Pages

Tuesday, September 20, 2011

පන්ති පිටින් පන්ති කට් කිරීම


ඉස්කෝලෙ යන කාලෙ අපි කොච්චර ඉගෙන ගන්න ආසද කිව්වොත් අනිවාර්යයෙන්ම අඩුම ගානෙ දවසකට දෙකකට සැරයක් එක පීරියඩ් එකක්වත් කට් කරනවාමයි. මුළු දවස තිස්සෙම කාටද පුළුවන් අප්පා ඔය හැටි ඉගෙන ගන්න.

ඊට වැඩිය වැදගත් වැඩ කොච්චර තියෙනවද. එහා පන්තියෙ උන් එක්ක ඕපදූප කතාකරන්න, කැන්ටිමේ වඩේ රසද කියල හොයල බලන්න කොච්චර වැඩද.


ඔහොම පුංචි පුංචි කම්මැලිකම් හැමෝටම තියෙනවනෙ. ඔය සුළු වශයෙන් කෙරෙන පන්ති කට් කිරිලි වැඩිපුර දැනෙන්නෙ නෑ. කොහොමද පන්තියක් පිටින් පන්ති කට් කරනකොට.

මෙන්න මෙහෙමයි ඒ සිද්ධිය උනේ.

ඉස්කෝලෙ දඩාවතේ ඇවිද ඇවිද ඉන්න බල්ලො ඉන්නවනෙ. මුන්ගෙන් එකෙක් අපේ පන්තිය වැසිකිළියක් කරගෙන.කලින් දවසෙ ගේට්ටුව වහන්නෙ නැතුව පන්තියෙන් අන්තිමට ගියපු පින්වතාට පිං සිද්ධ වෙන්න උදේ පන්තියට එනකොට පන්තිය මැද්දෙම අපිට තෑගි හම්බෙලා.


ඔන්න ඉතින් එදා උදේ පන්තිය අතු ගාන්න ඉන්න කෙල්ලොන්ට මළ පැනලා. කොල්ලො හිනා වෙවී බලාගෙන ඉන්නවා.

කෙල්ලො හැමදාම අතුගාන හින්දා කොල්ලොන්ට මේක අදින්න කිව්වා. උන් කියනවා පන්තිය ඇතුලෙ තියෙන දේවල් වල වගකීම පන්තිය අතුගාන උන් බාරගන්න ඕනෙලු. ඒ අස්සෙ තව එකෙක් එදා අන්තිමට පන්තියෙන් ගියේ මොකාද කියලා ඌව මරන්න හොයනවා.

ඔහොම ඔහොම කට්ටිය දෙපැත්තට වෙලා වාද කරගන්නකොට ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එකත් ගැහුවා.


සාමාන්‍යයෙන් අපිට හැමදාම උදේට තියෙන්නෙ කෙමෙස්ට්‍රි පාඩම. අපේ පන්තිභාර මැඩම්ම තමා කෙමෙස්ට්‍රි උගන්නන්නෙ. මතකනෙ චිස්...සොරි... .

මැඩම් උදාර ලීලාවෙන් පොත් ටික අරගෙන කොරිඩෝ එකේ එනව පේනවා. බලු බෙට්ටක් පන්තිය ඇතුලෙ තියාගෙන වාඩි වෙන්නත් බෑ. ඒ මදිවට පන්තිය අතුගාලත් නෑ. අපි හිටපු තැන් වලම හිටියා.

මැඩම් පන්තිය ගාව. මැඩම්ගෙ මූණ පන්තිය මැද්දෙ තියෙන තෑග්ගට වඩා ලස්සනයි.


"මොකද මේ හිටගෙන?"
"මොකද පන්තිය අතුගාලා නැත්තෙ?"
"මොකද තමුසෙලා ගල් ගිලලා වගේ?"

ප්‍රචණ්ඩ වාග් ප්‍රහාරය හමුවේ අපි නිරුත්තරයි. යන්තම් කට ඇර ගන්න පුලුවන් වෙච්ච එකෙක් හිමීට මැඩම්ට විස්තර කරනවා.


"මැඩම් පන්තියෙ බල්ලෙක් ජරා කරලා."

"ඉතින් ඒක අයින් කරල නැද්ද."

