Pages

Monday, August 15, 2011

සියක් පියවර ඇවිද ආවෙමි..


මේ මගේ බ්ලොග් එකේ සියවෙනි ලිපිය. මේ සීය ලියන්න නම් අවුරුදු සීයක් විතර මට යන්න ඇති. ඒ තරම් ගොළුබෙලි ගමනින් ආවෙ.

මොනදේ උනත් මගෙ ලිපි කියවලා කමෙන්ට් කරන ඔයාලා නැත්තම් පළවෙනි ලිපියෙන් එහාට මට අඩියක්වත් තියාගන්න බැරි වේවි. ඒ තරමටම ඔයාලව මට වටිනවා.

හැමදාම කියනවා වගේ රූපෙන් හෝ කටහඬින් නැතුව මම ඔයාලව අඳුර ගත්තෙ අකුරු වලින්. ඒත් ඒ අකුරු මත්තෙම ගොඩනැගිච්ච සහෝදරකම නම් හුඟක් හයියයි.

දිනෙන් දින ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට, ටික ටික කමෙන්ට් වැටෙනකොට හිතට දැනෙන්නෙ ලොකුම ලොකු සතුටක්.

පනහ ගැන ලියපු පෝස්ට් එකේදි මම එක් එක්කෙනාව නමින්ම දාලා ස්තූති කරා. ඒත් අද මට ඒ දේ කරන්න බයයි.
මොකද ඒ වගේ තුන් හතර ගුණයක් යාලුවො මගෙ වටේ ඉන්නවා. එක්කෙනෙක්ගෙ හරි නමක් මග ඇරුණොත් කියන බය මගෙ හිතේ තියෙනවා.

මේ ලිපි අතරෙ මගෙ සුන්දර අතීත සැමරුම්, ආදරේ, පිස්සු වගේම දුක කඳුළ සහ තරහත් තියෙනවා.

බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේම කොටසක් වෙලා. ඒ ජීවිතේ ඔයාලත් හැම තැනකම ඉන්නවා. එදා වගේම අදත් මා එක්ක හිටියට ඔය හැමදෙනාටම හුඟක් ස්තූතියි.

ඔබෙන් ලද ධෛර්යයෙන් තව තවත් දොඩමළු වන්නේ මගේ හිතයි.


මේ සහෝදරකම
හැමදාමත්
මා ළඟ තියේවි
වෙහෙරක තරම්
පරිස්සමට


ස්තූතියි.

85 comments:

  1. මේ පෝස්ට් එකත් නිකං කතාවක් වගේ අක්කේ... හරිම ලස්සනයි... අක්කගේ 100ට මගෙන් සුභ පැතුම්...

    ReplyDelete
  2. මම අදමයි මේ පැත්තේ ආවේ...මගෙනුත් උණුසුම් සුබ පැතුම් ...ජය වේවා...

    ReplyDelete
  3. ඔන්න ලකියෝ...මගෙනුත් සුභ පැතුම්. ඔයාගෙ බ්ලොගිය බව නොදැන මං කාලයක් මේක කියෙව්වානෙ. ...:)))

    ReplyDelete
  4. ඔහොම යං පිණිබිදු 1000 ත් ලියනකම්.. මැරුනේ නැත්තම් මාත් ඉන්නවා ඕං...සුබ පැතුම්..:)

    ReplyDelete
  5. සීයට සුභ පැතුම්!...

    ඒ වගේම ලොව වයස්ගතම ‍බ්ලොග් ලියන්නිය කියල ගිනස් පොතට යන්න ලැබෙන්න ඕන... පෝස්ට් 100 ලියන්න අවුරුදු 100ක්ම ගියානම් දැන් 150ක් වත් ඇතිනෙ වයස.. ;)

    ReplyDelete
  6. @ prasanna86k - ස්තූතියි මලේ.. හැමදාම එනවනෙ මේ පැත්තෙ. ඒකටත් ස්තූතියි.

    ReplyDelete
  7. @ අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි - ස්තූතියි ආයෙත් එන්න හොඳේ එහෙනම්..

