Pages

Tuesday, August 9, 2011

මේකප් යථාර්ථය


කැම්පස් වලදි නම් බැච් එකේ උපන්දිනේට, ෆ්‍රෙෂර්ස් නයිට් වලට, කලා උළෙලවල්, ස්පොර්ට්ස් ඩේ අවසානයේ DJ නයිට් එකක් තියෙන එක සාමාන්‍ය දෙයක්නෙ. අපේ උන් නම් ට්‍රිප් එකක් ගිහින් ඇවිත් ඉතුරු වෙච්ච සල්ලි වලිනුත් DJ තියලා තියෙනවා.

ඔන්න එක පාරක් අපේ ඉවෙන්ට් එකක් අවසානයේ DJ එකක් තිබ්බා.

කෙල්ලෙක් ඉතින් ඔය වගේ දවසක් එනකල් ඉන්නවනෙ තමන්ගෙ උපරිම දක්ෂතාවය දාලා ලස්සන වෙන්න. කෙල්ලො නිකන් එදාට මිහිබට සුරංගනාවියන් වගේ. හික්ස්. මේකප් ප්‍රාතිහාර්යය තමා ඉතින් වෙන මොනවද.

එක බැච් එකේ ඉන්න උන්ටත් අඳුරගන්න බැරි වෙන තරමට සමහරු මේකප් දාගෙන එනවා.

අපේ නිෂාදියි ලසන්තියි එදා අඳුරගන්න බැරි තරමට ලස්සනයි. අපිත් කට ඇරන් ඉන්නවා මේ අපේ සෙට් එකේ අපත එවුන්මද කියලා.

DJ වලදි වෙන ෆැකල්ටි වල කොල්ලොත් එනවනෙ. එදා අපේ කෙල්ලො දෙන්නා පස්සෙ යන යන තැන කොල්ලො දෙන්නෙක් පිස්සු හැදිල වගේ එනවා. උන් එක්ක බලෙන් නටනවා. අපේ අනිත් උන් අරුන් දෙන්නට රවනවා රවනවා අයින් වෙයන් කියලා. කොහෙද මුන් දෙන්නට ගානක් නෑ.

අර කොල්ලො දෙන්න නිෂාදිටයි ලසන්තිටයි පිස්සු හැදිලා. මුන් දෙන්නා ඉඳ ගත්තොත් උන් දෙන්නත් ඉඳගන්නවා. මුන් දෙන්න නැගිටලා යන්න හැදුවොත් උන් දෙන්නත් ඒ පැත්තට යන්න හදනවා.

සජිත් මගෙ ලඟ වාඩි වෙලා කියනවා ඔන්න බලන්නකො අරු දෙන්න පස්සෙන් ඔය කොල්ලො දෙන්න එන්නෙ නැද්ද කියලා බෝඩිම බලාගන්න කියලා.

දැන් ඉතින් DJ එක මැද්දෙන් අපි බෝඩිමට යන්න පිටත් උනා.
ඕක ඉවර වෙනකල් හිටියනම් ඊළඟ දවසෙ උදේට තමා යන්න වෙන්නෙ.

අපේ බෝඩිං සෙට් එකේ ආරක්ෂකයා කවදත් සජිත් තමා. නිෂාදියි ලසන්තියිත් අපිත් එක්ක යනවා. අර කිව්වත් වගේ ඒ කොල්ලො දෙන්න අපේ පිටිපස්සෙන් එනවා. සජිත් බැන බැන එනවා කොහෙද මුන්ට නටන්න ගියාම කොල්ලද බල්ලද කියලා සිහියක් තියෙනවයැ. දැන් බලනවකො වෙන කරදර කිය කියා.

කොහොම හරි අපිව බෝඩිමට දාලා සජිත් යද්දි අර කොල්ලො දෙන්නා නිෂාදියෙයි ලසන්තිගෙයි විස්තර අහලා තිබුණා සජිත්ගෙන්. සජිත් මුකුත් කියන්නැතුව ශේප් වෙලා ඇවිත්.


ඊළඟ දවසෙ අරුන් දෙන්න දඟලනවා බයේ.

"අනේ බං කැම්පස් එකේදි උන් ඇවිත් කතා කරයිද."
"අනේ බං උන් මැරයො වගේ.
"අනේ බං බයයි බං".

