අපි අවාසනාවන්ත යැයි සිතමු. එහෙත් අපටත් වඩා අවාසනාවන්ත වූවෝ සිටිති. ඔවුහු කෙසේ හෝ ඔවුන්ගේ පාර සොයා ගනිති.
කාන්තාරයේ කුසුම - Desert Flower. කාලෙකින් කියවන්න ලැබුණු වටින පොතක්.
සිය ජීවිත අත්දැකීම් නිර්ව්‍යාජව දිග හරින වාරිස් ඩයිරි ඩයිරි ඉන් පළ කරනුයේ, සෝමාලියානු එඬේර කෙල්ලක් ජගත් විලාසිතා ලොව සුපිරි තාරකාවක් වීමේ විස්මයජනක කතන්දරය පමණක් නොවේ.
සොබාදහමින් එල්ල වන දුක් පීඩාවන්ට අමතරව ඔවුන් වට ඇති සමාජ හා සංස්කෘතික සංස්ථා විසින් පනවන වැටකඩොළු, විශේෂයෙන්ම ළදැරියන්ට කාන්තාවන්ට අත් විඳීමට සිදුව ඇති ලිංගික ම්ලේච්ඡත්වයද වාරිස් ඩයිරිගේ ජීවිත කතාන්දරය මගින් අප වෙත ඉදිරිපත් කර ඇත.
සෝමාලියාව ගැන කතා කරන විට අපට මැවෙන්නේ දේශපාලනික හා සාගතය වැනි අවුල් වියවුල් වලින් පිරුණු රටක් ලෙස පමණි. එහෙත් ඒ අවුල් වියවුල් මැද මෙවැනි අතිශය අනුවේදනීය කතා කොතෙකුත් තිබෙන්නට ඇත. වෙනසකට ඇත්තේ ඒ හිංසාවට ලක්වූවන් අතරින් තමන්ගේ කතාව කියන්නට ධෛර්යයක් තිබෙන්නට ඇත්තේ වාරිස් ඩයිරිට පමණක් වීමය.
පොතේ සමහර කොටස් සාවද්‍ය යැයි සිතෙන තරමට අප අත්විඳ ඇති සත්‍යයෙන් ඈතය. එහෙත් තිරිසනුන්ට අන්ත මිනිසුන්ද මහපොළොව මත සිටින වග ඇය පසක් කරවයි.
පරක් තෙරක් නොමැති කාන්තාරයේ එඬේර පවුලකට අයත් වාරිස්ව ඇගේ දහතුන් වෙනි වියේදී සිය පියා විසින් දෑවැද්ද වශයෙන් ඔටුවන් පස් දෙනෙක් හිලව්වට ගෙන අවුරුදු හැටපහක් පමණ වයසැති මහලු මිනිසෙකුට විවාහ කරදීමට සූදානම් වෙයි. එයින් බේරීමට ඈ එක් රාත්‍රියක නිවසින් පලා යයි.
කුසට අහරක් හෝ පිපාසයට දිය බිඳුවකදු හෝ නොමැතිව දින ගණනක් කාන්තාරය හරහා යන ඇය අවසානයේ කෙසේ හෝ සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නගරයට සේන්දු වෙයි.
එතැනින් ලන්ඩනය හරහා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට යන ඇය ලෝකයේ පළමු පෙළේ විලාසිතා නිරූපිකාවක් වීම දක්වා මුහුණ දුන් විස්මයජනක අත්දැකීම් අපූරුවට මෙහි විස්තර කර ඇත.
නිරූපිකාවක් ගෙවන්නේ පහසු ජීවිතයකැයි අප සිතමු. ඒ මටසිලිටු කෝමල බව තුළ ගොරහැඬි කටුක අත්දැකීම් නැතැයි කාට කිව හැකිද. ඇය මේ විලාසිතා නිරූපණය තුළ ඇති යථාර්ථය කදිමට විස්තර කරන්නීය.
"ප්‍රසංගය පැවැත්වීමට නියමිත දින එය පටන්ගැනීමට පැය හතරකට පමණ පෙර ඔබ එම ස්ථානයට ගොස් සිටිය යුතුය. ඔබ රූපලාවන්‍ය කටයුතු මෙන්ම ඔබගේ හිස පීරා සකස් කිරීම වැනි දේවල් කර ගැනීමෙන් පසු තමන්ගේ වාරය එනතුරු බලා සිටිය යුතුව ඇත.
