Pages

Sunday, May 1, 2011

මොන විප්ලවද මල්ලියෙ අපිට


පොඩි එකා
කිරි කඳුළකට
රැහැයියෙක් වගේ
හුස්ම අල්ලන්
අඬනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..

මහ මිනිහා
කට ගොන්නක්
බීගෙන ඇවිත්
හැලිවලං
පොළවෙ ගහනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..

මැසිම පාගලා
හම්බුකොරන
තුට්ටු දෙකෙන්
දවස ගෙවාගන්න
දඟලනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..

31 comments:

  1. මරු මරු...
    විප්ලව නම් කරන්න බැරි කමක් නෑ අක්කෙ... අපේ හරක් විප්ලවයක් කියන්නෙ බෝඩ් ලෑල්ලක් අරන් හරි ආයුදයක් අරන් හරි මෝඩපාට් දානව කියන එක‍ටනෙ...

    ReplyDelete
  2. ඒක හරි විප්ලව නොකරන හඩක් නගන්නේ නැති මිනිස්සු කොච්චර නම් ඉන්නවද අසාධාරන වලට අහුවෙලා.

    කාන්තා විමුක්තිය, විප්ලව ගැන සීතල කාමර වල ඉදලා කතා කරන කාටවත් ගම්වල මේ අයගේ දුක තේරෙන්නේ නෑ.

    ReplyDelete
  3. මොන විප්ලවද අක්කේ අපිට... ගෙදට්ට වෙලා කාලා බුදියගන්නවා මිසක්...

    ReplyDelete
  4. දැං කොහේද පිණි විප්ලව. මං උපන්තේකට දැකල නෑ නෙව එහෙම එකක්, ඔය පොතකින් පත්තරයකින් කියෙව්වොත් මිසක්. වර්තමාන කම්මරුවන් [මේ ලියන මාත් එක්කම] තමන්ගෙ අයිතිවාසිකම් ගැන සතපහක අවබෝධයක් නෑ. අඩුම ගානෙ එකෙක් හරියකට දන්නවද දැන් ඔය ආණ්ඩුවෙන් කරන්න යන විශ්‍රාම වැ‍ටුප් ක්‍රමය ගැන. ඒ ගැන සංවාදයක් ඇති කරන්න ඔය මහ ලොකු කම්කරු නායකයො පොඩි හරි උත්සාහයක් දරණවද. ඉතිං එහෙව් මිනිස්සු ඉන්න රටේ මොන මැයි දිනද?

    ReplyDelete
  5. ඇට්ලස් යෝදයටවත් නුඹලා උසුලන බර උසුලන්න බැරි වෙයි අක්කෙ..... මොන විප්ලවද...?

    ReplyDelete
  6. @ සාතන් - ඒක නම් ඇත්ත. මිනිස්සුන්ගෙ දුක විකුණන් කනවා.

    ReplyDelete
  7. @ මධුරංග - බත් පැකට් එකටත් බෝඩ් එකක් උස්සගෙන එන මිනිස්සු ඉන්නවා. ලොකු ලොක්කොන්ට පල්ලෙහා මිනිස්සුන්ගෙ දුක දකින්න ඇස් නෑ.

    ReplyDelete
  8. @ prasanna86k - අන්න මාලුවට විතරයි මොලේ ඇති දෙයක් මතක් උනේ.

    ReplyDelete
  9. @ nawammawatha - ඒක ඇත්ත අයියෙ. මැයි දිනයත් මාකට් වෙන එකේ ආයෙ මොන කතාද කම්කරු අයිතිවාසිකම් ගැන.

    ReplyDelete
  10. @ මම ඩුමාංජරිය - පාරෙ විප්ලව නොකලට ඒ අය ජීවිතය ඇතුලෙ කරන විප්ලවයම ඇති.

    ReplyDelete
  11. @ ටී.බී. හේරත් - හුඟක් සංවේදී කවියක් ඒක.

