Pages

Tuesday, November 29, 2011

සෙපලපෝඩාවෙකුට තරහෙන් ලියමි


පෘෂ්ඨ වංශිකයෙකුගෙ ඇස් දැරුවට
මහ විසාල මොළයක් දැරුවට
සෙපලපෝඩාවෙක්ට කවදාවත්

කෝඩේටාවෙක් වෙන්න බෑ

ආරක්ෂාවට තින්ත මඩිය විදින්න
ජෙට් යාන්ත්‍රණයෙන් එහෙ මෙහෙ යන්න

උඹට පුලුවන් උනාට
මැමාලියාවෙක් වෙලා
උඹට
හඳට යන්න බෑ

බාහු වලින් වට උනාට
රේත්‍රිකාවකට කවදාවත් බෑ

කැල්සියම් සහිත දතක් වෙන්න

ඒ නිසා උඹ දැනගත යුතුයි
උදරීය පේශිමය පාදයෙ තරමට

ඉදිමෙන්න..


මොන හරුපයක්ද යකෝ මේ කියලා කෑ ගහගෙන එන අය පොඩ්ඩක් හෝව්. මට ඕක හම්බ උනේ පහුගිය දවසක ගෙදර ගිහින් කාමරේ පොත් අස් කරන වෙලාවෙ ඒ ලෙවල් කාලෙ පොතක් පිටිපස්සෙ තිබිලා. බයෝ කරපු කට්ටියට නම් වචන ටික පොඩ්ඩක් හුරුපුරුදු ඇති. ඔය කවිය මම ලිව්වෙ ඒ ලෙවල් කාලෙ ජෛව විවිධත්වය පාඩ මතක තියාගන්න. දැන් කට්ටියට නම් ඒ පාඩම තියෙනවද දන්නෙත් නෑ.

මෙහෙමයි මේ කවියෙ තේරුම. මම මේ කියන්නෙ ඒ ලෙවල් මතකයෙන් හන්දා සමහර කරුණු ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්.

සෙපලපෝඩා කියන්නෙ දැල්ලන් බූවල්ලන් වගේ සතුන් අයත් වෙන සත්ව පන්තියක්. ඔවුන් සමහර ලක්ෂණ වලින් අපට සමාන වෙනවා. ඔවුන්ට අපිට ටිකක් සමාන ඇස් සහ අනිත් වංශිකයන්ට සාපේක්ෂව ලොකු මොළයක් තියෙනවා. එහෙම තිබුණු පලියට සෙපලපෝඩාවෙක්ට කවදාවත් කෝඩේටාවෙක් හෙවත් කොඳු නාරටිය ඇති සතෙක් වෙන්න බෑ.

දැල්ලො වගේ සෙපලපෝඩාවන්ට විශේෂ හැකියාවන් තියෙනවා. තින්ත මඩිය විදින්නෙ උගෙ ආරක්ෂාවට. ජෙට් යාන්ත්‍රණයෙන් තමා ඌ එහෙ මෙහෙ පීනන්නෙ. ඒත් එහෙමයි කියලා ජෙට් යාන්ත්‍රණෙන් ඌට හඳට යන්න පුලුවන්ද?

සෙපලපෝඩාවන්ට බාහු වලින් වටවූ රේත්‍රිකාවක් තියෙනවා. ඒක හරියට දතක් වගේ. එහෙම උනා කියලා මැමාලියා හෙවත් ක්ෂීරපායීන්ගෙ කැල්සියම් සහිත දතක් වෙන්න ඒකට බෑ. ඒ නිසා උන් දැන ගත යුතුයි ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න. (ඒත් උන්ට ඇඟිලි නෑ. තියෙන්නෙ එක පාදයයි. ඒක තමයි උදරීය පේශිමය පාදය කිව්වෙ.)

ඔන්න ඕකයි කවියෙ තේරුම. මම ඒ ලෙවල් වලට පාඩම් කරපු හැටි දැන් පේනවනෙ. කවි ලිය ලියා ඉන්නැතුව හරියට පාඩම් කොරා නම් මම අද කොහෙද.

තව මෙහෙම පාඩම් කරන කාලෙ නාස්ති කරගෙන ලියපු විෂයානුබද්ධ කවි තියෙනවා. මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒවත් දාන්නම්කො.

44 comments:

  1. අපෝ...මටනම් කවිය කියෙව්වාම මොලේ විකාර වුනා.. :P

    පස්සෙ විස්තරෙ කියෙව්වාම ටිකක් විතර තේරුනා. :)))))

    ReplyDelete
  2. සෙපල පෝඩා කිව්වම නිකන් දෙමල වචනයක් වගේ.පස්සෙනෙ මතක් උනේ බයෝ වල තිබ්බ කියල හිහි.

