Pages

Tuesday, August 16, 2011

බල්ලාගේ කුකුල් මස් කොල්ලාට නැත


මම එක වසරෙ ඉඳන් දහතුන වසරට යනකල්ම ගියේ මිශ්‍ර පාසලකට. ඉතිං කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නෑ. දෙගොල්ලොම හොඳටම ෆිට් යාලුවො හිටියෙ.

ඉස්කෝලෙ ෆන් නම් අපමණයි. ප්‍රසන්න මලයගෙ මේ කතාව කියෙව්වම අපේ යාලුවෙක්ට වෙච්ච සිද්ධියක් මතක් උනා.

අපිත් ඉස්සර බත් කන්න ගියාම මෙලෝ චාරයක් නෑ. වැඩි හරියක් බත් අරන් එන්නෙ ඉතින් අපි කෙල්ලො ටික තමා. කොල්ලො නම් ඉස්කෝලෙ එනකොට මොන බත්ද? උන් ගාව පොත් ටික වත් තියෙනවයැ.


මාළු ලෑල්ලකට කාක්කො ටිකක් වට උනා වගේ තමා බත් එකක් දිග ඇරියම. කොරිඩෝ එකේ යන උන්ටත් බඩගිනි හැදෙන්නෙ එතකොට. කොහෙන් එන අත්ද මන්දා. අපිට යන්තම් අනාගත්ත බත් ටික විතරයි. අනාගත්ත බත් ටිකත් කටට දාගන්නකල් ෂුවර් නෑ. ඒකත් මගදි උදුරලා කන උන් හිටියා.

බත් එක වාෂ්ප වෙනවා සුටුස් ගාලා. ඔලුවෙත් එක්ක බත් ඇට අන්තිමට.

අපේ යාලුවො සෙට් එකේ එක කොල්ලෙක් හිටියා ජීවිතේට බත් එකක් ගේන්නෙ නෑ. අපිත් ඉතින් කවදාවත් උගෙන් බත් එකක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ තරමට හෝප්ලස්.


මෙන්න දවසක් මේකා ලොකූ බත් එකක් අරන් එනවා හෙන ආඩම්බරෙන්.

"ඒ බං අද අපේ ගෙදර කුකුල් මස් ඉව්වා. මම ඉතින් උඹලට බත් එකක් අරන් ආවා. උඹලා කවදා කන කුකුල් මස්ද. හෙහ් හෙහ්.. ".


දැන් පන්තියෙ හැමෝටම ආරාධනා කරනවා කුකුල් මස් සහිත බත් එකේ වරුණාව කියලා බත් එක කන්න.

දැන් ඉතින් කන සටනට සැරසී ඉන්න යුධ සෙබළු ටික ඉස්සරහා බත් එකේ අයිතිකාරයා හිමීට බත් එක දිග අරිනවා. පුහ්: මුගෙ ආඩම්බරේ බලපල්ලකො.

බත් එක නම් දිග ඇරියා. කට්ටිය හෝ ගාලා බත් එක පෙරළ පෙරළ කුකුල් මස් කෑලි හොයනවා.


"කෝ බං මහ ලොකුවට ගෙනාව කියපු චිකන්"

කොල්ලගෙ මූණ හට්ටියක් වෙලා. ඌව ඔක්කොම චාටර් කරනවා. ඇයි බත් එක ලෙහන්න කලින් කොච්චර ආඩම්බර කතා කිව්වද.

"අනේ බං මම දැක්කනෙ අද උදේ අපේ ගෙදර කුකුල් මස් හදනවා. අයියෝ එහෙනම් ඒ මට නෙමෙයි අපේ බල්ලට හදපු මස් එක වෙන්න ඇති."

ඔන්න වෙලා තියෙන වැඩේ. කරන්න පුලුවන් අපහාස හැම එකක්ම කරන ගමන් අපේ උන් බත් එක නම් කොහොම හරි අවුලක් නැතුව කෑවා. ඒත් අතුරුපසට අර කොල්ලවත් මරාගෙන කෑවා.

60 comments:

  1. අනේ හපොයි.... පවු අහින්සක කොල්ලා...

    ReplyDelete
  2. හොහ් හොහ් කොල්ලා පව්.බල්ලොන්ට ගිය කල.

