අලුත් අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක. පහුගිය අවුරුද්ද බලද්දි ලියපු පෝස්ට් ගාන නම් හොඳටම මදි. මාසෙකට දෙකයි නැත්තම් තුනයි. වෙලාව නෑ කිව්වොත් ඒක නම් බොරු. හේතුව තමා කම්මැලිකම.
අපේ ආච්චි, ඒ කියන්නෙ තාත්තගෙ අම්මගෙන් මට අපූරු තෑග්ගක් හම්බුනා ගිය සතියෙ. ආච්චි ඒක අවුරුදු ගානක් තිස්සෙ එයා ළඟ තියාගෙන ඉඳලා. මෙන්න මේකයි තෑග්ග.
සුප ශාස්ත්‍ර පොතක්. මේක මුද්‍රණය කරලා තියෙන්නෙ 1947. ඒ කියන්නෙ අවුරුදු හැට හයක් පරණ පොතක්.
පොඩ්ඩක් කාවො කාලා විනාස වෙන්න ගිහින් තියෙන්නෙ. ඒත් මට ඒක හුඟක් වටිනවා. කියන්න බැරි තරම් සතුටක් දැනුනා ආච්චි මට මේ පොත දුන්නම. ඒකෙ කෑම වට්ටෝරු 1000ක් විතර තියෙනවා. බලමු 10ක් වත් හදන්න උත්සාහ කරන්න ඕනෙ. හරි ගියොත් බ්ලොග් එකෙත් දාන්නම්කො.