ඊළඟට ඔබට කළ යුතුව ඇත්තේ අදාළ පළමුවැනි ඇඳුම ඇඟ ලා ගැනීමය. එම ඇඳුම ඇඟ ලාගත් පසු ඔබට අසුනක වාඩිවීමට නොහැකිය. මන්ද ඇඳම පොඩි වීම ඊට හේතුවයි. එහෙයින් ඔබ මුළු කාලයම සිටගෙන සිටිය යුතුය.
ප්‍රසංගය පටන් ගැනීමත් සමඟ වේදිකාව පිටුපස එකම පිස්සන් කොටුවක ස්වරූපයක් ගනී. ඉන්පසුව ඇත්තේ විනාඩි කීපයක් අමුත්තන් ඉදිරියේ ඇති වේදිකාව මත නියමිත ඇඳුම ඇඟලාගෙන වාදනය වන සංගීතයට අනුව වේදිකාව මත ඔබ මොබ ඇවිදීමය. එවැනි ප්‍රසංගයකට ගැළැපෙන අයුරින් ඔබගේ හිස පීරා ඇති අතර, සුදුසු රූපලාවන්‍යයෙන් ඔබව ඔපවත් කර ඇත.
ප්‍රසංගය සඳහා ඔබ ඇඳ සිටින ගවුම කෙතරම් වටින්නේද යත් සාමාන්‍ය ජීවිතයේදී එවැනි ගවුමක් මිලදී ගැනීම ගැන සිහිනෙන් හෝ සිතන්නට නොහැකිය. කෙසේ වී නමුදු විනාඩි කීපයකට ඒ ඇඳුම ඔබේය. එ මතු ද නොව ඔබගේ පෙනුම කෝටියක් වටින්නේය."
වාරිස් ඩයිරි හෙවත් මේ කාන්තාරයේ පීදුණු කුසුම අපට පසක් කරවන්නේ ජීවිතය ජයගැනීමට ආත්ම ශක්තියම පමණක් ප්‍රමාණවත් බව නොවේද.

හ්ම්...ලස්සන පොතක්. මමත් කියෙව්වා
ReplyDeleteOne of my favourites ..
ReplyDeleteමට නම් මේ පොත් කියවන්න ලැබිලා නෑ. කියවන්න ආස හිතෙනවා පිණිබිඳුගේ විචාරය කියෙව්වම.
ReplyDeleteපොඩියක් හොයලා බලන්න ඕනා පොත මෙහෙ පුස්තකාලේ තියේද කියලා.
හ්ම්... අහලා තියෙනවා කියවන්න ඕනේ..
ReplyDeleteෂෙල්ලං නෑනේ...
ReplyDeleteසොයමි, ගනිමි, කියවමි, විඳිමි !
ReplyDeleteනිරූපිකාවක් වීම යනු තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන්ම තම ජීවිතය කැප කිරීමකි ........
ReplyDeleteමෙය මට සිතෙන ආකාරයයි ......
@ blog gadol - කාලෙකින් කියවපු ලස්සනම පොතක්
ReplyDelete@ Bindi - Mine too
ReplyDelete@ මධුරංග - පුස්තකාලෙ නම් අනිවාර්යයෙන්ම ඇති. හොයලා බලන්නකෝ.
ReplyDelete@ prasanna86k - සෑහෙන කාලෙක ඉඳන් මාත් අහල තිබ්බට කියවන්න හිතිල තිබුනෙ නෑ. අහම්බෙන් හම්බුනේ. කියවද්දි නම් පොත පැත්තකින් තියන්න හිතෙන්නෙ නෑ.
ReplyDelete@ සීතල අයියා - ෂෙල්ලං නෑ අයියා අකුරු තමා තියෙනවා..
ReplyDelete@ nawammawatha - ගන්න ගන්න. කවදාවත් පසුතැවෙන්නෙ නෑ මේ පොත ගත්තට. මේකෙ තව කොටසක් තියෙනවලු කාන්තාරයේ දරුවෝ කියලා. ඒකත් හොයාගන්න ඕනෙ
ReplyDelete@ පන්සල් හංදිය - ඒකෙත් ඇත්තක් තියෙනවා නේ. මාකට් කල යුත්තේ තමන්ව නොව තමන් ඇඟලා ගත් ඇඳුම නේද.
