Pages

Monday, January 2, 2012

නත්තල් කේක් කන්න නත්තල් එනකල්ම ඉන්න ඕනෙද


අලුත් අවුරුද්දෙ මගෙ පලවෙනි පෝස්ට් එක. අලුත් අවුරුද්ද උනත් පරණ පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නෙ. නත්තල් පහු උනාට කමක් නෑ. නත්තල් එනකල්ම ඉන්න ඕනෙ නෑනෙ නත්තල් කේක් කන්න. කෝ ඔය දියවැඩියාකාරයො ටික පැත්තකට උනා නම්.

ඉස්සෙල්ලාම අවශ්‍ය ද්‍රව්‍ය බලමු.

1. බටර් 250gයි.

2. සීනි කුඩු 400gයි. Soft Sugar කියලා කියන්නෙ ඕවට තමා. ඒවා හොයාගන්න බැරි උනොත් සීනි ග්‍රයින්ඩරෙන් කුඩු කරගෙන ගත්තත් කමක් නෑ.

3. බිත්තර 4යි.

4. රුලං 200gයි.

5. රට ඉඳි 250gයි.

6. බ්ලැක් කරන්ට්ස් 50gයි.

7. වියලි මිදි 150gයි.

8. කජු 150gයි.

9. ඉඟුරු දෝසි 125gයි.

10. පුහුල් දෝසි 400gයි.

11. චව් චව් 250gයි.

12. කැන්ඩිට් පීල්ස් 125gයි.

13. මික්ස් පීල් 50gයි.

14. සිට්රස් පීල් 50gයි.

15. චෙරි 200gයි.
මේවා නම් ඔය කේක් බඩු විකුණන කඩවල් වලින් නැත්තන් සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.

16. ගෝල්ඩන් සිරප් ම්ලි ලීටර් 100යි.

17. ජෑම් මේස හැඳි හතරක් පහක් විතර.

18. බේකිං පවුඩර් තේ හැඳි 1/2යි.

19. වැනිලා ආමන්ඩ් එසෙන්ස් ටිකක්

20. මී පැණි මිලි ලීටර් 100යි.

21. තව බ්‍රැන්ඩි හරි අරක්කු හරි මිලි ලීටර් 100කුත් ඕනෙ.

ඔය අපේ (අ)මද්‍යප මහත්තුරු ටිකට කොරන්න තියෙන්නෙ ඔය බඩු ටික නෝනලට ගෙනත් දීලා ඉතුරු වෙන බ්‍රැන්ඩි කොටෙත් එක්ක පැත්තකට වෙලා ඉන්න එක තමා.

ඉස්සෙලාම පළතුරු ටික සිහින් කැබලි වලට කපාගන්න. ඔන්න පින්තූර ටික.






ඒකට එසෙන්ස් වර්ග, ගෝල්ඩන් සිරප්, මී පැණි, ජෑම් එකතු කරන්න.

අවසානයට බ්‍රැන්ඩි ටිකත් එකතු කර ගන්න.



දැන් හොඳින් මිග්‍ර කරගන්න.

ඔය මිශ්‍රණය පේන්නෙ මෙහෙමයි.



මේක භාජනයකට දාලා ලන්ච් ෂීට් එකකින් වහලා දවස් තුනක් තියන්න. හැබැයි කූඹින්ගෙන් බේරගන්න එක ඔයාලගෙ වැඩක්. කූඹි හිටු කියලා දුවගෙන එන්නෙ.

දවස් තුනක් ගියාට පස්සෙ කරන්න තියෙන්න ටික මේ.

ඉස්සෙල්ලාම රුලං ටික කබලෙ බැද ගෙන නිවෙන්න තියන්න.

බටර් එක්ක සීනි මිශ්‍ර කරලා හොඳින් ගසා ගන්න. ඒකට බිත්තර කහ මද එක්කරමින් ගසන්න. මේකටම රුලං ටිකත් දාගන්න. මේකට අර පළතුරු මිශ්‍රණය එකතු කරගන්න. බේකිං පවුඩර් ටිකත් දාන්න. අන්තිමට බිත්තර සුදු මදය ටික ටික එකතු කරගන්න.

කේක් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් තැටි වලට දාලා පෝරණුවක පුලුස්සා ගන්න.



මේ තියෙන්නෙ අන්තිම ප්‍රතිපලය. වෙඩින් කේක් රසම තමා එන්නෙ.



පෝරණුවෙ ෆැරන්හයිට් 175ක උෂ්ණත්වයක විනාඩි 45ක් කේක් එක පුලුස්සා ගන්න.