"නෑ මැඩම් ගෑණු ළමයි ඒක අරන් දාලා නෑ."


"තමුසෙලා ඒ ලෙවල් පන්තියෙ උනාට හෝඩියට වඩා අන්තයි. අස්කරනවා ඒක."


මැඩම් ආපු වේගෙට වැඩි වේගෙකින් තරහින් පුපුර පුපුර ආපහු ගියා. ඉබ්බා දියේ දානකොට ඇන්නෑවෙ කිව්වලු. කාටද අප්පා උදේ පාන්දර බෙන්සීන් වලයක් ගැන ඉගෙන ගන්න ඕනෙ.

නිකන් හම්බුනත් බලු බෙට්ටකින් උනත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නම්, ඒකත් විකුණන් කන උන් තමා අපේ පන්තියෙ හිටියෙ.වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ඇති වූ හදිසි තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි කතා උනා.

මෙච්චර වෙලා අපිට බැන බැන හිටපු කොල්ලො ටික හෝ ගාලා අරක අස් කරන්න දුවනවා. උන් ඒක අස් කරනකල් අපි හිමීට පන්තිය අතු ගෑවා. ඔය ටික කරද්දි පීරියඩ් එකක් ඉවරයි.


"ඕක අස් කරාට හරියන්නෙ නෑ. පන්තිය හෝදන්න වෙයි
අපේ පන්ති නායක උතුමාගෙන් තවත් යෝජනාවක්.

"ඔව් ඔව් අපි හෝස් එකක් ගෙනල්ලා හෝදමු."

මෙන්න මුන් කෘෂිකර්ම සර් හම්බෙලා ඒ කාමරෙන් හෝස් එකකුයි බාල්දි දෙකකුයි අරන් ඇවිත්.

"පන්තියෙ ඩෙස් පුටු තියාගෙන වතුර ගහලා වැඩක් නෑ. ඉස්සෙල්ලා ඩෙස් පුටු ටික එලියට අදිමු."
ජීවිතේට පන්තියෙ වැඩකදි හොයාගන්නවත් බැරි එකෙක්ගෙන් තව අදහසක්.

දැන් කට්ටිය ඩෙස් පුටු මැද මිදුලට අදිනවා. මේ වෙද්දි එහා පන්තියෙ උන්ටත් තේරිලා මොකක් හරි රහසිගත මෙහෙයුමක් යනවා කියලා. ඩෙස් පුටු එලියට අදිද්දි ඊළඟ පීරියඩ් එකේ ෆිසික්ස් කරන සර්රුත් පන්තිය ගාවට ආවා.

"මේ මොකද ළමයි ඩෙස් අදින්නෙ එළියට?"

"සර් බල්ලෙක් පන්තියෙ ජරා කරලා. මැඩම් කිව්වා පන්තිය හෝදන්න කියලා."

"එතකොට අද පාඩම කරන්න වෙන්නෙ නෑ?"

"ඒක තමයි සර්. හරි වැඩේ තමා. ඒත් ගඳ ගහනවනෙ සර්. ඉගෙන ගන්න බෑනෙ සර්."

"මං දන්නෙ නෑ. ඕනෙ එකක් කරගන්නවා. ඉවර උනාම මට කතා කරනවා."

"හා සර්."

පීරියඩ් එක ඉවර වෙනකල්ම අපේ උන් ඩෙස් ටික එලියට ඇද්දා. ඩෙස් අදිනවා කිව්වට එකක් එලියට දානවා. මහන්සි අරිනවා. අපේ උන්ටත් ඕනෙ කොහොම හරි වෙලාව යවා ගන්න.

පයිප්පෙට හෝස් එක ගහලා පන්තිය හෝදන්න ගන්නකොට ඊළඟ පීරියඩ් එකේ මැඩමුත් ඇවිත්. කලිං විදිහටම තත්වය ඉතා බරපතල කරලා කිව්වට පස්සෙ බැන බැන ඒ මැඩමුත් ආපහු ගියා.

කොහොම හරි පන්තිය හෝදලා ඉවර වෙනකොට ඉන්ටවල් එකට බෙල් එකත් ගැහුවා.