ReplyDeleteමෙම පොතේ 2 වන කොටස "කාන්තාරයේ දරුවෝ" නමින් පලවෙලා තියෙනවා.එයා ස්ත්‍රී චර්ම චේදනයට එරෙහිව ගෙනගිය සටන තමයි එහි අන්තර්ගතය.පොත් 2 ම සෑම කාන්තවක්ම කියවිය යුතුයි කියලා මට හිතෙනවා.
ReplyDeleteහ්ම්ම් හරිම ආසාවෙන් කියවපු පොතක්.
ReplyDelete@ Anonymous - ඔව් අන්තිමට වාරිස්ට සෝමාලියාවෙ සමහර ගෝත්‍ර වලින් මරණ තර්ජන පවා තිබුනලු.
ReplyDeleteඔය පොත් කියෙව්වාම ඇත්තටම අපි ශ්‍රී ලංකාවෙ බුද්දාගමේ වෙලා ඉපදෙන්න කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා. අරාබි රටවල් වල මුස්ලිම් කෙල්ලන්ට දෙන වද ගැන දැනගන්න හොඳ තව පොත් සෙට් එකක් තමයි ජීන් සැසන් ලියපු සිංහලයට පරිවර්තනය කරලා තියෙන කූඩු කිරිල්ලී පොතෙන් ආරම්භ වෙන පොත් සෙට් එකක්.
ReplyDelete@ Gimhani - ඒ රසවත්කම පොතේ මුල ඉඳන් අගටම යනකල් තියෙනවා නේද
ReplyDeleteමම් ඔය පොත් කියවලා තියනව
ReplyDeleteඔව් එකදිගට කථාව ලස්සනට ගලාගෙනෙ යනවා. දෙවන කොටසත් අරගෙන කියවන්න ඕන. ස්තුතියි රසවත් සටහනම් තැබුවාට.
ReplyDeleteඅනිත් පොත් පිලිබදව දැනුවත් කල අයටත් තුති...
දෑන් චුට්ටකට කලින් මම ඔය පොත කියෙව්වා.පොඩි කාලෙ කොයි තරම් නම් දුක් විදලද එයා ඔය නිරූපිකාවක් උනේ.ඈත්තටම සෝමාලියාවෙ ගෑහෑණු ලමයෙක් වෙලා ඉපදෙන්නෙ මහම මහ පවකටද කොහෙද.ඒතරම් හරිම කුරිරු විදියට පුන්චි ගෑහෑනු ලමයෙක්ට සලකපු විදිය.ගන්න කෙනෙක් ඉන්නවානම් මම ගත්තෙ සරසවි බුක් ශොප් එකෙන් 375/=
ReplyDeleteඔයා හරියටම හරි. මම මේ පොත කාලෙකට කලින් කියෙව්වා. කියවන්න තිබුනු ආසාවටම මේ පොත මිලදී ගත්තා. මම තාමත්, අදටත් මේ කාන්තාරයේ කුසුම අගේ කරනවා. ඇය කාන්තාවක් නිසා. නිරභීත කාන්තාවක් නිසා. මේ කතාව කියෙව්වම හිතෙනවා අපිට මොනවද අත්විදින්න ලැබිලා තියෙන්නේ කියලා. තවත් මෙවැනිම පොත් කිහිපයක් තියෙනවා සොයාගන්න බලන්න.
ReplyDeleteහරිම රසවත් ඒ වගේම දුක හිතෙන අපුරූ කතාවක්. සත්‍ය සිද්දියක් නිසා තවත් වැදගත්. මීට අවුරුද්දකට විතර කලින් කියෙවුවෙ. හොඳ පොතක් කියල බය නැතුව කියන්න පුලුවන්.
ReplyDeleteපොත් කියවන්න.. ආයිත් පටන් ගත්තා.. මේ පොතත් කියවන්නෝනි..