ඉතින් වෙලාවක හදලා බලන්න. ටිකක් මහන්සි වෙන්න නම් වෙනවා. ඒත් ඒ මහන්සිය අපතෙ යන්නෙ නම් නෑ.

ප.ලි. වයින් එක නම් කියලා වැඩක් නැත. බඩජාරී කමට ඉඩ නොදී වයින් රස විඳින හැටි උගත්තෙමි.

52 comments:

  1. ඉතුරු බ්‍රැන්ඩි ටිකට මොකෝ කරන්නෙ..

    ReplyDelete
  2. මගේ අම්මට නම් නත්තල් කේක් හදන්න පුළුවන්. මොකද අම්මා වැඩ කරන ගෙදර පොඩි දුව බැදලා ඉන්නේ ක්‍රිස්තියන් කෙනෙක්. ඒක නිසා හැම නත්තලකටම කේක් හදනවා. මේ පාර මට අම්මා හදපු කේක් වල රස බලන්න තාම යන්න බැරි වුනා. එහේ නම් අවුරුද්දට පැණි වළළු හදනවා. මම ඒවට නම් හරිම පෙරේතයී.
    පහුවෙලා කියලා දුන්නට මොකද මේවා පරන වෙන තරමටලු නේ රස.

    ReplyDelete
  3. මං මේ යූල් ලොග් බලන්න ආවෙ! මෙව්වත් නරක නැත.

    ReplyDelete
  4. අනේ කේක් හදන්න මෙතරම් බඩු ගොඩක් ඕනද?...කඩන්න බැරි මිදි තිත්තයි කිව්වලු :)

    ReplyDelete
  5. මිලිලීටර් 100ක් ඕන වැඩේට බෝතලයක්ම ගත්තෙ ඇයි?

    ReplyDelete
  6. හ්ම්ම්....
    අපේ අම්මිත් හැදුවා නත්තල් වලට... හම්මියෝ දවස් දෙකෙන් කේක් එක මිසින්.
    ඔව්වත් එක්කම හරියන දේ තමයි වයින්... එකත් හදන හැටි දාමු. මොකද ගෙදර හදන වයින් තරම් කඩෙන් ගන්න එව්වා රස නෑ වගේ නිසා...

    @ වැම්පයර්
    මොකද කියන්නේ... දෙමුද ගේම ඉතුරු බ්‍රැන්ඩි ටිකට. හිකිස්‌
    ;)

    ReplyDelete
  7. නත්තල් කේක් වෙඩිං කේක් වගේ..පැණි රස වැඩි නිසා දිල් නම් කන්න කැමති නෑ ....ඒත් හදලා නම් තියෙනවා

    ReplyDelete
  8. ඈහ්.... බං කෝ උෂ්ණත්වයයි,වෙලාවයි.ඒකත් කියපන්කෝ.

    හරි හරි ඔය වයින් කතාවත් කියලා දාපන් වැඩිය හිතන්නෙ නැතුව.

    ReplyDelete
  9. ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕනෙද..... කන ජාති ටික කාල........ බොන ජාති බීල උඩ පැන්නා නම් හරි............

    ReplyDelete
  10. අර බෝතලේ විතරයි මං නම් දැක්කේ... මොනාද ඒ????

    ReplyDelete
  11. වෙඩින් කේක් හදන්න බඩු ගෙනල්ල සහ ඒ අක්කට උදව් වෙලා මට නම් ඔය ජාතියේ කේක් මතක් කරන කොටත් මහන්සියි . හැබැයි කන්න නම් ආසයි . කෝ ඉතින් ඔය සමහර ජාති හොයාගන්න තියෙයිද මන්දා මෙහෙ . බලමුකෝ සොයල . රෙසිපියට ස්තුතියි . පුළුස්ස ගන්න කොටස පැහැදිලි මදි නගේ. ඔය වගේ කේක් ටිකක් වෙනස් නේද

    ReplyDelete
  12. කෝ කෝක් ඇන් අයිස්??

    ReplyDelete
  13. අපරාදේ මෙයාලා බ්‍රැන්ඩි නාස්ති කරනවා...ඔයිට වඩා කොච්චර ලේසිද ළමයා ඔය පලතුරු ටික තසිමකට දාගෙන බ්‍රැන්ඩි එකත් ඇරලා ලගින් තියාගෙන ළගින් වාඩි උනානං...ඕනනං තව නිවිච්ච උනු වතුර ටිකක් තිබුනනං ඇති.. පිටි ඕනත් නැහැ රුළං ඒනත් නැහැ...