    ReplyDelete
  3. සරලව පැහැදිලි කරලා තිබ්බ හන්දා හොඳයි :D

    ReplyDelete
  4. මෙන්න බොරුවක් කියලෝ.....අපට නං ඕවා ඉගැන්නුවෙ ජෛව විවිධත්වයට.... :D වෙලාවට බයෝ කළේ...නැත්තං මඤ්ඤං වෙලා නතර වෙන්නෙ හිකිස්... පව් දෙයියනේ ආටොයි,කොමස් මැත්ස් කාරයොයි... :P

    ReplyDelete
  5. මට මුල් කවියේ වචන ටික හරියටම කියව ගන්න සැහෙන වෙලාවක් ගියා

    ReplyDelete
  6. මුලදි නම් මංඤ්ඤං උනා.... තේරුම් කරලා තියෙන හන්දා හොදයි...

    ReplyDelete
  7. අම්මියාව්..... කාලෙකින් ආව මදැයි..පුදනකොටම කාපි...

    ReplyDelete
  8. මට මගෙ බයෝ පන්තිය මතක් උනා............ ඔය කවි ටික ඔක්කොම දාන්ඩකො ... මොකද්ද නරක ඔය තියෙන්නෙ උපරිමවම පාඩම් කරලා ගිරා තියරියට වඩා නිර්මාණශීලීවීම නරකද ?

    ReplyDelete
  9. කවිය දැක්ක ගමන් මට කරකැවිල්ල වගේ ආවා.. හොද වෙලාවට පස්සෙ පැහැදිලි කිරිම තිබුනේ.. නැත්නම් මේ කමෙන්ට් එක දාන්න වෙන්නෙත් නෑ..

    ReplyDelete
  10. මේ කවිය අපේ මල්ලිගේ දෑසට හසු වීමෙන් වලක්වන්නට වෑයම් කරමි. හසු උනොත් මම ගේ දාලා යමි.

    අවවාදයයි :
    බයෝ කරපු හෝ කරන එකෙක් ඉන්න ගෙදරක ඒ සම්බන්ධ වචනයක්වත් පැවසීමෙන් වලකින්න.

    ReplyDelete
  11. අඩේ ඇත්තට පාඩං කොලා නොවැ ඕව ඔක්කොම . . . .

    ReplyDelete
  12. අම්මෝ.... මුලදි නම් කරකවලා අත හැරියා වගේ. සරල ව විස්තර කරල දීපු නිසා තේරුණා......

    මම නම් දකින්නේමේක කාලය නාස්ති කිරීමක් විදිහ ට නෙවෙයි. කටපාඩම් කරනව ට වඩා මෙහෙම කවියක් හදාගෙන්න එක හොඳයි. එතකොට පාඩමත් හොඳ ට අවබෝධ වෙනවා....

    ReplyDelete
  13. හොඳ වෙලාවට ;)

    ReplyDelete
  14. දෙයියෝ බුදු වෙන්න මේ මොකෑ මේ කියලා බැලුවා ටිකක් කියෝගෙන යනකොට තමයි කාරණාව ගැන අදහසක් ආවේ. ඒත් මට නම් ඔව්වා නොතේරේ.

    ReplyDelete
  15. පී එල් ඒ නරියා... :D
    මගෙ URL එක වෙනස් කරා. මේ තියෙන්නෙ අලුත් එක,

    http://tbherath.blogspot.com/

    ReplyDelete
  16. උඩ ටික කියවලා හොඳවයින් දෙකක් ලියන්න කියලා හිටියෙ. තේරුම කියලා තියෙන නිසා නිකං ඉන්නවා. :D

    ReplyDelete
  17. ඔබීට තාමත් මතකයි ආවර්තතා චක්‍රය මතක තියා ගන්න ඒ කාලේ ඉගෙනගත්ත කවියක්.

    ReplyDelete
  18. මටත් මේ කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැතුව හිටියේ... දැන් ඉතිං හරි... //සෙපලපෝඩා// කියන්නේ මොකාද කියලා අහලා තව තුත්තක් විස්තර කරන්න කිව්වම එතෙනම පැය භාගයක් විතර සෙට් වෙනවනේ... අනිත් එව්වයේ තේරුම ඊට පස්සේ හනවා...

