Pages

Monday, August 22, 2011

ඇඩ්ඩිංගේ කෝල් ඇඩ් එක


ගීතික අයියා කියන්නෙ අපේ මාමගෙ ලොකු පුතා. මෙයා ගැන හොඳම නිර්වචනය දෙනවා නම් ඇඩ් දැමීම මුළු ජීවිතයේ එකම අරමුණ කරගත්තු කෙනෙක්. ඒ නිසා අපි ආදරේට ඇඩ්ඩිං කියලා කිව්වෙ.

මිනිහා සපත්තු දෙක දැම්මත් මූණ පේන තරමට පොලිෂ් කරලා දාන්නෙ. ෂර්ට් එකේ එක රැල්ලක් නෑ. කොණ්ඩෙ මුදු මුදු හදාගෙන ඉන්නෙ. ගමනක් යනකොට දාඩිය ගඳ පරයා යන්න සෙන්ට් නානවා. හික්ස්. එතකොට එයා දන්නෙ නෑ ඔය ගඳයි සුවඳයි දෙක එකතු වෙලා කුණු බිත්තර ගඳක් එනවා කියලා. කිව්වත් ඕකා ගණන් ගන්නවයැ.


ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලන්ට ඇඩ් දදා හිටියා මිසක් ඉගෙන ගැනීමක් තිබ්බෙම නෑ. බොහොම මහන්සි වෙලා ඒ ලෙවල් වලට ලයිට් කණු තුනක්ම හිටෙව්වා.

මැට්ටා කියලා මරන්නයැ. මාමා කොහොමහරි අඳුරන කෙනෙක්ගෙ මාර්ගෙන් ප්‍රයිවට් කම්පැණි එකක ජොබ් එකක් හොයලා දුන්නා. ඒකෙන් මහා ලොකු ගානක් නොලැබුණත් යන්තම් සෝබනේ මේන්ටේන් කරන්න පුලුවන් සැලකිය යුතු පඩියක් හම්බුණා.


ගිය මාසෙ පඩියෙන් ඇඩ්ඩිං අලුත් ෆෝන් එකක් අරගෙන. බොරු කියන්නෙ මොකටද. ෆෝන් එක නම් ලස්සනයි චයිනීස් උනත්. මුගෙ වැඩේ වැඩක් තිබුණත් නැතත් ෆෝන් එක එලියට අරගෙන වැඩ දාන එක තමා.

එක දවසක් කලබලෙන් මේකා මට කෝල් කරනවා.


ඇඩ්ඩිං: මේ ඕයි නංගි, මට හරියටම තව පැය බාගෙකින් කෝල් එකක් දෙනවකො.

මම: මොකටද?

ඇඩ්ඩිං: තමුසෙට ඒකෙ වගක් ඕනෙ නෑනෙ. කෝල් කරනවකො.

පස්සෙ දැනගත්ත විදිහට මෙහෙම සිද්ධියක් වෙලා තියෙන්නෙ. මේකාට ෆෝන් එක ගැන දාපු ඇඩ් මදි වෙලා. කට්ටියක්ම ඉන්න තැන ෆෝන් එක එලියට අදින්න තියෙනවා නම් කොච්චර ආඩම්බරයක්ද?

මේක කොහොමද කරන්නෙ කියලා තැවි තැවී ඉන්නකොට තමා තව ටික වෙලාවකින් එයාලට ස්ටාෆ් මීටින් එකක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙන්නෙ.

ඔන්න ඔය මීටින් එක වෙලාවෙ ෆෝන් එක එලියට අරගන්න හේතුවක් විදිහට තමා මට කෝල් කරන්න කිව්වෙ.


මුලදි මම කෝල් කරන්නෙ නෑ කියලා හිතුවත්, මොලේ වර්ධනය වෙන්න පරක්කු උනත් මූ මගෙ අයියනෙ කියලා මම කෝල් කරා.

මෙතන ඉඳන් තියෙන්නෙ මම අසා දැනගත් හා මවාගත් කරුණු අනුව වෙච්ච සිද්ධිය සැකෙවින්.