    ReplyDelete
  8. @ Nisupa - ස්තූතියි නිසූ... පහ වසරෙන් පස්සෙ අතුරුදහන් වෙලා ඉඳලා ආයෙ කැම්පස් එකෙන් හොයාගත්ත යාලුවනෙ ඔයා. ඒ කතාවත් වෙලාවක ලියන්න ඕනෙ.

    ReplyDelete
  9. @ චතුමිතු - එහෙනම් මැරෙන්න කලින් මම ඉක්මනට 1000ත් ලියන්නම්කො හොඳේ..

    ReplyDelete
  10. මේ අවුරුද්දේ අග 200යි කියල ලියන්න ලැබගන්න මෙන්න සුබ පැතුම්!!! :)

    ReplyDelete
  11. @ සාතන් - හී... මම කිව්වෙ මේ මට දැනිච්ච විදිහ කාලෙ ගියපු හැටි. වයස ගැන නම් මා එක්ක කතා කරන්න එපා බොල සාතන් "අයියෙ". ස්තූතියි ඈ...

    ReplyDelete
  12. @ ..ChAnDiKa.. - ස්තූතියි සහෝ. උත්සාහ කරල බලමුකො නේද.

    ReplyDelete
  13. මම බැලුවෙ 100 වනි ලිපිය කියල කො කියල .......

    මගෙනුත් සුබපැතුම්

    ReplyDelete
  14. මගෙන් උණුසුම් සුබ පැතුම් යාලුවා.... :)

    ReplyDelete
  15. පිණිබිඳුගේ සියවෙනි ලිපියට මගේ සුබ පැතුම් !!!!
    ඒ වගේම මේ වගේ තුන් හතර ගුණයක් ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් පතනවා.
    තව තවත් හිට්ස් කමෙන්ට් ලැබෙන්නත් කියලා පතනවා. කියන්න සතුරුයි මගේ "බ්ලොගයට අරුණ" වැඩසටහනින් අක්කගේ පෝස්ට් ඔක්කොම ටික කියෙව්වා !!!! :)

    අක්කගේ ඔක්කොම ලිපි වලින් මම් ආස අර ඉබ්බව මරපු ලිපියට !!!
    මේ හිටියා වගේම ඉදිරියටත් අපි පිණිබිඳු එක්ක ඉන්නවා !!!!

    පිණිබිඳු අපිට !!! අපි පිණිබිඳුට !!!!! පිණිබිඳුට ජය වේවා !!!

    ReplyDelete
  16. @ Tanikada Jeewithe - ඇයි හත්දෙයියනේ මේ තියෙන්නෙ 100වෙනි ලිපියනේ.. තැන්කූ ඈ...

    ReplyDelete
  17. @ සීතල අයියා - ස්තූතියි සහෝ..

    ReplyDelete
  18. @ මධුරංග - ඈ බොල මම කොහෙද ඒකෙ කියල තියෙන්නෙ ඉබ්බව මැරුවා කියලා. මුන් ඔක්කොම ඉබ්බව මරල උයාගෙන කාලත් ඉවරයි. අහුවෙයන්කෝ....

    ඉතින් බ්ලොගයට අරුණ වැඩසටහනට මගෙ බ්ලොග් එකත් තෝර ගත්ත එකට තැන්කූ ඈ.. එතකොට අපිට ඒකෙන් තෑගි හම්බවෙන ක්‍රමයක් එහෙම නැද්ද.

    ReplyDelete
  19. මම ආස කරන බ්ලොග් වලින් එකක්.
    ජය පතනව!!!

    ReplyDelete
  20. @ Gimhani - ස්තූතියි ගිම්හානි. ඒක මට සතුටක්.

    ReplyDelete
  21. මගෙනුත් උණුසුම් සුභපැතුම් පිණිබිඳුට. තවත් චිරාත් කාලයක් බ්ලොග් ලියන්න හැකිවේවා!!!

    ReplyDelete
  22. @පිණිබිඳු... :
    තෑගි දෙන්න ඕනේ මට !!!!
    අච්චර ලිපි කන්දරාවක් නූල්ඩුස් වගේ එකපාරම ඇදලා දැම්මට !!!!
    මාරම ලිපි ගොඩක්නේ අක්කා තිබ්බේ.

