Pages

Monday, September 26, 2011

තාත්තෙ, මම තාම රේල්පාර ගාව



සජිත්ලගෙ තාත්තා ගෙදර හිටියොත්, සජිත් වැඩට යන දවස් වලට බස් ස්ටෑන්ඩ් එකට බයික් එකෙන් ගෙනිහින් දානවා.

මේ කියන දවසත් එහෙම දවසක්.

බස් ස්ටෑන්ඩ් එකට යන පාරෙ රේල් ගේට් එකකුත් පහු කරගෙනයි යන්න ඕනෙ. එදා යනකොට රේල් ගේට් එක වහලා කෝච්චියක් එන නිසා. වාහනත් පෝලිමක් නතර කරලා.

කෝච්චිය යනකල් හිටියොත් වැඩට යන්න පරක්කු වෙන නිසා තාත්තා අහලා පුතා අපි පටස් ගාලා රේල් ගේට් එකෙන් දාලා යමුද කියලා. තාත්තගෙම පුතානෙ. සජිතුත් යමු තාත්තෙ කිව්වා.

තාත්තා රේල් පාරෙන් බයික් එක දාද්දි සජිත් හිතුවෙ එයාගෙ බරත් එක්ක තාත්තට ඉක්මනට බයික් එක ගන්න බැරි වෙයි කියලා. රේල් පාරෙන් බයික් එක දානකොටම සජිත් කකුල් බිම තියලා බයික් එකෙන් පැන්නා.

රේල් පාර පහු උනාම සජිත් ආයෙත් බයික් එකට නගින්න හැදුවෙ.

මොන? තාත්තා දැනගෙන ඉඳලා නෑ සජිත් බයික් එකෙන් බැස්ස විත්තියක්. සජිත් නගින්න එනකොට තාත්තා ඇරලා ගියා බයික් එකේ.

අර පෝලිමට නවත්තලා තිබ්බ වාහන වල මිනිස්සු හිකි හිකි ගාලා හිනාවෙනවා. සජිත් හෙල්මට් එකත් දාගෙන තාත්තෙ තාත්තෙ කියලා අතත් දික් කරගෙන කෑ ගහනවා. කලින් දාපු බයික් එකෙන් පැනිලි ඇක්ෂන් ඔක්කොම වතුරෙ. වස ලැජ්ජාවයි.

තාත්තා තිතක් වෙලා පාරෙ කෙලවරින් නොපෙනී යනවා සජිත් බලන් හිටියා. එයා හිමීට හෙල්මට් එක ගලවලා හිතලම බයික් එකෙන් බැස්සා වගේ ළඟ තිබ්බ කඩේකට රිංගුවා.

තාත්තට කෝල් කරත් තාත්තා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ. පස්සෙ දැනගත්ත විදිහට කෝල් එක අරන් නැත්තෙ ඒ ගෙදරින් වෙන්න ඇති කියල හිතලලු. කොහොමත් දැන් ගෙදර යන නිසා තාත්තා කෝල් එක අරන් නෑ.

මේ අතරෙ සජිත්ගෙ තාත්තා බස් ස්ටෑන්ඩ් එකටම විදලා ගිහින්. බයික් එක නවත්තලා සජිත් බයික් එකෙන් බහිනකල් ඉන්නවා. ම්හු. පිටිපස්ස හැරිලා බලද්දි මෙයා නෑ.

එතනම කොමියුනිකේෂන් එකක් තිබිල තියෙන්නෙ. තාත්තා හිතලා බයික් එක නවත්තපු ගමන් සජිත් ඒකට යන්න ඇති කියලා.

බලාගෙන ඉඳලා ඉඳලා නැති තැන තාත්තා කඩේ ඇතුලට ගිහින් බලලා. ඒ පාර තමා දෙලෝ රත් වෙලා තියෙන්නෙ කෝ මේකා කියලා. කෝල් කරන්න ෆෝන් එක ගන්නකොටම සජිත්ගෙන් කෝල් එකක්.

තාත්තා: පුතා කොහෙද ඉන්නෙ?
සජිත්: තාත්තෙ මම තාම රේල් පාර ගාව....