"අයිම් සෝ ලෝන්ලී බ්‍රෝකන් ඒන්ජල්...."

ෆෝන් එක මර හඬ දී කෑ ගසයි.

ඇඩ්ඩිං මහත් උජාරුවෙන් නළල රැළි කරගෙන සාක්කු කීපයක් අත පත ගා ෆෝන් එක එළියට ගනියි.

ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා මද වෙලාවක් බලාගෙන සිටියි.

"කම් ඇන්ඩ් සේව් මී බිෆෝ අයි ෆෝල් අ පාර්ට්..."


ආන්ස්වර් බට්න් එක ඔබා ෆෝන් එක කණට තබා ගනියි.

මේ අතර ඔහුගේ අනිත් අත ඉණට තබාගෙන ඇති අතර වහලය දෙස දෑස් යොමුකර ගෙන සිටියි. (ඇඩ්ඩිංගේ ටිපිකල් ෆෝන් ආන්ස්වරින් ස්ටයිල් එක.)


ඇඩ්ඩිං: හෙලෝව්..

මම: ඇයි ඕයි කෝල් කරන්න කිව්වෙ..

ඇඩ්ඩිං: ආ මිස්ට සිල්වා. කියන්න.

මම: පිස්සුද ඕයි. මොන සිල්වෙක්ද..

ඇඩ්ඩිං: ආ ඒ ඩොකියුමන්ට් එක මම රෙඩි කරලා තියෙන්නෙ..

මම: මොන ඩොකියුමන්ට් එකක්ද. තමුසෙට මොනාද පෑගුණේ...

ඇඩ්ඩිං: ආ.. ඉට්ස් ඕකේ මිස්ට සිල්වා.. අයි කැන් ඇරේන්ජ් දැට් ටූ..

මම: ඇඳ විට්ටම පැත්තෙන්ද තමුසෙ බැස්සෙ අද...

ඇඩ්ඩිං: සී දිස් ඊස් ද ප්‍රොබ්ලම් මිස්ට සිල්වා......

දෙබස මේ ආකාරයෙන් යන විට මීටින් එකේ අනෙක් පුද්ගලයන් ඇඩ්ඩිං දෙස කන්නට මෙන් බලා සිට ඇත. කාලෙකට පසු හොඳ ඇඩ් එකක් දැමීමේ ප්‍රීතියෙන් පිනා යමින් සිටින මොහොතක කොහෙද සිට ඇඩ්ඩිංගේ බොස් මහ හඬින් මෙසේ පැවසුවේය.

"මේ අයිසෙ ගීතික, තමුසෙගෙ කෝල් එක්කො මෙතනින් එලියට ගිහින් ගන්නවා. නැත්තං ඔය මගුල කට් කරලා දානවා."

මෙසේ පවසත්ම ඇඩ්ඩිං වහ වහා කෝල් එක කට් කර දැමුවද ඇඩ්ඩිංගේ රෙදි ගැලවීමට තරම් හොඳ තුරුම්පුවක් මට ෆෝන් එක හරහා අසා ගැනීමට අවස්ථාව ලැබුණි.

ඒ ටිකවත් අසා නොගත්තා නම් මේ මහා ඇඩ්ඩිං රාජයාව දුටු දුටු තැන අවඥාවට ලක් කර බඩ අල්ලාගෙන සිනාසීමට හැකි මාහැඟි අවස්ථාවක් ෆෝන් එකක් අස්සේ සැඟවී යන්නට හොඳටම ඉඩ තිබුණි.


කෙසේ වෙතත් යුතුකම් දන්නා නංගි කෙනෙක් වශයෙන් අපේ හත්මුතු නෑදෑ පරම්පරාවටම මම මේ පුවත වහ වහා ප්‍රචාරණය කර සිටියෙමි. ඇඩ්ඩිංගේ මෙවන් අවස්ථාවක් සොය සොයා සිටි අපට මෙය හතර මහා නිධානය පහළ වූවාටත් වඩා අගනේය.

