Pages

Tuesday, May 3, 2011

පරිස්සමින් දෝණි


දන්නවද
ඔය මල් සුන්දරයි තමයි
ඇත්තමයි
නුඹ වගේමයි..

බලාගෙනයි
සිරවී අතැඟිලි අතර
තැලී පොඩිවී
පෙති ගිලිහේවි බිමට..

පර මල් වල
කුමන අගයක්ද..

නුඹත් මට මලක්මයි

ඉතින් පරිස්සමින්..

38 comments:

  1. ලස්සන සිතුවිල්ලක්. හරියට අම්මා කෙනෙක් තරුණ වයසේ දුවකට අවවාද දීමක් කියලයි මට හිතෙන්නේ. මම හරිද පිණිබිදු ?

    දුවෙකුට අම්මා කෙනෙක් නැති උනාම ඔය වගේ අවවාද දෙන්න වෙන කවුරුවත්ම නෑ. මගේ යෙහෙලියකගේත් අම්මා නැති උනා. එයාට මාරම දුකයි. දැන් අම්මා නැති වෙලා අවුරුද්දකටත් කිට්ටුයි. තාම ශොක් එකෙන් ඉන්නේ.

    ReplyDelete
  2. පරිස්සමින්.. Lokaya sankeernai godak

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ල.........ලොකු දෙයක් ලස්සනට පද වැල්වල්ට හරවලා

    ReplyDelete
  4. "බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ, බාලිකා ලොව මැලවුනු දා මුලු ලොවටම රෑ වෙනවා..."

    ReplyDelete
  5. @ මධුරංග - ඒක නම් ඇත්තම ඇත්ත. දුවට මවක මිස වෙන කවුද?

    ReplyDelete
  6. @ Helping To People - සංකීර්ණ ලෝකයේ සරලව ජීවත් වෙන්න පුලුවන්නම්..

    ReplyDelete
  7. @ බීටා - ස්තූතියි බීටා.

    ReplyDelete
  8. @ ටී.බී. හේරත් - විසිරුණු පෙති යලි මලක් නොවේ

    ReplyDelete
  9. @ පිණිබිඳු,
    ඇත්තමයි මටත් මුලින් හිතුනෙ ඔය ගීත ඛ්ණ්ඩය දාන්න, ඒත් මට හිතුන ඒක ටිකක් රළු වැඩී වගේ කියල. ඒ නිසා ඊට වඩා මෘදු වූ මේ ගීත ඛ්ණ්ඩය දැම්ම...

    ReplyDelete
  10. නුඹ මලකි..
    ලස්සනම...
    නොරෑවටෙන්...
    බබරුන්ට..
    උන් ඒවි රොන් ගන්න...
    රොන් අරන් පැන යන්න..

    http://wenasak.blogspot.com/2011/02/blog-post_23.html

    ReplyDelete
  11. @ MaRLaN - හප්පා මෙන්න මෙයා කාලෙකින් ඇවිත්. මේ ගුටි කන්නැතුව ආයෙත් බ්ලොග් එක ලියනවද මලේ.

    ReplyDelete
  12. @ MaRLaN,
    "මල් නොතලා මල් පැණි බොන ඹමරුන් වේ නම්, ඒ ඹමරුන් මල් යායට මල් වැහි අන්දම්..."

    ReplyDelete
  13. ඇත්ත තමයි.අද පත්තරයක් ගත්තම තියෙන දේවල් දැකලා සසර කල කිරෙනවා...........:SAD
    (එතකොට තමයි හිතෙන්නේ ලෝක විනාසෙ අද හෙටම වෙයි කියලා)

    ReplyDelete
  14. @ටී.බී. හේරත්-"බාලිකා ලොව මැලවුනු දා මුලු ලොවටම රෑ වෙනවා..." <----->සුවර්ද?,කොල්ලත් මලෝගෙන වගේ.......හික්ස්

    ReplyDelete
  15. @ rajith,
    සින්දුව තව පාරක් හොඳට අහන්නකො...

    ReplyDelete
  16. @ටී.බී. හේරත්- අසමින් සිටී......

    ReplyDelete
  17. අපොයි නෑ අක්කෝ මන් හැමදාම වගේ එනවා... ලියන එක නැවැත්තුවට කියවන එක නවත්තලා නෑ....

    ReplyDelete
  18. ලස්සනම ලස්සන... කවියක් අක්කේ .. කියන්න අමාරු වචන ගනනාවක් එකට ගුලි කරලා හදාපු මේ කවි පොඩ්ඩට මම නම් හදවතින්ම ලයික්

    ReplyDelete
  19. කියෙව්වා ලස්සනය්.

    ReplyDelete
  20. ලස්සනයි පිණිබිදු.. ගොඩාක් ලිකු දෙයක් කවි පෙලකට එකතු කරලා..

    ReplyDelete
  21. කියවනකොට මටත් එක පාරට හිතට ආවේ.."විසිරුනු මල් පෙති" සින්ඩුව.
    බඹරුන් පසු පස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදො.....

    ලස්සනයි අක්කෙ...!!!

    ReplyDelete
  22. ලස්සනයි අක්කේ..වටින අදහසක්...

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. @ හිස් අහස - හුඟාක් ස්තූතියි සඳරූ. මාත් සෑහෙන්න හැඟීමකින් ලියපු කවියක්.

    ReplyDelete
  25. @ Observer- තැන්කූ තැන්කූ..

    ReplyDelete
  26. @ Dinesh - ස්තූතියි දිනේෂ්

    ReplyDelete
  27. @ පිසාචයා - ඒ සින්දුව නම් මාර අදහසක් තියෙන එකක්. ඒ සින්දුවට මාත් ආසයි.

    ReplyDelete
  28. @ නිම්ශා - ස්තූතියි නිම්ශා නංගෝ..

    ReplyDelete
  29. බොහොම අගෙයි !

    ReplyDelete
  30. නියමයි අක්කේ... මරු

    ReplyDelete
  31. කියන්න වචන නැත . . . ලස්සනයි

    ReplyDelete
  32. @ nawammawatha, prasanna86k, ඕනයා -

    හුඟාක් ස්තූතියි කට්ටියටම.

    ReplyDelete
  33. ඔයාට ලස්සනට නිසදැස් ලියන්න පුලුවන්

    ReplyDelete
  34. බොහොමත්ම අපූරුයි!!!

    ReplyDelete
  35. ලස්සනයි මේ කවිය:)

    ReplyDelete
  36. දන්නවද
    සමහර ලස්සන මල් වල
    නටුවෙ කටුත් තිබේ
    අත තුවාල කර නොගන්න දෝනී

    ReplyDelete
  37. anee harima lassana kawiyak...
    Oya harima lassanata liyala thiyanawa
    Matath innawa chuuti duu kenek..
    Eya matath malak...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...