    අක්කගේ අත් දෙකට මේ වගේ මට නොතත්රෙන කෙනෙක්ට තේරෙන එව්ව ලියන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා...!!!

    ReplyDelete
  19. @ නිසුපා - ආ.. දැන් තේරුණා නේද ළමයට...

    ReplyDelete
  20. @ නදී - පහුගිය දවසක ඇමයිනෝ අම්ල කියන වචනෙ ඇහිලා දහ අතේ කල්පනා කරා මොකද්ද බොලේ මේ කියලා. පස්සෙ තමා මතක් උනේ යකෝ පන යනකල් බයෝ වලට මෙව්වනෙ පාඩම් කරේ කියලා.

    ReplyDelete
  21. @ පූසා - තව පොඩ්ඩෙන් පූසත් මඤ්ඤං.

    ReplyDelete
  22. @ මකුළු පැංචි - අප්පේ මට අමතක වෙලා. තැන්කූ මතක් කරාට හොඳේ. ඔන්න වැරැද්ද හැදුවා.

    ReplyDelete
  23. @ අකීකරු හිත - පේනව නේද අපි පාඩම් කරපු කාලෙ විඳපු දුක.

    ReplyDelete
  24. @ දිල් - එහෙම මංඤ්ඤං වෙන කට්ටිය වෙනුවෙන් තමා මම තේරුමත් දැම්මෙ. නැත්තං මුන්ගෙන් බේරිලා ඉන්නද.

    ReplyDelete
  25. @ ක්සැන්ඩර් | Xander - හෙහ් හෙහ් අපි හිටපු ගමන් මල්ටි බැරල් ප්‍රහාර එල්ල කරන්නෙ.

    ReplyDelete
  26. @ sameera - ඉන්නකො එහෙනම් ඉතුරු ඒවත් දාන්න.

    ReplyDelete
  27. @ Dinesh - දැන් කරකැවිල්ල හරි ගියාද.

    ReplyDelete
  28. @ මධුරංග - අනේ මල්ලීට මේක පෙනේවා... මධුරංගට ගෙදර කණක් ඇහිලා ඉන්න නොලැබේවා..

    ReplyDelete
  29. @ පැණි දොඩම් - නැතෝ නැතෝ..

    ReplyDelete
  30. @ ඕනයා - අඩේ ඕනයියා ඉස්කෝලෙ ගියාද? හික්ස්.

    ReplyDelete
  31. @ මහි - වැඩේ කියන්නෙ ඉතින් අන්තිමට කවි ලියන්නම වරුවක් ඉවරයි

    ReplyDelete
  32. @ nawammawatha - ඒ මොකෝ නවම් අයියෙ.

    ReplyDelete
  33. @ malmi - දැන් තේරෙනව නේද.

    ReplyDelete
  34. @ ටී.බී. හේරත් - අලුත් ගෙදරට ගොඩ වැදිල යන්න අපි එන්නම්කො හොඳේ..

    ReplyDelete
  35. @ පිණිබිඳු...,
    එන්න එන්න, මගේ ගෙදර ඇවිත් යන්න හැමෝටම විවෘතයි, හැමෝවම සාදරයෙන් පිළිගන්නව. ඇත්තටම කීවොත් ගෙදර වෙනස් කලේ නෑ ලිපිනය විතරයි වෙනස් කලේ :)

    ReplyDelete
  36. @ සීතල අයියා - අම්මෝ වෙලාවට එහෙනම් තේරුම දැම්මෙ.

    ReplyDelete
  37. @ Observer - අපිත් මරු සින්දුවක් මතක තියාගෙන හිටිය ඕකට.

    ReplyDelete
  38. @ prasanna86k - යකෝ කියල දෙන්න නම් බැරියැ. මුන් ඒවගෙන් වෙන වෙන ප්‍රයෝජනනෙ ගන්නෙ.

    ReplyDelete
  39. හික්ස්.. රාජධානි හතම් එක පෙළට මතක් වෙන්න ගත්තා..අනිවාරයෙන්ම ඉතුරු ටිකත් දාන්න..එල..:)

    ReplyDelete
  40. මගේ විෂය පථයෙන් ගොඩක් දුරස්ථ වුනත් අලුතින් දෙයක් ඉගනගත්තා.බොහොම ස්තූතියි

    ReplyDelete
  41. ආං දැක්කද !!! අපේ සතුටම අපේක්ෂා කරන ආදරනීය අක්කලා. අම්මෝ අපේ මලයා දැක්කොත් සෑහෙන තියරි ගොඩක් අහගන්න තිබ්බා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...