එදා ඉන්ටවල් එකට අපි අඹ ගස් හෙවනේ පුටු තියාගෙන තමා කෑම කෑවෙත්.

කාලා ඉවර උනාට පස්සෙ අපේ එකෙක් කියනවා අපි ඩෙස් පුටු ටිකත් හෝදමු. ඒවගෙ දූවිලි පිරිලා නිසා කියලා.

ජීවිතේට දූවිලි නෙමෙයි වැලි ගොඩක් ඩෙස් එකක් උඩ තිබ්බත් ගනන් නොගන්න උන්ට අද ඩෙස් වල දූවිලි ගැන හරි කැක්කුම. මොකද ඒ ටිකත් හේදුවොත් තව වෙලා ඉන්න පුලුවන්නෙ.

දැන් පන්තියත් හෝදලා. ඩෙස් පුටුත් හෝදලා. ආයෙ නම් ඉගෙන ගන්නවා බොරු.

ඉන්ටවල් එකෙන් පස්සෙ ආපු ගුරුවරුත් ආපු වේගෙන්ම හරවලා යැව්වා පන්තිය ඇතුලෙ වතුර පෙන්නලා.


දැන් එහා පන්තියෙ උන්ට පැහැදිලි වෙලා අපේ වැඩේ. උනුත් ඇඹරෙනව. අපේ වැඩේ ඉවරවෙච්ච ගමන්ම එහා පන්තියෙ උන් අපෙන් හෝස් එක ඉල්ලගෙන මෙන්න මුනුත් පන්තිය හෝදනවා.

උන්ගෙ පන්තියට එන ගුරුවරුත් ආපහු බැන බැන හැරිලා යනවා. අපිට නම් බලු බෙට්ටක් හරි තිබ්බා විකුණන්න. උන් මොනා විකිණුවද දන්නෙ නෑ.

අපෙත් පන්තිය විතරක් නෙමෙයි ඩෙස් පුටුත් වේලිලා නැති නිසා එන ඔක්කොම ගුරුවරු බැන බැන යනවා. ඒත් ඉතින් මේ බල්ලෙක් කරපු දේකට අහක ඉන්න අපි මොනා කරන්නද.


කොහොම හරි එදා මුළු දවසෙම අපිට ඉගෙනීමක් නෑ. එහා පන්තියෙ උන්ටත් නෑ. එදා කරපු දේට නොසෑහෙන්න බැනුම් ඇහුවා පස්සෙ නම්. ඔන්න ඔහොමයි බල්ලෙක්ට පින්සිද්ධ වෙන්න අපි පන්ති පිටින් පන්ති කට් කරේ.

73 comments:

  1. අනේ අනේ උඹලත් කරලා තියෙන වැඩ අම්මපා....:)))

    ReplyDelete
  2. අපිත් ඉස්සර ඔය සෙල්ලමම තමයි. හැමදාම පන්තියෙ බල්ලො චු දානවා :D

    දාස්පෙතියා මල් පොඩිකරලා දාලා දෙහි දානවා. අයේ ඉතින් පලාතම සුවඳයි. නියම පාට.... :D

    ReplyDelete
  3. මුන් වගේ යක්කු ටිකක්... :)

    ReplyDelete
  4. @ නිසුපා - අපරාදෙ උඹ මේ කාලෙ හිටියෙ නෑනෙ බං

    ReplyDelete
  5. @ ..ChAnDiKa.. - අනෙ අම්මේ අපි හොඳයිනෙ

    ReplyDelete
  6. @ සාතන් - සාතන්ලා වගේ තමා

    ReplyDelete
  7. අම්මෝ මම දැන්නේ දන්නේ කාන්තා පක්ෂේත් මේ වගේ වැඩ කරනවා කියලා. අපි කොල්ලෝ ඔක්කොම නැටුම් පන්තිය හැමදාම කට් කලා.. නැටුම් සර් අපිව අරිනවා ප්‍රින්සිපල් ලඟට.. අපි කියනවා "සර් අපි නැටුම් නොකරන නිසා අපිට පිට්ටනිය කපන තැනට ගිහින් වැඩ කරන්න කිවුව නැටුම් සර්' කියල.. ලොක්කට හරි සතුටුයි.. ඊට පස්සේ අපි උදලු එහෙම අරන් ගිහින් පිට්ටනිය කපන පැත්තේ ගස් යට වාඩිවෙලා ජොලියේ කයිය ගහලා ආපහු එනවා.

