Pages

Tuesday, July 19, 2011

ඔන්න ඕකිට ඇහැරවනවා....


මම කොළඹ බෝඩ් වෙලා හිටියට මගේ ගම දුර... කියලා දන්නවනේ. ඉතින් ගෙදර යැවෙන්නෙ කොහොමත් මාසෙකට සැරයයි.

කැම්පස් එකේ ඉගෙන ගත්තු කාලෙ නම් මගේ පළාතෙන් ආපු තව ගෑණු ළමයෙක් හිටියා ඉන්දු කියලා. එයා එක්ක තමා මම ගෙදර යන්නෙ.

තව කල් යනකොට අර අරයත් තනියට එනවා. ඇරලවන්න. හරියට ඉතින් මෙච්චර දවසක් අපි තනියෙන් ගියේ නෑ වගේ. හික්ස්. ඔහොම ඔහොම ගමේ යනකොට දැන් මායි ඉන්දුටයි අමතරව සජිතුත් ඉන්නවා.

ඉන්දුගෙ වැඩේම බස් එකට නැග්ග වෙලේ ඉඳලා නිදාගන්න එක තමා. කොච්චර චාටර් සිද්ධි වෙලා ඇත්ද ඕකිගෙ නින්ද නිසා.


ඔන්න එක දවසක් ගමේ යන්න කියලා අපි තුන්දෙනා කොටුවෙන් බස් එකට නැග්ගා. ඉන්දු අපේ සීට් එකට ඉස්සරහ සීට් එකේ ජනේලෙ අයිනෙ වාඩි උනේ.

ටික වෙලාවකින් කොල්ලෙක් ඇවිත් ඉන්දුගෙ එහා පැත්තෙන් වාඩි උනා. ටික දුරක් යද්දි අර කොල්ලා නිදි. අපිට පේනවා ඒකා ටික ටික ඉන්දුගෙ පැත්තට වැටෙන්න හදනවා. අරකිට තද වෙලා තල්ලු කරනවා, ඔරවනවා, දත්මිටි කනවා එක විකාරයයි.

ටික වෙලාවකින් අරූ ඉන්දුගෙ ඇඟටම කඩාගෙන වැටෙනවා. ඌව තල්ලු කරාට වැඩක් නෑ. ආයෙමත් එහෙමයි. අපිටත් අප්සෙට්.

ඉන්දු සෑහෙන්න අසරණ බැල්මකින් අපි දිහා බැලුවා. මාත් ඊට නොදෙවෙනි බැල්මකින් සජිත් දිහා බැලුවා.


සජිත් මුන් එක්ක ආපු ගොන්කම කියන බැල්මකින්දෝ මගෙ දිහා බලලා අර කොල්ලට තට්ටුවක් දැම්මා.

"මචං උඹ උඹේ පැත්තෙන් හිටපන්. නිදාගත්තට කමක් නෑ. අනිත් උන්ට වාතයක් වෙන්න එපා."

කොල්ලා මොනාදෝ කුටු කුටු ගාලා කියලා සූටි බබා වගේ පිළිවෙලකට නිදාගත්තා. ආයෙ වංගුවකදි වත් අරකිගෙ පැත්තට ඇල වෙන්නෙ නෑ.

අපි හිතුවා දැන් ඉන්දුට නිදහසේ යන්න පුලුවන්නෙ කියලා.

එතකොට තමා විලිලැජ්ජාවෙ පොළව පලාගෙන යන දර්ශනේ දැක්කෙ. ඉන්දු හොඳටම නිදි. නිදි විතරක් නම් කමක් නෑ අරූගෙ උරහිසේ ඔලුව තියාගෙන.


කොහෙද නිදාගන්න ගියාම අරකිට මෙලෝ සිහියක් තියෙනවද. අරූ අපිට දෙකොනින් හිනා වෙන්න ඇති. දැන් ඉතින් රෙද්දක් ඇඳගෙන අර කොල්ලගෙ මූණ බලන්න පුලුවන්ද. සජිත්ගෙ මූණ අබ පිපිරෙන සයිස් එකේ.

"මේ අන්න අරකිට ඇහැරවනවා.."
"ආයෙ කියනවකො මට යාලුවො බේරගන්න කියලා.."

ඔක්කොම ආඩපාලි මට තමා. අරකිට කෙනිත්තුවත් ඇහැරෙන්නෙ නැති සයිස්.