    ගෙදරින් ගේන බත් කන්න ගියාම ඔහොම තමා.සවල් ගහන්නෙ සමහරු.එකෙක් හිටියා ඒකා ගොඩක් එකතු කරලා එකවර අනාගන්නව.,ඉතින් ඒව අල්ලන්න යන්නෙ නෑනේ අනිත් අය.එකක් අනල කද්දි බත් එක ඉවරයි.

    ReplyDelete
  3. බල්ලට දෙන කුකුල් මස් කොල්ලට දෙන්නේ නැද්ද අප්පා !!!1
    පවු වැඩේ ඒ කොල්ලට. වස ලැජ්ජාවනේ. හික්ස් :)

    මේ කතාව කියෙව්වම මට අපේ අප්පච්චි කියපු කතාවක් මතක් උනා.
    දවසක් කරවල කඩයක් ලඟට ලොකු නෝනා කෙනෙක් ඇවිත් අපේ බල්ලට කන්න දෙන්න කරවල කටු ග්‍රෑම් 100ක් දෙන්න කියලා ඉල්ලූවාලු. කොහොමහරි කරවල කටුවල බිලත් ගෙවලා නෝනා ගියාලු.
    ඔහොම දවස් දෙක තුනක් ඔය වැඩේ සිද්ද උනාලු. නෝනා එනවා කරවල කටු ගෙනියනවා.

    දවසක් කඩේ මුදලාලි කරවල කටුවලට බූමිතෙල් ටිකක් වත්කරලා දුන්නලු.ඔන්න පහුවෙනිදා අර නෝනා රෙදි උස්සන් එනවලු !!!!

    "මොකද්ද මුදලාලි කරලා තියෙන බලු වැඩේ !!! ඊයේ ගෙනිච්ච කරවල කටුවල බූමිතෙල් නේ !!!" කියලා කිව්වා.

    ඊට පස්සේ මුදලාලි "බල්ලාද කිව්වේ කරවල කටුවල බූමිතෙල් කියලා !!!" කියලා ඇහුවලු. නොනා හැරෙන තැපෑලෙන්ම ගියාලු.

    කතාව අහලත් ඇති. අහලා නැත්නම් කියලා හිතිලා කිව්වේ !!!!

    ReplyDelete
  4. අපේ කොල්ලො නම් ගෙදර මස් එකක් ඉව්වා කියලා දන්නවනම් පැත්තකට ගිහින් හිමීට බත් එක දිග ඇරලා මස් එක කටේ දාගෙන තමයි කට්ටිය ඉන්න තැනට ඇවිත් බත් එක දිග අරින්නේ...
    ඉතිං ඌ මස් කෑල්ල කාලා ඉවර වෙද්දි කට්ටිය බත් එක කාල ඉවරයි.

    ReplyDelete
  5. ඔන්න පිණිබිඳු ගෙ බත් එක හෙම නෙවෙයි හරිද......

    ReplyDelete
  6. අපෙත් ඔහොම තමයි. අපේ පන්තියෙ එකෙක් හිටිය තඩි බත් එකක් අරන් එන. ඒක මාර රහයි. ඉතින් ඕකට හැමදාම පොරේ. බත් එකේ බිත්තරයක් තිබ්බ දවසට ඌ බත් එක දිග අරින්නේ ඒකට ඇඟිල්ල තියාගෙන. දිග ඇරිය ගමන් ගුඩුස් ගාල එක පාරට බිත්තරේ ගිලිනව.

    චිකන් කිව්වම මතක් උනේ. දවසක් ඉස්කෝලේ හවස මොනවහරි වැඩකට ඉන්න වෙලාවක අපේ එකෙක් කෑම ගෙනත් නැතුව මම කිව්ව මාත් එක්ක කමු බාගෙ බාගෙ කියල. එදා අම්ම චිකන් හදල තිබ්බ. බත් එක දිග අරිද්දීම වෙන එකෙක් ඇවිත් කතා කරලා මට පොඩ්ඩක් එහාට යන්ඩ උනා. විනාඩියක් යන්ඩ ඇති. මෙන්න ආපහු එද්දී අරු කියනව, " මචන් ඔන්න මම මස් බාගෙ කෑවා උඹට කටු බාගෙ තියෙනව කියල". උගෙ වෙලාවට මම හරක් මස් කන්නෙ නෑ!!!!