    ReplyDelete
  8. බල්ලගේ පානෙන් එලිය බලලා.
    බල්ලෙක් හන්දා පන්ති කට් කරා කියලා මම මේ ඇහුවමයි.මම නම් කරන්නේ පංති කට් කරන්න ඕන උනාම පුස්තකාලය පැත්තේ යන එක. පංතියේ ඉදලා පුස්තකාලයට ගොඩක් දුර නිසා ටීචර් හොයන්න එන්නේ නෑ. අනිත් එක පංතියෙන් එකෙක් විතරක් අඩු නිසා මගේ අඩුව දැනෙන්නේත් නෑ.

    ReplyDelete
  9. හික්ස්.................

    අපි නම් අවුරුද්දකට සැරයක් සියල්ල සෝදා පිරිසිදු කර ඩෙටොල්ද ඉහලා පිරිසිදු කරනවා. හැම පන්තියක්ම. හැබැයි ඒ නිකම් නෙමෙයි. එදා කොහොමත් මුලු පාසැලම නිවාඩු පන්තියකින් 10ක් විතර ඇවිත් ගුරුවරු ළමයි විඳුහල්පතිගේ ඉඳන්ම කෝසු හෝස් අරන් මුළු පාසලම සෝදනවා.

    ReplyDelete
  10. අනේ අනේ කෙල්ලනෙ.......

    අපාරාදෙ කියන්න බෑ දිල්ට නම් ඔය පන්ති කට් කිරීමේ ප්‍රශ්ණය බලපෑවේ නෑ... මොකද දිල් වැඩි පුරම හිටියෙ ග්‍රවුන්ඩ් එකේනේ.. කම්මැලි හිතුනම ග්‍රවුන්ඩ් එක පැත්තට යනවා..." කෝ දිල් " ළමයින්ගෙන් අහද්දී " එයා ග්‍රවුන්ඩ් එකේ...ප්‍රැක්ටිස් කරනවා...." කොහොමද ටිකිරි මොළේ......."

    ReplyDelete
  11. ඒ කාලේ නම් නියමයි. අපිත් පංති නම් හේදුවා. ඒත් ඉතිං ඒ යුගය ආයේ කවදාවත් එන්නෙ නෑනේ. මිහිරි මතකයක් විතරමයි

    ReplyDelete
  12. පින්වන්ත බල්ලෙක්!

    ReplyDelete
  13. හිකිස් ආපෝ අලි නලක ලමයි ටිකක් නේ හ...

    අක්කේ ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ නෙමේ කියලා තියෙන්නේ "දැන් නෑවේ" කියලා.ඒක තම අලුත් වර්ශන් එක හිකිස් ලොල් ;)

    ReplyDelete
  14. බලන් යනකොට අපි හොඳයිනෙ අක්කෙ.....

    අපි පස් දෙනෙක් දවසක් ෆිසික්ස් පීරියඩ් එකේ සර් එනකොටම සර්ට පෙනි පෙනි ජනේලෙන් පැනල එහා පංතියට ගියා.එහෙන් ගොඩ එනකොට සරුත් එහා පංතියට ඇවිත් ජනේල ගාව ඉඳන් සෙට් එකම අල්ල ගත්ත.....

    මතක් වෙනකොටත් මාර කික් එකක් එන්නෙ.....

    ReplyDelete
  15. නියමයි නියමයි....බල්ලෙක් නිසා දවාසක්ම ඉවර වුනා නෙද..මට හිතෙන්නේ පුලුවන් කමක් තිබුන නම් කට්ටිය බල්ලට පන්තිය ඇතුලේ කූඩුවකුත් හදන සයිස් එකක් තිබිල තියෙන්නේ...

    ReplyDelete
  16. මමත් ඉස්සර ඔහොම තමයි.... කලාතුරකින් දවසක තමයි පන්තියේ ඉන්නේ...ඒකත් ගුරුවරයෙක් ආපු නැති පීරියඩ් වල... අනිත් වෙලාවට එළියෙමයි.....