මඩ ප්‍රචාරණය කෙතරම්ද යත්, කවුරුන් හෝ ඉන්නා තැනක ඇඩ්ඩිංට කෝල් එකක් ආවොත් එය උගේ අවසානයම වන්නේය.


ප.ලි.: වෙලාවට ඇඩ්ඩිං බ්ලොග් බලන්නේ නැත. බලන්නේ නම් මට ගොක්කොල සිහින අනිවාර්යය.

51 comments:

  1. අපේ කොල්ලෝ ඇඩ්රස් නැත කියන්නේ මෙන්න මේ වගේ එවුවට නේද ?

    ReplyDelete
  2. අපෝ උඹල වගේ නංගිල ඉන්න අයියලට දෙයියන්ගෙම පිහිටයි... පව් බන් මඩ ගහන්නෙ..

    ReplyDelete
  3. @ සරත් ලංකාප්‍රිය - ඔව් ඔව් ඇඩ්ඩිංට ඇඩ්‍රස් නැතිවූ අවස්ථාවක්

    ReplyDelete
  4. @ සාතන් - මේකාට අපේ පොටක් අහු උනාම අඬනකල්ම මඩවනවා. ඒ හන්දා මෙහෙමවත් මඩක් නැත්තන් වැඩක් නෑ.

    ReplyDelete
  5. හොද වැඩේ ඇඩ් එක දාන්න ගියාට.
    ගොඩක් අඩ් දාන අයට අන්තිමට වෙන්නේ ඕක තමා. හික්ස් :)
    එතකොට පිණිබිඳු ඊට පස්සේ ඒකගේ ඇඩ් ගොඩක්ම අඩු උනාද.නැත්නම් තියෙන ඇඩ් ටිකත් වැඩි උනාද.

    ප.ලි.- මේ දවස්වල අපට Dead week (study leave එක) නිසා කියවන්න එන්න වෙන්නේ ගොඩක්ම අඩුවෙන්. :(

    ReplyDelete
  6. සුදු අක්කේ උඹ නම් දවසක කනවා කාගෙන් හරි බඩ කට පුරා පිනා යන්න...

    යකඩෝ පොර චයිනීස් එකකින් ඔච්චර වැඩ දැම්මනම් අයිෆෝන් එකක් හරි, ඈන්ඩ්‍රොයිඩ් එකක් හරි හම්බුනොත් හරි මේසෙ උඩට නැගලා කතාකරයිනේ....

    ReplyDelete
  7. @ මධුරංග - ඇඩ්ඩිංගෙ ඇඩ් එක අඩු කරන්න නම් මේ කපේදි බෑ. කොච්චර චාටර් කරත් ඌ උඩ යනවා විතරයි. ආ එග්සෑම් එක හොඳට කරන්න හොඳේ. මේ අන්තිම එකනෙ.

    ReplyDelete
  8. හෆොයි ගීතක අය්යා වහකාල මැරෙන්න හිතුවෙ නැද්ද දන්නෙ නෑ ලොල්.

    ඔය වාගේ ෆෝන් ඇඩ් දාන අය නම් ඕන තරන්.අෆ්ෆා කියලා වැඩක් නැත.

    ReplyDelete
  9. @ prasanna86k - මූ රා කළ හතක් බීපු නාලාගිරි ඇතා වගේ ඉන්නෙ මාව අහු වෙනකල්. ඇපල් නෙමෙයි ඕකා ලේන්සුවක් ගත්තත් ඒකට වෙනම ඇඩ් ව්‍යාපාරයක් අරන් යනවා.

    ReplyDelete
  10. සුබ පැතුවට ස්තුතියි කියලා නම් කියන්න බෑ. මොකද යාළුවෝ ස්තුති කරගන්නේ නෑනේ. ඔවු ඔවු මේ අන්තිම සටන තමයි. :)

    ReplyDelete
  11. @ නදී - මොන පිස්සුද ඌට ගානක්වත් නෑ.

    ReplyDelete
  12. @ මධුරංග - අවසන් සටනට ජය.

    ReplyDelete
  13. ඔය වගෙ තව කතාවක් පිණි මේ...........

