ඊයෙ පෙරේදා ඕ ලෙවල් රිසල්ට්ස් ආවනෙ. අපේ මල්ලි කෙනෙකුත් මේ පාර විභාගෙ ලිව්වා.
මූ ඉගෙන ගත්තු ඉගෙන ගැනිල්ලට අපි නම් මූ ගැන බලාපොරොත්තු අත ඇරලයි හිටියෙ. මේකගෙ ජීවිතේම කැඩෙටින්, ස්කවුටින්, මියුසික්, වීඩියෝ ගේම් සහ රස්තියාදු විතරයි. මූ පොතක් අල්ලනවා දැක්කොත් ඒ පවන් ගහගන්න මිසක් පාඩම් කරන්න නම් නෙමෙයි. ඒ තරම් හෝප්ලස්.
විභාගෙ කිට්ටු උනාමවත් මේකා පොතක් පාඩම් කරවන්න යොමු කරන්නම බැරි තැන මුගෙ තාත්තා හෙවත් අපේ මාමා කිව්වෙ "වැඩිය එපා අඩුම ගානෙ සී හතරයි එස් පහක් ගනින්" කියලා.
මූ මොකද කිව්වෙ දන්නවද.
"සී පහක් ගන්නම් හැබැයි රුපියල් පන්දාහක් දෙන්න ඕනෙ."
එහෙම හරි කමක් නෑ මූ විභාගෙ පාස් වෙනව නම්. මාමා කැමති උනා ඒකට.
කවුරුවත් නොහිතපු විදිහට මූට මේ පාර බී එකයි සී පහයි එස් දෙකයි. කෝමද අල්ලස.
මාමා පොරොන්දු වෙච්ච විදිහටම මූට රුපියක් පන්දාහක් දුන්නා. දෙන ගමන් පොඩි අවවාදයකුත් දුන්නා.
"උඹ ඕ ලෙවල් පාස් උනා වගේ මහන්සි වෙලා වැඩ කරලා ඒ ලෙවලුත් පාස් වෙයන්."
මුගේ උත්තරේ දන්නවද.
"හරි තාත්තෙ ඒ ලෙවලුත් පාස් වෙන්නම්. හැබැයි රුපියක් විසි පන්දාහක් ඕනෙ."
මාමට කලන්තෙ හැදුනලු. ඔන්න අපේ උන්ගෙ තරම. විභාග ලියන්නෙත් අල්ලසටයි දැන්.