    ReplyDelete
  7. මම අහල තියෙනව තව කතාවක්.
    හැමදාම පොරත් මස් කඩේට ඇවිත් මහ හයියෙන් ඉල්ලනවලු "බල්ලන්ට දෙන ඒවයින් මස් කිලෝ 1 ක් දාන්න මුදලාලි" කියල
    එක දවසක් පොර ඇවිත් හිටියෙ එයාගෙ පොඩි පුතත් එක්ක ලු.
    වෙනද වගේම ඉල්ලුවලු බල්ලන්ට දෙන ඒවයින් මස් කිලෝ 1 ක්.

    මේක අහගෙන ඉඳල පොඩ් එකා කියනවලු.. "ආව් හරිෂෝක්නෙ තාත්තෙ අලි අද යනගමන් බල්ලෙකුත් ගෙනියනවද" කියල.

    ReplyDelete
  8. අපි කැම්පස් ඉන්න කාලේ නම් මස් නෙවෙයි තණකොළ හොද්දක් එක්ක උයල තිබ්බත් ඇදල අරිනවා. කතාවට කිවුවේ අපිට දිරවන්නේ නැත්තේ බෝතල් කටුයි පොල්කොහුයි විතරයි කියල. ඒ කාලේ තිබ්බ කැන්ටිමේ සිරිතක් අඩු දෙනවා කියල ඒ කියන්න එකපාරක් බත් එකක් ගත්තම පිඟන පෙන්නලා තව ටිකක් ඉල්ලගන්න පුළුවන් . අපි කරන්නේ කාපු එකාගේ පිඟාන ඉල්ලන් ගිහින අඩු අරගෙන කනවා.. අනිතිමට මක්කලි ගොසාලය(කන්ටීම් අයිතිකාරයා) එකත් නැවැත්තුව. කොහොමත් ඌ බංකොලොත්..

    ReplyDelete
  9. පිණිබිඳු: පව් අනේ අර කොල්ලා.

    මධුරංග: මම ඔය කතාවෙ තව version එකක් අහල තියෙනවා.

    ඔන්න තාත්ත කෙනෙකුය් පුතෙකුය් ගෙදරට උවමනා බඩු අරන් එන්න ගියාලු. සේරම අරන් ඉවර වෙලා තාත්ත මස් කඩේ පැත්තටත් හැරුනලු. පුතත් ඉතින් ඇගිල්ලත් කටේ ගහ ගෙන බලන් ඉන්නවලු. තාත්ත කිව්වලු මස් කඩ කාරයට "මුදලාලි මට මෙන්න මේවයිං මස් ටික දෙන්නකො" කියලා. ඉතින් මුදලාලිත් හොඳ කෑලි වලින් තූරල කිරන්න හදනකොට තාත්ත කිව්වලු "නෑ නෑ මුදලාලි ඔවය්ං නෙමෙය්, අන්න අර බල්ලන්ට දෙන කටු කෑලි වලින් කිරලා දෙන්නකො" කියල.

    පුතාගෙ කටින් මෙච්චර වෙලා උරපු ඇඟිල්ල පහල වටුනලු, පුතා ඇහුවෙ "තාත්තෙ අපි යන කොට බලු පැටියෙකුත් අරන් යනවද" කියල විතරමලු.

    හිනා වෙන්න කියන කතාවක් උනත්, මට මේ කතාවෙ තාත්ත ගැන පපුව පත්තු වෙන ගතියකුත් දැනෙනවා.

    ReplyDelete
  10. @ MaRLaN - පව් තමා ඉතින්. ලොකු ටෝක් දෙද්දි පරිස්සමින් දෙන්න ඕනෙ.

    ReplyDelete
  11. @ නදී - ඒකනෙ කිව්වෙ අනපු බත් ටික කටට දාගන්න දෙන්නෙ නෑ වෙලාවකට.

    ReplyDelete
  12. @ මධුරංග - මරු කතාව. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්වලු. මොකටද බොරු සෝබන නේද.

