අපි අවාසනාවන්ත යැයි සිතමු. එහෙත් අපටත් වඩා අවාසනාවන්ත වූවෝ සිටිති. ඔවුහු කෙසේ හෝ ඔවුන්ගේ පාර සොයා ගනිති.
කාන්තාරයේ කුසුම - Desert Flower. කාලෙකින් කියවන්න ලැබුණු වටින පොතක්.
සිය ජීවිත අත්දැකීම් නිර්ව්‍යාජව දිග හරින වාරිස් ඩයිරි ඩයිරි ඉන් පළ කරනුයේ, සෝමාලියානු එඬේර කෙල්ලක් ජගත් විලාසිතා ලොව සුපිරි තාරකාවක් වීමේ විස්මයජනක කතන්දරය පමණක් නොවේ.
සොබාදහමින් එල්ල වන දුක් පීඩාවන්ට අමතරව ඔවුන් වට ඇති සමාජ හා සංස්කෘතික සංස්ථා විසින් පනවන වැටකඩොළු, විශේෂයෙන්ම ළදැරියන්ට කාන්තාවන්ට අත් විඳීමට සිදුව ඇති ලිංගික ම්ලේච්ඡත්වයද වාරිස් ඩයිරිගේ ජීවිත කතාන්දරය මගින් අප වෙත ඉදිරිපත් කර ඇත.
සෝමාලියාව ගැන කතා කරන විට අපට මැවෙන්නේ දේශපාලනික හා සාගතය වැනි අවුල් වියවුල් වලින් පිරුණු රටක් ලෙස පමණි. එහෙත් ඒ අවුල් වියවුල් මැද මෙවැනි අතිශය අනුවේදනීය කතා කොතෙකුත් තිබෙන්නට ඇත. වෙනසකට ඇත්තේ ඒ හිංසාවට ලක්වූවන් අතරින් තමන්ගේ කතාව කියන්නට ධෛර්යයක් තිබෙන්නට ඇත්තේ වාරිස් ඩයිරිට පමණක් වීමය.
පොතේ සමහර කොටස් සාවද්‍ය යැයි සිතෙන තරමට අප අත්විඳ ඇති සත්‍යයෙන් ඈතය. එහෙත් තිරිසනුන්ට අන්ත මිනිසුන්ද මහපොළොව මත සිටින වග ඇය පසක් කරවයි.
පරක් තෙරක් නොමැති කාන්තාරයේ එඬේර පවුලකට අයත් වාරිස්ව ඇගේ දහතුන් වෙනි වියේදී සිය පියා විසින් දෑවැද්ද වශයෙන් ඔටුවන් පස් දෙනෙක් හිලව්වට ගෙන අවුරුදු හැටපහක් පමණ වයසැති මහලු මිනිසෙකුට විවාහ කරදීමට සූදානම් වෙයි. එයින් බේරීමට ඈ එක් රාත්‍රියක නිවසින් පලා යයි.
කුසට අහරක් හෝ පිපාසයට දිය බිඳුවකදු හෝ නොමැතිව දින ගණනක් කාන්තාරය හරහා යන ඇය අවසානයේ කෙසේ හෝ සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නගරයට සේන්දු වෙයි.
එතැනින් ලන්ඩනය හරහා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට යන ඇය ලෝකයේ පළමු පෙළේ විලාසිතා නිරූපිකාවක් වීම දක්වා මුහුණ දුන් විස්මයජනක අත්දැකීම් අපූරුවට මෙහි විස්තර කර ඇත.
නිරූපිකාවක් ගෙවන්නේ පහසු ජීවිතයකැයි අප සිතමු. ඒ මටසිලිටු කෝමල බව තුළ ගොරහැඬි කටුක අත්දැකීම් නැතැයි කාට කිව හැකිද. ඇය මේ විලාසිතා නිරූපණය තුළ ඇති යථාර්ථය කදිමට විස්තර කරන්නීය.
"ප්‍රසංගය පැවැත්වීමට නියමිත දින එය පටන්ගැනීමට පැය හතරකට පමණ පෙර ඔබ එම ස්ථානයට ගොස් සිටිය යුතුය. ඔබ රූපලාවන්‍ය කටයුතු මෙන්ම ඔබගේ හිස පීරා සකස් කිරීම වැනි දේවල් කර ගැනීමෙන් පසු තමන්ගේ වාරය එනතුරු බලා සිටිය යුතුව ඇත.
ඊළඟට ඔබට කළ යුතුව ඇත්තේ අදාළ පළමුවැනි ඇඳුම ඇඟ ලා ගැනීමය. එම ඇඳුම ඇඟ ලාගත් පසු ඔබට අසුනක වාඩිවීමට නොහැකිය. මන්ද ඇඳම පොඩි වීම ඊට හේතුවයි. එහෙයින් ඔබ මුළු කාලයම සිටගෙන සිටිය යුතුය.
ප්‍රසංගය පටන් ගැනීමත් සමඟ වේදිකාව පිටුපස එකම පිස්සන් කොටුවක ස්වරූපයක් ගනී. ඉන්පසුව ඇත්තේ විනාඩි කීපයක් අමුත්තන් ඉදිරියේ ඇති වේදිකාව මත නියමිත ඇඳුම ඇඟලාගෙන වාදනය වන සංගීතයට අනුව වේදිකාව මත ඔබ මොබ ඇවිදීමය. එවැනි ප්‍රසංගයකට ගැළැපෙන අයුරින් ඔබගේ හිස පීරා ඇති අතර, සුදුසු රූපලාවන්‍යයෙන් ඔබව ඔපවත් කර ඇත.
ප්‍රසංගය සඳහා ඔබ ඇඳ සිටින ගවුම කෙතරම් වටින්නේද යත් සාමාන්‍ය ජීවිතයේදී එවැනි ගවුමක් මිලදී ගැනීම ගැන සිහිනෙන් හෝ සිතන්නට නොහැකිය. කෙසේ වී නමුදු විනාඩි කීපයකට ඒ ඇඳුම ඔබේය. එ මතු ද නොව ඔබගේ පෙනුම කෝටියක් වටින්නේය."
වාරිස් ඩයිරි හෙවත් මේ කාන්තාරයේ පීදුණු කුසුම අපට පසක් කරවන්නේ ජීවිතය ජයගැනීමට ආත්ම ශක්තියම පමණක් ප්‍රමාණවත් බව නොවේද.