කොහොම හරි තාත්තා කියන විදිහට නම් තාත්තා ආපහු යද්දි හෙල්මට් එකත් අතින් එල්ලගෙන, දාඩිය පෙරාගෙන, මූණ නොරොක් කරගෙන සජිත් හෝල්ට් එකක් විතර ඇවිදගෙන ඇවිත් ඉස්සරහට.

ඔන්න ඔහොමයි කතාව වැඩිය මඩ නැතුව වෙච්ච විදිහටම. ඕක කියපු වෙලාවෙ ඉඳන් මම මතක්වෙන පාරට හිනාවෙනවා කියලා ඔන්න මා එක්ක එක්කෙනෙක් තරහත් වෙලා.

81 comments:

  1. හප්පා හබීට මඩ ගහලා ඔයාට කෑම ටික පසුවට ලැබෙයි අක්කන්ඩී

    ReplyDelete
  2. තරහා උනේ සජිත් මහත්තයා වෙන්ටෑ. හික්ස් :)
    මොන උනත් පවු අප්පා. හිත හොද අයියා.අම්මෝ ආයෙම ඔහොම රේල් පාරවල් වලින් රේල් ගේට්ටු වහලා තියෙනකොට බයිසිකල් දාන්න එපා. මතක ඇතිනේ යාංගල් මෝදර ඇක්සිඩන්ට් එක.

    ReplyDelete
  3. අපොයි මම නම් එහෙමම කෝච්චියට පනිනවා ඔහොම දෙයක් වුනොත්.:(

    ReplyDelete
  4. සිරාවටම මධුරංග කියනවා වගේ වහල තියන ගේට්ටු අස්සේන් බයික් එක දාන්න එපා.
    දැන් ඔය තිබ්බ හදිස්සියට බයික් එක දැම්මට, කෝ කලින් ගියාද සජිත් මහත්තයා ? හික්ස්...

    ReplyDelete
  5. හික්ස් මරු කතාව..

    ReplyDelete
  6. @ ශානු - අපෝ මේ මඩ නෙමෙයි. වෙච්ච දේ වෙච්ච විදිහටම. හික්ස්.

    ReplyDelete
  7. @ මධුරංග - කියල වැඩක් නෑ මල්ලි. එක පාරකුත් රේල් පාරෙන් බයික් එක දාන්න ගිහින් පොලිස්සියෙන් දඩත් කෑවා. කිව්වට අහන්නෙ නෑ.

    ReplyDelete
  8. අනේ මෙහෙමත් කෙල්ලො... තමන්ගෙ වෙන්න මහත්තයට නේද මේ මඩ ගහන්නෙ...

    @මධුරංග: මේ වෙද්දි උඹ ටයර් එකක් වෙලාද බන් ;)

    ReplyDelete
  9. @ Kasun - වස ලැජ්ජාව නේ.

    ReplyDelete
  10. @ ගොඩයා - ඒ හිතුවක්කාරකම් ගැන නම් කතා කරල වැඩක් නෑ.

    ReplyDelete
  11. @ Gimhani - මාව මරාගෙන කන්න හදනවා කතාව දැම්මා කියලා. හික්ස්.

    ReplyDelete
  12. කරන්න ගිය කාරණාව නම් හොද නෑ.කෝච්චිපාරේ සෙල්ලම් දාන එක ඒ හැටි හොද දෙයක් නෙමේ.මට සිද්දිය මැවිලා පෙනුනා.

    හික්ස් සජිත් මල්ලි පව් ඔයා...:)

    ReplyDelete
  13. පොස්ට් එක දැක්කොත් පිණිබිදු එක්ක තවත් තරහ යයි.හෆොයි!

    ReplyDelete
  14. දැන් ඔය කොල්ලා රෙද්දක් ඇඳගෙන cyber festival එකට එන්නෙ කොහොමද ? ශික් වස නෝන්ඩිය...

    ReplyDelete
  15. මදැයි විශ්වාසෙට රහසක් කියන්න මරු පෙම්වති . හැරෙන තැපෑලෙන් සයිබරේම කතාව දැන ගන්නවා . පව් !!!!!

    අපේ කෙල්ලෝ නම් මට නිතරම තර්ජනේ අම්මි මේවා යාළුවන්ට කියන්න එපා කියල . බ්ලොග් ලියන උන්දලා ඉන්න ගෙවල් වල මිනිස්සු දැන් උද්ගෝෂණ කරන්න ගන්නවා .

