකට
    ගියා මමත් මගේ අතිතෙට
    තප්පර 2ක 3ක් එහි රැදි ඉද
    පියවි ලොවට ආවෙමි දුක තුරුළු කොට... :(

    ReplyDelete
  12. හරිම ලස්සනයි අක්කේ කවි ටික.. අපිව හිතින් ආයෙමත් ඒ කාලෙට අරන් ගියා...

    ReplyDelete
  13. ජීවිතේ සුන්දරම කාලය.............!!!

    ReplyDelete
  14. ඒ මටකයට අයි යන්න ඇත්නම්...

    මන් ලගදි පටන් ගත්තේ ඇවිත් යන්න ඒ පැත්තේ

    http://ksithijaya.blogspot.com/

    ReplyDelete
  15. ohhhhhhhhhhhhh!!!!!!!!!!! life eke pattama kale... ehema kiwwata tama set ekama innawa ...heheeeee

    ReplyDelete
  16. පරණ මතකයන් අලුත් කරා ........

    ReplyDelete
  17. දැන් ඉතින් ඔයා උපාධිදාරිනියක් නේද ? දැන් ඉතින් අපිව පේන එකක් නෑ නේද ?

    ReplyDelete
  18. "ආයේ ආයෙ ආයෙ ආයේ යන්න බෑ
    ආයේ ආයෙ ආයෙ ආයේ එන්නෙ නෑ
    කාලෙ කාලේ ඉස්කෝලේ..."

    ReplyDelete
  19. දුකත් හිතෙනවා අක්කේ. එකට හිටිය 120න්ම දැනට කතා බහ කරන්න හරි ඉන්නේ තුන් දෙනයි. හැමදාම උදේට රින්ග් කට් තුනක් වරදින්නේ නෑ.

    අපි හිතාගෙන ඉන්න ඊළඟ පෝයට සෙට් වෙන්න. බොන්න නෙමේ. ටිකක් කතා කරන්න. දැන් අවුරුදු 6ක් විතර වෙනවා අපි ඇත් වෙලා.

    ReplyDelete
  20. @ දිලීප - ඉස්සර නම් ඉස්කෝලෙ යන්නෙ බෑ කිය කිය. ඒත් ඉස්කෝලෙ අන්තිම කාලෙදි පුදුම ලෝබ කමක් දැනෙන්නෙ.

    ReplyDelete
  21. @ Observer - ඒක ඇත්ත. වගකීම් නැති සුන්දර කාලයක්.

    ReplyDelete
  22. @ සාතන් - ඒ මොනාද අප්පා අපිටත් කිව්වානම්.

    ReplyDelete
  23. @ ADK කොලුවා - ඒක නම් ඇත්ත.

    ReplyDelete
  24. @ පූසා - මතක් වෙනකොටත් නෙත් කෙවෙණි බොඳ වෙලා යයි...

    ReplyDelete
  25. @ ඕනයා - යාලුවො අද නැත වෙන අය එහි ඇත

    ReplyDelete
  26. @ Gimhani - හපොයි මම එහෙම දෙයක් නෙමෙයි ලිව්වෙ බොල.....

    ReplyDelete
  27. @ nawammawatha - මට මතකයි නවම් අයියා ඒ ගැන ලියලා තියෙනවා නේ..

    ReplyDelete
  28. @ නදී - වගකීම් පවුරු නැති ඉස්කෝලෙ කාලෙ.

    ReplyDelete
  29. @ මධුරංග - පස්සෙ ලිවුවත් මම කියන්නෙ ඉතින් කොප්ප ගැහුවා කියලා තමා. මම දැන් දන්නවනෙ.

    ReplyDelete
  30. @ චතුමිතු - දුකයි තමා ඒත් අපි ඉස්සරහට යන්න ඕනෙනෙ.

    ReplyDelete
  31. @ Dinesh - ආයෙ ඉතින් ඒ කාලෙට යන්න වෙන්නෙ හිතින් තමා.

    ReplyDelete
  32. @ blog gadol - මගෙත් එහෙමයි.

    ReplyDelete
  33. @ ක්ෂිතිජය - අපිත් එන්නම්කො ඒ පැත්තෙ.

    ReplyDelete
  34. @ bingo - සෙට් එකම තාම ඉන්නවනම් හොඳයි.

    ReplyDelete
  35. @ පන්සල් හංදිය - ජීවිතේ වසන්තය නේද?

    ReplyDelete
  36. @ හිස් අහස - ඇයි බං එහෙම උනාම ඇස් පේන්නෙ නැතුව යනවද? හික්ස්.

    ReplyDelete
  37. @ ටී.බී. හේරත් - ඇත්ත ඇත්ත.

    ReplyDelete
  38. @ prasanna86k - අපෙත් ආදි ශිෂ්‍ය සංගමයක් පටන් ගත්තා. පළවෙනි පාර නං කට කපල සෙනඟ. දෙවෙනි පාර එකෙන් බාගයක් වත් නෑ. තුන් වෙනි පාරක් තියන්න කට්ටිය හොයාගන්නවත් නෑ.

    ReplyDelete
  39. @පිණිබිඳු... :
    ඔව් ඉතින් කොයි කාලෙද ඉස්කෝලේ ගිහින් ඉවර උනේ !!!

    ReplyDelete
  40. ඇස් දෙකට කඳුලක් දෙන්න අක්කගේ කවි පෙල සමත් උනා..ජිවිතේ කවමදාකවත් අමතක කරන්න බැරි මතකයක්..අයෙමත් එ ලොකේට යන්න පුලුවන් නම්..

    ReplyDelete
  41. @ මධුරංග - එහෙම හිතද්දි අපි සෑහෙන්න වයසයි නේද.. හික්ස්

    ReplyDelete
  42. @ නිම්ශා - ඒ සැහැල්ලුව ෆන් එක නම් ආයෙ එන්නෙ නෑ..

    ReplyDelete
  43. ඒ ලස්සන පාසල් කාලේ අන්තිම අවුරුදු දෙක හමාර ගෙවමින් තමා මම ඉන්නේ...............
    කවදා හරි ඉස්කෝලේ කාලේ මතක් වෙද්දී මටත් දුකහිතෙයි අය ඒ වගේ කාලයක් කොහෙන්ද කියලා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...