මොනා කරන්නද. අපි ඉස්සරහ සීට් එකේ උන් අඳුරන්නෙ නෑ වගේ ගමනෙ ඉතුරු ටික ගියා.

72 comments:

  1. හූ... හූ.... පව් අර අසරණය...

    ReplyDelete
  2. අෆොයි පවු සජිත් අයියා

    ReplyDelete
  3. හික් හික් මරු කතාව. ඉතින් අර කොල්ල බැන්නෙ නැද්ද ඉන්දුට ඇගේ හැප්පෙනව කියල :ඩී

    ReplyDelete
  4. "හරියට ඉතින් මෙච්චර දවසක් අපි තනියෙන් ගියේ නෑ වගේ. හික්ස්."

    මොනවද අක්කෙ මේ බොරු කතන්දර? ඔහොම කිව්වට නෑවිත් හිටියොත් බලන්න පුලුවන් රඟේ.

    බස් වල යනකොට ඔය ප්‍රශ්නෙ ගොඩක් වෙනව. කවුරු හරි නින්ද ගිහින් තමන්ගෙ පැත්තට ඇල වුනාම මිනිස්සු හැසිරෙන්නෙ නිකන් තමන්ට නින්ද යන්නෙ නෑ වගේ. ඒ වෙලාවට අනිත් කෙනා අපහසු තාවයට පත් වෙනව තමයි, ඒත් ඉතින් හිතල කරන දෙයක්යැ. මම නම් පුලුවන් නම් ශේප් එකේ එහාට කරනව, නැත්තන් කාගෙන ඉන්නව මොනවත් කියන්නෙ නෑ. මටත් එක පාරක් කොල්ලෙක් මොනවද කිව්ව උගේ පැත්තට ඇල වෙලා. කිව්වෙ මොනවද කියල නම් සිහියක් තිබුනෙ නෑ, නිදි විකාරෙනෙ හිටියෙ. :D

    ReplyDelete
  5. "ඉන්දු සෑහෙන්න අසරණ බැල්මකින් අපි දිහා බැලුවා"
    'අනේ මුගෙන් තියන කරදරයක්! මට හරි හමං විදියට නිදියන්න වත් නෑ නෙ' කියළ හිතලද දන්නෙ නෑ එහෙම බැලුවෙ..
    ඉන්දුට කොල්ලෙක් නැත්ද අක්කේ? හැබැයි අර කොල්ලව සෙට් කරලා දෙන්නයි තිබ්බෙ. නියමෙට ගැලපෙන කපල් එකනේ.. හික් හික්..

    ReplyDelete
  6. මට මැවිලා පේනවා..... අන්තිමට දෙන්නම නිදාගෙන කොල්ලගේ උරහිසේ කෙල්ල ඔළුව තියාගෙන කොල්ලත් කෙල්ලගේ පැත්තට නැමිලා දෙන්නා බස් එකේ යන හැටි :D

    ReplyDelete
  7. හෆොයි....විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...

    ReplyDelete
  8. හික් හික් හික්!!! කාලෙකට පස්සෙ නියමෙට හිනා වුණා. අපේ මාලුකට්ටාත් එක දවසක් තව පොඩ්ඩෙන් හොඳට කනවා ගෑනු ළමයෙක්ගෙන්. පොර නිදාගත්තම බඹරෙ වගේ කැරකෙනවා.

    ReplyDelete
  9. ඕක නම් එච්චර සීන් එකක් නෙවේ මම දන්නා අන්කල් කෙනෙක් මහා පාන්දර බස් එකේ හෙන හයියෙන් බෙරිහන් දුන්න හීනෙන් බයවෙලා. පාන්දර 4 විතර. ඒ වෙලාවේ බස් එකේ ඔක්කොම කොහොම වෙතත් වැඩි හරියක් බුදි. සද්දේ කොච්චරද කිව්වොත් එහාපැත්තෙ හිටපු එකා පනින්නේ ජනේලෙන් තව පොඩ්ඩෙන්. ඉතුරු ඔක්කොම උන් හරියට බස් එකේ බෝම්බයක් තිබ්බ සයිස් එකට අන්දුන්කුන්දුන් උනේ.

    ReplyDelete
  10. හී හී...ලැජ්ජාවේ බෑ..

    ReplyDelete
  11. හික්..හික්..විලි ලැජ්ජා හතයිනේ අප්පා...