මාත් කිව්වා දැක්කොත් නොදැක්කා වගේ අහක බලාගෙන යන්න කියලා.

අපි එදා කැම්පස් යනකොට මෙන්න මේ කොල්ලො දෙන්න මග. නිෂාදියි ලසන්තියි බය වෙලා. අපි මගදිම කතා කරගත්තා නොදැක්කා වගේ ගණන් ගන්නැතුව යමු කියලා.


ඔන්න දැන් උන් අපිව අඳුරගත්තා. ටික ටික අපි අතර දුර අඩු වෙනවා. ටික ටික උන්ගෙ මූණෙ වෙන වෙනස්කමත් අපිට පේනවා. හරියට ලයිට් එකක් ටිකෙන් ටික ඩිම් වේගෙන යනවා වගේ.

හරි නම් අපිනෙ බය වෙන්න ඕනෙ. කොල්ලො දෙන්නා ශොක් වෙලා.


උන් ටික වෙලාවක් අපේ උන් දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන් හිටියා. එක පාරටම හැරිලා ගියා යන්න.

අපේ උන් දෙන්නා බයේ හිටියා තමා කතා කරන්න. ඒත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. උන්ට එක පාරටම මොකද උනේ. අපිට හෙන ප්‍රශ්නෙ.

පස්සෙ තමා කට්ටිය එක එක්කෙනාගෙ අදහස් සමාලෝචනය කරලා බලද්දි වෙන්න ඇත්තෙ මොකද්ද කියලා තේරුණේ.


උන් එදා එක වෙලාවෙ නිෂාදියි ලසන්තියි අඳුර ගත්තෙ මේකප් ලස්සනින්නෙ. ඒත් නිකං ලෙක්චර්ස් යද්දි උන් දෙන්නම සාමාන්‍යයි.

කොල්ලො දෙන්නා ඒක බලාපොරොත්තු උනේ නෑ. කොටින්ම උන් ශොක් වෙන්න තරම් ලොකු වෙනසක් එතන තිබුණා.

පස්සෙ පස්සෙත් ඒ දෙන්නා අපිට කැම්පස් එකේදි හම්බුණා. හික්ස්. දුර තියාම අපේ දෙන්නව දැක්කම මුන් එක්කො මග ඇරලා යනවා. එහෙම නැත්තන් අහක බලාගෙන යනවා.

උන්ටම ලැජ්ජ ඇති එදා අරම පැණි පෙරාගෙන ඇවිත් දැන් මෙහෙම හැසිරෙනකොට.
මොනා උනත් අපිට නම් ඒක හොඳ විහිළුවක් උනා.

ඔන්න මේකප් යථාර්ථය.

67 comments:

  1. අපොයි...මාර චාටරයක් නෙ කාලා තියෙන්නේ අර දෙන්නා. පව් වැඩේ.... හික්ස්...:))

    ReplyDelete
  2. මේකප් ගොඩක් ගාගෙන ඇවිත් කොල්ලෙක් දාගන්න ගියා මදෑ. හික්ස් :) කවුද අප්පා මේකප් ලොරි වලට කැමති වෙන්නේ. මේකප් ගියාම නේ යකාගේ ලස්සන පේන්න තියෙන්නේ. :)

    අපොයි....

    ReplyDelete
  3. මේකප් වලින්ම ලස්සන වෙලා ඉන්න කෙල්ලන්ගෙ ලස්සනට කොල්ලො රැවටෙනවා..
    කවදාහරි ගෙදෙරට ගෙනාපු දවසට තමයි ඉතින් සැබෑ ස්වරූපේ පේන්නේ.. එදාට එක්කො ගෙදෙරටත් මේකප් දාගන ඉන්න වෙන්නේ...

    ReplyDelete
  4. @ Nisupa - අපිට නම් ඕක මතක් වෙන පාරට හිනා යනවා. හයියෝ පව් අප්පා.

    ReplyDelete
  5. @ මධුරංග - හුඟ දෙනෙක් එහෙම තමා. ඒත් මේකප් ලස්සන ඇත්ත ලස්සන කියලා රැවටිච්ච අයට නම් පව් ඉතින්. ඔය මොනා උනත් හිතේ ලස්සන නැත්තම් වැඩක් නෑ.