    ඒත් ඔය වගෙ නයා පාර දාන එකෙක් යාලුවො මැද්දෙ පැය බාගයක් විතර කෙල්ලෙක් එක්ක හුරතල් වෙවී හිටියලු ෆෝන් එකෙන්......

    මළ කෙලියයි......මෙන්න එක පාරටම ෆෝන් එක රිං උනාලු.......හෙහ්, හෙහ්,

    ReplyDelete
  14. දැක්ක නම් හිතයි ආයේ ජීවිතේට මේකිත් එක්ක ඇඩ් දාන්නේ නෑ කියලා...

    ReplyDelete
  15. පිනි බිඳු කරන මේ වගේ වැඩ නිසානේ කට්ටිය ඔයාව මල්ලි හරි අය්ය හරි කියල රැවටෙන්නේ

    ReplyDelete
  16. හික් හික්!! වැරදි මනුස්පයාව තමයි ඇඩ් එකට හෙල්ප් කරන්න තෝරගත්තෙ

    ReplyDelete
  17. ලග පාතකවත් ඉන්න හොද නෑ....

    ReplyDelete
  18. අයියෝ...අයියෝ... "අයිසේ ගීතික" ඉල්ලන්නේ කාලා තියෙන්නේ..හික්ස්.

    ReplyDelete
  19. @ Ravi - අපෝ රෙදි නෑ නේද ඔහොම උනාම.

    @ රත්ගමයා - ඔව් බං ඒකා මාව චප්ප කරන්න ඉන්නෙ අහු උනොත්.

    @ Bindi - ඔව් ඔව් මේ කමෙන්ට් එක ලියපු එක්කෙනත් මට මහ වින්නැහියක්නෙ කරන්න ගියේ..

    ReplyDelete
  20. අනේ ශෝක් එක්කෙනෙකුට තමයි කියලා තියෙන්නේ වැඩේ හරියටම කරල
    තියනවා

    ReplyDelete
  21. @ blog gadol - ආයෙ ඉතින් මගේ වැඩකටත් උගෙන් උදව්වක් නැත.

    @ MaRLaN - ඇයි මලේ උඹත් ඇඩ්ඩිං කෙනෙක්ද

    @ අසනි - කියලා වැඩක් නෑ ඒ හරිය නම්.

    ReplyDelete
  22. අපොයි.............. මදැයි ඉතින්.......

    ReplyDelete
  23. අනේ ඇත්තමයි මොන කරුමයක්ද මන්දා මට ඔය ජාතියේ කොල්ලෝ කෙල්ලෝ පේන්න බෑ.....

    ReplyDelete
  24. හ්ම්... හ්ම්... පරන කෙමෙන්‍ටුවක් පෝස්ට් එකක් කරා නෙද නගෝ?.....

    ReplyDelete
  25. විනාසයි..විනාසයි..කොල්ලගෙ කාඩ් කුඩේ කුඩු....
    හරිම සෝචනීයයි...

    ReplyDelete
  26. අපෝ නෑ මම හෙන අහිංසක කොල්ලෙක්

    ReplyDelete
  27. බැලූ බැල්මට කතන්දරයක් වගේ පෙනුනට සමාජයේ එක් පැතිකඩක් නිරූපනය කරන කැඩපතක් මේ ලිපිය.

    ReplyDelete
  28. බුදු අම්මෝ මෙහෙමත් මඩක්...
    ඇඩ්ඩියාට නම් මොළේ කියල නාමයක් නැතුව ඇති ඔයාටම මේක කිව්වෙ.

    ReplyDelete
  29. අඩේ ඇඩිඩිං කියන අයියා කොයි තරම් පවු කාරයෙක්ද ? ඉතින් මේ වගේ නගාලා ඉන්නකොට.. වෙච්ච සිද්දිය අන්තර්ජාලෙටත් ගිහිං ඉවරයි .. අසරනයා ..!

    ReplyDelete
  30. සායම යන්ටැති නේද ඔක්කොමල ඉස්සරහ....පව් අප්පා...පිණිබිඳුත් නිකං නිවුස් 1ස්ට් වගේනේ ඈ....??