    ReplyDelete
  17. බල්ලව විකුනන් කාලා නොවැ.. හෙහ් හෙහ් ඉස්කෝලේ යන කාලේ තරම් ජොලි කාලයක් අයේ එන එකක් නෑ..


    ජය...

    ReplyDelete
  18. පිනිබිඳු ළමයාගේ ඉස්කෝලේ ඒ ලෙවල් පන්ති වලට බල්ලෙකුට එන එක ලේසි නැහැ මම දන්නා විදිහට. ඔය පන්ති වලට එහා පැත්තේ(හෝල් එක ඉස්සරහ) තියෙන ඉඩේ ඉස්සර අපි ක්‍රිකට් ගහල බෝලේ ඔය පන්ති තියෙන පැත්තට ගියාම ගන්න එක ලේසි නැහැ. කවුරු හරි ඉස්කෝලේ ළමයෙක් උදින්පනල අරන් දුන්නේ නැත්නම්. කවුරුහරි ඉන්ටනැෂනල් පිස්සුවක් කෙලින්න ඇති කලින් දවසේ. හැබැයි ඉතින් පන්තියේ වැඩ කට් කරපු එකේ ෆන් එක ගන්න බැරි වෙන්න ඇතිනේ. දවස පුරාම පන්තිය ලඟට වෙලා ඉඳල.

    ReplyDelete
  19. හිකිස්.මරු වැඩනේ කරලා තියෙන්නෙ.දැක්කද බලු බෙට්ටෙත් පරෝජනේ!

    ReplyDelete
  20. @ සරත් ලංකාප්‍රිය - ඇයි දෙයියනේ ඒ වගේ සුන්දර මොහොතක ප්‍රින්සිපල් හරි නැටුම් සර් හරි පිට්ටනිය පැත්තෙ නාවෙ. එහෙම ආව නම් ඔයත් හෙන නැට්ටුවෙක්නෙ දැන්.

    ReplyDelete
  21. @ මධුරංග - තනියෙන් පන්ති කට් කරනකොට අපෙත් අභයභූමිය පුස්තකාලෙ තමා. අපේ නම් පන්තියෙ ගොඩක් ළමයි අඩු උනාම පුස්තකාලෙටත් ඇවිත් අදාල ගුරුවරයා හොයලා බලනවා. ඒ වෙලාවට ඉතින් පොත් රාක්ක අස්සෙ තමා හැංගෙන්නෙ.

    ReplyDelete
  22. @ හා පැටික්කි (MS) - ඒවා එතකොට නීත්‍යානුකූල පන්ති කට් කිරීම් නේද.

    ReplyDelete
  23. ඕක තමයි කියන්නේ හොඳ වෙලාවට බල්ලත් දෙයියෙක් කියලා..නියම අතීතාවර්ජනයක්..ඇත්තටම හොඳයි ලේ ටික පිරිසිදු වෙන්න

    ReplyDelete
  24. @ දිල් - ඒකත් හොඳ අදහසක් තමා.

    ReplyDelete
  25. @ malmi - ඉස්කෝලෙ කාලෙ කරපු දඟ වැඩ නම් නිමක් නෑ. තාම උනත් මතක් කරලා හිනාවෙන්න පුලුවන් අතීතයක් මට නම් තියෙනවා.

    ReplyDelete
  26. @ මුහුදු කොල්ලකාරයා - ඒ බල්ලා නම් ආත්ම ගානකට හරියන්න පින් රැස් කරගත්තා.

    ReplyDelete
  27. @ පිස්සු පුසා - අලුත් ඉබි වර්ශන් එක මට මතක් උනා. මේක හොඳයි කියලා හිතුනා.

    ReplyDelete
  28. @ පිසාචයා - අපේ ප්‍රින්සිපල් කෙනෙක් හිටියා කොල්ලො තාප්ප උඩින් පැනලා දුවනකොට සරුත් තාප්පෙ උඩින් පැනලා ගිහින් කොල්ලොන්ව අල්ලගෙන ගහනවා.

    ReplyDelete
  29. @ තරිඳු - අපි හරි නම් ඒ බල්ලට වැඳුම් පිදුම් කරන්න ඕනෙ අපිට දීපු චාන්ස් එකට.