    ReplyDelete
  6. @ Gimhani - ඒක ඇත්ත. Beauty is only skin deep කියලා කතාවකුත් තියෙනවනේ..

    ReplyDelete
  7. හිකිස් මරු සීන් එක

    ReplyDelete
  8. හ හා නියම කතාව.හොදවැඩේ අර කොල්ලො දෙන්නට.

    අපිටත් අදුරන්න බැරිඋනා කොන්වො එකට කට්ටිය ඇදගන ආව හැටියට.හැමෝම නෙමේ සමහරු.මොකාද බොල ඒ? කියල බලාගන හිටිය.ලගට ආවම තමා පේන්නේ ඈ...මේකානේ මේ කියල.ලොල්

    ReplyDelete
  9. කොහොමත් දැන් ඉන්න කෙල්ලන්ගෙ ඇත්ත මූණ බලන්න වතුර බාල්දියක් ගහල ඉන්න වෙනව... ;)

    සාතන්ගෙ නංගියෙක් ඉන්නව ඉ‍ටිරූපෙ වගේ... හැබැයි මේකප් අයින් කලහම ඒකිගෙ මූණෙ වලවල් වහන්න ටිපර් වලින් පස් අදින්න ඕන...

    ReplyDelete
  10. @ ශානු - ඔව් ශානු අන්තිමට උන්ට අපෙ මූණ බලන්න බැරි තරමටම ලැජ්ජයි.

    ReplyDelete
  11. @ නදී - මේකප් වලින් මොනාද කරන්න බැරි නේද

    ReplyDelete
  12. මතුපිට ඔපේ කන්නද හලෝ ඇතුලෙ ඔපේ නැතුව.. :-\

    ReplyDelete
  13. @ සාතන් - ආ මේකප් කරද්දි ඔය වලවල් වලට පෑන් කේක් පුරවනවනෙ අයියා... දන්නෙ නැද්ද.

    ReplyDelete
  14. @ සීතල අයියා - ඒ උනාට ඉතින් කොල්ලොමනෙ කෙල්ලොන්ව කන්න හදන්නෙ මේකප් ලස්සන දැකලා. හික්ස්.

    ReplyDelete
  15. ඒක උං යුනි ගිහිල්ලත් තේරෙන්නෙ නැති එකනෙ දුක...

    ReplyDelete
  16. අය්යෝ ඕක මොකක්ද අපිට මේකප් විශේෂ අවස්ථාවල වුනාට මේ රටවල ගෑනු උදේ හවා එලියට බහින්නේ යන්තමට හරි මේකප් දාගෙන ..හැමෝම නෙමේ . . එත් බහුතරය .විශේෂයෙන් ජපන් කොරියන් ගෑනු . සුදුම සුදුයි ඒත් තවත් ගානවා . තමන්ගේ හමට ගැලපෙන වර්ණ එක් වුනාම නම් ඉතින් ලස්සනයි. හැබැයි අවුරුදු 30 විතර වෙනකම් නිතර ඕව නොකර ඉන්න එක තමයි හොඳ . ඒකත් එක කලාවක් හරියට කළ යුතු. හැබැයි මන් වගේ කම්මැලියන්ට පිහිටලා නැති කලාවක් .

    ReplyDelete
  17. මෙහෙත් අක්ක කෙනෙක් හිටියා මාර ලස්සනයි. දවසක් පවුල් වල කට්ටිට පොඩි ට්‍රිප් එකක් ගිහින් නෑව. නාල ඉවර උනාමනේ ලස්සන පේන්න ගත්තේ... ඒක දැකලනම් එපා වුනා!

    ReplyDelete
  18. හොද වැඩේ අර කොල්ලෝ දෙන්නට..ඔහොම අය හැම තැනම..
    මට්ටූ වෙන්නේ ඔන්න ඔය වගේ මේකප් රුවැත්තියන්ගෙන්ම තමා.. හික්ස්..

    ReplyDelete
  19. අනේ මන්ද මට නම් ඔය කෙල්ලෝ වැඩිපුර මේකප් ගෑවම කැතේ බෑ. හරියට මැටි ගාල වගේ. ලොල්...

    මුකුත් අහන්න කලියෙන් සබන් ටිකක් ගාලා හොඳට මූණ හෝදවල ඉන්න ඕනි.. ඒකත් ලොල්.. ය..