    ReplyDelete
  23. මදැයි . සිය වෙච්ච දානේ මන් ඔයාව විපරියාසෙකට පත් කරලා තියෙන්නේ . අනේ ''පිනි බිඳු'' නගේ තව සිය ගානක් ලියන්න ලැබෙන්න කියල පතනවා

    ReplyDelete
  24. අක්කගෙ වයස ගැන මටත් විවිධ ප්‍රශ්න ආවත් මම ඒව අහන්න යන්නෙ නෑ.:D

    මාත් කාලයක් තිස්සෙ නිතරම යන එන තැනක් නෙ මේක. ගොඩක් සතුටුයි සෙන්චරිය ගහපු එක ගැන. සාතන් අයිය කිව්ව වගේ ඇඟිලි පණ තියනකල්ම ලියන්න. අක්කගෙ බ්ලොගේට සුභ සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  25. @ blog gadol - තැන්කූ පූස්..

    ReplyDelete
  26. @ මධුරංග - එග්සෑම් නෑ වගේ මේකා බ්ලොග් කියො කියෝ ඉන්නැතුව පල පාඩම් කරන්න.

    ReplyDelete
  27. @ Bindi - බලන්ට බින්දි අක්කා මට කරපු විපරියාසයක් හයියෝ. වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා. ස්තූතියි අක්කෙ සුභපැතුමට හොඳේ...

    ReplyDelete
  28. @ Kasun - ඇඟිලි පණ තියෙනකල් ඉතින් බ්ලොග් කෙටිල්ල තමා වෙන මොනාද. ස්තූතියි මලේ...

    ReplyDelete
  29. ඔන්න මම නම් ඒ විපරියා‍සේ දැක්කත් ‍නොදැක්කා ව‍ගේ උන්නා......

    අ‍පෙනුත් පිණි බිඳු අක්කට සුභ පැතුම්..... තව තවත් කතා ‍ගොඩ ගැ‍හේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.....!!!!!!

    ReplyDelete
  30. bindi ඔයාව කොල්ලෙක් කරල තිබ්බ. දැන් මේකෙ වයස ගැනත් ඔන්න කට්ටිය අහල. මේ කයි කතන්දර කොහෙන් ඉවර වෙයිද දන්නෑ! හික් ! සීයට මගෙනුත් සුබ පැතුම්. තව දීර්ඝ කාලයක් ලිපි ලියන්න ශක්තිය වාසනාව ලැබේවා!

    ReplyDelete
  31. අඩේ අක්කෝ......සුබ 100ක් වේවා...මයි ඩීපස්ට් සිම්පතීස්.... :)

    ReplyDelete
  32. සුභ පතන්නම් හැමදාමත් පිණිබිඳු දිදුළන්නට,, ඉක්මනින්ම 200 ලිපියත් ලියන්න නංගී !!!!!!

    ReplyDelete
  33. @ හා පැටික්කි (MS) - ස්තූතියි හා පැටික්කී... බලන්නකො මේ බින්දි අක්කා කරපු වැඩෙන් මට ලෝකෙට මූණ දෙන්න බැරි වෙනවා තව ටිකෙන්. හික්ස්.

    ReplyDelete
  34. @ මුහුදු කොල්ලකාරයා - ස්තූතියි යාළු... මුන්ගෙ වැඩේ ඉතින් මට පද හදන එකමනෙ අප්පා.

    ReplyDelete
  35. @ රත්ගමයා - අර දින විසි එකේ නායකයෙක් උනාට පස්සෙ උඹේ කඩ්ඩ නම් සෑහෙන්න පොලිෂ් වෙලා. මයිත් ඩීපස්ට් සිම්පටීස් මලේ..

    ReplyDelete
  36. @ හරී - පිණිපළස - ස්තූතියි හුඟාරියක්. ඔයාලා තමා මගේ ශක්තිය.

    ReplyDelete
  37. ආහ් එල ...ඔය ඇවිත් තියෙන්නේ ඉතින් සියට...ලියන්න ලියන්න..දිගටම සියක් නෙමේ සිය දහස් වාරයක් ලියන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කි....

    ReplyDelete
  38. මගෙනුත් උනුසුම් සුබ පැතුම්.චිරාත් කාලයක් බ්ලොග් අවකාශයේ රෑදෙන්න ලැබේවා!!

