හිතුවක්කාර අහස,නුඹත් හරියටඔහු වගේ,මොර සූරන්න වැහැල වැහැලමුකුත් නූනා වගේහරි අපූරුවට පායලා ඉන්නනුඹට පුලුවන් ඔහු වගේ,හොඳ ලස්සනටපායලා ඉඳලඑකපාරටමඅකුණු ගස්සවල වහින්නත්නුඹට පුලුවන් ඔහු වගේ,ඉතින් බොරුද?නුඹත් හිතුවක්කාරයිහරියටම ඔහු වගේ.....
හිත් අග්ගිස්සට වෙලා
වරුවක් තිස්සෙ දඟ කරන
මගේ දඟ මල්ල
දන්නවද නුඹ
කිසිම කිසි දෙයක්
ශේෂ නොවුණු මගේ හිත
එකත්පස් කළ
පිරිත් පැන් පොද
නුඹ වග,
දන්නවද
ඇස් පුංචි කරගෙන
ඔහොම හිනාවෙන කොට
නුඹේ හිතේ හෙවනැල්ල ළඟ
දැවටෙන මගේ ජීවිතයම
නිවී සැනහෙන වග,
ආදරේ වැහි වස්සමින්
හිත ළඟින් හෙලවෙන්නෙ නැතුව
මේ හිතේ තනිකමට
තනි රකින ඔය මතකය
පන්සලක් තරමට
මාව සනසන වග
දන්නවද නුඹ.....