    මම දැක්ක එක දවසක් කෙල්ලෙක්, ඒකිගෙ මූණ සුදුම සුදුයි. ඒත් අත් දෙක නිකන් ඒකිගෙ නෙමේ වාගෙ.. ඒක නම් ෆට්ටම ලොල්.. ය.

    ReplyDelete
  20. කෙල්ලො දෙන්නනෙ චා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  21. පව් කොල්ලො දෙන්නා......

    ReplyDelete
  22. හික් හික්!! සිරාවට මොකක් හරි ෆන්ක්ෂන් එකකදි කැම්පස් එකේ අපේ බැච් එකේ කෙල්ලො පවා අඳුරගන්න අමාරුයි

    ReplyDelete
  23. අයියෝ සමහර උන් ගෙදරට ඉන්නෙත් ඕක දාංනේ. මේක්අප් නැතුව දැක්කොත් භය වෙනවා :D

    ReplyDelete
  24. සමහර කෙල්ලෝ ලස්සන වෙන්න කියලා මේකප් දාගෙන යනවා මම අනන්තවත් දැකලා තියෙනවා..හැබැයි හිතාගෙන ඉන්නේ නම් ලස්සනයි කියලා මට නම් හිතුනේ ඒ මූනවල් අපායේ කැලැන්ඩර් වලට ෆොටෝ ගහලා දාන්න හොදයි කියලා....තව සමහරුගේ ෆොටෝ පෙන්නලා පොඩි උන්ව බය කරලා බත් කවන්නත් පුලුවන් ලොල්....ඒත් සමහර කෙල්ලොන්ට නම් මේකප් එක සිරාම සිරා...;) ලොල්

    ReplyDelete
  25. බැරි වෙලාවත් අර කොල්ලෝ දෙන්නංගෙන් එකෙක් හරි ඒ මේකප් කෙල්ලක්ව සෙට් කරගත්තානම් ඌ පවු ..

    අදකාලේ කෙල්ලෙකුට වතුර බාල්දියක් ගහලම ටෙස් කරලා බලන්න ඕන . ඒකි ඉන්නේ නැචුරල් පෙනුමින්ද කියලා .

    ReplyDelete
  26. හැබැයි අක්කල ඕක කිය කිය හිනා වුනාට අක්කගෙ යාලුවො දෙන්නගෙත් හිත ටිකක් රිදෙන්න ඇති. අපේ ගොඩක් කෙල්ලො නම් මේකප් දාල තියන ලස්සනත් නැති කරගන්නව. වෙනදට ලස්සනට ඉන්න සමහර කෙල්ලො මේකප් නාල විකාර වෙනව. එහෙම දවස් වලට සමහර කෙල්ලො දිහා බලන්නත් බයයි. ඒක ගානකට කරනව නම් තමයි ලස්සන.

    ReplyDelete
  27. මම පත්තරයක දැක්කා මේකප් නැතිව ඉන්න වෙලාවක ගත්ත හින්දි නිලියන්ගෙ පින්තූර ටිකක්...අපෝ සමහර උන්ගෙ කැත... :D

    ReplyDelete
  28. ඔය කොයි කවුරු කාට හිනා වුනත් එයාලත් එහෙමයිනේ... නේද අක්කේ...? ;)

    ReplyDelete
  29. පිණි බින්දුවා බබලන්නේ හිරු නැගෙනතුරු පමණී ඈ...
    (බොලා හෙට අනිද්දා යාළුවන්ගෙන් හොද පරිප්පුවක් කන බව මට පෙනෙන්නට ඇත)

    ReplyDelete
  30. අපිටත් ෆ්‍රෙෂර්ස් නයිට් එකේදි අපේ බැජ් එකේ අයවත් අඳුන්ගන්න බැරුව හිටියේ... (කට්ටිය දැන් අවි අමෝරාගෙන එයිද දන්නේ නෑ... )

    ඊට පස්සේ දවසේ අර කොල්ලො දෙන්නා මේකප් සෙට් එකක් ගෙනත් දුන්නේ නැද්ද පිනිබිඳු ගේ යාලුවො දෙන්නට?

    ReplyDelete
  31. අපේ කැම්පස් එකේ නං ඔය වගෙ දවසට ෆ්‍රන්ට් එක ඉස්සරහ ඩිස්ක්ලෙමර් එක දාල තියෙන්නෙ..