    ReplyDelete
  12. මරු සීන් එකක් නේ. හොද වැඩේ යාලුවාව බේරගන්න ගිය එකට. මමත් දවසක් බස් එකේ යනකොට ඔහොම කෙල්ලෙක් මගේ කර උඩ නිදි. මාත් මට මොකෝ කියලා ඉන්න ඇරලා හිටියා. අහැරවන එක පව් නේ.හික්ස්.. :)

    වස ලැජ්ජාවයි නේ !!!!
    සජිත් කියන්නේ ඔයාගේ වෙන්ඩ මහත්තයා වෙන්ඩෑ.

    ReplyDelete
  13. @ සාතන් - හික්ස්. අසරණයා කිව්වෙ ඉන්දුද අර කොල්ලද නැත්තන් සජිත්ද?

    ReplyDelete
  14. @ පිස්සු පුසා - ලැජ්ජාවෙ පණ ගියා.

    ReplyDelete
  15. @ ශානු - මොනා උනත් එයත් පවු අප්පා..

    ReplyDelete
  16. @ ගලායන ජීවිතය - මොන පිස්සුද උන් දෙන්නා ආතල් එකේ නිදාගෙන ගියා.

    ReplyDelete
  17. @ Kasun - දැන් නම් ඇත්තට තනියම යන්න පුරුදු නෑ වගේ. බස් වල නින්ද ගිහින් වෙන චාටර් සීන් නම් අනන්තයි නේද

    ReplyDelete
  18. @ ආගන්තුකයා - ඇත්තට එහෙම හිතලද දන්නෑ බැලුවෙ. අප්පේ ඉන්දුට කොල්ලෙක් ඉන්නවා. ඕවා සෙට් කරන්න ගිහින් ගුටි කන්න තමා වෙන්නෙ.

    ReplyDelete
  19. @ පූසා - ඔය පින්තූරෙ තියෙන්නෙ. අන්න ඒ විදිහට තමා උන් දෙන්නා ගියේ.

    ReplyDelete
  20. @ ADK කොලුවා - කියලා වැඩක් නෑ.

    ReplyDelete
  21. @ blog gadol - ඒ කතාවත් ඉක්මනට දාන්නකො එහෙනම්.

    ReplyDelete
  22. @ ක්සැන්ඩර් | Xander - අම්මෝ මැරෙන්න හිනා ඒ කමෙන්ට් එක කියවලා. බස් එකේ උන්ට හෙණ ගැහුව වගේ තියෙන්න ඇති.

    ReplyDelete
  23. @ ප්‍රාර්ථනා - හතර විලි ලැජ්ජාවයි.

    ReplyDelete
  24. @ අසනි - ඒකනෙ ඊට පස්සෙ අපි අරකිව අඳුරන්නෙ නෑ වගේ හිටියෙ.

    ReplyDelete
  25. @ මධුරංග - ඇත්තට එහෙම නිදා ගත්තම ඇහැරවන්න පව් නේද. අනේ මේ කොල්ලො නම්... සජිත් කියන්නෙ වෙන්ඩ මහත්තයා තමා. මූණු පොතේ තියෙන්නෙ එයාගෙ දෙවෙනි නම. ඔයා දන්නවනෙ එයාව නේද.

    ReplyDelete
  26. අසරණය කිව්වෙ ඔබතුමීගේ වෙන්ඩ මහත්තය... පව් අප්ප... අහක ඉඳන් ටිංකිරි කාල...

    ReplyDelete
  27. අනේ අයියෝ ඉස්සර ඉස්කොලේ යන කාලේ කොල්ලෙක්ට ෆෝන් එකෙන් විතරක් කරපු පුංචිම පුංචි ආදර කතාවක් තිබ්බා.හැබැයි ඕක ටිකක් විතර බයිටට කරපු ලව් එකක්....කොල්ලා කෙල්ලව දැකලා නැ කවදාවත්ම හැබැයි කෙල්ල කොල්ලව හොදට දන්නවා උදේ හවස දකිනවා එක බස් එකේ යන්නේ එන්නේ.කොල්ලා දන්නේ කෙල්ලගේ නම යි ෆෝන් නම්බර් එකයි විතරයි.කොහොම හරි දවසක් හවසකෙල්ල බස් එකෙන් බහින්න ලැස්ති වෙලා බස් එකේ]අන්තිම සීට් එක දිහා බැලුවාම අර කොල්ලා බස් එකේ අන්තිම සීට් එකේ අයිනට වෙන්න ගොරවා ගොරවා නිදි.යකෝ මු අද බහින්නේ නැතුවම නිදි කොහොමද මුව නැගිට්ට වන්නේ කියලා මොනවා වුනත් එතින් බයිටට හරි කොල්ලනේ.කලබල වුන පාර මම ගත්තා කෝල් එකක්.මේ බැරිම තැන කතා කරලා බහින්නේ නැද්ද කියලා ඇහුවා.ඉතින් එය නැගිටලා බැස්සා කියමුකෝ ඉතුරු ටික ගැන කියන්න දේයක් නැනේ හොර වැඩ අතේ මාට්ටු.....

