Pages

Wednesday, May 11, 2011

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.. මිතුරු දම් විනා..


පොඩි දේට කඳුළු එන
ඔය ඇස්
මට දෙන්න
මම පරිස්සම් කරන්නම්..

මොකද
ඔය දිගටි ඇස් අද්දර
මට පෙනෙන්නෙ
මම හැමදාම ඉල්ලූ
දඟකාර දඩබ්බර
යාළුකම විතරයි...

ඒත්
නුඹේ හිත
දෙන්න එපා මට..
පරිස්සම් කරන්න බැරිවෙයි
ඔය ඇස් තරම්..

උහුලගන්න බෑ
නුබේ හිත මට
යාළුකම උතුරන
ඔය ඇස් තරමට..

39 comments:

  1. සරසා ඔබේ වත
    සැකසුන හිත වෙත
    කරම් අභිනික්මන
    නුබේ ඔය දෙනුවන
    හදවතේ තබාගෙන...

    ReplyDelete
  2. @ හිරණ්‍ය - හ්ම්ම්... ලස්සනයි.

    ReplyDelete
  3. @ පූසා- මොකෝ පූසෝ.. ලත් තැනම ලොප් උනාද?

    ReplyDelete
  4. ආ...මෙන්න....උගුල්ල ගන්න ඇස් දෙක..

    ReplyDelete
  5. "කිසි දින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්"

    ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
  6. @ රත්ගමයා - ඔය ඉතින් කිව්වොත් කුප්ප කතාවක් තමයි. බලනවකො ඉතින් කවියෙන් එන මූඩ් එක කෑවනෙ මේකා.

    ReplyDelete
  7. @ පිසාචයා - ස්තූතියි සහෝ..

    ReplyDelete
  8. කෙල්ලෝ ඔහොමයි ...ලං වෙලා ලං වෙලා කියන්නෙම ඔය ටික .මම ඔයාව අස්සරේ කරේ යාළුවෙක් විදිහට විතරයි ..

    යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ සිතන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්

    කවිය ලස්සනයි පිණිබින්දු

    ReplyDelete
  9. කියන්න හදනකොටත් අර කුප්ප කුජීත රත්ගමය කියල ඉවරය්.

    ReplyDelete
  10. goda dawasakin issarawelama dakke oyage blog eka.hadissiyen unath onna lassanai kiyala giya.

    ReplyDelete
  11. හිතක් කොහොමද ඇස් තරම්ම පරිස්සම් කරන්නේ පොඩ්ඩ ඇත්නම් රෙදෙනවා නේ. අනිත් එක තමයි යාලුකම පිරුනු හිතක් කොච්චරනම් බරක් ඇත්ද???
    ලස්සනයි පිණිබිදු මේ කවි පද ටික. හොද යාලුවෝ හොයා ගන්න කියන තරම් ලේසි නෑ. ඒ වගේම ඒ වගේ යාලුවෙක් නැති උනාම ආයේ ඇති කරගන්න ලේසිත් නෑ. ඒ නිසා පරිස්සමින්

    ReplyDelete
  12. adahasanam gendara.

    ReplyDelete
  13. නුඹ ඉන්න මිතුරියක ලෙස
    මගේ හිත ලග හැමදාම
    එපා බිදින්න ඒ හැගුම කිසිලෙසක
    තවරා සෙනෙහස හදවතට හිමිහිට..

    ReplyDelete
  14. මටම ගැලෆෙන කවියක්... ලස්සනයි

    ReplyDelete
  15. දිනේශ් අයියා ආයෙමත් ඇවිල්ලා වගේ

    ReplyDelete
  16. අතක් පයක් වගේ ද කකුලක්, ඒ වගේ ද ඇහැක්?

    ReplyDelete
  17. @ හිස් අහස - මේ ප්‍රශ්නෙදි මම සාධාරනීකරණය වෙන්න හදන්නෙ නෑ සඳරු. කෙල්ලො දැනගත යුතුයි ආදරයක් නැත්තම් බලාපොරොත්තු නොදී ඉන්න. ඒත් සමහර වෙලාවට පිරිමි ළමයිනුත් යාලුකම ආදරේ කියලා පටලවාගන්න වෙලාවලුත් තියෙනවා.