    ReplyDelete
  13. @ තාරක Dilsh@n - මේ කොල්ලා වෙනදට කෑම අරගෙන එන්නෙ නැති හන්දා ලොකු කමට හැමෝට අඬ ගහලා චිකන් බෙදන්න හැදුවෙ. පව් වැඩේ උනේ ඉතින්.

    ReplyDelete
  14. හික්ස්...ඉස්සර ඉතිං අපේ පන්තියෙත් සර්වයිවල් ඔෆ් ද ෆිටස්ට් තියෙරියෙන් තමයි ඉන්ටර්වල් එකට කන්න පුලුවන් වුණේ.

    ReplyDelete
  15. @ Tanikada Jeewithe - අපෝ නෑ. මම හැමදාම බත් අරන් යනවා. කන්න වෙන්නෙ නැති එක වෙනම වැඩක්. ඒත් බත් එක අරන් එනවා.

    ReplyDelete
  16. @ මුහුදු කොල්ලකාරයා - අපෝ ඒක නම් මරාගෙන කන්න වටින වැඩක් කරලා තියෙන්නෙ. චිකන් කෑල්ලක් නැති උනා කියන්නෙ බත් එකේ මොන තරම් ජාතික අපරාධයක්ද කරල තියෙන්නෙ.

    ReplyDelete
  17. @ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - ඒ කතාව නම් පව් අප්පා. ඇයි අර බාගෙට නරක් වෙච්ච එළවලු ගෙනියන්නෙ කුකුල්ලුන්ට කන්න දෙන්න කියලා.

    ReplyDelete
  18. @ සරත් ලංකාප්‍රිය - අපෙත් සමහර උන් හිටියා අඩු කන. අපේ නම් අඩුව නැවැත්තුවෙ නෑ. අඩු පහක් විතර කන එක ලාබයි.

    ReplyDelete
  19. @ samadhi - ඔව් අපි හිනා උනාට ඒ කතාවෙ මහ කාලකන්නි දුකක් හිරවෙලා තියෙනවා තමා.

    ReplyDelete
  20. @ blog gadol - හෙහ් හෙහ් උචිතෝන්නතිය කිව්වෙ ඕකට නේද. සේම් හියර්..

    ReplyDelete
  21. අඩේ අපේ හිටියා උදාර කියලා එකෙක් පානදුරේ ඉඳලා ආව..අන්වර්ථ නාමය පැණියා...

    ඌ තමා ඔය කෑම වෙලාවෙදී කරන්න තියෙන දහදුරාම වැඩේ කරන්නෙ..අනිත් උන්ගේ කෑම වලට පැනලා හොදට නෙලලා උගේ කෑම එක දිග ඇරිය ගමන්ම තූ තූ කියලා මුළු බත් එකටම කෙල ගහනවා..ඉතිං අපිට කෑහැකිද ඕක...

    මට ඒ දවස්වල කවදාවත් හරයකට කන්න නැහැ ඉස්කෝලෙදී..එකක් මට ඔය පොරකන වැඩේ හරි අමාරුයි..හාල් මැස්සා වගේ ඉඳගෙන මොන පොර කැවිලිද..?

    අනික ඉතිං මගේ බත් එක කන්නත් නැහැ..ඇයි ඉතිං ඒකේ සතියකට තුන් පාරක් විතරවත් කජු මාළුව වරදින්නේ නැහැ..පොළොස් අනිත් එක..කොළඹ ඉස්කෝලේ ගෙහුන් මට මංද පෝෂණේ නොහැදී බේරුන එකත් පුදුමයි වෙලාවකට...

    ReplyDelete
  22. අයියෝ පව් අසරණය. අක්කලත් ඉතින් බත් එක කන එක පැත්තක තියල ඌව කන්න ඇති.

    ReplyDelete
  23. කොල්ල බල්ලටත් අන්ත වෙනව කියන්නෙ ඕකට තමා...

    ReplyDelete
  24. @ මාරයාගේ හෝරාව - අපෝ ඈක්කා.. කෙළ ගහන වැඩේ නම් අන්තිම චාටර්. ඔය බත් කනකොට ඉතින් පොර කන එක නම් කොල්ලොන්ටම තමා කරන්න පුලුවන්. අපිට ඉතින් අනාගත්තු ටික විතරයි. එහෙම කියලා අපි උන්ගෙ බත් වලට හොට නොදා ඉන්නෙත් නෑ. කාලා ඉවර උනාම පන්තියෙ බත් වපුරලා වගේ. අප්පා කජු මාළුවක් කන්න ආසාවක් ආවා ඒ පාර කමෙන්ට් එක කියවලා.