    ReplyDelete
  30. මේක නම් මරු! අයෙ ඉතින් ඔය වගේ චාන්ස් එකක් මඟාරින්න පුළුවනෑ!

    ReplyDelete
  31. @ Dinesh - හික්ස්. බලන්ඩ අපි ඉගෙන ගන්න කොච්චර ආස ළමයිද කියලා.

    ReplyDelete
  32. @ Gayan Rupasinghe - ඒක නම් ඇත්ත. ආයෙ ඒ වගේ කාලයක් නම් එන්නෙ නෑ.

    ReplyDelete
  33. පිනි ඔයයි මමයි හිටියේ එකම ඉස්කෝලේ එකම පන්තියේද මන්දා .අපිත් ඔය බලු බෙටි නියමෙටම වික්කා ඒ කාලේ . අපේ පන්තිය ගාවට නියමෙට නගරසබාවේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් පේනවා.එහෙම දාට බලුබෙට්ටක් උදේ පන්තිය මැද තිබ්බොත් ශනිදා වාසනාව ඇදුන වගේ .අපේ කොල්ලො ඕක අස්කරන්න උදකරනවා කියලා තව දෙතුන් පලක ඔය බෙට්ට අතුල්ලනවා හි හී එතකොට වැඩේ සීරියස් පන්තිය හෝදන්න වෙනවා ඩැස් පුටු අයින් කරලා . එලියේ ඇහැල ගහ යටට ඔක්කොම ඩෙස්පුටු ඇදලා හෝස් එක අල්ලනවා වරුවක් විතර පන්තිය හෝදන්න .ඊට පස්සේ යාන්තම් වේලෙනකොට ආයේ හෝස් එක අල්ලලා තෙමනවා .ඔහොම කොහොම හරි දවසම පාකරගන්නවා කිසි වැඩක් නැතුව

    ReplyDelete
  34. හිහ්..හිහ්... මමත් ඉස්කෝලේ ඉන්නකම්ම කලේ පංති කට් කරපු එක. chemestry වලට නම් ඉන්නෙම නැහැ. අන්තිමට chemistry සර් දවසක් කිව්වා පංතිය පැත්ත පලාතක එන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් ඒ පීරියඩ්ස් වල පිස්සු කෙල කෙල හිටියා. :D

    ReplyDelete
  35. අපිනං පන්ති කට් කරන්නෙ කෙලින්ම තාප්පෙන් පැනල ගිහින් රූබි එකේ පෝළිමට එකතුවෙලා තමයි. දවසක් පොත් බඩේ ගහං තාප්පෙ පැත්තට යනකොට සර් කෙනෙක්ට අහුවෙලා මිනිහ අහනව "මොකද ඔය කට්ටියම හරි සෘජුව පේලියට යන්නෙ" කියල...මිනිහ දන්නවයි නැවෙන්න බැරි බඩේ පොත් කියල...

    ReplyDelete
  36. හි හි ...කොච්චර හොඳ බල්ලෙක්ද...... අපිත් ඔහොම පන්ති පිටින් එක subject එකක් කට් කරලා (එක දවසක් නම් නෙමෙයි) අන්තිමට මැඩම් පන්තියට එන එක නැවැත්තුවා. ඒ පිරියඩ් එක නිකන්ම free උනා :D

    ReplyDelete
  37. machan uba koheda eskole? oya wagema siddiyak ape class eketh wunaa. deweni dawaseth ballaa jaraa karalaa thblaa edath perod dekak cut karagaththaa.

    mama hithanne uba ape class eke ekek neda? koheda eskole?

    ReplyDelete
  38. හිනා වෙලා පන ගියා අක්කන්ඩි උඹගේ වැඩ වලට මිශ්‍ර පාසලකට ගියාම තියන සෙතේ ඔන්න ඕක තමයි ..

    හැබැයි අපේ ඉස්කෝලේ නම් ඔය බල්ල කක්කා දාන එක හරකෙක් ඩොම පාරක් දාන එක , අලියෙක් බෙට්ටක් දාලා යන වගේ දේවල් සාමාන්‍යයි ඒක උඩට වැලි ටිකක් දාලා සතියක් විතර යනක් ඉඳලා තමයි අපි ඒවා අයින් කරන්නේ ..