    ReplyDelete
  28. පට්ටම පට්ට සීන් එක...... හික් හික්.... අපෝ දැන් ඉන්න කෙල්ලන්ට බ්‍රෙක් නෑ.. මුං හොරටමනේ නිදාගන්නේ.... ඇගේ නගින්නේ... කෝල්ලෝත් නැතිවම නෙවේ ඉතිං....

    ReplyDelete
  29. දන්නවා දන්නවා.මොකද අපි පිණිබිඳු ගැන නොදන්නේ. අපි යාලුවෝනේ :)

    එහෙම අයව ඇහැරන්න හොද නෑ. නිදා ගන්නේ මහන්සියටනේ.

    ReplyDelete
  30. කොල්ලට තිබ්බේ අනික් පැත්ත හැරිලා කියනන්, උඹ මොකො මට විතරක් කියන්නේ එයාටත් කියපන්කෝ කියලා. ඌත් ආතල් එකේ යනන් ඇති :-D

    ReplyDelete
  31. අපෝ... අපේ පවුලම බස් වල නිදා ගන්න නම් දරාපු උදවිය..... අපේ තාත්තා බස් එකේ හොඳට නිදා ගන්නවා, ඒ විතරක් නම් මදැයි හයියෙන් ගොරවනවත් එක්ක ,අපේ අම්ම නං ඒ වෙලාවට එයාව අඳුරන්නෙ නෑ වගේ ඉන්නවලු... අනිත් එකා අපෙ ලොකු මලයා සාමාන්‍යයෙන් මාසෙට දවස් දෙක තුනක්වත් අනිවා රෑ 11 ට විතර කෝල් එකක් දෙනවා අයියෙ මම කලුතර බෝධිය ලඟ ඉන්නෙ එනවකො මාව අරන් යන්න කියල... ඉතිං පලකො වාද්දුවෙ ඉඳල කලුතරට, දවස් දෙක තුනක්ම ගාලු ගිහිල්ල පස්සෙන්ද උදේ තමා මෑන් ආවෙ.... අනිත් එකා මම ,කොටුවෙන් නැගල ගෝල් ෆේස් එක පහුවෙන කොට මම නිදි...දවසක් මම කොටුවෙන් නැගල වාඩි වුනා ජනේලෙ පැත්තෙ, කෙල්ලෙකුත් ඇවිත් වාඩිවුනා එහා පැත්තෙ.. මම මගේ සුපුරුදු නින්ද පටන්ගත්ත ඉතිං.. ඇස් දෙක ඇරගෙන ඉන්නම බෑ නෙ. ඔහොම යනකොට මට ඇහැරුනා වැල්ලවත්තෙදි වගේ, අර කෙල්ලත් නිදි.. මමත් ආයෙ නිදාගත්ත. ආයෙ කටුබැද්ද හරියෙදි විතර ඇහැරුනා... හත්වලාමයි..... අර කෙල්ල මගෙ උරහිසට ඔලුව තියාගෙන නිදි.... ඒ විතරක් නම් මදැයි..... හීනියට කෙල පාරකුත් පෙරනව මගෙ ෂර්ට් එක දිගේ!@@#$$%*$# මට අප්පිරියා හිතුනේ නෑ. පව් කියල හිතුනා... අනිත් එක මමත් නිදි මරගාතෙනෙ...තට්ටු කරල කතා කරල කට පිහිදාගෙන නිදා ගන්න කියල මම ආයෙත් නිදා ගත්ත.. කෙල්ල මගේ ෂර්ට් එකත් පිහ දානව වගේ මතකයි... ආයෙ ඇහැරුනේ වාද්දුවෙදි..

