මේ මගේ බ්ලොග් එකේ සියවෙනි ලිපිය. මේ සීය ලියන්න නම් අවුරුදු සීයක් විතර මට යන්න ඇති. ඒ තරම් ගොළුබෙලි ගමනින් ආවෙ.
මොනදේ උනත් මගෙ ලිපි කියවලා කමෙන්ට් කරන ඔයාලා නැත්තම් පළවෙනි ලිපියෙන් එහාට මට අඩියක්වත් තියාගන්න බැරි වේවි. ඒ තරමටම ඔයාලව මට වටිනවා.
හැමදාම කියනවා වගේ රූපෙන් හෝ කටහඬින් නැතුව මම ඔයාලව අඳුර ගත්තෙ අකුරු වලින්. ඒත් ඒ අකුරු මත්තෙම ගොඩනැගිච්ච සහෝදරකම නම් හුඟක් හයියයි.
දිනෙන් දින ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට, ටික ටික කමෙන්ට් වැටෙනකොට හිතට දැනෙන්නෙ ලොකුම ලොකු සතුටක්.
පනහ ගැන ලියපු පෝස්ට් එකේදි මම එක් එක්කෙනාව නමින්ම දාලා ස්තූති කරා. ඒත් අද මට ඒ දේ කරන්න බයයි. මොකද ඒ වගේ තුන් හතර ගුණයක් යාලුවො මගෙ වටේ ඉන්නවා. එක්කෙනෙක්ගෙ හරි නමක් මග ඇරුණොත් කියන බය මගෙ හිතේ තියෙනවා.
මේ ලිපි අතරෙ මගෙ සුන්දර අතීත සැමරුම්, ආදරේ, පිස්සු වගේම දුක කඳුළ සහ තරහත් තියෙනවා.
බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේම කොටසක් වෙලා. ඒ ජීවිතේ ඔයාලත් හැම තැනකම ඉන්නවා. එදා වගේම අදත් මා එක්ක හිටියට ඔය හැමදෙනාටම හුඟක් ස්තූතියි.
ඔබෙන් ලද ධෛර්යයෙන් තව තවත් දොඩමළු වන්නේ මගේ හිතයි.
මොනදේ උනත් මගෙ ලිපි කියවලා කමෙන්ට් කරන ඔයාලා නැත්තම් පළවෙනි ලිපියෙන් එහාට මට අඩියක්වත් තියාගන්න බැරි වේවි. ඒ තරමටම ඔයාලව මට වටිනවා.
හැමදාම කියනවා වගේ රූපෙන් හෝ කටහඬින් නැතුව මම ඔයාලව අඳුර ගත්තෙ අකුරු වලින්. ඒත් ඒ අකුරු මත්තෙම ගොඩනැගිච්ච සහෝදරකම නම් හුඟක් හයියයි.
දිනෙන් දින ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට, ටික ටික කමෙන්ට් වැටෙනකොට හිතට දැනෙන්නෙ ලොකුම ලොකු සතුටක්.
පනහ ගැන ලියපු පෝස්ට් එකේදි මම එක් එක්කෙනාව නමින්ම දාලා ස්තූති කරා. ඒත් අද මට ඒ දේ කරන්න බයයි. මොකද ඒ වගේ තුන් හතර ගුණයක් යාලුවො මගෙ වටේ ඉන්නවා. එක්කෙනෙක්ගෙ හරි නමක් මග ඇරුණොත් කියන බය මගෙ හිතේ තියෙනවා.
මේ ලිපි අතරෙ මගෙ සුන්දර අතීත සැමරුම්, ආදරේ, පිස්සු වගේම දුක කඳුළ සහ තරහත් තියෙනවා.
බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේම කොටසක් වෙලා. ඒ ජීවිතේ ඔයාලත් හැම තැනකම ඉන්නවා. එදා වගේම අදත් මා එක්ක හිටියට ඔය හැමදෙනාටම හුඟක් ස්තූතියි.
ඔබෙන් ලද ධෛර්යයෙන් තව තවත් දොඩමළු වන්නේ මගේ හිතයි.
මේ සහෝදරකම
හැමදාමත්
මා ළඟ තියේවි
වෙහෙරක තරම්
පරිස්සමට
හැමදාමත්
මා ළඟ තියේවි
වෙහෙරක තරම්
පරිස්සමට
ස්තූතියි.