    මොනවා උනත් වැඩේනං හොඳට ඇවිත් තියෙනවා..කොළඹ එනගමන් කෑල්ලක් ඔතං වර...

    ReplyDelete
  14. @ වැම්පයර් - බ්‍රැන්ඩි ටික තාත්තගෙ භාරයට පත් කර ගත්තා.

    ReplyDelete
  15. @ බට්ටි - පරණ වෙන තරමට තමා රස. ඒත් කාටද අප්පා ඔය හැටි කාලයක් බලාගෙන ඉන්න පුලුවන්. බාපු ගමන් දෙනව බැටේ.

    ReplyDelete
  16. @ ඉන්දික උපශාන්ත - ඒකනෙ කියන්නෙ

    ReplyDelete
  17. @ Shani - ඔය දාන ඒවා හන්දා තමා ඔහොම රසට එන්නෙ.

    ReplyDelete
  18. අඩේ කිවුවා වගේම හදාලා නොවැ... මදැයි හැමදාම මතක් කරන්න කියල හිතාගෙන හිටියා....

    ReplyDelete
  19. @ රාජ් - ඒක අපෙ තාත්තගෙ කුමන්ත්‍රණයක්. ඉතුරු බ්‍රැන්ඩි ටික අයිති කරගන්න.

    ReplyDelete
  20. @ නෝටියා | Naughty's Impression - මම කේක් එක්ක තමා වයින් බිව්වෙ. ඒත් ගෙදර හදන වයින් නම් දන්නෙ නෑ. ඒකෙ රෙසිපි එක හොයාගන්න ඕනෙ.

    ReplyDelete
  21. @ දිල් - මම නම් ඔය පැණි රස හින්දමයි ආස.

    ReplyDelete
  22. @ නිසුපා - අඩේ ඔන්න මම වැරැද්ද හැදුවා. මට ඒක දාන්න අමතක උනානෙ. වයින් ගැන කියනවා නම් දවස් නවයක් ගෙදර හිටියා වයින් බෝතලේ අඩියටම හිඳුනා. එච්චරයි කතාව.

    ReplyDelete
  23. @ ඊ මේල් කවිකාරි - අනේ අක්කා ඒවා නම් එපා. මගෙ උගුර පිච්චිලා යන එක විතරයි දැනෙන්නෙ. මොන රහකට මුන් ඕවා බොනවද මන්දා.

    ReplyDelete
  24. @ saundiris - ඔව් ඉතින් කොහොමත් බොන ජාති ටික බිව්වම උඩ පැනෙනවා තමා.

    ReplyDelete
  25. @ prasanna86k - ඔය මේ අර අයිස් තේ වගයක්නෙ.

    ReplyDelete
  26. @ Bindi - පැහැදිලි මදි කිව්වෙ අක්කෙ කේක් තැටි පිලියෙල කරගන්න ටිකද. තැටියට මාජරි ගාලා හාෆ් ශීට් තට්ටු තුනක් දාලා ඊට උඩින් තෙල් කඩදාසියක් දාන්න ඕනෙ. ඒ ටික උඩින් තමා කේක් මිශ්‍රණය දාන්න ඕනෙ. ෆැරන්හයිට් 175 විනාඩි 45ක් විතර බේක් කර ගත්ත නම් හරි.

    ReplyDelete
  27. @ පැණි දොඩම් - මුන්ට ඉතින් මොනා දැම්මත් ඔච්චරයි. බෝතලේ විතරයි පේන්නෙ. ඇයි බං මෙච්චර මහන්සි වෙලා කේක් එකක් හදල තියෙනවා පේන්නෙ නැද්ද.

    ReplyDelete
  28. @ මාරයාගේ හෝරාව - උඹලගෙ කතා අහද්දි මටත් හිතෙනවා බං අයියෙ එහෙම කරා නම් ඉවරයි කියලා මෙහෙම කේක් හදන්න මහන්සි වෙන්නෙ නැතුව. හික්ස්.

    ReplyDelete
  29. කේක් හදන්න ගෙනාපු බ්‍රැන්ඩි එහෙම ඉතුරු නැද්ද ? බොන්න නෙමේ. මටත් කේක් එකක් හදලා බලන්න.
    ප්‍රශ්නයක් !!
    බ්‍රැන්ඩි බෝතලයක් විතර දාලා කේක් හදන්න බැරිද ?

    ReplyDelete
  30. මෙවුවා කන්න තිබුණා නම් ඉතින් අපිටත් නත්තල් වගේ තමා

    ReplyDelete
  31. හොඳ ගාණක් යයි නේද?