    ReplyDelete
  39. සියක් ගව් පැමිණි ඔබට සුවහසක් ගව් දුර යෑමට ආසිරි!

    ReplyDelete
  40. හදවතින්ම සුභ පතනවා අක්කා.... දිගටම ලියන්න.....

    ReplyDelete
  41. අනේ බුදු අක්කේ පරක්කු උනාට සමාවෙන්න....
    ඔන්න සුභ /"උපන්දිනයක්"/ පතනවා... :D

    ReplyDelete
  42. කියවන්න හිතෙන දේ ලියන අය අඩුවෙලා තීන වෙලාවක්. තව දහසක් ලියන්නට ලැබේවා!

    ReplyDelete
  43. ලියන්ඩෝ... කියවන්න අපි ඉන්ඩෝ.....

    ReplyDelete
  44. ඕන්න මගෙත් සුබ පැතුම් පිණිබිඳු...දිගටම ලියන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පතනවා...

    ReplyDelete
  45. උණුසුම් සුබ පැතුම්...!!!! දිගටම ලියන්න...

    ReplyDelete
  46. සුභ පැතුම් 100ට.. ජය වේවා.. තවත් දිගටම ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :D

    ReplyDelete
  47. සුභ පැතුම් ඈ . . . . . සීය ඉස්කෝර් කොලා වගේම දෙගුනෙක විතර වේගෙං දෙසීය ඉස්කෝර් කරන්න ලැබේවා කියල පතනව.

    ReplyDelete
  48. එහෙනම් ඔයා 100කුත් ලීවුවා ..

    තවත් ලිපි දාහක් ලියන්න සුබ පැතුම් අක්කන්ඩි .. දිගටම ලියන්න ..

    ReplyDelete
  49. දන්නවනේ ඇවිද්ද පය දහස් වටී....ලියපු තරමට කොමන්ට් වටේ....කොමන්ට් වැටුණු තරමට සතුට වැඩි...

    ............උණුසුම් සුබ පැතුම්..........

    ReplyDelete
  50. මගෙනුත් සුබ පැතුම් යාළුවා !

    ඉදිරි ගමන ජය වේවා !

    ReplyDelete
  51. හැමදාම ඇවිත් කොටන්නේ නැතුව ගියාට අද නම් එහෙම බෑනේ
    ඔන්න මගෙනුත් සුභ පැතුම්..!!

    ReplyDelete
  52. ආ ... මේ බින්දි අක්කගේ මලයනෙ ......
    ඔන්න මගෙනුත් සුබ පැතුම් ......
    මම ඔයා ලියන සරල කෙටි සිස්සටම් එකට කැමතියි .......

    ReplyDelete
  53. පිණිබිඳු නිකන් අපේ අම්මා වගේ නේ. අපේ අම්මත් ඔහොම කියනවා.
    අපරාදේ මටත් අක්කෙක් හිටියනම්....

    ReplyDelete
  54. @ නිම්ශා - ස්තූතියි නිම්ශෝ.. ඔයාලා මා එක්ක ඉන්නවනෙ හැමදාම.

    ReplyDelete
  55. @ නදී - තැන්කූ නදී. ඔයාලා තමා මගේ ශක්තිය.

    ReplyDelete
  56. @ ටී.බී. හේරත් - සුවහසක් ගවු දුර යන්න කප් සුවහස් කල් යාවි. ස්තූතියි සහෝ.

    ReplyDelete
  57. @ ෴ හසියා ෴ - ස්තූතියි මලේ දිගටම මේ පැත්තෙ එන්න.

    ReplyDelete
  58. @ MaRLaN - අනේ බුදු මල්ලියේ කොහොම හරි ආවනෙ උඹ. ස්තූතියි ඈ..

    ReplyDelete
  59. @ ඉන්දික උපශාන්ත - ස්තූතියි අයියේ ඒ වචන මට හයියක්.

    ReplyDelete
  60. @ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - ඔයාලා ඉන්න බව දන්නවෝ. ඒ නිසා පුලුවන් තරමක් ලියනවෝ..