මේ පෝස්ට් එකත් නිකං කතාවක් වගේ අක්කේ... හරිම ලස්සනයි... අක්කගේ 100ට මගෙන් සුභ පැතුම්...
ReplyDeleteමම අදමයි මේ පැත්තේ ආවේ...මගෙනුත් උණුසුම් සුබ පැතුම් ...ජය වේවා...
ReplyDeleteඔන්න ලකියෝ...මගෙනුත් සුභ පැතුම්. ඔයාගෙ බ්ලොගිය බව නොදැන මං කාලයක් මේක කියෙව්වානෙ. ...:)))
ReplyDeleteඔහොම යං පිණිබිදු 1000 ත් ලියනකම්.. මැරුනේ නැත්තම් මාත් ඉන්නවා ඕං...සුබ පැතුම්..:)
ReplyDeleteසීයට සුභ පැතුම්!...
ReplyDeleteඒ වගේම ලොව වයස්ගතම බ්ලොග් ලියන්නිය කියල ගිනස් පොතට යන්න ලැබෙන්න ඕන... පෝස්ට් 100 ලියන්න අවුරුදු 100ක්ම ගියානම් දැන් 150ක් වත් ඇතිනෙ වයස.. ;)
@ prasanna86k - ස්තූතියි මලේ.. හැමදාම එනවනෙ මේ පැත්තෙ. ඒකටත් ස්තූතියි.
ReplyDelete@ අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි - ස්තූතියි ආයෙත් එන්න හොඳේ එහෙනම්..
ReplyDelete@ Nisupa - ස්තූතියි නිසූ... පහ වසරෙන් පස්සෙ අතුරුදහන් වෙලා ඉඳලා ආයෙ කැම්පස් එකෙන් හොයාගත්ත යාලුවනෙ ඔයා. ඒ කතාවත් වෙලාවක ලියන්න ඕනෙ.
ReplyDelete@ චතුමිතු - එහෙනම් මැරෙන්න කලින් මම ඉක්මනට 1000ත් ලියන්නම්කො හොඳේ..
ReplyDeleteමේ අවුරුද්දේ අග 200යි කියල ලියන්න ලැබගන්න මෙන්න සුබ පැතුම්!!! :)
ReplyDelete@ සාතන් - හී... මම කිව්වෙ මේ මට දැනිච්ච විදිහ කාලෙ ගියපු හැටි. වයස ගැන නම් මා එක්ක කතා කරන්න එපා බොල සාතන් "අයියෙ". ස්තූතියි ඈ...
ReplyDelete@ ..ChAnDiKa.. - ස්තූතියි සහෝ. උත්සාහ කරල බලමුකො නේද.
ReplyDeleteමම බැලුවෙ 100 වනි ලිපිය කියල කො කියල .......
ReplyDeleteමගෙනුත් සුබපැතුම්
මගෙන් උණුසුම් සුබ පැතුම් යාලුවා.... :)
ReplyDeleteපිණිබිඳුගේ සියවෙනි ලිපියට මගේ සුබ පැතුම් !!!!
ReplyDeleteඒ වගේම මේ වගේ තුන් හතර ගුණයක් ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් පතනවා.
තව තවත් හිට්ස් කමෙන්ට් ලැබෙන්නත් කියලා පතනවා. කියන්න සතුරුයි මගේ "බ්ලොගයට අරුණ" වැඩසටහනින් අක්කගේ පෝස්ට් ඔක්කොම ටික කියෙව්වා !!!! :)
අක්කගේ ඔක්කොම ලිපි වලින් මම් ආස අර ඉබ්බව මරපු ලිපියට !!!
මේ හිටියා වගේම ඉදිරියටත් අපි පිණිබිඳු එක්ක ඉන්නවා !!!!
පිණිබිඳු අපිට !!! අපි පිණිබිඳුට !!!!! පිණිබිඳුට ජය වේවා !!!
@ Tanikada Jeewithe - ඇයි හත්දෙයියනේ මේ තියෙන්නෙ 100වෙනි ලිපියනේ.. තැන්කූ ඈ...
ReplyDelete@ සීතල අයියා - ස්තූතියි සහෝ..