    ඔයාල පන්තියම හෝදලා

    ReplyDelete
  39. බල්ලගෙ *කෙං එලිය බලනව කියන්නෙ නිකමටද . . .????

    ReplyDelete
  40. ඔය කතාවෙන් මටත් මතක් උනා අපි කරපු වැඩකුත්. හැබැයි ඉස්කෝලෙදි නෙවෙයි. ඔහොම දෙවල්කරන්න ඉස්කෝලේ ඇතුලේ හිටපු එකක් යැ. මම කාලයක් ෆිසික්ස් ක්ලාස් ගියපු තැනක ගුරුතුමී අපේ ඉස්කෝලේ මයි ඉගැන්නුවේ. එයා එන්න පරක්කු වෙනවා කියල දැනගෙන අපි කට්ටිය ක්ලාස් එකෙන් එලියට වෙලා ඉඳගෙන එන හැමෝටම අද ක්ලාස් නැහැ කියල හරවල යැව්වා. උනන්දු ගෑනු ළමයි ටික හැරිලා යනකොට අපට දැනිච්ච ජොලිය නැති උනේ අන්තිමට වැඩේට සෙට් වෙච්ච අපි තුන් දෙනා බස් ස්ටෑන්ඩ් එකේ ඉන්දෙද්දී මිස් වෑන් එකෙන් අපිව හොයාගෙන එනවා දැක්කම. කරුමේ කියන්නේ අපි තුන් දෙනා එදා මාට්ටු වෙලා ක්ලාස් එකට ආපහු එක්කගෙන ගිහිල්ල වාඩි කරවලා තිබ්බ ක්ලාස් එක සාමාන්‍යයෙන් ඇරෙන වෙලාව වෙනකල්ම. ඕවට තමයි දිට්ටධම්ම වේදනීය කර්ම කියන්නේ. අනිත් උන් ෆන් එකේ ගෙදර ඉන්දෙද්දී අපට කට්ට කාගෙන ක්ලාස් එකට වෙලා ඉඳල වෙනද වෙලාවටම බස් වල හිර වෙලා ගෙදර යන්න උනා කන පිරෙන්න බැනුම් කෝටියකුත් අහගෙනම.

    ReplyDelete
  41. දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු....

    ReplyDelete
  42. දැන් ඉතින් පිනිබිඳු උගන්නනකොට ළමයි පන්ති කට් කරන්නේ නැද්ද? එතකොට නිකන් කොයි වගේ හැඟීමක් ද එන්නේ?

    ReplyDelete
  43. සික්... මම හිතුවේ ලකියා හොඳ ළමයෙක්ක කියලා... :D

    ReplyDelete
  44. මොනා වුනත් හරි වාසනාවන්ත බල්ලෙක්. ඌ නිවන් දකින්න ඇති... මේ කරගත්ත පුන්‍ය කර්මයට.

    ReplyDelete
  45. අක්කගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනව වගේ. :D

    ReplyDelete
  46. මාරු කතාව.. මේක දැක්කම මට මතක් වෙනවා මගේ පරණ කතා,.. දාන්නම්කො ඔන්න මගේ ඊලග පොස්ට් එකෙන්, ස්තුති මතකයක් ඇවිස්සුවට...

    ReplyDelete
  47. @ චීටා - ඔයා අපෙ ඉස්කෝලෙද... අඩේ මම දැනන් හිටියෙ නෑනෙ. පන්තියෙ කොට බිත්තියත් එක්ක තියෙන පොඩි ගේට්ටුව තමා ඇරල ගිහින් තියෙන්නෙ.

    ReplyDelete
  48. @ නදී - අන්න ඒකනෙ කියන්නෙ එපා කියන කොයි දේත් වෙලාවකට ඕනෙ වෙනවා කියලා.

    ReplyDelete
  49. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - ස්තූතියි සහෝ. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ.

    ReplyDelete
  50. @ විසිතුරු | visituru - මොකට මඟ අරිනවද මේ වගේ චෑන්ස්.

    ReplyDelete
  51. @ TG - අපොයි බලාගෙන යද්දි කොහෙත් එකයි නෙව.

    ReplyDelete
  52. @ කින්නරාවි - මට තාම මැවිල පේනවා අර පරිවර්තන එහෙම. ඕක්..