    ReplyDelete
  12. @ පිණිබිඳු,
    ඒ උනත් මේකනෙ කාරනේ...

    ReplyDelete
  13. මොන විප්ලවද අක්කේ බීටා තවම පොඩි එකා නොවැ

    ReplyDelete
  14. අහස උසට නැග යද්දි බඩු මිල
    එක වේලාක් යන්තමින් කනකොට
    පාර දිගේ කෑ මොර දිදි යන
    මොන විප්ලවද අක්කේ මට..

    ReplyDelete
  15. ඕං ආය කිරිපිටිත් වැඩි කරනවලු පැකට් එකක් රුපියල් 20 කින්.

    ReplyDelete
  16. බිල්ලාඩනුත් මැරිල ලු නෙ.

    ReplyDelete
  17. අපි ඉතින් විප්ලව කරන්න ඕනේ ඔය සමාජ ක්‍රමය වෙනස් කරන්නනේ.නැතුව බලන්හිටියා කියලා ලෝකෙ වෙනස් වෙන්නේ නෑනේ...(අවිසිoසාවාදී විප්ලවයක් අරබමු මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ලේ හැලීමකින් තොරව............)

    ReplyDelete
  18. විප්ලව කරනවා කියලා අපි ඔයාල පාරට බැහැලා කෑ ගැහුවට අපිව අරයලා තුට්ටුවකට වත් මායිම් කරනවද ? අපිත් ඉතින් මාර විප්ලවේ නියමෙට ගියා කියලා කෑගහලා නැහිලා නැහිලා ගෙදර එනවා .. ඒත් වෙච්ච දෙයක් නෑ

    ReplyDelete
  19. ජේ වී පී එකෙන් සමහර දේවල් ඉගෙන ගෙන අපිට අයිතිවාසිකන් හොයාගෙන යනවානම් මම නම් හිතන්නේ රට මීට වඩා ඉස්සරහට යාවි

    ReplyDelete
  20. අයිතිවාසිකම් ඉල්ලනවට වඩා, හැමෝම තමන්ගෙ යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කිරීම තමා වැදගත් වෙන්නෙ.

    ReplyDelete
  21. @ බීටා - අනේ පව් පොඩි එකා.

    ReplyDelete
  22. @ Dinesh - කියලා වැඩක් නෑ.

    ReplyDelete
  23. @ නදී...- අපෝ කිරි බීලත් ඉවරයි එහෙනම්.

    ReplyDelete
  24. @ ටී.බී. හේරත් - අපෝ මම නම් වචනයක් වත් කියන්නෙ නෑ. මොන පැත්තට ඔය කියන එක වැටෙයිද දන්නෑනෙ. මට නම් බෑ ද්‍රෝහියෙක් වෙන්න හික්ස්.

    ReplyDelete
  25. @ rajith - අනේ මොන විප්ලවද මල්ලියෙ අපිට.

    ReplyDelete
  26. @ හිස් අහස - ඒක නම් ඇත්ත. හැමදේම මාකට් වෙන ලෝකයක් මේක.

    ReplyDelete
  27. @ යසියා - ඒකට නම් මම එකඟ නෑ. කාගෙ කාගෙත් හැටි දැන් එලි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  28. @ ටී.බී. හේරත් - ඒක නම් ඇත්ත.

    ReplyDelete
  29. මම කිව්වේ එයාලගේ හැම දෙයක්ම ආදර්ශ්‍යට ගන්න එක නෙමෙයි සහෝ. ඉල්ලීම් වෙනුවෙන් හඩනැගීම වගේ ඒවා..

    ReplyDelete
  30. @පිණිබිඳු...-මාතෘකාවෙන්ම මූනට දමලා ගැහුවා නේද?.:D

    ReplyDelete
  31. ඔය හෑම දුකක්ම වෙනස්කරගන්න විප්ලවයක් ඔනෙමයි අක්කෙ.....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...