ReplyDeleteමමත් ඕක කියවලා තියෙනවා අවුරුදු 2 කට විතර කලින්. පිස්සු හැදෙනවා. ගැහැණියකට ඔච්චර දුකක් ඉවසන්න පුළුවන්ද කියල හිතෙනවා
ReplyDelete@ නිසුපා - මුස්ලිම් අයත් මීට වාසනාවන්තයි මට හිතෙන විදිහට. මුස්ලිම් කාන්තාවන් විඳින දුක මනරම් හිරු දහසක් පොතෙත් තියෙනවා. කූඩු කිරිල්ලී පොත් සෙට් එක හොයාගන්න ඕනෙ.
ReplyDelete@ නදී - ඔයා නම් කියවල නොතිබ්බොත් තමා පුදුමෙ.
ReplyDelete@ Gimhani - මගෙත් ඊලඟ මිෂන් එක දෙවෙනි පොත ගන්න එක තමා.
ReplyDelete@ හිම හංසි - කියවද්දි මේ දේවල් ඇත්තටම උනාද කියන පුදුමය තියෙනවා. හිතන්නවත් පුලුවන් වේදනාවක්ද මේ පොඩි මල් කැකුළු විඳින්නෙ.
ReplyDelete@ malmi - ඒක ඇත්ත මල්මි. අපිට හිතන්නවත් පුලුවන් අත්දැකීමක්ද වාරිස්ලාට තියෙන්නෙ. ඒ විඳවීමෙන්ම ලැබෙන ආත්ම ශක්තිය වෙන්න ඇති මෙච්චර දුරක් යන්න හයිය දුන්නෙ.
ReplyDelete@ ..ChAnDiKa.. - ඔව් සත්‍ය සිද්දියක් තමා රසවත් බව එක දිගටම තියෙන්නෙ.
ReplyDelete@ චතුවා (ළමයා) - මේ පොත ගන්න වියදම් කරන සල්ලි අපරාදයක් වෙන්නෙ නෑ.
ReplyDelete@ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - ඒ දුක් විඳගෙන ගැහැණියකට මෙච්චර දුරක් එන්න පුලුවන්ද කියලා පුදුම හිතෙනවා නේද.
ReplyDeleteකිව්වත් වගේ අපි ලස්සන පොතක් කියනවා. ඒත් දෙයියනේ ආගමක් නිසා ගැහැණු මොන තරම් දුකක් විඳිනවද කියලා මේකෙන්ම තේරෙනවා. වාරිස් ට ඇත්තෙන්ම පිං පෙත් දිය යුතුයි මේවාට විරුද්ධව කටයුතු කරනවට. මේකෙ දෙවෙනි කොටස කාන්තාරයේ දරුවෝ. ඇත්තෙන්ම මුල් පොත තරම් රසවස් බවක් නෑ. වාර්ථාමය ගතියක් තියෙන්නෙ. මට නං හිතෙන්නෙ මෙහෙමයි, වාරිස් ඩයිරි මුල් පොතෙන් ලිව්වෙ තමන්ගෙ සැබෑ ජීවිත කතාව, ඈ හොඳ කතා කාරියක් උනා නං දෙවෙනි කොටසත් රසවත් වෙයි. ඒත් අපි රස විඳින්නෙ අපේම ගැහැණුන් පිරිසකගෙ අපා දුකක්.
ReplyDeleteමමත් කියවල තියෙනව....ලස්සනයි....!!!
ReplyDeleteඔව් ... ඇත්තටම දෙවනි කොටසත් කියවිය යුතුමයි .. එවිටයි කතාව හොඳින්ම වැටහෙන්නේ.
ReplyDelete[ මම මේ පොත් දෙකම ගැන ලියමිනුයි හිටියේ ... කොහෙද පිනිබිඳු මට ඉස්සර වුනානේ ..]
දැන් ඉතින් මම ලියන එක තේරුමක් නැතිවෙයි.
පොත කියවන්න ආසා හිතුනා ඒත් .. ඕක ගන්න නුවර කොළඹ පැත්තේ දුවන්න වේවි නේද ?
ReplyDeletekanthawak satu dahiriya pilibada prkasanayak...
ReplyDeletekiyaviya uwtu potak......
බුද්ධාගම වගේ වාසානාවන්ත ආගමක ඉපදෙන්න අපි කොච්චරනම් පින් කරලා ඇත්ද..
ReplyDeleteබොරු මොකටද? මම නම් ගොඩක් අඩුවෙන් තමයි පොත් කියවන්නේ... නමුත් විචාරය දැක්කහම කියවන්න හිතුන...