    ReplyDelete
  25. @ Kasun - මම නම් ඉතින් පැත්තකට වෙලා හිටියා. අනිත් උන් තමා ඌව මරාගෙන කෑවෙ. අදටත් හම්බුනාම ඕක කියලා වදේ ගහනවා.

    ReplyDelete
  26. @ සාතන් - උන්ගෙ ගෙදර හැටියට නම් එහෙම තමා. හෙන සැපට බල්ලව හැදුවට කොල්ලට හුලං.

    ReplyDelete
  27. මම හිතාගෙන හිටියේ ලංකාවේ ජාතික ආහාරය කුකුල් මස් කියලානේ... දැක්කමත් අප්පිරියයි... හැම ගෙදරකම කුකුල් මස්. ඒවා දැකලාම මම නම් කුකුල් මස් කන්නෙත් නෑ.
    ඇ‍යි ඔයාලගේ කාලවල ගෙදරින් බත් ගේන්නේ ඉස්කෝලෙන් කෑම දුන්නේ නැද්ද? ඒකටත් එක්ක මම ඉස්කෝලේ ගිය දවස් වල නම් බිස්කට්, කඩල කොල කැඳ කව්පි හෙම දුන්නා මතකයි.

    ReplyDelete
  28. හික්..ඌට හිතෙන්න ඇති ඌ බල්ල උනා නම් හරි කියලා

    ReplyDelete
  29. කොල්ලට බත්... බල්ලට මස්....

    ReplyDelete
  30. පව් අනේ අහිංසකයා...ෂුවර් ගෙදර හවස යුද්ධයක් එහෙම තියෙන්න ඇති...

    ReplyDelete
  31. @ Il mondo di una povera pazza - අපි ඉස්කෝලෙ යන කාලෙ එහෙම දුන්නෙ නෑ රංගි අක්කෙ. කට්ටිය වට වෙලා පොර කාලා කනකොට තියෙන සතුට නෑනෙ තනියන්ම කනකොට කොහොමත්.

    ReplyDelete
  32. @ රත්ගමයා - ඌ කොහොමත් එදා ඉඳන් කියන්නෙ අපේ ගෙදර මට වඩා සැලකිල්ල බල්ලට බං කියලා. ඔය කුකුල් මස් සිද්ධියෙන් පස්සෙ නම් බල්ලව පෙන්නන්න බැරි තත්වෙක හිටියෙ.

    ReplyDelete
  33. @ ප්‍රසංග - ඒ ගියපු විදිහට කොල්ලට බත් වත් හම්බෙච්ච එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
  34. @ අසනි - එයා ගෙදර ගිහින් බල්ලව මරාගෙන කන්න හදන්න ඇති. ඒ තරම් චාටර් වැඩක් උනේ.

    ReplyDelete
  35. ඈ අක්කේ??? පො​​ළොන්නරුවෙත් එහෙම සැපට කන බල්ලො ඉන්නවැයි....???

    අපි නම් කුකුල් මස් කෑල්ලක් කන්නේ වෙඩිමකට හරි බීමකට හරි සෙට් වුනාම විතරයි... ඒකට මේං... බල්ලන්ටත් කුකුල් මස්...

    ReplyDelete
  36. මදැ ඉදලා ඉදලා කොල්ලා ගෙනාවා බත් එකක්..

    ReplyDelete
  37. අනේ අපේ කෙල්ලෝ විතරයි කියල වෙනසකුත් නැහැ .සිමෙන්ති කොට්ට වගේ බත් මුල් නිකන් තත්පරේට අතුරුදන් . පව් අර කොල්ලා කාටත් කුකුල් මස් කවන්නනේ හැදුවේ .

    ReplyDelete
  38. නියම වැඩේ පොරට වෙලා තියෙන්නෙ, සෑහෙන කාලයක් පොර බයිට් වෙන්න ඇති නේ .......