    ReplyDelete
  31. @ හා පැටික්කි (MS)- ඔහොම වෙලා මදි නේද...

    @ පූසා - මටත් එහෙමයි පූස්. පොලවෙ පයගහලා ඉන්න එක තරම් තවත් මොනාද.

    ReplyDelete
  32. @ Tanikada Jeewithe - ඔව් ඔව්. මේක මම පිස්සා අයියගෙ පෝස්ට් එකක ලාවට දැම්මා කමෙන්ට් එකක් විදිහට. පස්සෙ තමා හිතුනෙ සම්පූර්ණ කතාවම කියන්න ඕනෙ පෝස්ට් එකක් විදිහට කියලා.

    @ පිසාචයා - කාඩ් එක කුඩු නෙමෙයි වාෂ්ප වෙලා ගියත් උගේ ඇඩ් එක නම් අඩු වෙන්නෙ නෑ.

    @ MaRLaN - හෙහ් අපි දන්නවනෙ ඒ හරිය ඉතින්...

    ReplyDelete
  33. @ ටී.බී. හේරත් - මෙහෙම අයනෙ වැඩි මිනිස්සු අතරෙ බලද්දි.

    @ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - හෙහ් හෙහ් ඒකාට මොලේ තියෙනවා නම් ඔහොම ඇඩ් දානවයැ චාටර් වෙනවා කියලා දැන දැනත්.

    ReplyDelete
  34. @ හිස් අහස - මෙවන් නඟාලා ලද අයියලා සැබවින්ම නිවුණේම වෙයි නේද...

    @ මකුළු පැංචි - වෙන කෙනෙක්ට නම් මම මෙහෙම කරන්නෙ නෑ අයියෝ. මේකා අපිව මඩවන තරමට මෙහෙම කරලා මදි.

    ReplyDelete
  35. පොසොන් දන්සලක පෝලිමේ අපි යාළුවො කට්ටියක් ඉන්නකොටත් ඔයි වගේම වැඩක් උනා.හොදට කිට මරපු පොරක් සැරින් සැරේ එන කෝල්ස් වලට ආන්සර් කරනවා, හෙන වැඩ දානවා.පස්සේ ඊට පිටිපස්සේ හිටපු අපේ කොල්ලෙක් දැකල ඇවිත් කිවුවා "මචං අර ඩිස්ප්ලේ එකේ තඩි ඔරලෝසුවක් පේනවා" කියලා.කොල්ලෝ ටික ඕක කියලා හුවක් දුන්න විතරයි, අර පොර සුටුස් ගාල වාෂ්ප වෙලා.හික් හික්...

    ReplyDelete
  36. පව් අප්ප ඇඩ්ඩිං , නරියට කුකුල්ලු භාර දුන්න වගේ වැඩක්නේ ඇඩ්ඩිං කොරගෙන තියෙන්නේ..

    ReplyDelete
  37. ඒයි පිණි, මට තව පැයකින් මීටින් එකක් තියනව. කෝල් එකක් දීපන්කො මයෙ ෆෝන් එකත් පෙන්නගන්න විදියක් නැතුව ඉන්නෙ මාත්.

    ReplyDelete
  38. @ දඩබ්බරයා - ඔතන හිටියෙ අපේ එකාද දන්නෙ නෑ එහෙනම්

    @ චතුර....- හික්ස්. ඒ වගේ එකක් තමා

    @ nawammawatha - ඒ නවම් අයියේ එහෙනම් මට නවම් අයියාගේ කෝල් ඇඩ් එක කියලා අලුතෙන් පෝස්ට් එකක්ම ලියන්න පුලුවන්. මේ වගේ ඇඩ් වලට අපේ කවදත් අත හිත.

