Pages

Monday, March 21, 2011

මාළු ඇඹුල් තියල් කාලා ඇති වෙලාද? එන්න මාළු සම්බෝල කන්න


අපි සාමාන්‍යයෙන් මාළු උයන්නෙ එක්කො මිරිසට එහෙම නැත්තන් ඇඹුල් තියල්. බෝඩිමක තනියෙන් උයාගෙන කනකොට ගොරකා තුනපහ අඹරලා ඇඹුල් තියල් හදන්න නම් ටිකක් අමාරුයි නේද? මාළු වලින් හදාගන්න පුළුවන් ලේසිම ලේසි කෑමක් කියල දෙන්නද? මේක අපේ අම්මගෙන් ඉගෙනගත්තු රෙසිපි එකක්. එන්න මාළු සම්බෝල කන්න.

මේකට අවශ්‍ය දේවල් හරි පොඩ්ඩයි. ඔය පහළ තියෙන පින්තූරෙ විදිහට ලූණු, තක්කාලි, අමු මිරිස්, කරපිංචා පොඩියට කපාගන්න. දෙහි බෑයකුත් ලෑස්ති කරගන්න. ඊට අමතරව ගම්මිරිස් කුඩු ටිකක් සහ රස අනුව ලුණු කුඩු ටිකක් ගන්න.


මම මාළු සම්බෝල හදන්න ගන්නෙ නම් වැව් මාළු තමා. මූදු මාළු වලිනුත් හදන්න පුළුවන් වෙයි. මම හදල නම් නෑ.

මාළු කෑලි ටිකක් අරගෙන භාජනයකට දාලා ඒකට කහ සහ ලුණු මිශ්‍ර වතුර ටිකක් දාලාලිපේ තියලා හොඳින් තම්බා ගන්න. දැන් මාළු ටික තැම්බුණාට පස්සෙ පොඩ්ඩක් නිවෙන්න තියලා කටු ඇරලා පොඩිවට කෑලි කඩා ගන්න.

දැන් කලින් කලින් ලෑස්ති කරගත්තු ලූණු, තක්කාලි, අමු මිරිස්, කරපිංචා, ලුණු සහ ගම්මිරිස් ටික අර පොඩිවට කඩාගත්තු මාළු එක්ක අනාගන්න. දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරගන්න.

හ්ම්ම්.. දැන් බලන්නකො රස....


30 comments:

  1. කටට කෙල ඉනුවෝ............. :D

    ReplyDelete
  2. මුහුදු මාළුවලිනුත් පුළුවන් නගේ..මම දෙතුන් වතාවක් හදලා තියේ..හරියට සැමන් සම්බෝලේ වගේම තමා..
    හැබැයි තම්බනකොට හොදට ඇඹුල හිටින්න ගොරකා කෑල්ලක් දෙකක් දාන්න ඕන

    ReplyDelete
  3. ඔව් ඔව් ඔය කොයි මාළුවගෙනුත් හදන්න ඇහැක් ඇති. මමත් කාල තියෙන්නෙ මූදු මාළු සම්බෝල තමයි. ආයිත් කියල වැඩක් නෑ රහ නං උපරිමයි.
    ඒක නෙමෙයි මේ පාර තාත්ත මේ සම්බෝලෙ හදන පින්තූරෙ දැම්මෙ නැත්තෙ මොකෝ ?

    ReplyDelete
  4. @ සෝරෝ - නිවාඩු වෙලාවක හදාගෙන කන්ඩෝ..

    ReplyDelete
  5. @ ඉලංදාරියා - තැන්කූ සහෝ..

    ReplyDelete
  6. @ මාරයාගේ හෝරාව - මූදු මාළු වලිනුත් හදල බලන්න ඕනෙ වෙලාවක.

    ReplyDelete
  7. @ nawammawatha - මේ පාර රෙසිපි එක අම්මගෙන්. කොහෙද අම්මගෙ ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකේ දානවා කියපුවාම එපාම කියනවා. ඉතින් දැම්මෙ නෑ. මම මූදු මාලු වලට වඩා ආස වැව් මාලු තමා. ඒත් මූදු මාළු වලිනුත් වෙලාවක හදලා බලන්න ඕනෙ.

    ReplyDelete
  8. මාලු නම් පේන්නෙ නෑ. ලූනු තමා පේන්නෙ. පින්තූරෙන් මම හිතුවෙ ලූනු සම්බෝලයක් කියල

    ReplyDelete
  9. ඔයා ළඟ මේ වගේ තව තියෙනවා නම් පොස්ට් කරන්නකෝ

    ReplyDelete
  10. @ රංග - මගේ ලෝකය - ඇත්ත වශයෙන්ම කියනවානම් මෙතන එක සැඟවුණු කතාවකුත් තියෙනවා මේ සම්බෝලයේ ලූණු වැඩි වී මාළු අඩුවීම සම්බන්ධව. අම්මා මාළු තම්බන්න තියල ලිප නිවන්න අමතක වෙලා මාළු කර උනා. මේකෙ සමහර තැන් වල කළු පාට වෙච්ච මාළු කෑලි තියෙන්නෙ ඒ කර වෙච්ච ඒවා තමා. මම ගෙදර එන්නෙ මාසෙකට වතාවක් හින්දා ඊලඟ මාසෙ වෙනකල් ඉන්න බෑනෙ මේක කන්න. එච්චරම අවුලක් නෑ මාළු පොඩ්ඩක් අඩු එක විතරයි.