    ReplyDelete
  16. @ සාතන් - ඔය ඉතින් කව්ද මඩක් ගැහුවෙ. වෙච්ච දේ වෙච්ච විදිහටනෙ කිව්වෙ අප්පා.

    ReplyDelete
  17. @ නදී - ඔව් නදී ඒක නම් ඇත්ත. කියල වැඩක් නෑ වචන අපතෙ යන එක විතරයි.

    ReplyDelete
  18. @ නදී - නෑ නෑ එයා පෝස්ට් එක දැකලා. මූණ නරක් කරන් හිටියට තරහ නෑ කියල මම දන්නවා ඉතින්.

    ReplyDelete
  19. @ cjgayan - හික්ස්. දැන් නම් දුකත් හිතෙනවා

    ReplyDelete
  20. @ Bindi - තර්ජන ගර්ජන දැම්මා. හික්ස්. අපි සැලෙයි ඔව්වට.

    ReplyDelete
  21. අප්පේ...පව් අප්පා...නෝන්ඩි ගොඩයි.හම්බ වුන වෙලාවක අහන්න ඕනෙ. බනින්නෙවත් නැතැයි....හික්ස්.

    ReplyDelete
  22. හිකිස්... මරු වැඩේ සජිත් අයියට වෙලා තියෙන්නේ.. හෙ හෙ හෙ.. මට මැවිල පෙනුනා.. පව් අප්පා

    ReplyDelete
  23. අම්මෝ.. මම නම් ඔය වැඩේ කරන්නේ නෑ ජීවිතේට.. එක නම් මහා භයානක සෙල්ලමක්..

    ReplyDelete
  24. ලොවෙත් නෑ... මාර නෝන්ඩියනෙ!

    ReplyDelete
  25. @ අකීකරු හිත - හ්ම්ම්. පවුත් තමා.

    ReplyDelete
  26. @ නිසුපා - අහන්නකො බලන්න. එයත් අතින් පයින් විස්තර කර කර කතාව කියන්නැද්ද කියලා.

    ReplyDelete
  27. @ ප්‍රාර්ථනා - මටත් ඕක මතක්වෙන පාරට හිනා.

    ReplyDelete
  28. @ ක්සැන්ඩර් | Xander - අපොයි ඔව්. ඒක නම් හොඳ සෙල්ලමක් නෙමෙයි.

    ReplyDelete
  29. @ විසිතුරු | visituru - හික්ස්. ඒකනෙ කියන්නෙ.

    ReplyDelete
  30. හික්ස්............. පවු අප්පා අයියා..........

    සජිත් අයියේ අයියා වෙනම බ්ලොග් එකක් පටන් ගන්න පිණිබිඳු අක්කගේ වැඩ කිඩ කියන්ට...... නැත්නම් මේකෙම හරි කහක් නෑ. හික්ස්.......

    ඒක නෙමෙයි හම්බුනාම අහන්ට ඕනා කොහොමද අර ගේට්ටුව අස්සෙන් බයිසිකලේ දාලා ගිය සීන් එක කියලා......... හික්ස්.......

    ReplyDelete
  31. පරක්කු උනා කියලා වහලා තියන රේල් පාරෙන් ගිය එක තමයි ප්‍රදාන වැරද්ද (මට මෙකට විරුද්දව උසාවි ක්‍රියාමර්ග ගන්න සිද්දවෙනවා) මතකනෙ අලව්ව සිද්දිය (අලුත් එක නෙමෙයි පරන එක )

    ReplyDelete
  32. හපෝයි වසලා හමාරයිනේ අයියේ... සවලක් ඕනේනම් කියන්න මං ගානේ එවන්නම්....

    ඇයි දෙයියනේ අයියටම මෙව්වා වෙන්නේ... අනේ අයියේ අයියත් බ්ලොග් එකක් පට්ටාං ගත්තනම් අනිත් පාර්ෂවේ ටිකත් මඩ නැතුව අහගන්න තිබුනා....!

    ReplyDelete
  33. @ හා පැටික්කි (MS) - හාපෝ එහෙම උනොත් ඉතින් මගෙ කාඩ් කුඩු.