    ReplyDelete
  53. @ ඉන්දික උපශාන්ත - හයියෝ හිනා කාලා මැරෙනවා.

    ReplyDelete
  54. @ Sayuri - ඒක නම් කියලවත් කරගන්න බෑ නේද

    ReplyDelete
  55. @ All in one - ඔයා ඔය කියන්නෙ රජරට පළාතෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙ ගැනද

    ReplyDelete
  56. @ හිස් අහස - අපි ඉතින් පන්තියම හේදුවේ වැඩි හොඳටනෙ. මිශ්‍ර පාසලකට ගියපු අගේ නම් කියල නිමකරන්න බෑ. කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැතුව නටපු පිස්සු නම්..

    ReplyDelete
  57. @ ඕනයා - හික්ස්. ආන්න ඒක නම් හරි කතාව.

    ReplyDelete
  58. @ චීටා - ෆිසික්ස් කියලා ෂුවර්ද. අපි ඔය වගේ වැඩක් කරා බයෝ මැඩම්ගෙ ක්ලාස් එකේ.

    ReplyDelete
  59. @ පැණි දොඩම් - බළල්ලු නෙමෙයි බල්ලො.

    ReplyDelete
  60. @ නදුන් උයන - මුන්ගෙ වැඩෙත් පන්ති කට් කරන එක තමා. මම නම් පස්සෙන් පන්නන්නෙ නෑ. එන එකාට උගන්නනවා.

    ReplyDelete
  61. @ සෝරෝ - අපි හොඳ ළමයි තමා ඔහොම හිටියට.

    ReplyDelete
  62. @ Prasanna - මේවා නම් ජාති ජාතිත් පල දෙන පුණ්‍යකර්ම.

    ReplyDelete
  63. @ Kasun - අනෙ අම්මෝ මේවා නම් ආදර්ශෙට ගන්න එපා. අන්තිමට කියයි උඹලව නරක් කරෙත් අපියි කියලා.

    ReplyDelete
  64. @ ක්සැන්ඩර් | Xander - කෝ එහෙනම් දාන්නකො අපිටත් බලන්න.

    ReplyDelete
  65. හක් හක් හක්... අපේ 9 වසරේ පන්තිය මතක් උනා.... හැමදාම පන්තිය හෝදනව අපි...

    ReplyDelete
  66. අනේ ඇත්තට මෙයාට වැරදිලා මල්ලි කිව එකේ වරදක් නැහැනේ . අපි කෙල්ලෝ විතරක් නිසා ඔච්චරම විනාශකාරී වැඩ කරලා නැහැ

    ReplyDelete
  67. අනේ! අනේ!! මෙහෙමත් සරීර හොරු...

    ReplyDelete
  68. කෝ බොලේ මේකට මං දාපු කොමෙන්ට් එක, උත්තරයක් එහෙම දීල තියෙනවද බලන්න ආපුවම කොමෙන්ට් එකත් නැහැ, බහිරවය ගිල්ලද එහෙම නැත්තන් කොමෙන්ට් එක තිබ්බෙ හිතේ විතරද

    ReplyDelete
  69. @ පිස්සා පලාමල්ල - ආ මේ ඉන්නෙ තව අපි වගේ හොඳ ළමයි.

    ReplyDelete
  70. @ Bindi - අනේ අක්කා මිශ්‍ර පාසලකට ගිහින් බලන්න ඕනෙ කොච්චර ජොලිද කියලා.

    ReplyDelete
  71. @ ටී.බී. හේරත් - හික්ස්. අපි එහෙම තමා.

    ReplyDelete
  72. @ Observer - කමෙන්ට් එකක් තිබුණෙ නෑනෙ. බහිරවය ගිල්ල නෙමෙයි පෝස්ට් කමෙන්ට් බට්න් එක එබුවෙ නැද්ද ඔබා මාමේ.

    ReplyDelete
  73. එහෙම මොකක් හරි අස්පෙට් එකක් තමා මං හිතන්නෙ, බුරා එහෙම දැක්කනං ෂුවර් එකටම කියනව "නාකියට දැන් අමතක වෙනව වැඩිය්" කියල හෙහ්..හෙහ්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...