    මලේ, සාරිය මායාවකි...

    වගේ බෝඩ්වලින්...(මට අනිත්ව දැන් මතක නෑ)

    ReplyDelete
  32. රෙදි නැත ! වැඩිය ඕනෙ නෑ කසාද බඳින දවසෙ උදේ බියුටි පාලර් එකේදි මටත් චූටිමැණිකෙව් අඳුරගන්න බැරි උනා නෙව.

    ReplyDelete
  33. මටත් යාලුෙවක් ඉන්නවා. ඒයත් තමන්ට ෙවච්ච ෙද්වල් කියන්ෙන යාලුෙවක්ෙට උන විදිහටයි :D

    නැ මං ෙම් ඔයාට කිව්වා කියලා හිතන්ඩ ඒපා......

    ReplyDelete
  34. හික් හික්.. නියම ප්‍රහාරය... :) මේ කෙල්ලෝ පාටි වලට ලිහින් ගහලා තියෙන පොටෝ දැක්කම උන් නිකං මුකුන්ද වගේ මුණ එක පාටක් අත පය තව පාටක් දේදුණ්නක් වගේ

    ReplyDelete
  35. මට නම් ‍පෙන්නන්නම බැරි එක‍නේ අක්කා ඔය මැටි ඉලීම. ඔය මැටි මං දන්න හැටියට පුංචි හරි දායකත්වයක් තියනවා ඕ‍සෝන් වියන හායනයට. කැමති නම් ‍හොයලා බලන්න‍කෝ.

    ReplyDelete
  36. කෙල්ලන්ගෙ ඉතිං යට ඇඳුමෙ ඉඳල කොන්ඩ කට්ට දක්වාම තියෙන්නෙ ප්‍රෝඩාව නෙ...

    ReplyDelete
  37. @බුද්ධි:
    ඇත්ත කියල විහිලු කරන එක ඒතරං හොඳ වැඩක් නෙමේ නේද මචං ???

    ReplyDelete
  38. @ සීතල අයියා - ඒකනෙ කියන්නේ..

    ReplyDelete
  39. @ Bindi - මේකප් කිරීමත් හරියට කරනවනම් ඒක කලාවක්. කොහෙද ඉතින් ඒකට.

    ReplyDelete
  40. @ තාරක Dilsh@n - අපොයි විලි ලැජ්ජාවයි. මට හිතාගන්න පුලුවන් කට්ටිය කොහොම ශොක් වෙන්න ඇත්ද කියලා.

    ReplyDelete
  41. @ අසනි - ඔව් අසනි ඔහොම පාඩමක් වත් ඉගෙන ගන්න ඕනෙ.

    ReplyDelete
  42. @ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - අපොයි මූණ මේකප් කරනවා නම් අත් එහෙමත් ෆවුන්ඩේෂන් ගාන්න ඔනෙ. නැත්තන් ඒක මහ විකාරයක් වෙනවා.

    ReplyDelete
  43. @ Anonymous - සීයට 50 50 දෙගොල්ලොම

    ReplyDelete
  44. @ පිසාචයා - සාටර් කොල්ලො දෙන්නා.

    ReplyDelete
  45. @ blog gadol - සේම් හියර් ඩියර්...

    ReplyDelete
  46. @ පූසා - හැමදාම මේකප් දාගෙන ඉන්නවා කියන්නෙ ඒක හමටත් හොඳ නෑ නේද.

    ReplyDelete
  47. @ පිස්සු පුසා - ඔව් ඕක හරියට කරනවා නම් කලාවක් වගේ.

    ReplyDelete
  48. @ හිස් අහස - අනේ සඳරුවො කෙල්ලොන්ට වතුර බාල්දි ගහන්න ගිහින් අහක තියෙන බාල්දි පෙරල ගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටුකො.

    ReplyDelete
  49. @ Kasun - උන් දෙන්නා මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේම නෑ. අපිටත් අප්සට් ඉතින්. ඒත් මතක් වෙද්දි හිනා යනව අප්පා.

    ReplyDelete
  50. @ ප්‍රසංග - ආ මාත් ඕක දැකලා තියෙනවා. වහ කාලා මැරෙන්න හිතෙනවා උන්ගෙ කැත දැක්කම.

    ReplyDelete
  51. @ prasanna86k - හික්ස්. ඔව් බං අන්තිමට අපිත් ඔහොම තමා.