    ReplyDelete
  34. මොනව වුනත් ලොකු වැරැද්දක් . . ජීවිත අනතුරක් එහෙම උනා නම්?
    ඒ වගේ වැරදි දෙයක් තාත්තා යෝජනා කලත් පුතා යෝජනාව ස්තීර කරපු නිසා ම ඔටේ ලැබුනු දඬුවම නිසා සජිත්ට "හොඳ වැඩේ උඹට කොල්ලෝ" කියලා තමයි මම නම් කියන්නේ

    ReplyDelete
  35. @ ලොකු ඡෝන් - අන්න ඒක තමා කරන්න ඕනෙ.

    ReplyDelete
  36. @ Prasanna - ඒක තමා ඇයි දෙයියනේ අයියටම මේවා වෙන්නෙ.

    ReplyDelete
  37. පර්ත් වල අලුතින්ම දාපු රේල් පාරවල් දෙකේම එක රේල් ගේට්ටුවක් වත් නැහැ, උඩින් හෝ යටින් තමය් හරහ යන පාරවල්.
    ඉස්සර ඉඳල තිබුන රේල් පාරවල් තුනේ, රේල් ගේට්ටු තියෙනව, හැබය් රිංගුවොත් බඩුම තමා, දඩ කොලේ ගෙදරට තැපෑලෙන්ම එනව. ඒවට කැමරා හය් කොරල තියෙන්නෙ, නොම්මර තහඩුවත් එක්ක අගේට පින්තූරේ ගන්න. පොඩි ට්‍රැෆික් වැරදි වලට වගේ නෙමේ, මැරෙන්න ට්‍රය් කොරනවට දඩේ බොහොම ඉහළය්.

    සිද්ධ වෙච්ච වැඩේට සජිත්ට මගේ සාතිශය කනගාටුව ප්‍රකාශ කරන්න....හිකිස්.....
    (පිණීබිඳුගේ කතා වලින් තේරෙන්නෙ, අහිංසකය දැනටත් කෝච්චියට පැනල, නැත්තන් පනින්න ඔන්න මෙන්න වගේ......හෙහ්..හෙහ්...හෙහ්...)

    ReplyDelete
  38. කොල්ලට පිණිබිඳුව මතක් උනාද දන්නෙ නෑ රේල් පාර උඩදි!

    හොඳ වෙලාවට ලංකාවෙ කෝච්චි වෙලාවට නො එන්නෙ.

    ReplyDelete
  39. කමෙන්ට්ස් වලින් හැඟී යන පරිදි වෙන්න සැමියාට මඩ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පෙනී යයි.... පව් දෙයියනේ අහිංසකයා....


    ඒ උනාට ඔය සෙල්ලම නම් බොහොම නපුරුයි... විනාඩි කීපයක් වෙනුවෙන් ජීවිතේ ඔට්ටුවට තියන්න ඕනි නෑ නෙව...

    ReplyDelete
  40. පික්ෂු සජිත්... බයික් එකෙන් පනින අතරේ කෝච්චිය ආව නම් හිනා නෙවෙය වෙන්නේ...

    ReplyDelete
  41. කෝච්ච්යටම පනින්න තරම් ලැජ්ජාවක්නේ වෙලා තියෙන්නේ....

    ReplyDelete
  42. මම මේ හෙව්වේ සජිත්ගේ කමෙන්ට් එක....

    අනික ඉතින් බර කරත්තෙකට බෙල්ල තියපු පොරකට කෝච්චිය මොකක්ද? :D

    ReplyDelete
  43. මඩ මඩ....දැන්ම ඔහොම නම්.....පස්සෙ මඩ කන්ටේනර් පිටින් නාවයිනෙ...
    සජිත් අයියේ පරිස්ස්මින්

    ReplyDelete
  44. අනේ අපෝයි........... මෙහෙම උනහම මොනවා කරන්න හිතෙයිද මන්දා මටනම්

    ReplyDelete
  45. තාමත් හිනා යනවා..:ද මොනවා උනත් භයානක වැඩක්..මට මතකයි කාර් එකක් ඔය වැඩේ කරන්න ගිහින් රේල් පාර උඩදීම එන්ජින් එක නැවතිලා ලොකු අනතුරක් උනා..