    ReplyDelete
  32. නියම සීන් එක නොවැ මොනව උනත් අර සජිත් කියන හාදයා නං පවු :)

    ReplyDelete
  33. හ..හා....වදින්න ගිය දේවාලේ කොහෙටද කඩා පාත්වෙලාලු......

    ReplyDelete
  34. ඔය තියෙන්නෙ ඕන තරම් කතා. වෙනම බ්ලොග් එකක් ලියන්න පුලුවන් මේව දාලම.

    ReplyDelete
  35. නියම කතාව ..යාලුවා නම් නියම නිදි කුම්බියක් වගේ . අර කොල්ලට නිකම් දෙවු ලොව ගියා වගේ ඇති නේද ?

    හැබැයි ඉතින් කොල්ලෙක් කෙල්ලෙකුගේ ඇඟේ යන්තමට ගෑ වුණාට ඒකේ වරදක් නෑ නේද ?

    ReplyDelete
  36. ඇහැරුන ගමන් GOOD MORNING කියන්න එපායෑ hiks

    ReplyDelete
  37. මාත් මේ ලගකදි නුගේගොඩින් බස් එකකට නැග්ගා තඩි බෑග් එකකුත් උස්සගෙන පස්සෙ සීට් එකේ විතරයි ටිකක් ඉඩ තිබුනෙ.. ඒකෙත් පොශ් ගෑනු ලමයෙක් ‍ඉදගෙන. ටිකක් අමනාපෙන් වගේ ඉ‍ඩත් දුන්නා. දෙයියො බැලුව වගේ ඇග පුරාම ගෙඩි හැදිච්ච මනුස්සයෙක් නැග්ගා බස් එකට . මාත් ඒ මනුස්සය එක්ක හොදට හිනා වෙලා ගෑනු ලමයා හිටිය පැත්තෙන්ම ඉඩ හදල දුන්නා.. කාගෙන පලයන්කො කියල..

    ReplyDelete
  38. මේ දවස්වල ඉන්දු කොහෙද ඉන්නෙ? ගමේ යන්නෙ මොන බස් එකේද?

    ReplyDelete
  39. හපෝ....මේ මොන විලිලැජ්ජාවක්ද අප්පා.... :D

    ReplyDelete
  40. දවසක් පාන්දර බස් එකේදි නිදාන හිටපු පිරිමි කෙනෙක් එකපාරටම කියනවා ලයිට් ඕෆ් කරනවකෝ නිදා ගන්න කියලා..

    ReplyDelete
  41. @ සාතන් - එයා නම් පව් තමා අප්පා. හැමදාම මම හින්දා ඔය වගේ පෝරියල් තමා සෙට් වෙන්නෙ.

    ReplyDelete
  42. @ Anonymous 1 - හයියෝ ඒක නම් පව් වැඩේ. අතේ මාට්ටු.

    ReplyDelete
  43. @ ෴ හසියා ෴ - බස් වල කොයි තරම් නම් ඔහොම සිද්දි වෙනවද

    ReplyDelete
  44. @ මධුරංග - ඒක තමා නිදහසට කාරණාව නේ.

    ReplyDelete
  45. @ ම - මොනා උනත් වෙලාවට ඌ එහෙම නොකිව්වෙ. නැත්තන් බස් එක ඇතුලෙ වලක් හාරගෙන බහින්න වෙන්නෙ.

    ReplyDelete
  46. @ harshana1985 - හික්ස්. කට්ටිය බස් වල නිදාගන්න හැටි බලන්න ඕනෙ. කට ඇරගෙන කෙල පෙරාගෙන. ඔය කිව්වට අපිත් ඔහොම වෙන්න ඇති බස් වල නිදා ගන්නෙ. ආයෙ මොකා ඇහැරවනවා කියලද.

    ReplyDelete
  47. @ බීටා - එයා නම් පව් තමා අප්පා.

    ReplyDelete
  48. @ Raj - ඔව් ඔව් ඒ වගේ සිද්දියක් තමා උනේ.

    ReplyDelete
  49. @ Kasun - එහෙනම් පටන් ගමුකො බස් කතා සීරීස් එකක්.

    ReplyDelete
  50. @ චතුර.... - ස්තූතියි සහෝ..

    ReplyDelete
  51. @ හිස් අහස - යන්තමට ගෑ උනාට ප්‍රශ්නයක් නෑ. ඒත් වැඩේ කියන්නෙ මුන් ගෑවෙන්න ගියාම සද්ද නැතුව හිටියොත් කෙලවරක් නෑනෙ.