    ReplyDelete
  18. @ Observer - මේ රත්ගමයා එක්ක පුළුවන්ද ඉතින්

    ReplyDelete
  19. @ dinesh - හප්පේ දිනේෂ් අයියා කොහෙද හැංගිලා හිටියේ. අපි ඔයාව අතුරුදහන් වෙච්ච අයගේ ලැයිස්තුවටත් දාලා හිටියේ. මොනා උනත් කාලෙකින් දැක්කට හරිම සතුටුයි. ඉක්මනට පෝස්ට් එකක් දාන්න හොඳේ. අකේලේ හම් අකේලේ වෙලා.

    ReplyDelete
  20. @ Anonymous - ස්තූතියි. නියම නමින් ආවානම් මීට වඩා වටිනවා.

    ReplyDelete
  21. @ මධුරංග - හැමදාමත් වගේ හුඟක් ස්තූතියි මධුරංග. ආදරයක් නිසා යාලුවෙක් නැතිවෙන එක තරම් දුකක් තවත් නෑ. ඒත් ඒ යාලුවාගෙන් ආපහු යාලුකම හම්බවෙයිද. කතාවක් තියෙනවානේ Friendship often ends with Love, but love in friendship never කියලා.

    ReplyDelete
  22. @ MaRLaN - අනේ මලේ හිත රිදුනානම් සමාවෙයන් හොඳේ.

    ReplyDelete
  23. @ Dinesh - ඒ බැඳීම යාලුකමක්ම වෙනවානම් හොඳයි.

    ReplyDelete
  24. @ හිස් අහස - දැක්කටත් සතුටුයි නේද.

    ReplyDelete
  25. @ ටී.බී. හේරත් - ඔන්න කිව්වා කතාවක්.

    ReplyDelete
  26. ඔයාට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද. යාලුකමක් ආදරයට පෙරලුනොත් ඒක අනිත් ආදර කතාවලට වඩා සුන්දර නැද්ද? මම කියන්නේ හොදම යාලුවා තමයි තමන් ගැන ගොඩක් දෙවල් (තමන් ආස කරන දේවල්, හිතන පතන විදිහ, කතා කරන දේවල් , තව තවත්) ඉතින් එහෙම කෙනෙක්ට ආදරය කරද්දි දෙන්නට දෙන්නා ලොකු තේරුම් ගැනීමක් තියෙනවා නේ.

    මන්දා මම කියන්නේ මට හිතුන දේ. මගේ අදහසට විරුද්ධ නම් හෝ එකග නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.

    ReplyDelete
  27. @ මධුරංග - අනිවාර්යයෙන්ම එකඟයි. මොකද මම විඳින්නෙත් ඒ වගේ ආදරයක්. යාලුකම කවදා ආදරේකට පෙරලුනාද දන්නෙ නෑ. ඒත් මම කියන්නෙ ගෑනු ළමයා ප්‍රතික්ශේප කරොත් ආයෙ ඒ පිරිමි ළමයාගෙන් පරණ යාලුකම හම්බවෙයිද කියලා.

    ReplyDelete
  28. ඇහැ‍ටුල්ලෙක් නේද මේ කවිය කියන්නෙ ? :D

    ReplyDelete
  29. @ StArry aNgeL - හුඟාක් ස්තූතියි.

    ReplyDelete
  30. @ nawammawatha - නෑ නෑ ඇස් දොස්තර කෙනෙක්. හික්ස්.

    ReplyDelete
  31. හරිම ලස්සනයි අක්කියෝ

    ReplyDelete
  32. කියන්න ඕන දේ ලස්සනට ලියල තියෙනව... ඇත්තටම යාළුවො කියන අය යාළුකමට වඩා දුර යන්න ගියහම මාරම ප්‍රශ්න... හොඳම යාළුවො දෙන්නෙක් වුනත් ඉලව්වක පැටලුනොත් 99%ක්ම අනාථපින්ඩිකස්සාරාමෙ..... යාළුකමත් නෑ... ඉලව්වත් නෑ...

    ReplyDelete
  33. සෙහ් . . . රත්ගමය ඉස්සර උනා නෙව . . .

    ReplyDelete
  34. ලංකාෙව ඇස් දුන්නට ඒව සමහර වෙලාවට රට අරිනව
    සුද්දොන්ට දෙන්ට

    ReplyDelete
  35. හ්ම්.. මටත් ඕක කෙනෙක් කිව්වා. ඒත් ආදරයක් ඇතිවුන හිතක ආදරයක් මිසක් ආයේත් යාළු කමකට ඒක හරවන්න බෑ...

    ReplyDelete
  36. සුපෙන් හැඟුම් ගීතයේ දිගුවක් . . ??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...