    ReplyDelete
  32. ඇයි හතිලව්වෙ කේක් කන්න මැරෙන්න වෙනවනෙව හදන්න ඕන කරන ජාති ඇහුවම !

    ReplyDelete
  33. මේ පාර නම් කෑවා ඇතිවෙන්න ලංකාවට ගිය වෙලේ.. මං දැනුයි දන්නේ බිත්තර දාන බව.. අපේ හාමිනේ මට බොරු කියල තියෙන්නේ මං බිත්තර නොකන හින්දා..අල්ලගන්නම් උන්දැව අද හවස !

    ReplyDelete
  34. කොනියැක් දාපු කොක්ටේල් එකක් බීල බැලුව නං ඔයා ඕක කියන්නැහැ http://www.drinksmixer.com/cat/2517/

    ReplyDelete
  35. බ්‍රැන්ඩි මි.ලි. 100 ක් දැම්මම ඇද්ද?

    චව් චව්, කැන්ඩිට් පීල්ස්, මික්ස් පීල්, සිට්රස් පීල්,
    ඔව්වෑ නං නම් ඇහුවෙත් අදයි, 'ඔබී' ආවම වත් අහල බලන්න ඕනෙ මොනවද ඒ කියල

    ReplyDelete
  36. ජීවිතේට එකම සැරයක් හදල තියෙනවා.... ඕවයෙ සුවඳ වැඩිකමටද කොහෙද මට කැරකිල්ලත් හැදුනා.... මං හිතුවෙ ආයෙ කන්නවත් හිතෙන එකක් නෑ කියල... මොන පිස්සුද... පස්සෙන්දම වැඩේ පටන් ගත්ත.... :D

    ReplyDelete
  37. අය්යෝ.. බ්ලොග් කියවිල්ල ටික කාලෙකට නවත්තන්න වෙනවා ආත්මාරක්ෂාවට.. කට්ටිය ගණ සැරේට දාන්නේ කන බොන ජාතිමනේ.. කෙල ගිලිලා දවසක මැරෙනවා මං දන්නවා ඕන්....

    ReplyDelete
  38. @ Dinesh - ඇද්ද කට්ටියට හූ..

    ReplyDelete
  39. @ මධුරංග - බ්‍රැන්ඩි බෝතලයක් දාලා හදන්න පුලුවන්. එතකොට ඒකට කේක් කියන්න බෑ බං.

    ReplyDelete
  40. @ හිස් අහස - මෙහෙන් බඩු ටික හොයා ගත්තොත් තමා. අපේ පැත්තෙත් හොයන්න අමාරුයි.

    ReplyDelete
  41. @ හරී - අවුරුද්දකට පාරක් හදන නිසා හොඳයි. නැත්තන් සේසතම උගස් කරන්න වෙන්නෙ.

    ReplyDelete
  42. @ nawammawatha - අමරුවෙන් හරි හදාගත්තොත් කෝමද රස.

    ReplyDelete
  43. @ සරත් ලංකාප්‍රිය - නෑ මේකෙ බිත්තර නොදා හදන වර්ෂන් එකකුත් තියෙනවා මයෙ හිතේ.

    ReplyDelete
  44. @ ඊ මේල් කවිකාරි - එහෙම බීලා නෑ අක්කා.

    ReplyDelete
  45. @ Observer - මිලි ලීටර් සීය හොඳටම ඇති. නැත්තන් කාපු කාපු තැන් වල එක එකා වැටිලා ඉඳියි.

    ReplyDelete
  46. @ Miyuru - මේක පරණ වෙන්න වෙන්න මාර රහක් තියෙන්නෙ

    ReplyDelete
  47. @ ක්සැන්ඩර් | Xander - ඔව් ඔව් ඕවට රිටන් එක දෙන්න තමා මාත් මේ පෝස්ට් එක දැම්මෙ.

    ReplyDelete
  48. අප්පා.... ඒක දැක්කත් බඩ පිරෙනවා...

    ReplyDelete
  49. හෆ්ෆා . . ෆ්‍රෑංක්ලින් . . . හරියන්නෙ නෑ . . . මට පහුවදාට උහුලන්න අමාරු ඔලුවෙ කැක්කුමක් එනව ෆ්‍රෑංක්ලින් බිවුවම

    ReplyDelete
  50. @ තාරා - හදල බලන්නකො

    ReplyDelete
  51. @ ඕනයා - ඕකත් තාත්තා තමා ගෙනාවෙ. වයින් වගේ බ්‍රැන්ඩි වල බ්‍රෑන්ඩ් ගැන නම් මම දන්නෑ අප්පා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...