    ReplyDelete
  52. @ මාරයාගේ හෝරාව - මේකට අදාල උන් දෙන්නම මේක බලල නෑ තාම. ඕකුන් දැක්ක දවසට මම උන්ගෙ කොල්ලොන්ගෙනුත් ගුටි කනවා. ඒක ෂුවර්.

    ReplyDelete
  53. @ නදුන් උයන - මොන මේකප් සෙට්ද අයියෙ. උන් අපේ උන් දෙන්නව දැක්ක ගමන් උසේන් බෝල්ට්ගෙ රෙකෝඩ් කවඩනවා.

    ReplyDelete
  54. @ චේජනා - අන්න නියම වාක්‍යය සාරිය මායාවකි. පව් අප්පා.

    ReplyDelete
  55. @ nawammawatha - කොහොමද වැරදි කෙනෙක්ව බැන්දානම් එහෙම. හපොයි.

    ReplyDelete
  56. @ බුද්ධි - අනේ යන්ඩ චූටි මහත්තයා. මේක මට වෙච්ච දෙයක් නෙමෙයි හත් දෙයියනේ. ඕකනෙ බොලා එක්ක බැරි කතාවක් දාන්න. හික්ස්.

    ReplyDelete
  57. @ සුදු හංසි - මූණ එක පාටක් බෙල්ල එක පාටක් අත් දෙක තව පාටක්. අපරාදෙ තියෙන ලස්සනත් නැති වෙනවා.

    ReplyDelete
  58. @ හා පැටික්කි (MS) - මලා.. එහෙමත් එකක් තියෙනවද. මම දැනන් හිටියෙ නෑනෙ අප්පා.

    ReplyDelete
  59. @ ටී.බී. හේරත් - හික්ස්.

    ReplyDelete
  60. @ ඕනයා - බොල ඕනයියේ මේක මට වෙච්ච දෙයක් නෙමෙයි හයියෝ...

    ReplyDelete
  61. ඕනයා,
    ඒකත් ඇත්ත තමා.

    ඕනයත් කියන එකේ එහෙනං මං කමෙන්ට් එක වෙනස් කරන්නම් මෙන්න මෙහෙම.

    මටත් ඔන්ලයින් යාලුවෙක් ඉන්නවා. එයත් තමන්ට වෙච්ච දේවල් කියන්න පාවිච්චි කරන්නෙ තමන්ගෙම බ්ලොග් එක. ආං... ගැල්ලමයි නං ගැල්ලමයි :D

    ReplyDelete
  62. @ බුද්ධි - ඕහෝ... ආම් ෆොක්ස් මෝල්ඩර් ආ.... ඌගුල්ලං නම් හරී නාකයි. අනීඊඊඊඊඊඊ එහෙම කියාන්ට එපාආආආආආ...

    ReplyDelete
  63. ටී.බී මං හිතන හැටියට ‘ගැල්ලමයි‘ කියන වචනේ රපිකොයිට්ස් අරං තියෙන්නෙ කෙහෙල්කොටුවේ චූටි මහත්තයා....

    ReplyDelete
  64. මේකප් කියන එක ඕන ඒත් ගානකට ........

    ReplyDelete
  65. "කෙල්ලො නිකන් එදාට මිහිබට සුරංගනාවියන් වගේ."

    සුරංගනාවියෝ එම්බාම් කරපු මලමිනී වගේද?

    ReplyDelete
  66. අපේ සෙට් එක නන් ඔය වගේ දවසට විනාඩි පහෙන් පහට වෝනින් දෙනවා. "අඩෝ, අද නන් රැවටෙන්ඩ එපා, මායාවක්" වගේ දේවල් කියල.

    අපේ ෆ්‍රෙෂස් නයිට් එක දවසෙ මා විසින් බැච් එකේ ගෑනු ළමයෙක්ට කිව්ව කතාවක් අවුරුදු 3 කට පස්සෙ ඒ ගෑනු ළමය මට කිව්වා. මට ඒක මතක තිබ්බෙ නැහැ හොඳටම අනුමතවෙලා හිටිය හින්දා. මම කියල තියෙන්නෙ "කැම්පස් එකට එද්දිත් හැමදාම ඔය වගේ එන්ඩ බැරිද" කියල :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...