ReplyDelete@ මධුරංග - ඈ බොල මම කොහෙද ඒකෙ කියල තියෙන්නෙ ඉබ්බව මැරුවා කියලා. මුන් ඔක්කොම ඉබ්බව මරල උයාගෙන කාලත් ඉවරයි. අහුවෙයන්කෝ....
ReplyDeleteඉතින් බ්ලොගයට අරුණ වැඩසටහනට මගෙ බ්ලොග් එකත් තෝර ගත්ත එකට තැන්කූ ඈ.. එතකොට අපිට ඒකෙන් තෑගි හම්බවෙන ක්‍රමයක් එහෙම නැද්ද.
මම ආස කරන බ්ලොග් වලින් එකක්.
ReplyDeleteජය පතනව!!!
@ Gimhani - ස්තූතියි ගිම්හානි. ඒක මට සතුටක්.
ReplyDeleteමගෙනුත් උණුසුම් සුභපැතුම් පිණිබිඳුට. තවත් චිරාත් කාලයක් බ්ලොග් ලියන්න හැකිවේවා!!!
ReplyDelete@පිණිබිඳු... :
ReplyDeleteතෑගි දෙන්න ඕනේ මට !!!!
අච්චර ලිපි කන්දරාවක් නූල්ඩුස් වගේ එකපාරම ඇදලා දැම්මට !!!!
මාරම ලිපි ගොඩක්නේ අක්කා තිබ්බේ.
මදැයි . සිය වෙච්ච දානේ මන් ඔයාව විපරියාසෙකට පත් කරලා තියෙන්නේ . අනේ ''පිනි බිඳු'' නගේ තව සිය ගානක් ලියන්න ලැබෙන්න කියල පතනවා
ReplyDeleteඅක්කගෙ වයස ගැන මටත් විවිධ ප්‍රශ්න ආවත් මම ඒව අහන්න යන්නෙ නෑ.:D
ReplyDeleteමාත් කාලයක් තිස්සෙ නිතරම යන එන තැනක් නෙ මේක. ගොඩක් සතුටුයි සෙන්චරිය ගහපු එක ගැන. සාතන් අයිය කිව්ව වගේ ඇඟිලි පණ තියනකල්ම ලියන්න. අක්කගෙ බ්ලොගේට සුභ සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.
@ blog gadol - තැන්කූ පූස්..
ReplyDelete@ මධුරංග - එග්සෑම් නෑ වගේ මේකා බ්ලොග් කියො කියෝ ඉන්නැතුව පල පාඩම් කරන්න.
ReplyDelete@ Bindi - බලන්ට බින්දි අක්කා මට කරපු විපරියාසයක් හයියෝ. වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා. ස්තූතියි අක්කෙ සුභපැතුමට හොඳේ...
ReplyDelete@ Kasun - ඇඟිලි පණ තියෙනකල් ඉතින් බ්ලොග් කෙටිල්ල තමා වෙන මොනාද. ස්තූතියි මලේ...
ReplyDeleteඔන්න මම නම් ඒ විපරියාසේ දැක්කත් නොදැක්කා වගේ උන්නා......
ReplyDeleteඅපෙනුත් පිණි බිඳු අක්කට සුභ පැතුම්..... තව තවත් කතා ගොඩ ගැහේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.....!!!!!!
bindi ඔයාව කොල්ලෙක් කරල තිබ්බ. දැන් මේකෙ වයස ගැනත් ඔන්න කට්ටිය අහල. මේ කයි කතන්දර කොහෙන් ඉවර වෙයිද දන්නෑ! හික් ! සීයට මගෙනුත් සුබ පැතුම්. තව දීර්ඝ කාලයක් ලිපි ලියන්න ශක්තිය වාසනාව ලැබේවා!
ReplyDeleteඅඩේ අක්කෝ......සුබ 100ක් වේවා...මයි ඩීපස්ට් සිම්පතීස්.... :)
ReplyDeleteසුභ පතන්නම් හැමදාමත් පිණිබිඳු දිදුළන්නට,, ඉක්මනින්ම 200 ලිපියත් ලියන්න නංගී !!!!!!
ReplyDelete@ හා පැටික්කි (MS) - ස්තූතියි හා පැටික්කී... බලන්නකො මේ බින්දි අක්කා කරපු වැඩෙන් මට ලෝකෙට මූණ දෙන්න බැරි වෙනවා තව ටිකෙන්. හික්ස්.