    ReplyDelete
  39. මම කාලයක් මාකටිං ජොබක් කලා. ඒ කාලෙ පොඩි මාකටිං වැඩකට හෙන ලොකු ප්‍රයිවට් කොම්පැනියක ජෙනරල් මැනේජර් උන්නාන්සෙ කෙනෙක්ව හෙන අමාරුවෙන් ඇපොයින්ට්මන්ට් එකක් හෙම දාගෙන හම්බවෙන්න ගියා. මම පැත්තක එකත්පස්ව සීරුවෙන් ඉන්නව . . . බුවා අගමැතිතුමත් එක්ක මොබයිල් එකෙන් හෙන කතාවක්. කියන්න සතු‍ටුයි . . . රිං උනේ නැද්ද බුවාගෙ ජංගමේ කෝල් එක මැද්දෙදිම . . . . .

    ReplyDelete
  40. ඒ උනාට අර උඩින් තියන එයාගේ පින්තූරේ නම් ලස්සනයි. කෝල් එකක් දීලා බලන්ට හිතෙනවා.....:D:D:D

    ReplyDelete
  41. @ ඕනයා - හපොයි මේ ලොකු ලොකු උතුමොත් මෙහෙම ඇඩ් දානවද. විලිලැජ්ජාවයි.

    @ Podi Kumarihami - හී හී පොකූ ඒ එයාගෙ පින්තූරයක් නෙමෙයි හැබැයි රූපෙ නම් ඔය වගේ තමා. ඔය අර Michal Copon කියන නලුවනෙ. එයා නම් ලස්සනයි නේ...

    ReplyDelete
  42. කුජීතයි නේද??? හිකිස්‌...

    ReplyDelete
  43. @ ADK කොලුවා - කුජීත වීමේ හොඳම එක

    ReplyDelete
  44. උදව්වක් ඉල්ලුවාම මෙහෙමද සලක්න්නෙ ......
    සාටර් ....
    පව් ඇඩ්ඩිං කොලුවා ........

    ReplyDelete
  45. අම්මෝ.. පිනිබිඳු නම් මාරයි... එකට ඉන්න බැචාලට මඩ ගැහුව.. බෝඩිමේ අල්ලපු ගෙදර කොල්ලට මඩ ගැහුව... එකට බස් එකේ යන යාලුවට මඩ ගැහුව... අද නෑදෑ වරිගෙටම මඩ ගහන්න පටන් අරන්...
    ඔයින් මෙයින් යද්දි අපිටත් මඩක් වදියි ද මන්ද... බයේ බෑ....

    ReplyDelete
  46. අනේ හැබැට ඇඩ්ඩිං නොදන්නවයි මේ නඟාගේ වග?

    ReplyDelete
  47. @ පන්සල් හංදිය - අපෝ මම ඔය මනුස්සයට ඇති පදං උදව් කරන්න ගිහින් බාල්දි පෙරලගෙන තියෙනවා. මේක මොකද්ද ඒ අතින් බලද්දි. හෙහ් හෙහ්.

    ReplyDelete
  48. @ නදුන් උයන - බුදු අම්මේ අපේ අති උත්තම ජේෂ්ඨ උත්තමයන්ට අපි මොනා කියන්නද අප්පා.

    ReplyDelete
  49. @ හරී - පිණිපළස - අපෝ දන්නවා දන්නවා. මම ඇති පදං ඕවට ගුටි කාලත් තියෙනවා. ඒ මොනා කරත් මේකගෙ ඇඩ් එක නම් අඩු කරන්න සක්කරයටවත් බෑ.

    ReplyDelete
  50. මම අදමයි අහම්බෙන් ආවෙ පිනිබිඳුගෙ බ්ලොග් එකට. මරු පෝස්ට් එක. ගීතික බුවාට මේ පෝස්ට් එක Résumé එක හැටියටත් පාවිච්චි කරන්න පුලුවන්. තව දෙයක්, "විඳවන්නට නොවේ ජීවිතය විඳින්නට.." කියන එක වෙනුවට "ඔබට ඕනෙ මඩද? එන්න අප වෙත" වගෙ එකක් තිබ්බනම් වඩා හොඳයි. ගීතිකත් එකඟ වෙයි මගෙ හිතේ.
    henryblogwalker aka Dude

    ReplyDelete
  51. බුදු අම්මෝ...... මම නම් නෙමේ ඕං..... මගේ නමත් කැත වෙනවා මේකෙන්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...