    ReplyDelete
  61. @ ප්‍රසංග - ස්තූතියි සහෝ..

    ReplyDelete
  62. @ අසනි - ස්තූතියි අසනි. ලියන එක පුරුද්දක් වෙලා ගිහින් දැන්.

    ReplyDelete
  63. @ ප්‍රාර්ථනා - ස්තූතියි ප්‍රාර්ථනා ඔයාගෙ ප්‍රාර්ථනාවට.

    ReplyDelete
  64. @ ඕනයා - යන විදිහට නම් දෙසීය ඉස්කෝර් කරන්න මේ වගේ දෙගුණයක් කල් යයි වගේ. හපොයි වැඩ වැටීගෙන එන්නෙ දැන්.තැන්කූ අයියේ...

    ReplyDelete
  65. @ හිස් අහස - ස්තූතියි සඳරුවෝ.. හැමදාම ඇවිත් යනවටත් ස්තූතියි ඈ..

    ReplyDelete
  66. @ රතු මුහුද - අන්න වචන ටික. මරු. තැන්කූ සහෝ..

    ReplyDelete
  67. @ දිල් - ස්තූතියි සහෝදරී. හිතේ කරදර අඩුද දැන්. මීනුට කොහොමද.

    ReplyDelete
  68. @ චතුර - ඇවිත් හොරා වගේ යන්න එපා හොඳේ. මොනා හරි ලියල යන්න. ස්තූතියි සහෝ.

    ReplyDelete
  69. @ පන්සල් හංදිය - හයියෝ මේ බින්දි අක්කා මට කොරාපු හදියක්. ස්තූතියි අයියේ..

    ReplyDelete
  70. @ මධුරංග - අපෝ මලේ අක්කෙක් නම් හීනෙකින් වත් පතන්න එපා. මට වෙලා තියෙන හදියක් පේනවනෙ අක්කෙක් නිසා. හික්ස්. එහෙම කිව්වට ඉතින් ඒකි තමා මට හැමදේකටම.

    ReplyDelete
  71. නියමයි අක්කේ ඔහොම යන්......

    ReplyDelete
  72. @ batti - ස්තූතියි. අදමද මන්දා මේ පැත්තෙ ආවෙ. වෙල්කම්.

    ReplyDelete
  73. @ සෝරෝ - ස්තූතියි සහෝ..

    ReplyDelete
  74. @ මැරා.. - ස්තූතියි මලේ..

    ReplyDelete
  75. සුභ පැතුම් පිණී.. කියවන්න මිනිස්සු ඉන්නකං ලියන්න........ !

    ReplyDelete
  76. @ nawam - ස්තූතියි අයියා. කාලෙකින් මේ පැත්තෙ නේද.

    ReplyDelete
  77. බොහෝදුර යන්න සුබ පැතුම්.. මගේ බ්ලොග් එකටත් මුලින්ම ආ කෙනෙක් ඔබ.. ආ. අමතක වෙනවා තව පොඩ්ඩෙන්.. මේ දවස්වල වෙහෙරවල් කලා ඒවගේ දේවල් හොරකම් කරනවා !

    ReplyDelete
  78. @ සරත් ලංකාප්‍රිය - ස්තූතියි අයියේ. අන්තිමට කියල තියෙන දේ නම් තේරුනේ නෑනෙ.

    ReplyDelete
  79. අප්පද බොල ඒ ගමන පිණිපිඳු අයියා ....
    ඇත්තටම මොකද මේ ග්‍රහ මාරුවක්ද ඈ ......

    ReplyDelete
  80. මේක හරියන වැඩක් නෙමෙයි බොලව්. මේ මොන අපහාසයක්ද. මම දානවා නඩු. හයියෝ වනේ වන හතුරෙක්ටවත් මෙහෙම වෙන්ට එපා...

    ReplyDelete
  81. අනේ අක්කේ වැරදි කොමෙන්ට් එකක් වැරදි බ්ලොග් එකකට වැටිලා තියෙන්නේ
    සමාවෙන්න මට...............................:(
    මං තාම පොඩි එකානේ
    සමාව දෙනවා නේද??

    ReplyDelete
  82. මෙන්න නදුන් උයනේ සුභ පැතුම්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...