ReplyDelete@ මුහුදු කොල්ලකාරයා - ස්තූතියි යාළු... මුන්ගෙ වැඩේ ඉතින් මට පද හදන එකමනෙ අප්පා.
ReplyDelete@ රත්ගමයා - අර දින විසි එකේ නායකයෙක් උනාට පස්සෙ උඹේ කඩ්ඩ නම් සෑහෙන්න පොලිෂ් වෙලා. මයිත් ඩීපස්ට් සිම්පටීස් මලේ..
ReplyDelete@ හරී - පිණිපළස - ස්තූතියි හුඟාරියක්. ඔයාලා තමා මගේ ශක්තිය.
ReplyDeleteආහ් එල ...ඔය ඇවිත් තියෙන්නේ ඉතින් සියට...ලියන්න ලියන්න..දිගටම සියක් නෙමේ සිය දහස් වාරයක් ලියන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කි....
ReplyDeleteමගෙනුත් උනුසුම් සුබ පැතුම්.චිරාත් කාලයක් බ්ලොග් අවකාශයේ රෑදෙන්න ලැබේවා!!
ReplyDeleteසියක් ගව් පැමිණි ඔබට සුවහසක් ගව් දුර යෑමට ආසිරි!
ReplyDeleteහදවතින්ම සුභ පතනවා අක්කා.... දිගටම ලියන්න.....
ReplyDeleteඅනේ බුදු අක්කේ පරක්කු උනාට සමාවෙන්න....
ReplyDeleteඔන්න සුභ /"උපන්දිනයක්"/ පතනවා... :D
කියවන්න හිතෙන දේ ලියන අය අඩුවෙලා තීන වෙලාවක්. තව දහසක් ලියන්නට ලැබේවා!
ReplyDeleteලියන්ඩෝ... කියවන්න අපි ඉන්ඩෝ.....
ReplyDeleteඕන්න මගෙත් සුබ පැතුම් පිණිබිඳු...දිගටම ලියන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පතනවා...
ReplyDeleteඋණුසුම් සුබ පැතුම්...!!!! දිගටම ලියන්න...
ReplyDeleteසුභ පැතුම් 100ට.. ජය වේවා.. තවත් දිගටම ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :D
ReplyDeleteසුභ පැතුම් ඈ . . . . . සීය ඉස්කෝර් කොලා වගේම දෙගුනෙක විතර වේගෙං දෙසීය ඉස්කෝර් කරන්න ලැබේවා කියල පතනව.
ReplyDeleteඑහෙනම් ඔයා 100කුත් ලීවුවා ..
ReplyDeleteතවත් ලිපි දාහක් ලියන්න සුබ පැතුම් අක්කන්ඩි .. දිගටම ලියන්න ..
දන්නවනේ ඇවිද්ද පය දහස් වටී....ලියපු තරමට කොමන්ට් වටේ....කොමන්ට් වැටුණු තරමට සතුට වැඩි...
ReplyDelete............උණුසුම් සුබ පැතුම්..........
මගෙනුත් සුබ පැතුම් යාළුවා !
ReplyDeleteඉදිරි ගමන ජය වේවා !
හැමදාම ඇවිත් කොටන්නේ නැතුව ගියාට අද නම් එහෙම බෑනේ
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්..!!
ආ ... මේ බින්දි අක්කගේ මලයනෙ ......
ReplyDeleteඔන්න මගෙනුත් සුබ පැතුම් ......
මම ඔයා ලියන සරල කෙටි සිස්සටම් එකට කැමතියි .......
පිණිබිඳු නිකන් අපේ අම්මා වගේ නේ. අපේ අම්මත් ඔහොම කියනවා.
ReplyDeleteඅපරාදේ මටත් අක්කෙක් හිටියනම්....
@ නිම්ශා - ස්තූතියි නිම්ශෝ.. ඔයාලා මා එක්ක ඉන්නවනෙ හැමදාම.
ReplyDelete@ නදී - තැන්කූ නදී. ඔයාලා තමා මගේ ශක්තිය.
ReplyDelete@ ටී.බී. හේරත් - සුවහසක් ගවු දුර යන්න කප් සුවහස් කල් යාවි. ස්තූතියි සහෝ.
ReplyDelete@ ෴ හසියා ෴ - ස්තූතියි මලේ දිගටම මේ පැත්තෙ එන්න.