    @මධුරංග,
    පට්ට කතාව, එතකොට බල්ලන්නට භූමිතෙල් විස නැද්ද .......

    @samadhi,
    ඇත්ත කියලා ගත්තනං ඉවරයිනෙ .....

    @මාරයාගේ හෝරාව,
    ඉතිං බං මාරයියෙ උඹට තිබුනෙත් උගේ බත් එක දිග ඇරපු හැටියෙ හොඳට කාරලා කෙල පාරක් ගහන්නනෙ .......

    ReplyDelete
  39. අපේ ඉස්කෝලේ නම් එහෙම නෑ . කොල්ලොන්ට කෙල්ලෝ ගාවට ලං වෙන්නත් තහනම් ..!

    ඉතින් කොහොම්ද එක බත් එක කන්නේ ..

    ඔයාට කියන්න උපන්දිනේකට මොනා හරි කෑම ජාතියක් ගෙනාවත් ඒව බොදන්න ඕන පන්ති බාර සර් ඉදිරියේ ..අපේ ඉස්කෝලේ පට්ට නීති .කොල්ලෝ කෙල්ලෝ ලවු කරන එක නවත්තන්න පුදුම දේවල් තමා කෙරුවේ ..

    අපිට මතක කොල්ලොන්ගේ බත් එකට පැනලා සවල් පාරවල් කීපයක් ගහලා විනාඩියක් ඇතුලත බත් එක පිනිස් කරපු හැටි විතරයි .

    ReplyDelete
  40. හී හි..ඔය මාත් දන්න කෙනෙක්ද ලකියො..??

    ReplyDelete
  41. @ prasanna86k - උඹලගෙ ඔය හද්දා ඩොටේ වගේ නෙමෙයි බොල අපේ පැත්තෙ බල්ලොත් හොඳට කාලා බීලා සැපට ඉන්නවා.

    ReplyDelete
  42. @ නිම්ශා - එදායින් පස්සෙ ආයෙ බත් ගෙනාවෙත් නෑ.

    ReplyDelete
  43. @ Bindi - එහෙම එකතු වෙලා කන එකත් මාර ජොලි වැඩේ නේද.

    ReplyDelete
  44. @ පන්සල් හංදිය - ඉස්කෝලෙන් අවුට් වෙලා සෑහෙන කාලයක් ගියත් අදටත් හම්බුනාම මේ සිද්දියට තාම බයිට් වෙනවා. පහුගිය දවසක යාලුවෙක්ගෙ වෙඩින් එකකදි හම්බෙලත් ඕකට මූ බයිට් උනා.

    ReplyDelete
  45. @ හිස් අහස - අපෝ ඕනෙවට වැඩිය කෙල්ලො කොල්ලො ඈත් කරන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා. අපේ නම් ප්‍රේම සම්බන්ධතා වලට සෑහෙන දඬුවම් තිබ්බා. ඒත් මෙහෙම කට්ටිය එකතු වෙලා ඉන්න ඒවට වැඩිය පස්සෙන් පැන්නුවෙ නෑ. තාමත් ඕනෙ දේකට යාලුවො සෙට් එකක් ඉන්නෙ ඒ හන්දා.

    ReplyDelete
  46. @ Nisupa - ඔයා නොදැනගන්න විදිහක් නෑ මෙයාව. මම මූණු පොතෙන් මැසේජ් එකක් දාන්නම්කො. ඔයා හොඳටම අඳුරනවා.

    ReplyDelete
  47. පව් අසරණ කොල්ලා.. :(

    ReplyDelete
  48. අපේ අම්මලයි ගෙදරත් එහෙමයි. බලු තඩියට කුකුල් මස් උයනව අපිට නෑ...

    ReplyDelete
  49. @ සීතල අයියා - ලබන ආත්මෙ මම මගෙම ගෙදර බල්ලා වෙලා උපදිනවා කියලා ප්‍රතිඥාවකුත් දුන්නා.

    ReplyDelete
  50. @ nawammawatha - හැක් හැක්. මේ තියෙන්නේ අප්පා සජීවී නිදර්ශක.

    ReplyDelete
  51. හිකිස්... පවු අප්පා.. කොල්ලා ආයේ ජීවිතේට බත් ගේන්නේ නැතුව ඇතිනේ...