ReplyDeleteමේ දවස් වල සෝමාලියාවේ ඉන්න මිනිස්සු කෑම නැතුව කෙන්යාවට එනව... සමහර මිනිස්සු එන්නේ දවස් 7 - 8 තිස්සේ කිසිම කෑමක් නැතුවලු.. :( සමහරු ඒ එන අතරතුරේදී මිය යනවලු... වාසනාව තිබ්බොත් කෙන්යාවට එනකන් එන්න පුලුවන්ලු.. ගිය සතියේ අපේ රියදුරා තමයි ඔය කතාව කියුවේ... ඒ වගේ කතා ඇහුවම ලංකාවේ උපදින්න තරම් අපි ගොඩාක් පින් කරල තියනව කියල හිතෙනව...
( හැබැයි ඉතින් සෝමාලියානු ගෑනු ළමයි නම් ටිකක් ලස්සනයි... හික්ස් .. )
@ හරී - පිණිපළස - ඒක ඇත්ත. අපි රසකර කර කියෙව්වට මේ මහ පොලොව උඩ ඉන්න අපි වගේම කොටසක් තිරිසන් හිංසා විඳිනවා. මේවා එළි කරපු එකම කොච්චර දෙයක්ද.
ReplyDelete@ පිසාචයා - මගෙත් ෆේවරිට් ගොඩට වැටෙන පොතක්
ReplyDelete@ kumaraya - අයියෝ එපා එපා එහෙම කරන්න එපා. ඔයත් විචාරයක් ලියන්න. මාත් ආසයි වෙන කෙනෙක් මේ දිහා කොහොම බලනවද කියලා දකින්න.
ReplyDelete@ හිස් අහස - එහෙම කරන්න ඕනෙ නෑ සඳරු. මම ඉස්සර ගමේ ඉන්න කාලෙ විදර්ශන පාඨක ජාලයට බැඳිලා හිටියෙ. තාමත් ඒක ඇති. එයාලට අපිට ඕනෙ පොත කියලා මනි ඕඩරයකුත් එක්ක යැව්වම ගෙදරටම පොත එවනවා. විශ්වාසය රකිනවා. පොඩ්ඩක් හොයල බලන්නකෝ.
ReplyDelete@ indika dissanayake - ඔව් කියවිය යුතුම පොතක්
ReplyDelete@ Dinesh - අම්මෝ ඒක නම් ඇත්ත දිනේශ්. හප්පා සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ. පාර හොයාගන්නත් අමාරු වෙන්න ඇති නේ.
ReplyDelete@ නදුන් උයන - පොත අහුවුනොත් කියවලා බලන්නකො අයියා. ඔයාලා ඒ පරිසරයක් ජීවත් වෙන නිසා කතාව තවත් සමීප වේවි.ඔයාගෙ විස්තරේටත් ස්තූතියි අයියෙ.
ReplyDeleteඔන්න පොත් ලිස්ට් එකට තවත් එකක් එකතු උනා.
ReplyDeleteඅපිට දකින්න නොලැබෙන තවත් මිනිසුන් කොටසකගේ කතාවක් . . . . . එක පැත්තකින් කුසට හරිහමං ආහාරයක් නැතිව දුක් විඳින කාන්තාවන් පිරිසකගේ වේදනාව ගැන කියන අතරේම තවත් පැත්තකින් සිහින ලෝකයක ජීවත්වෙනවායි අපි හිතන වන මෝස්තර නිරූපිකාවන් විඳින වේදනාව ඇයගේම අත්දැකීම් ඇසුරින් ලියා තිබෙන නිසා නැවත නැවතත් කියවන්න පුලුවන් පොතක් . . .
ReplyDeleteකියවන්නම ඕනා...
ReplyDelete@ සරත් ලංකාප්‍රිය - කියවලා බලන්නකො එහෙනම්
ReplyDelete@ ඕනයා - ඔය තියෙන්නෙ තව කියවපු අයගෙ අත්දැකීම්.
ReplyDelete@ අසනි - ඔව් කියවිය යුතුම පොතක්.
ReplyDeleteමම ඔය පොත කියවල නැති උනාට සිද්ධිය කතන්දරයක් වගේ අහල තියනව...
ReplyDeleteකියවි යුතුම පොතක්...
ReplyDelete