    ReplyDelete
  52. @ දිල් - අපි නම් උන් දෙන්නම අඳුරන්නෙ නෑ වගේ ගියා. උන් දෙන්නට දෙන්නා ගුඩ් මෝනින් කියා ගත්තද දන්නෙ නෑ.

    ReplyDelete
  53. @ Geethika Dilruk (ගීතික දිල්රුක්)- අයියෝ පව් හලෝ ඒක නම්. අපෝ වැරදිලාවත් බස් එකක මෙයා ගාවින් නම් ඉඳගන්න හොඳ නෑ.

    ReplyDelete
  54. @ ඉන්දික උපශාන්ත - මේ දවස් වල ඉන්දු ගමේ ඉන්නෙ. එයා එහෙ ඉන්ස්ටිටියුට් එකක වැඩ කරනවා. එතකොට අයියෙ අපි ගමේ යන්නෙ ගමට යන බස් එකේ. :P

    ReplyDelete
  55. @ මකුළු පැංචි - කියලා වැඩක් නෑ හයියෝ..

    ReplyDelete
  56. @ RoshanHerath - ඇත්තනෙ ඉතින් ලයිට් දාලා තියෙද්දි නින්ද යන්නෙ නැති මනුස්සයෙක් වෙන්න ඇති.

    ReplyDelete
  57. ආයෙ ඉතිං වස්තරයක් ඈඳගෙන පොළොන්නරු බස් එකේ ගියාද...? අනේ අම්මප මෙහෙමත් කෙල්ලෝ... මොනා උනත් කොල්ලට නම් නියම පල්ලම. එතනින් එහාට වුන කියන්නේ නැද්ද ඔයා...?

    ReplyDelete
  58. පට්ට කතා ව ඈ! ඉළ ඇදෙන කං බඩ පැලෙනකං හිනා :D

    "යන්තමට ගෑ උනාට ප්‍රශ්නයක් නෑ" මගෙ කට මොකටද ඉතිං...

    ඔයා දැං ඔය ගමට එන බස් එකෙන් ඇවිත් බහින්නෙ කොහෙන් ද?, දොරෙන් ද...?

    සජිත් අයියන්ඩිටත් කියන්න කතාවක් තියනව, ඒක ඉතිං එයාටම කියන්න ඕනෙ...

    අර කීව වගේ බස් කතා එකතුවක් පටන් ගමු, ඒකට කතා බස් කියල නම දාමු.

    ඔය වගේ මාත් දවසක් ගොඩඋනා අනුරාධපුර 'DS බස්' එකකට, ඔය බස් ඉතින් ප්‍රසිද්ධයි නෙ ඩීසල් වලට පැට්‍රල් කලවං කරල දාගෙන මහපාර දෙවනත් කරගෙන ඉස්සරහින් පිටිපස්සෙන් ලොකු ටුවිටර් සහිත බෆල් හයිකරගෙන චර චර සද්දෙට බස් අජිත් ගෙ සින්දු දාගෙන පීස් එක දෙපැත්ත මාරු වෙන්න ඉස්සර කොළඹ ඉඳන් අනුරාධපුරේ යන්න්න,
    සුපුරුදු පරිදි බස් එකේ අදාල සින්දු කන පැලෙන්න දාලයි තිබුනෙ බේස් අඩු කරල ට්‍රෙබල් උපරිම කරල, ටුවිටර් වලින් දුං පිටවෙන ගනං...
    මේ කරච්චලේ ඉවසන්න බැරි තැන ඉස්සරහ බෆල් එක යට වාඩි වෙලා හිටපු ගෑණු ළමයෙක් කොන්දොස්තරට කීව "අයියෙ සද්දෙ පොඩ්ඩක් අඩු කරන්නකො" කියල. කොන්දොස්තර අයියත් කට පුරා හිනාවක් දාල කියාපි "මේව අඩුකරන්න බෑ නංගි එන්ජිමටම හයිකරල තියෙන්නෙ" කියල
    මොනව උනත් අපරාදෙ කියන්න බෑ බස් එක පැයයි විනාඩි හතලිහට ආව.

