![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGxjwuRjhuRWJ6R7WlLvmCrPhmNobGozWtQpKy_5qNZ8Mj5YFbP-D8SmkVYg5hwhv1tPxsrRaQc0vcNXp7389YN0WXiT2YbGUOZEcKVllhQ6QtrO4Kq-4i8VKHdWg3oaGb37SXqq_Fp7qC/s320/Christmas-Candles-and-Wine-564138.jpeg)
නත්තල ටිකෙන් ටික ළං වෙනවාය. මට නං සම්පූර්ණයෙන්ම නැතත් බාගෙට නත්තල් ඇත්තේය. ඒ මක් නිසාද යත් සජිත්ට නත්තල් ඇති නිසාය.
පහුණු දවස් ටිකේ නත්තල් ගහේ එල්ලන්නට පාට පාට බඩු ගන්නට කකුල් කැඩෙනකල් ඇවිද්දෙමු. ලස්සන බව ඇත්තය. නමුත් ගණන් ඇසූ කල පාට ඇඳුමක් ඇඳගෙන නත්තල් ගහේ එල්ලී ඉන්නට ඇත්නම් ඊට වඩා අගනේ යැයි සිතෙන්නේය. ඒ තරමට ඒවා අස්ප ගණන්ය.
අවුරුදු ගාණක් හිතාගෙන හිටියාට හදන්නට බැරි වූ නත්තල් කේක් එකේ නම් මෙදා පොටේ රෙසිපි එක අහු විය. දෙන්නම් බැටේ කියාගෙන නත්තල් කේක් එකට බඩු ගන්නට ගිය විටද ඒවායේ ගණං වලට සිහි මූර්ජා තත්වයට තව පොඩ්ඩෙන් පත් වන්නේය.
ඒත් කෙසේ හෝ ග්‍රෑම් 250 ගන්නට ඕනෑ ඒවාට ග්‍රෑම් 100 බැගින් හෝ අරගෙන කේක් හදන පරම අදිටනින් සිටින්නෙමි. වැඩේ හරි ගියොත් පොටෝ කෑලි සමඟ පෝස්ට් එකක් බලාපොරොත්තු විය හැක. මේ දිනවල දිගට හරහට කෑම ගැන පෝස්ට් දාන උන්ට රිටන් එක දෙන්නේ එසේය. හදිස්සියේ වත් කේක් එක හදාගන්නට බැරි උනොත් මේ කියූ එක උඹලාට අමතක වේවා යැයි පතන්නේය. මන්ද මම බොලාගේ හැටි දන්න නිසාය.
නත්තලට මට නම් දැම්මම තෑගි හම්බ වෙලාය. මෙවර නම් ඉල්ලන්නටත් කලියෙන් වයින් බෝතලයක් අතටම පත් වූයේය. වයිට් වයින් ගැන හීන මවාගෙන හිටි මට ආයෙත් ලැබුණේ රෙඩ් වයින් එකක්මය. කමක් නැත. අලියෙක් ඉල්ලූ අපිට හෙණ්ඩුවක් ලැබුණත් කම් නැතිය.
මෙවර නම් වැදගත් විදිහට බොන්නට තරයේම අදිටන් කර ගෙන සිටිමි. වයින් යනු බඩජාරී කමට බොන දෙයක් නොවන වග පහුගිය පෝස්ට් එකේදී බොහෝ දෙනා පැවසූ වග මතකය. පළවෙනි උගුර බොනතෙක් එය මතකයේ තිබුණත් ඉන්පසු එය අමතක වී යන හැටි නම් පුදුමය. මෙවර ලැබුණේ Cinzano - Rosso වයින්ය. බොන්නත් කලින් ඇල්කොහොල් ප්‍රතිශතය දැක මට වෙරිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdk0QUtovOTMe8QkQFVHMy02KxEJ_e0-OvxOwC2KpNCRsu3lYdSGLq6tXIpzdKKZdXbFkPLqM_pwOitfIBPEHHqXtFfEFPDaI8eQQGkvFEHndzWqzKgJuDe3iIgdNoXz9ubhlrUG4OQ0Uf/s320/Cinzano_Rosso_rr.jpg)
නත්තල් නිවාඩුව මම නම් අලුත් අවුරුද්ද වෙන තෙක් එක්ස්ටෙන්ඩ් කර ගත්තෙමි. ගමේ ගිහින් එනකල් බ්ලොග් එක පැත්තේ එන්නට වෙන්නේ නැත. මක් නිසාද යත් ගෙදර තිබූ කොම්පියුටරය ජාල සබඳතාවත් සමගම අක්කා දෑවැද්දට ගෙන ගොස් ඇති බැවිණි.
මගේ ලැප් ටොප් එක ටොපේ ටොප් විදිහට බිම වැටී කෑලි දෙකකට වෙන් විය. ලැපේ කෑලි දෙක දිහා බලාගෙන හූල්ල හූල්ලා ඉඳිමි. ස්ක්‍රීන් එක පලු දෙකකට ගැලවී ඇති සැටි නම් බලා ඉන්නට දුකය.
අලුතෙන් ස්ක්‍රීන් එකක් දාන්නට මුං ඒවා ලංකාවට ගෙන්නන කල් බලා ඉන්නට සිදු වේය. එතකල් මට සොරිය. ස්ක්‍රීන් එකම අලුතෙන් දැමීමද ලේසි නැත. ඕවා ගැන දිගින් දිගටම කල්පනා කරන්නට ගියොත් ඔලුවට ගොංකවඩි කෙටීමට ඉඩ ඇත. ඒ නිසා නිවාඩුවට ගෙදර ගොස් ටීවි එකේ යන නත්තල් පිච්චර් බලන්නට මම හිත හදාගෙන ඉඳිමි.
ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවාය. මට අලුත් අවුරුද්දට වෙනම සුභ පතන්නට වෙන්නේ නැති නිසා කලින් සුභ පැතුම දිගු කර ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවායිද පතන්නෙමි.