    ReplyDelete
  11. @ Shan Samarasinghe - තව තියෙනවා ඉන්නකො ඉක්මනට දාන්නම් ඒවත්.

    ReplyDelete
  12. අපේ අම්මා සැමන් හදන්නෙත් මෙහෙම තමයි.මට මේකත් එක්ක පාන් ගෙඩියක් වුනත් කන්න පුලුවන්.කියලා දීපු එක වටිනවා.අපිට උනත් හදිස්සියකට හදාගෙන කන්න බැරියැ.

    ReplyDelete
  13. මේ විදියට බල මාලු ගම්මිරිස් ටිකක් වැඩිපුර දාල හැදුව නං නියමයි.

    ප.ලි.
    මම මේ අහන්න මයි හිටියෙ . . . . මේක මාලු සම්බෝලයක්ද . . .??? නැත්තං ලූනු සම්බෝලයක්ද ???

    ReplyDelete
  14. මාලු සම්බෝල නම් කාල නෑ.සෑමන් සම්බෝල කාල තියනවා.හදල බලන්න ඕනේ.මෙහෙ වෑව් මාලුනම් ඕන තරන් :).මිරිස් ටිකක් අඩුව දාල ගත්තහම් පොඩි අයත් ගොඩක් ආසාවෙයි.

    ReplyDelete
  15. මං මාතර නැන්දලාගේ දිහාවේ ගියපු දා නම් මාලු සම්බෝල කාලා තියෙනවා. මාර ම රහයි.

    මම මේ පෝස්ට් එක බලන එක පැත්තකින් තියලා පාන් භාගයක් අරගෙනම ආවා කියවන ගමන් කන්න.

    නියම පෝස්ට් එකක්. දැනුවත් කලාට ස්තූතියි පිණිබිදූ.....

    ReplyDelete
  16. ඇත්තමයි හදන විදිය දැක්කමම ආසාවක් ඇති උනා...

    ReplyDelete
  17. අලේ මගේ කටටත් කෙල උනනවා.......

    ReplyDelete
  18. අපොයි මම වෙජි ටේරියන් ...

    ඒ උනාට අපේ අම්මා මේව එකතු කරනවා . මාරේ අයිය කෑම හදන හැටිත් අම්මා බලනවා . දැන් මේකත් මුද්‍රනය කරලා ඉල්ලුවා ..

    ReplyDelete
  19. අම්...අම්... එ සැරේ කුකරි ක්ලාස් එකකුත් දාන්න වගේ අක්කා යන්නේ.... මේක ලෙසියි බලන්න ඔනේ ට්‍රයි එකක් දිලා...

    ReplyDelete
  20. @ rajith - හදන එක නම් අමාරුවක් නෑ. හුඟක් ලේසියි

    ReplyDelete
  21. @ ඕනයා - අපොය් මට බල මාලු නම් ඇජර්ජි. සම්බෝලයේ ලූණු වැඩිවී මාළු අඩුවීම ගැන මම රංගට දීපු උත්තරේ තියෙනවා. පොඩි මිස්පයර් එකක්.

    ReplyDelete
  22. @ නදී... - අපෝ වැව් මාළු තියෙනවනම් අනිවාර්යයෙන්ම හදලා බලන්න

    ReplyDelete
  23. @ මධුරංග - පාන් එක්ක නම් කියල වැඩක් නෑ රස.

    ReplyDelete
  24. @ Dinesh - එහෙනම් හදලා බලන්නකෝ..

    ReplyDelete
  25. @ හසී - කෙල හල හල ඉන්නෙ නැතුව හදාගන්නකෝ

    ReplyDelete
  26. @ හිස් අහස - මාළු සම්බෝල නම් ඉතින් මාළු නැතුව හදන්න බෑනෙ. අම්මට වත් හදල බලන්න කියන්නකෝ.

    ReplyDelete
  27. @ නිම්ශා - හදන්න ලේසියි. බලන්නකෝ

    ReplyDelete
  28. අම්මෝ... මගේ කටට කෙල උනනවා... හෙටම මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න ඕනා... :)

    ReplyDelete
  29. විස්තරේ කරලා තියෙන විදිහට නම් කටට කෙළත් ආවා. අම්මාට කියලවත් හදවලා බලන්න ඕනේ. බෝඩිම් ජීව්තේ හන්දා ඔයාටත් හොඳ හොඳ සූප ශාස්ත්‍ර අත්දැකීම් හම්බුවෙලා නොවැ :))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...