    ReplyDelete
  59. @ prasanna86k - එතනින් එහාට කියන්න දෙයක් නෑ. අපි උන්ව දැක්කෙ නෑ වගේ අහක බලාගෙන ගිහින් බහින්න ඕනෙ තැනින් ඉන්දුට කතා කරා. ඊට කලින් අර කොල්ලා බැහැලා ගියා. අරකි නම් මදි නොකියන්න අපෙන් අහ ගත්තා.

    ReplyDelete
  60. @ ටී.බී. හේරත් - ඔය අනුරාධපුර DS බස් වගේ තමා මෙහෙ ශාන්ත අන්තෝනි බස්. මිනිස්සු සීට් වල එල්ලිලා ඉන්නෙ. ඒ තරම් හයියෙන් යනවා.

    ReplyDelete
  61. අයියෝ අත්වැරදීමකින් හේත්තු වුණාට නම් අවුලක් නෑ.

    ReplyDelete
  62. @ පිණිබිඳු,
    එහෙනං! මාත් එනවනෙ ඔය අන්තෝනි වල ඉක්මනට එන නිසා, දවසක් ඔය අන්තෝනියක් ආයෙත් දාන්න හැදුව යාංගල්මෝදර රේල් ගේට්ටුවෙන්. මිනිස්සු කෑ ගහල ගෑණු කට්ටිය අඬල තමා යන්තම් නවත්ත ගත්තෙ. තව ඩිංගෙන් ඩ්‍රයිවර්ගෙ කන තිබ්බ තැනත් හොයන්න වෙනව...

    ReplyDelete
  63. @ මකුළුවා.....- හා බලන්නකො හේත්තු වෙලා එහෙනම්. :)

    ReplyDelete
  64. @ ටී.බී. හේරත් - ඔයා ඔය බස් දෙකේම යනවා නම් අනිවාර්යයෙන්ම දඹුල්ලට මෙහා කෙනෙක් වෙන්න ඕනෙ.

    ReplyDelete
  65. හික් හික් . . . මට ඉස්කෝලෙ පහල පංතිවල එවුං කියන්නෙ "බස් දොයි" කියල . . . ඒ තරමට ප්‍රසිද්දයි මගෙ බස් නින්ද . . . . හැබැයි කවදාකවත් සීට් එකේ අනිත් පැත්තෙ යන එකාගෙ ඇඟට කිරල නං නෑ . . . කිරුවොත් ඉතිං ජනෙල් වීදුරුවට හරි ඉස්සරහ සීට් එකේ පොල්ලට හරි තමයි . . . .

    ප.ලි.
    පොලොන්නරු, දෙහිඅත්තකන්ඩිය වගෙ ටිකක් දුර බස් වලට නගිනව ** *** පැත්තට යන නංගිල . . . එයාල නං ගොඩක් වෙලාවට නින්ද ගිහිං ලඟ ඉන්න කොල්ලගෙ ඇඟට වැටෙන්නෙ නින්දෙම්ම නෙමේ . . . .

    ReplyDelete
  66. @ ඕනයා - ඉතින් බස් දොයි අයියේ මොකෝ එන්න පරක්කු උනේ. බස් එකේ නින්ද ගියාද. අර ප.ලි. එක නම් අපි දන්නෙ නෑ.

    ReplyDelete
  67. @ පිණිබිඳු,
    ඔබේ උපකල්පනය තාර්කිකයි. නමුත් පිළිතුර පැහැදිළි නිසා කල්පිත ගොඩනැගීම අනවශ්‍යයි.

    ReplyDelete
  68. අඩේ ටී.බී. . . . . හරියටම කියාංකො ඉන්නෙ කොහෙද කියල ????

    ReplyDelete
  69. @ ඕනයා,
    ඇයි අඩේ මෙන්න මෙතන තියෙන්නෙ විස්තරේ...

    ReplyDelete
  70. ඉස්සර දවසක මේ ලිපිය කියෙව්වත් මේ ඉන්දු කවුද කියල දැනගත්තට පස්සේ කොමෙන්ටුවක් නොදා ඉන්න හිතුනෙ නෑ..

    මෙ මට වගේම ඔය "ඉන්දු" ටත් සීට් එකේ කාලක් තිබ්බත් ඇති නේ වාඩි වෙලා යන්න... මීට පස්සේ ඔහොම කට්ටිය ඇඟට එද්දි ඉන්දු ට කියන්න පොඩ්ඩක් ඈත් වෙන්න කියල.... එතකොට පිනිබිඳුට චාටර් වෙන්න ඔනෙත් නෙනේ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...