    ReplyDelete
  46. කියවනකොටත් භයයි මට.
    මෙහෙත් පර්ත් වල වගේ තමා. බැරි වෙලාවත් කෝච්චි පාරක මාට්ටු උනොත් කන්න පුළුවන් අවුරුද්දටම ගෙවා ගන්න බැරි දඩ.

    ReplyDelete
  47. සජිත් අයියට හූ කියලා හිනා වෙන එක තමයි මට නම් කරන්න තියෙන්නේ .

    හැබැයි අක්කේ ඔයාට කරන්න තියෙන්නේ ඊටවඩා වෙනස් වැඩක් . අත දිගෑරලා දීපං සජිත් අයියාගේ කන පිරෙන්ඩ ..!

    ආයෙත් කරනවාද ඔය වැඩ කියලා අහලා !!

    එක්කෝ ඔය ඔලුව අතගාලා ආදරෙන් පහදලා දෙන්ඩ ..ඔය වැඩේ බයානක කම .

    ReplyDelete
  48. හපොයි හිනාවෙලා පණ යනවා...

    ReplyDelete
  49. @ දුකා - කියල වැඩක් නෑ අයියේ. ඔයාගෙ කමෙන්ට් එක එහෙම්මම පෙන්නන්න විතරයි තියෙන්නෙ.

    ReplyDelete
  50. @ Observer - නෑ නෑ තව කෝච්චියට පැන්නෙ නෑ. පනින්න ඔන්න මෙන්න. හික්ස්.

    ReplyDelete
  51. @ මාධව - மாதவ - Madhawa - මාර කේස් එක තමා.

    ReplyDelete
  52. @ ඉන්දික උපශාන්ත - අනේ යන්ඩ යන්ඩ. කෝච්චිය පේන්න තිබිල නෑ කොහොමහරි.

    ReplyDelete
  53. @ පිස්සා පලාමල්ල - හයියෝ මෙය මඩක් නොව සිද්දිය වූ ආකාරයෙන්ම වාර්ථා කර ඇත.

    ReplyDelete
  54. @ සෝරෝ - අම්මෝ කියල වැඩක් නෑ.

    ReplyDelete
  55. @ Dinesh - කොහොමද නවත්තපු වාහන වල මිනිස්සු හිකි හිකි ගාලා හිනා වෙනකොට.

    ReplyDelete
  56. @ අභීත - හෙහ් හෙහ් අන්න දවසේ කතාව.

    ReplyDelete
  57. @ පිසාචයා - හික්ස්. මේ මඩ නෙමෙයි හයියෝ.

    ReplyDelete
  58. @ දේවා ගේ අඩවිය - එන කෝච්චියටම බෙල්ල තියන්න හිතෙයිද

    ReplyDelete
  59. @ Sayuri - ඒක ඇත්ත එක තත්පරේක දෙකක වැරැද්දක් ජීවිතේකින් වන්දි ගෙවීමක් වෙන්න පුලුවන්.

    ReplyDelete
  60. @ Il mondo di una povera pazza - මෙහෙත් පොලීසියට අහු උනොත් නම් දඩ තමා රංගි අක්කෙ.

    ReplyDelete
  61. @ හිස් අහස - ඔව් මල්ලි ඉක්මන්නින් යන්න හදනව වගේ නෙමෙයි පොඩි අත්වැරැද්දක් ඇති ඔක්කොම විනාස වෙන්න.

    ReplyDelete
  62. @ පැණි දොඩම් - තාත්තට මෙයා බයික් එකේ නෑ කියල තේරුනාම මොනා හිතෙන්න ඇත්ද.

    ReplyDelete
  63. !ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුව දිය
    කෙළියේ”.

    එහෙමත් නැත්නම්

    "කරන කලට පව් මිහිරියි මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ"

    කිව්වත් කමක් නෑ කෙල්ලේ. බොලා ලඟදිම බඳියි නෙව.

    ReplyDelete
  64. හෆොයි නෝනඩි ගොඩයි කිව්වලු. මට තාම හිනා...

    ReplyDelete
  65. ඉළ ඇදෙන කල් හිනා ගිය මේක කියවල :D :D :D
    හැබැයි දුම්රිය හරස් මාර්ග වලින් මේ වගේ දාන එක නම්, ඉතාම භයානක නීති විරෝධී වැඩක්.