ReplyDelete@ MaRLaN - අනේ බුදු මල්ලියේ කොහොම හරි ආවනෙ උඹ. ස්තූතියි ඈ..
ReplyDelete@ ඉන්දික උපශාන්ත - ස්තූතියි අයියේ ඒ වචන මට හයියක්.
ReplyDelete@ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - ඔයාලා ඉන්න බව දන්නවෝ. ඒ නිසා පුලුවන් තරමක් ලියනවෝ..
ReplyDelete@ ප්‍රසංග - ස්තූතියි සහෝ..
ReplyDelete@ අසනි - ස්තූතියි අසනි. ලියන එක පුරුද්දක් වෙලා ගිහින් දැන්.
ReplyDelete@ ප්‍රාර්ථනා - ස්තූතියි ප්‍රාර්ථනා ඔයාගෙ ප්‍රාර්ථනාවට.
ReplyDelete@ ඕනයා - යන විදිහට නම් දෙසීය ඉස්කෝර් කරන්න මේ වගේ දෙගුණයක් කල් යයි වගේ. හපොයි වැඩ වැටීගෙන එන්නෙ දැන්.තැන්කූ අයියේ...
ReplyDelete@ හිස් අහස - ස්තූතියි සඳරුවෝ.. හැමදාම ඇවිත් යනවටත් ස්තූතියි ඈ..
ReplyDelete@ රතු මුහුද - අන්න වචන ටික. මරු. තැන්කූ සහෝ..
ReplyDelete@ දිල් - ස්තූතියි සහෝදරී. හිතේ කරදර අඩුද දැන්. මීනුට කොහොමද.
ReplyDelete@ චතුර - ඇවිත් හොරා වගේ යන්න එපා හොඳේ. මොනා හරි ලියල යන්න. ස්තූතියි සහෝ.
ReplyDelete@ පන්සල් හංදිය - හයියෝ මේ බින්දි අක්කා මට කොරාපු හදියක්. ස්තූතියි අයියේ..
ReplyDelete@ මධුරංග - අපෝ මලේ අක්කෙක් නම් හීනෙකින් වත් පතන්න එපා. මට වෙලා තියෙන හදියක් පේනවනෙ අක්කෙක් නිසා. හික්ස්. එහෙම කිව්වට ඉතින් ඒකි තමා මට හැමදේකටම.
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteජය වේවා...!!
ReplyDeleteනියමයි අක්කේ ඔහොම යන්......
ReplyDelete@ batti - ස්තූතියි. අදමද මන්දා මේ පැත්තෙ ආවෙ. වෙල්කම්.
ReplyDelete@ සෝරෝ - ස්තූතියි සහෝ..
ReplyDelete@ මැරා.. - ස්තූතියි මලේ..
ReplyDeleteසුභ පැතුම් පිණී.. කියවන්න මිනිස්සු ඉන්නකං ලියන්න........ !
ReplyDelete@ nawam - ස්තූතියි අයියා. කාලෙකින් මේ පැත්තෙ නේද.
ReplyDeleteබොහෝදුර යන්න සුබ පැතුම්.. මගේ බ්ලොග් එකටත් මුලින්ම ආ කෙනෙක් ඔබ.. ආ. අමතක වෙනවා තව පොඩ්ඩෙන්.. මේ දවස්වල වෙහෙරවල් කලා ඒවගේ දේවල් හොරකම් කරනවා !
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - ස්තූතියි අයියේ. අන්තිමට කියල තියෙන දේ නම් තේරුනේ නෑනෙ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅප්පද බොල ඒ ගමන පිණිපිඳු අයියා ....
ReplyDeleteඇත්තටම මොකද මේ ග්‍රහ මාරුවක්ද ඈ ......
මේක හරියන වැඩක් නෙමෙයි බොලව්. මේ මොන අපහාසයක්ද. මම දානවා නඩු. හයියෝ වනේ වන හතුරෙක්ටවත් මෙහෙම වෙන්ට එපා...
ReplyDeleteඅනේ අක්කේ වැරදි කොමෙන්ට් එකක් වැරදි බ්ලොග් එකකට වැටිලා තියෙන්නේ
ReplyDeleteසමාවෙන්න මට...............................:(
මං තාම පොඩි එකානේ
සමාව දෙනවා නේද??
මෙන්න නදුන් උයනේ සුභ පැතුම්....
ReplyDelete