    ReplyDelete
  52. @ ප්‍රාර්ථනා - මොන පිස්සුද ඕකා කොහොමත් බත් ගෙනාපු එකෙක් නෙමෙයි. අර කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නැහේ ගෙනාපු බත් එකටත් මෙහෙම වෙච්ච කොට ආයෙ බත් එකක් ගේන්න හීනෙකින් වත් හිතයිද.

    ReplyDelete
  53. අඩේ පවු අර කොල්ලා, ඌට හිතෙන්න ඇති මේකත් ගෙනාපු මෝඩකම කියලා..

    ReplyDelete
  54. අපිත් ඉස්කෝලෙ යනකාලෙ ඔහොම තමයි .. ගෙද්රින් කන්න දෙන සල්ලි ටික ඉතුරු කරගන්න ඕන දවසට කන්නෙ අනුන්ගෙන් තමයි..හැබැයි කෑම අරගෙන උන් හැමදාම බඩගින්නෙ.. උන් ගැන පව් කියල හිතෙන්නෙ ඒත් කාල ඉවර වුනාමනෙ.....:P

    ReplyDelete
  55. ඕකනෙ කියන්නෙ යමක් දැක්ක දුටුව පමණින්ම තීන්දු තීරණ වලට එලැඹෙන්න එපා කියල... :)

    ReplyDelete
  56. මටත් මතක් උනේ බොරැල්ලේ කොමන් රූම් එකේ අපි 50ක් එකට කාපු හැටි... කොහොමද 50 ක් එක්ක එක බත් එකකට සවල ගහද්දි.. ...!!!
    ඒ දවස් වල යොදා ගත්ත තව උපායක් මතක් උනා.. අපි බත් අනන්නේ නෑ... ඇනුවොත් අපි පරාදයි.. කවුරු හරි අනපු ටිකක් කටේ දාගන්න එක තමයි කලේ..
    මොරටුවට ගියත් හරි එහෙම කන්න උනේ අතේ ඇඟිලි ගානටත් අඩු දවස් ගානක්... උපරිම සෙට් උනොත් 10 ක් තමයි...

    *******************************

    තවත් කතාවක් මතක් උනා...
    මේක මම අහපු කතාවක්... මේ සිද්දිය වෙලා තියෙන්නේ දැන් රූපවාහිනියේ ඉන්න නිවේදිකාවකට.. මෙයා ඔන්න ඉස්කෝලෙ යන කාලේ ටිකක් ආඩම්බරයි ලු.. බස් එකේ යන්නේත් ලෝඩ් වගේලු... දවසක් උදේ ඉස්කොලේ යද්දි මෙයා ඔන්න දැම්මලු බෑග් එක හුඩ් රැක් එකට... (කාගෙන්වත් උදවු ගන්නෙ එහෙම නැතුවම ). කොහොම හරි බෑග් එක හරියට හුඩ් රැක් එකට වැටිල නෑ.. ටික දුරක් ගියහම බෑග් එක බිමට වැටිල... පිට සාක්කුවේ තිබ්බ කෑම පෙට්ටියත් එලියට ඇවිල්ල... බෑග් එක වැටුනු පාරට කෑම එකත් සී සී කඩ... මෙන්න මේ ලමය කෑ ගහල අඬනවලු.... 'ඈ..... ඈ..... අද අම්ම කෑම එකට බිත්තරේ දාල නෑ.... ' කියල....

    ReplyDelete
  57. @ චතුර.... - කියලා වැඩක් නෑ. ඊට පස්සෙ ඌ බත් ගෙනාවෙත් නෑ.

    ReplyDelete
  58. @ යසියා - කාලා ඉවර උනාමවත් පව් කියලා හිතුනම මදෑ.

    ReplyDelete
  59. @ ටී.බී. හේරත් - ඇයි අප්පා අච්චර වර්ණනා කරද්දි අපි හිතුවෙ ඇත්තටම ඇති කියලා චිකන්.

    ReplyDelete
  60. @ නදුන් උයන - අයියලා බොරැල්ලෙත් හිටියනෙ නේද. අපිට ඒ අත්දැකීම නෑනෙ. ඔයාලගෙ කන සෙට් එක නම් මතකයි මට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...