    ReplyDelete
  66. @ nawammawatha - මේ බැඳපු උන් හරිම ආසයි නේද අනිත් උන් ඉක්මනට අමාරුවෙ වැටෙනව දකින්න තමන් වගේ. හික්ස්.

    ReplyDelete
  67. @ සීතල අයියා - අපරාදෙ අමාරුවෙන් බයික් එකෙන් පනිනකොට දාපු ඇක්ෂන් ඔක්කොම අපතෙ.

    ReplyDelete
  68. @ ටී.බී. හේරත් - අම්මෝ ඒක නම් සෑහෙන අනතුරුදායක දෙයක්.

    ReplyDelete
  69. හප්පා... පට්ට නෝන්ඩිය.. ඊටත් හපන් ඔයා හිනා වෙනකොට... ඒ මදිවට මේ බ්ලොග් පෝස්ට් එක දැකලා සජිත්ට හිතෙනවා ඇති ආපු කෝච්චියට පැනලා මැරුනනම් හොඳා කියලා... :D

    ReplyDelete
  70. ඔහෙප්පලයං...මදැයි විස්වාසෙට කාරණාවක් කිවුවා. ආන්...බ්ලොග් ලියන හැමෝම හිකිස් ගානවා....මාත් එක්ක ඈෑෑෑෑ...මැවිලා පේනවා පව් අප්පාාා....

    ReplyDelete
  71. මටත් ඔය වගේ වැඩක් වුණා යාළුවෙකුගේ මෝටබයික් එකේ පස්සේ ඉඳගෙන ගිය දවසක. පෙට්‍රල් ෂෙඩ් එකේ මං බැස්සා. ඌ නොබැසම තෙල් ගහං ඇරලා ගියා.

    ReplyDelete
  72. @ කින්නරාවි - දැන් නම් පව් කියලත් හිතෙනවා කොජී. ඒත් හිනා යනවනෙ.

    ReplyDelete
  73. @ malmi - ඔය සීන් එකම තමා මටත් උනේ ඉතින්. හික්ස්.

    ReplyDelete
  74. @ කතන්දර Kathandara - හපොයි යාලුවා ආවෙ නැද්ද ආයෙ හොයාගෙන.

    ReplyDelete
  75. මටත් ඔහොම වැඩක් උනානේ. මමයි පැද්දේ. පස්සෙන් හිටියේ මගේ යාලුවෙක්.. උගේ සිරිතක් තිබ්බ නතරවෙන නතරවෙන ගානට කකුල් බිම තියාගන්න. ඒ මොකද ඌ උස හින්දා කකුල් දිගයි.. කොච්චර කිවුවත් අහන්නේ නෑ උඩ තියන් හිටපිය මට ඉක්මනට යන්න කියල.. ඒක දවසක් මු එහෙම ඉන්න ගමන් වැඩි වෙලාවක් නතරවෙලා හින්ද බිමට බැහැල.. මම ඉතින් සුපුරුදු විදුහට යකා වගේ කෙළගෙන යනවා. මං කියන එවුවට මු උත්තර දෙන්න නැත්තේ මොකද කියල බැලුවම ඌ නැහැ !

    ReplyDelete
  76. @ සරත් ලංකාප්‍රිය - එහෙනම් එතනත් මේ වගේ සිද්දියක් වෙන්න ඇති. යාලුවා හෙල්මට් එකත් දාගෙන පිටිපස්සෙන් දුවන්න ඇති සරත් සරත් කිය කියා.

    ReplyDelete
  77. අම්මෝ මෝටර් බයික් කතා දැන් අහද්දිත් බය හිතෙනවා. මතකනේ මේ කතාව

    http://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.html

    ReplyDelete
  78. ඔයාට කියන්න නගේ වතාවක් මමත් ඔහොම බැස්ස නොවැ සයිකලෙං . . . අලවුවෙදි

    ReplyDelete
  79. වෙන්ඩ ස්වාමියාට මඩ ගැසීම නම් අනුමත නොකරමි... නමුත් වෙන්ඩ ස්වාමියා කර ඇති වැරැද්දට මෙවැනි දඩුවමක් දිය යුතුමය...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...